යුද්ධය නිමා වුවත් අරමුදල් ලැබීම් ගැන සොයන්න

Spread the News

යුද්ධය නිමා වුවත් අරමුදල් ලැබීම් ගැන සොයන්න
source:
සාමය – සහජීවනය සහ මානව හිමිකම් ඉතාමත්ම ලාභදායක රැකියාවකි. ජිනීවාහිදී මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි වූ ඇමරිකානු යෝජනාව පසුබිමේ සිට බෙරිහන් දුන් පාර්ශ්වයන් එම ක්‍රියාදාමය මෙහෙය වූයේ මන්දැයි සනාථ කිරීම එක්‌ පාර්ශ්වයක වාර්තාව සමත්වී ඇත. මෙරට ජනතාවගේ දැඩි අවධානය උදෙසා අද අපි මේ හෙළි නොවූ තොරතුරු හෙළි කරන්නෙමු. කොටින්ට එරෙහි වන්නි මෙහෙයුම දියත් වෙද්දීත් එම මෙහෙයුම අවසන්වීමෙන් පසුත් 2011 දක්‌වා මෙරට පමණක්‌ නොව විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන වෙතත් විශාල ලෙස අරමුදල් සපයා ඇත්තේ නෝවීජියානු විදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධ “නෝරාඩ්” නමැති සංවිධානයයි.

මෙලෙස එන්.ජී.ඕ.වලට අරමුදල් ලබාදීමට මුල් වූයේ පසුගියදා ඇමැති ධුරයෙන් ඉවත් වූ කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම්ය. මේ අන්දමට මෙරට එන්.ජී.ඕ. සංවිධානවලට ලැබී ඇත්තේ නෝවීජියානු ක්‍රෝන් දහයක්‌ හෝ ඩොලර් 500 ක්‌ නොවේ.

මේ අන්දමට නෝර්වේ අරමුදල් විශාල ලෙස ලත් සංවිධාන ගැන ජනතාව නොදනී. මෙයට මාස කීපයකට පෙර කොළඹ ඇස්‌වාට්‌ටුව අසල ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක්‌ කළ පිරිසක්‌ ගැන බස්‌රියක ගමන්ගත් කාන්තාවක්‌ පැවසුවේ අතේ තියන තුට්‌ටු දෙක වැය කරලා මේ ළමයි කෑගහන බවයි. එහෙත් ඔවුන් වැය කළේ අතේ තියන තුට්‌ටු දෙකද?

මිත්‍රයන්ගේ නිල නොවන නිලධාරීන් කණ්‌ඩායම නමින් හඳුන්වන සංවිධානයකට ඩොලර් 119000 ක්‌ද රජයේ සාම ලේකම් කාර්යාලයේ ලිපිලේඛන සුරක්‍ෂිත කිරීමේ කටයුතු සඳහා වූ සංවිධානයකට ඩොලර් 33000 ක්‌ද බැංකු ගිණුම් ගැන විමර්ශනය කිරීම සඳහා යෑයි හඳුන්වාගත් තවත් සංවිධානයකට ඩොලර් 2000 ක්‌ද මාධ්‍ය ආරක්‍ෂාව සඳහා වූ අරමුදල නමැති අරමුදලකට ඩොලර් 56000 ක්‌ද, සාම ක්‍රියාදාමය සඳහා වූ සංවිධානයට ඩොලර් 1371000 ක්‌ද, රජරට ප්‍රදේශයේ සංවිධානයකට ඩොලර් 86800 ක්‌ද, හිටපු ඇමැතිවරයකු මෙහෙය වන සංවිධානයකට ඩොලර් 4018000 ක්‌ද, සමාගමක්‌ ලෙස ලියාපදිංචි එන්.ජී.ඕ. මාධ්‍ය ආයතනයකට ඩොලර් 425000 ක්‌ද, ජාතික සාම මණ්‌ඩලය ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප්, ඉන්ටර්නැෂනල් ඇලර්ට්‌, වන් ටෙක්‌ස්‌ට්‌ ඉනිවේටිව් නමැති සංවිධානවලට ද මුදල් ලැබී ඇත.

මේ හැර ඊළාම් ද්‍රවිඩයන් වෙනුවෙන් ක්‍රියා කරන සමහර ජාත්‍යන්තර සංවිධානවලට ද නෝර්වේ අරමුදල් ලැබී තිබේ. ඒ මබ ජාත්‍යන්තර කොටි ජාලය ද හෙළිකර ඇත.
මේ අන්දමට එරික්‌ සෝල්හයිම්ට සම්බන්ධ නෝරාඩ් සංවිධානය මෙරට හාරසියයකට අධික සංවිධානවලට අරමුදල් සපයා ඇත.

මෙහිදී රජයේ දැඩි අවධානයට යොමුවිය යුතු කරුණක්‌ නම් නෝර්වේ, ස්‌විඩන් සහ ඩෙන්මාර්ක්‌ යන රටවල් එකතුවී දියත් කර ඇති ක්‍රමවේදයයි. එනම් රජයට එරෙහිව විරෝධතා පවත්වන මාධ්‍ය එන්.ජී.ඕ.වලට පවා අරමුදල් ලබාදීමයි.

එසේම මෙරට නීතිවේදියකුට ද ඩොලර් 3000 ක්‌ ලබාදී ඇති අතර ඒ කුමකටදැයි හෙළිකර නැත. මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් වන්නි මෙහෙයුම අවසන්වීමෙන් පසු 2011 දක්‌වා අරමුදල් සැපයීමට නෝරාඩ් ආයතනය ක්‍රියා කළේ මන්ද යන්නයි.

අපේ මීළඟ ඉලක්‌කය ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙනඒමයි යෑයි එරික්‌ සෝල්හයිම් විසින් මෑතකදී පවසා තිබිණි.

ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පෙත්සම් යෑව්වේ ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ සංවිධානයයි. එම සංවිධානයේ ප්‍රධානි ලුවිස්‌ ආබර් ජිනීවා වෙත ද පැමිණ බ්‍රිතාන්‍ය චැනල් ෆොa රූපවාහිනි කණ්‌ඩායම සමග එක්‌වී ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කළාය.

කොටි පරාජයවීමෙන් පසු මෙරට සාම ක්‍රියාදාමයක්‌ ඇතිවූයේ නැත. එහෙත් සිංහල ද්‍රවිඩ ග්‍රාමීය කාන්තා ජාලය නමින් හඳුන්වාගත් සංවිධානයකට ඩොලර් 1371000 ක්‌ ලැබී තිබේ. ඇතැම් සංවිධානවලට උපායමාර්ගික සැලැස්‌මවල් (Sඑර්එeටසජ චක්‌බි) සඳහා ද නෝරාඩ් අරමුදල් ලැබී ඇත.

මේ උපාය මාර්ගික සැලැස්‌මවල් කුමක්‌ද? කොටි බලවත්ව සිටියදී සාම ක්‍රියාදාමය සඳහා යෑයි කියමින් රුපියල් මිලියන 1800 කට අධික මුදලක්‌ මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට සැපයුවේ විදේශ රටවල් පහකිනි. එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු නෝරාඩ් සංවිධානය අරමුදල් ලබාදුන්නේ මන්ද යන්න අවබෝධ නොවන්නේද? නෝරාඩ් සංවිධාන විසින් අරමුදල් සැපයූ සංවිධාන අතර අංක 329 සිට අංක 332 දක්‌වා දැක්‌වෙන්නේ මෙරට ජනමතයට බලපෑම් කිරීමට ක්‍රියා කරන මාධ්‍ය එන්.ජී.ඕ. කම්පැනියකට සැපයූ මුදල්ය. මේ වාර්තාව අප වෙත ලැබී තිබේ. එසේම අංක 275 හි දැක්‌වෙන්නේ ශ්‍රී ලංකාවේ සිට විදේශගතවීමට වැය වූ මුදල්ය. ශ්‍රී ලංකාවේ විදේශගත වූයේ කවුරුන්ද? මේ හැර ශ්‍රී ලංකාව තුළ විවිධ සමාජ වෙබ් අඩවි ක්‍රියාත්මක කිරීම සඳහා කොල්වින් අර්වින් නමැති උපදේශකට ද මුදල් ලබාදී ඇත. (ඔද ඉe සපචකැපැබඑed sදජස්‌ක සබාසජ්එදර) එසේ වුවත් රටේ බහුතරය මේ බව දන්නේ නැත. තමන්ට නෝර්වේ රජයට සම්බන්ධ නෝරාඩ් සංවිධානයෙන් අරමුදල් ලැබෙන බව ජනතාව වෙත ප්‍රකාශ කිරීමට ද රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා නොකරයි.

මෑතකදී ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් සංවිධානය නිවේදනයක්‌ ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය හමුදාකරණයට හා සිංහලකරණයට ලක්‌වී ඇතැයි සාවද්‍ය ප්‍රකාශයක්‌ කරනු ලැබීය. මින් සනාථ වන්නේ නෝර්වේ “දේශපාලන ක්‍රීඩාව” තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

මෙලෙස අරමුදල් ලත් එක්‌ සංවිධානයක්‌ පසුගියදා පැවැති උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙස කැඳවූයේ මෙරට නෝර්වේ තානාපතිනියයි.

ඒ නිසා නෝර්වේ රාජ්‍යය තවදුරටත් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බව සනාථ නොවන්නේද? එය සනාථ වන්නේ නෝර්වේ මන්ත්‍රී ගිල්මාට්‌ එරට පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක්‌ නගමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන්නේ කවදාද යෑයි විමසීමයි. මෙයට ප්‍රතිචාර දැක්‌වූ නෝර්වේ විදේශ ඇමැතිවරයා ඒ ගැන පියවරක්‌ ගත යුත්තේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය යෑයි පවසා ඇත.

මෙලෙස නෝර්වේ රාජ්‍යය මෙරටට අරමුදල් ලබාදීම යනු සතුරන් විසින් මුදල් සැපයීමකි. ජිනීවාහිදී ඇමරිකානු යෝජනාව පසුබිමේ සිටි එක්‌ රටක්‌ වූයේ නෝර්වේ රාජ්‍යයයි.

නෝරාඩ් වාර්තාවේ අංක 113 යටතේ දැක්‌වෙන්නේ මානව හිමිකම්ය. ඊට අදාළව අරමුදල් ලැබී ඇත්තේ පෝරට්‌ ඒෂියා සංවිධානයටය.

ඇමරිකානු යුද රහස්‌ ලියවිල්ලකින් හෙළි වූයේ පෝරට්‌, සේව් ද චිල්රන් ඇතුළු සංවිධාන කීපයක සහයෙන් නෝර්වේහි ඇමරිකානු තානාපතිවරයා වන්නි මෙහෙයුම ගැන ඔත්තු බැලූ බවයි. ඒ සඳහා 300 කගෙන් යුත් කණ්‌ඩායමක්‌ යොදවා තිබූ බව එම රහස්‌ ලියවිල්ලේ සඳහන් විය. මේ පසුබිම යටතේ නෝරාඩ් සංවිධානය 2011 දක්‌වා අරමුදල් සපයා ඇත්තේ ශ්‍රී ලංකාවට ඇති ආදරය නිසාද?

මේ හැර ශ්‍රී ලංකාව සම්බන්ධව වටමේස සාකච්ඡාවක්‌ පැවැත්වීමට ද නෝරාඩ් අරමුදල් ලැබී තිබේ. එහෙත් විදේශ කටයුතු බලධාරීහු මේ ගැන අවධානය යොමු කළේද? නෝර්වේ, ස්‌වීඩන් සහ ඩෙන්මාර්කය යන රටවල් මෙරටට මූල්‍ය අරමුදල් ලබාදීමට ක්‍රියා කිරීමේ අරමුණ ද දැන් පැහැදිලිය.
රටේ ඉහළ යන ජීවන වියදමත්, ත්‍රිරෝද රථ හා කුඩා වාහනවලට ද අධික බදු පැනවීමත් ගැන රටේ ජනතාව තුළ කතාබහ සිදුවෙද්දී නෝවීජියානුවෝ මෙරට අභ්‍යන්තර කටයුතුවලට රහසිගතව “ඩොලර්” වපුරති.

එහෙත් සාමාන්‍ය ජනතාව මේ බව දන්නේ නැත. ආරක්‍ෂක හමුදාව ද ඒ බව නොදනී. මානව හිමිකම් සහජීවනය, සාමය සහ අවතැන්වූවන් ගැන හඬ නඟන්නේ මන්දැයි බහුතරය දැන්වත් අවබෝධ කරගත යුතුය.

ඉන්දීය රජය මෑතකදී පැවසුවේ තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාර වැඩපිළිවෙළට එරෙහිව විරෝධතා පැවැත්වූ රාජ්‍ය නොවන සංවිධාන දෙකකට ස්‌කැන්ඩිනේවියානු රටවලින් අරමුදල් ලැබීම ගැන ඉන්දීය රහස්‌ පොලිසිය විසින් පරීක්‍ෂණ පවත්වන බවයි.

එහෙත් ඉන්දීය මාධ්‍ය එම විමර්ශන පැවැත්වීම මාධ්‍ය නිදහස අහිමි කිරීමක්‌ යෑයි ඝෝෂා කළේ නැත. මේ තත්ත්වය මැද රජය නොපමාව නෝරාඩ් වාර්තාව කෙරේ විමර්ශනය කළ යුතුයි. සල්ලි දුන්නේ කවුද? සල්ලි ගත්තේ කවුද? යෑයි එහි අපූරුවට සඳහන් වී ඇත.

මේ අතර උගත් පාඩම් කොමිසමේ ද නිර්දේශ අතර දැක්‌වෙන නිර්දේශයකින් කොටි සංවිධානයට සම්බන්ධ වූ අයට සිදුවූ මරණ සහ තුවාල වෙනුවෙන් වන්දි සහන ගැන තීරණයක්‌ ගත යුතුව ඇතැයි සඳහන් කර තිබේ.

රටේ ජනතාවගේ දේපළ විනාශ කළ ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට වන්දි ගෙවීමට ලොව කිසිම රටක්‌ ක්‍රියා කර නැත.

ඇමරිකාව විසින් ෙඩ්‍රාaන් යානා මගින් ඝාතනය කරන අල්කයිදා ත්‍රස්‌තයන්ගේ ඥතීන්ට වන්දි ගෙවන්නේද?

කොටි ඝාතක සමාගම රුපියල් බිලියන ගණනක දේපළ විනාශ කළේය. එහෙත් උගත් පාඩම් කොමිසම කොටින්ට වන්දි ගෙවීමට තීරණයක්‌ ගන්නැයි කියයි.

මේ වන්දි ගෙවන්න යෑයි කියන්නේ ඇමරිකාවේ මුදල්වලින් නොවේ. මෙරට ජනතාවගේ මුදල්වලිනි. නෝවීජියානුවන් එක්‌ පැත්තකින් කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධානවලට අරමුදල් සපයද්දී මෙරට ජනතාව කොටින්ගේ ඥතීන්ට මුදල් ගෙවිය යුතුද?

කීර්ති වර්ණකුලසූරිය