යාපනයේ කොටි සෙවනැලි ගැන ජිනීවාහිදී හෙළි කරති

Spread the News

යාපනයේ කොටි සෙවනැලි ගැන
ජිනීවාහිදී හෙළි කරති

source:
කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට….

කේ. පී. සෙල්වනායගම් නොහොත් ගෝබි නමැත්තාගේ මෙහෙයවීමෙන් කොටි සංවිධානය යළිත් වරක්‌ යාපනය අර්ධද්වීපයේ ක්‍රියාත්මක වීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායම ඊයේ (19 වැනිදා) මානව හිමිකම් සමුළුවේදී ප්‍රකාශ කළහ.ගෝබි ව අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහයේදී පැනගොස්‌ ඇති බවත් ඔහුගේ නිවසේ තිබී ක්‌ලේමෝ බෝම්බ, අත් බෝම්බ, මෝටාර් හා වෙනත් අවි ආයුධ සොයාගත් බවත් ශ්‍රී ලංකා දූත කණ්‌ඩායම තව දුරටත් ප්‍රකාශ කළහ.

ගෝබි සැඟව සිටි නිවසට පොලිසිය කඩාවදින අවස්‌ථාවේ මොහු පොලිස්‌ නිලධෘරියකුට වෙඩි තබා පැන ගිය බවද මෙම දූත කණ්‌ඩායම කියා සිටියේය.

ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගෝබි යාපනයේ තරුණ තරුණියන්ට ආයුධ පුහුණුව ලබාදී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඒකරාශි කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී දූත කණ්‌ඩායම කරුණු රැසක්‌ හෙළිදරව් කරමින් මානව හිමිකම් සමුළුවට කියා සිටියේය.