Sat. Jan 18th, 2025
Spread the News

යන්න එපා ඔහොම ඉන්න
ජනපති කථානායකට කියයි

දයා ලංකාපුර

මහමැතිවරණය පැවැත්වෙන අගෝස්‌තු 17 දා දක්‌වා කථානායක ධුරයේ සහ නිල නිවසේ රැඳී සිටින්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කථානායක චමල් රාජපක්‍ෂ මහතාට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කර ඇත්තේ පසුගියදා කථානායකවරයා තමා හමුවීමට පැමිණි අවස්‌ථාවේදීය.

තමන් දේශපාලනයෙන් විශ්‍රාම යන බවත් ඉදිරි මැතිවරණයට තරග කිරීමේ අදහසක්‌ නොමැති බවත් පවසා ඇති කථානායක චමල් රාජපක්‍ෂ මහතා සිය නිල නිවස සහ නිලවාහන සියල්ල ජුලි 7 දා භාර දෙන බවත් ජනාධිපතිවරයාට පවසා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසියම් හදිසි අවස්‌ථාවක්‌ උද්ගත වුවහොත් තමන්ට පාර්ලිමේන්තුව කැඳවීමට සිදු විය හැකි බවත් එබැවින් මැතිවරණය පැවැත්වෙනතුරු නිල නිවසේ රැඳී සිටින ලෙසත් කථානායකවරයාට දැන්වූ බවද දේශපාලන ආරංචි මාර්ග කීය.

පිරිසිදු දේශපාලන චරිතයක්‌ වන චමල් රාජපක්‍ෂ මහතා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වී ජයගත හොත් අගමැති ධුරයට වුවත් සුදුසු බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසී යෑයි ඉහත කී ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Protected by Security by CleanTalk