Spread the News

 

source:

යාපනේ හමුදා කඳවුරකට ගල්ගැසූ
100 දෙනෙක්‌ අත්අඩංගුවට

පොලිස්‌ වාහන කීපයකටත් අලාභ හානි

හේමන්ත රන්දුණු

යාපනය නාවන්තුරේ හමුදා කඳවුරට ගල්මුල් ප්‍රහාර එල්ල කර පොලිස්‌ වාහන කීපයකට හානි කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් සියදෙනකු යාපනය පොලිසිය මගින් පෙරේදා (22 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ගී්‍රස්‌ යකකු යාපනය නාවන්තුරේ කඳවුරට ඇතුළු වී සැඟවුණු බව කියමින් එම කඳවුර වට කරගත් පිරිසක්‌ පෙරේදා රාත්‍රි ඊට ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ අවස්‌ථාවේ යාපනය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන් සිගේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ එම කඳවුර අසලට පැමිණ කලහකාරී පිරිස්‌ පලවා හැරීමට උත්සාහ කර ඇත.

එහිදී කලහකාරී පිරිස්‌ පොලිස්‌ වාහන දෙකකට ද පහරදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට ද තුවාල සිදු කර තිබේ.

පසුව එහි පැමිණි විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ සහ යුද හමුදාව එක්‌ව කලහකාරී ලෙස හැසිරෙමින් ප්‍රහාර එල්ල කළ සැකකරුවන් 100 දෙනකු අත්අඩංගුවට ගත්හ.

මෙම සියලුම සැකකරුවන් යාපනය නාවන්තුරේ ගම්මානයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් අධිකරණය වෙත ඊයේ සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා මහතාගේ උපදෙස්‌ මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන් සිගේරා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.