Sri Lanka Political Parties
Spread the News

අප මෙහෙම කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්නත් කලින් රැස්වීම්වලට එන ජනතාවගේ බිළිඳුන් හා කුඩා දරුවන් වඩාගෙන හුරතල් කිරීම මහින්ද විරෝධී යයි කියාගන්නා “රතු මල්ලිලාත්” අද දිනයේ කිරීම නිසයි.
මහින්දගේ පුත් චිචී බබා වරක් මිලදීගත් එක සපත්තු ජෝඩුවක මිළ රුපියල් 1,50,000 ක් බව මහින්ද ප්‍රසිද්ධියේම පැවසුවේ හිල් සෑදී ඉරී ගිය සපත්තු පැළඳ පාසල් යන ළමුන් ලක්ෂ ගණනක් සිටින බව නොදැන නොවේ.

මහින්දගේ දරුවන් සපත්තු සෙරෙප්පු වලින් පමණක් නොවේ ලෝකයේ ඉතාමත් මිළ අධික වාහන ගෙන්වා ගැනීම දක්වා පෙන්වූ හපන්කම “මහින්දගේ පුතාලට පුළුවන්නම් අපිට බැරි මොකද” කියා කියන්නාක් මෙන් රතු මල්ලිලාත් තවම මිළදී නොගත්තේ රේස්කාර පමණයි.

අපේ රණවිරුවන් විස්කෝතුකමින් මදුරුවන් තලමින් පාදවල ඇඟිලි කුණු වෙන්න හරිමින් ත්‍රස්තවාදයට විරුද්ධව යුද බිමේ සටන් කළේ දහඩිය වලින් පෙඟුණු මාස ගණනක් තිස්සේ සෝදා ගැනීමටවත් නොහැකි වුණු කාකි ඇඳුම් දරාගෙනයි. යුද්ධයේ ජයග්‍රහණය ඒ පරිත්‍යාගයේ උදාර ප්‍රතිඵලයයි.

අනුර කුමාරට සල්ලි තිබෙනවා නම් ඇන්දහම මොකද කියන පිළිතුර දෙන පිරිස වැඩිවීමත් අනුර කුමාරලාගේ සුඛෝපභෝගී ජීවිත
තව තවත් ඔප්නැංවෙන්න හේතු වුණා යයි යමෙක් පැවසුවහොත් එය පූර්ණ වශයෙන් සාවද්‍ය නොවේ.

ශ්‍රී ලංකාවේ වාමාංශික ඉතිහාසය තුළ එවකට කැපී පෙනුණු නායකයින් සටන් කර තිබුණේ පෑගුණු මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොව තමන්ගේ ජීවිත ධනේශ්වර ජීවන රටාවකට අනුව සකස් කර ගැනීමට හා පවත්වාගෙන යෑමට බව රහසක් නෙවෙයි.

බූරුවෙක් ලව්වා බර අද්දවා ගැනීමට එක කැරට් අලයක් හොඳටම ඇති.

ගමන අවසානයේදී කරත්තය ඉදිරියේ එල්ලා තිබුණු කැරට් අලිය ගලවාගෙන තනිවම බුදින්නේත් බූරුවාගෙන් වංචනික ලෙස වැඩ ගත් බූරු හිමියාමය.

බූරුවනේ! උඹලා ඉදිරියේ එල්වා ඇති කැරට් අලය නුඹලාට කිසි දිනක කෑමට නොලැබෙන බව මේ පැයේදී හෝ මෙනෙහි කරගනිල්ලා!

එවිට ශ්‍රී ලංකා දේශපාලනයේ කොළපාට, නිල් පාට හා රතුපාට අතර කිසිම වෙනසක් නැති බව උඹලාටම වැටහී යනවා ඇත.

-තෙවැනි ඇස-
28.03.2024