මේ රටේ සිදුවන අයහපත් දේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කිරීම අපේ අරමුණයි

Spread the News

මේ රටේ සිදුවන අයහපත් දේ පිළිබඳ බලධාරීන්ගේ
අවධානය යොමු කිරීම අපේ අරමුණයි
– ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගම්පොලදී කියති
source:
ගම්පොල – සුරංග දිල්හාන්

මේ රටේ සිදුවන සියලු අයහපත් දේ සම්බන්ධයෙන් බලධාරින්ගේ අවධානය යොමු කොට නීතියක්‌ හැදීමේ අරමුණින් තම සංවිධානය මේ ලෙස කටයුතු කරන බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ගම්පොල දී සඳහන් කළහ.

ගම්පොල බෝතලාපිටිය බැබිල ප්‍රදේශයේ මාර්ගය අවහිර කරමින් ඉදිකොට ඇති අනවසර ඉදිකිරීමක්‌ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරක්‌ මත එය පරික්‍ෂා කිරීම සඳහා එම ස්‌ථානයට වැඩම කරමින් ඒ හිමියෝ එසේ සඳහන් කළහ.

අපි සංවිධානයක්‌ ලෙස දිගින් දිගටම කරුණු කාරණා මතු කරන්නේ මේ රටේ සිදුවන අනර්ථකාරී ක්‍රියා සම්බන්ධයෙන් පොදු නීතියක්‌ හැදීමේ අරමුණෙනි.

මේ වගේ අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් හෝ ආගමික මධ්‍යස්‌ථාන ඉදිකිරීම හෝ වෙනත් අනර්ථකාරී ක්‍රියා විය හැකියි. මේවාට ප්‍රමිතියකින් යුක්‌ත වැඩපිළිවෙළක්‌ වගේම එක නීතියක්‌ හදන්න කියන බලපෑමක්‌ ඇති කිරීමයි අපේ අරමුණ.

ආරක්‍ෂක අංශවලට වගේම වගකිවයුතු නිලධාරීන්ට හා වගකිවයුතු අංශවලට මේ වගේ ක්‍රියා පෙන්වීමටයි අපි මේලෙස ආවේ.

මේ වගේ අනවසර ඉදිකිරීම් නිසා අනාගතයේ ඇතිවන තත්ත්වයන්ට වගකිව යුත්තේ කවුද? ඇයි ඔවුන් අද නිහඬ. අප සංවිධානයට තියෙන බරපතළ ගැටලුව එයයි.

මෙහිදී මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනවලට පැමිණිලි කරන බවත්, ඒ අනුව ඔවුන් ක්‍රියා මාර්ග නොගතහොත් තම සංවිධානය මේ අකටයුත්ත වෙත ඉදිරිපත් වන බවත් ඒ හිමියෝ සඳහන් කළහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා,

මෙම ගැටලුවට මුල් වී ඇති බැබිල පල්ලිය අවුරුදු 100 ක්‌ විතර පරණ පල්ලියක්‌. එතන අලුතින් ඉදිකර තිබෙන කොටසත් වසර 15 ක්‌ පැරණියි. මේ වෙනතුරු මේ අලුත් කොටසට කිsසිවකු විරෝධය දක්‌වලා නෑ. ඒ වගේම මේ කොටසින් කාටවත් කරදරයක්‌ නෑ. මාර්ගය අවහිර වෙලා කීවාට එහෙම වෙලත් නෑ. මේ වගේ සිද්ධි සොයා බලන එක හොඳයි. එතකොට මිනිස්‌සුන්ගේ තියෙන සැක සංකා නැති වෙනවා. අප ගම්පොල සියලු ජාතීන් එකමුතුව ඉන්නේ, ඒ නිසා බොදුබල සේනා ස්‌වාමීන් වහන්සේලා අපි ගෞරවයෙන් පිළිගන්නවා.

බොදු බල සේනා හිමිවරුන් මෙම ස්‌ථානයට පැමිණි පසු ගම්පොල පොලිසිය මගින් ප්‍රදේශයට උපරිම අරක්‍ෂාවක්‌ සපයා තිබූ අතර, මෙම අවස්‌ථාවට ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ගාමිණී පෙරේරා, ස. පො. අ. චූලනී වීරරත්න, මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති චJද්‍ර ජයවීර යන මහත්වරු ද පැමිණ සිටියහ.