මේ ප්‍රදර්ශනය ෆොටෝ එකක් ලෙස ගැනේ !

Spread the News

මේ ප්‍රදර්ශනය ෆොටෝ එකක් ලෙස ගැනේ !

එනම් ඔබට එය දැකිය හැකි වුවක්. මෙම ෆොටෝ එක දෙස බලා ඔබ හිතන්නේ ලෝකය මෙයයි කියාය.

ඇයි ?

එහෙම නොවෙයිද ?

මේ ෆොටෝ එක සුනකයකු විසින් දකින මධ්‍යම රාත්‍රී 12ට ඇති දර්ශනයක් යයි කිවොත් ?

වෙන්න බැහැ.

එනම් ,

ඔබගේ දහවල් 12 ට දකින දසුන = බල්ලකු රාත්‍රී 12 ට දකින දසුන (දර්ශන තිව්රතාවේ යම් වෙනස්කම් පැවතිය හැකිය.). 

ඔබ මධ්‍යම රාත්‍රියේදී නොදකින සියලු දේ බල්ලා දකියි. එනම් ඔබට කිසිවක් දැකිය නොහැකි වෙලාව බල්ලාට දැකිය හැකි වේලාවකි. බල්ලාට ඔබට මෙන් දැකීමකට නම් බල්ලා තුල මෙවැනි වූ දර්ශනයක් තිබිය යුතුමය. බල්ලාටත් ඔබට මෙන් තිත්ත කළුවරයි නම් ඔහුට කිසිවක් නිවැරදිව පෙනෙයිද ?

මේ දෙක අතර වෙනස කුමක්ද ?

මධ්‍යම රාත්‍රිය දෙදෙනාටම පොදුය. එනම් බාහිරයේ ආලෝකය නැත යනු විද්‍යාත්මක නිගමනයයි. නමුත් බලන්න ! ඔබ සහ විද්‍යාව ආලෝකය නැහැයි කියන්නේ ඔබට සාපේක්ෂවය. එනම් ඔබට පෙනෙන ආකාරයට දැන් ලෝකයේ ආලෝකය  නැත යයි ඔබ සිතයි , කියයි. නමුත් එසේ නොමැති බව මේ උදාහරණයෙන් ඔප්පුවේ.  මිනිසාට ආලෝකය නොමැති වුවත් බල්ලාට ආලෝකය ඇත. ඔහුට පෙනෙන්නේ ඒ නිසාය.

නිගමනය – ඔබට දැනෙන විදියට ලෝකය අර්ථකථනයට ලක්කිරීම අනුවන ක්‍රියාවකි. ඔබ දකින , ඇහෙන , දැනෙන දේම ලෝකය සතුවේ යන හැඟීම බුද්ධි ගෝචර නැත. ලෝකය යනු එකිනෙකාට වෙනස් ආකාරයට පවතින්නකි. ඔබ දකින ආකාරයටම ලෝකය පවතියි යයි සිතීම අන්ත මෝඩ ක්‍රියාවක්.  විද්‍යාව දැඩිව ඔබට එන්නත් කරන්නේ මිනිසකු දකින ආකාරයට ලෝකය හෝ විශ්වය පවතිනවා කියනා හැඟීමයි. එය සම්පුර්ණ අසත්‍යක්.

තවත් උදාහරණයක් ගතහොත් ,

ඔබ දකින ආලෝකය වවුලාට අඳුරුය. ඔබටට හොඳට ආලෝක ඇති වෙලාව වවුලාට කිසිවක් නොපෙනේ. ආලෝකමත් බාහිරය ඔබ සතු වුවත් වවුලාට එය රාත්‍රියයි.

ප්‍රශ්නයක් අහන්නද ?

හිරුගේ එකම වූ ක්‍රියාකාරීත්වය ඔබට ආලෝකය නැතිකර මේ දෙදෙනාට ආලෝකය ලබාදෙන්නේ හිරුගේ ප්‍රශ්නයක් නිසාද නැතිනම් ප්‍රශ්නය තමාට අදාළ වුවක්ද ?

වෙලාව මධ්‍යම රාත්‍රී 12යි නම් හිරුගේ ක්‍රියාව ඔබටත් ඔවුන්ටත් පොදුය. හිරුගේ එකම වූ ක්‍රියාකාරිත්වය ඔබට අඳුරුය නමුත් ඔවුන්ට ආලෝකයය. එනම් අඳුර , ආලෝකය යනු හිරුගේ නිෂ්පාදනයක් නොව එකිනෙකාට සාප්ක්ෂව එකිනේකා තුල නිෂ්පාදනය වන්නක් විය යුතුය.

ලෝකය එකිනෙකාට සාපේක්ෂව එකිනෙකා තුල නිෂ්පාදනය වන්නක් !

මෙයයි අභිදර්මය.

ස්තුතියි !

(වෛද්‍ය ලාගේ ගේ ලිපිය මා විසින් සිංහලෙන් ලියන ලදී.)