මෙරට මානව හිමිකම් පිළිබඳ ජිනීවා විවාදය මාර්තු 11-12

Spread the News

මෙරට මානව  හිමිකම් පිළිබඳ
ජිනීවා විවාදය  මාර්තු 11-12

කීර්ති වර්ණකුලසූරිය source:

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන විමර්ශනය කිරීමේ විවාදය මාර්තු 11 සහ 12 යන දෙදින තුළ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ආරම්භ කිරීමට තීරණය වී ඇත.

මෙම විවාදයට අදාළ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේගේ වාර්තාව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වෙත භාරදී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග දන්වයි.

මෙයට අමතරව ශ්‍රී ලංකාව සම්බන්ධව මානව හිsමිකම් සමාලෝචන වාර්තාවට අදාළ විවාදය මාර්තු 15 වැනිදා පෙරවරු 9 සිට 12 දක්‌වා පැවැත්වේ.

මෙම සමාලෝචන වාර්තාවේ නිර්දේශ 99 ක්‌ ප්‍රතික්‍ෂේප කරන බව රජය දැනටමත් මානව හිමිකම් කොමසාරිස්‌වරිය වෙත දන්වා තිබේ.

මේ නිර්දේශ අතර ප්‍රධාන නිර්දේශයක්‌ වන්නේ ජාත්‍යන්තර අධිකරණය පිළිගත යුතු බවයි.