මෛත්‍රී ආණ්ඩුවේ අභ්‍යන්තර
ගැටුම් නිසා මහින්ද තවත් ජනප්‍රිය වෙලා
ඉන්දීය මාධ්‍ය කියයි
මෛත්‍රීපාල සිරිසේන නව රජයේ අභ්‍යන්තර ගැටුම් නිසා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියතාව වැඩි වී ඇති බව ඉන්දීය මාධ්‍ය කියයි. රුපියල් බිලියන 400 ක් අයකර ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුතුවට අදාළ යෝජනාව පරාජය වීම මගින් නව ආණ්ඩුවේ අර්බුදය මැනවින් ප්‍රකට වන බව ඉන්දියන් එක්ප්‍රස් පුවත්පත කියයි.
රාජපක්ෂ පාලනය විසින් ආරම්භ කරනු ලැබූ දැවැන්ත ව්‍යාපෘතිද නවතා ඇති බවත් ඒවා පිළිබඳව විවිධ ඇමැතිවරුන් කරන ප්‍රකාශද එකිනෙකට පරස්පර බවත් එම පුවත්පත කියයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධවද රජය අර්බුදයකට පත්ව ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.