යළිත් මුලාවීමට නොහැකි බව කියයි

Spread the News

යළිත් මුලාවීමට නොහැකි බව කියයි

සම්බන්ධන් උ/නැ පළාතට
ස්‌වයං පාලනය ඉල්ලයි

කල්මුණේ – ශ්‍රී වේල්රාජා source:

“අප රට බෙදන්න කියා ඉල්ලුවේ නැහැ. අපගේ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙසයි ඉල්ලන්නේ. අපගේ ජනතාවට අවශ්‍ය ස්‌වයං පාලනය පළාත් සභාවට ලබාදෙන ලෙසයි ඉල්ලන්නේ. ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාව හා නායකයන් දිගින් දිගටම රැවටීමට ලක්‌කරනු ලැබුවා. යළිත් එසේ රැවටීමට බැහැ” යෑයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ත්‍රිකුණාමලයේදී පැවසීය.

ද්‍රවිඩ සන්ධානය යටතේ ඇති උතුරු හා නැගෙනහිර පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් හා උපසභාපතිවරුන්ගේ හමුවකදී ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් කතා කළ සම්බන්ධන් මහතා මෙසේ ද කීය.

“ද්‍රවිඩ ජාතික සන්ධානය තේරීම් කාරක සභාව හමුවට නොයැම පිළිබඳව චෝදනා කරනවා. තේරීම් කාරක සභාවට ද්‍රවිඩ ජාතික සන්ධානය පැමිණිය යුතු යෑයි පවසනවා. එම තේරීම් කාරක සභාවට අපි ආවේ නැහැ කියා කියන්නේ ඇයි? එයට හේතුව එම සභාවට අපි නොගියහොත් එහිදී ලබාගන්නා විසඳුම්වලින් පලක්‌ නැති නිසයි.

අපගේ නියෝජනය නොමැතිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පැවැත්විය නොහැකි බව රජය දන්නවා. එම තේරීම් කාරක සභාවට ද්‍රවිඩ සන්ධානය පැමිණියහොත් යුක්‌තිය හා සාධාරණය ඉටුවෙයිද? පසුගිය අවුරුද්ද මුළුල්ලේ රජය සමඟ කළ සාකච්ඡාවලින් ලැබූ ප්‍රතිඵලය කුමක්‌ද? අපි ඉවසිල්ලෙන් හා විශ්වාසයෙන් කටයුතු කළේ නැද්ද? කුමන දේශපාලන විසඳුමක්‌ද අපට අවශ්‍ය කියා අපි පැහැදිලිව ලිතව ලබා නොදුන්නාද? අප බෙදුම්වාදය ඉල්ලුවේ නැහැ. අපගේ ජනතාවට අවශ්‍ය ස්‌වයං පාලනය අපගේ දිස්‌ත්‍රික්‌කවලට, පළාත්වලට, දෙන්න කියලයි ඉල්ලන්නේ. එම පදනමේ සිටයි අප සාකච්ඡා කරන්නේ. රජය හා අප අතර පැවැති සාකච්ඡා පිළිබඳව ලිත සාක්‍ෂි තිබෙනවා. එය කිසිවකුට නැහැ කියා කියන්න බැහැ. තේරීම් කාරක සභාවට යන්නේ නැහැ කියා අපි කිසි දිනයක පැවසුවේ නැහැ. නමුත් ඔබලා විශ්වාසයෙන් කතා කළ යුතුයි. සාකච්ඡාවට එන්න කියා කටේ නොගෑවී කතා කරනවා. සාකච්ඡාවට ගියොත් මොනවද වෙන්නේ? රටේ සංහිඳියාව, සමානාත්මතාවය, ස්‌ථිරසාර සාමය ඇතිවීමට නම් සාධාරණ දේශපාලන විසඳුමක්‌ අවශ්‍ය බව ජාත්‍යන්තර ප්‍රජාව අවධාරණය කරනවා.

දැනට අපට ලැබී ඇති අවස්‌ථාව හරිහැටි ප්‍රයෝජනයට ගැනීම අපගේ වගකීමයි. රජයත් ඒ පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතුයි. ස්‌ථිර විසඳුමක්‌ ඇතිවීමට ජන කොටස්‌ තුනම සමානත්වයෙන් යුතුව තම අයිතිවාසිකම් හා පාලන බලය ලැබිය හැකි ආකාරයේ විසඳුමක්‌ ඇතිවිය යුතුයි. එය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ද ඇතුළත් විය යුතුයි.

One thought on “යළිත් මුලාවීමට නොහැකි බව කියයි

Comments are closed.