“යුද අපරාධ චෝදනා” දෙමළ ජනතාවගේ අනාගතය විනාශ කිරීමක්

Spread the News

“යුද අපරාධ චෝදනා” දෙමළ ජනතාවගේ අනාගතය විනාශ කිරීමක්

source link::

-ජගත් හින්දු ආගමික පීඨය

වසර තිහක මරණ භීතියෙන් මිදී, වර්තමානයේදී දෙමළ ජනතාව නිදහසින් හා සැනසීමෙන් ජීවත්වීමට සූදානම් වන මොහොතක එ.ජා. සංවිධානය සහ ඇමෙරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීම කනගාටුදායක බවත් ලොව දරුණුතම ගරිල්ලා සංවිධානය මුලිනුපුටා දමනු ලැබූ තත්ත්වයක ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඒකායන තේරිම වනුයේ අප ශ්‍රී ලංකා රජය හා ජනාධිපතිතුමා බවත් එ.ජා. විද්වත් කමිටු වාර්තාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජගත් හින්දු ආගමික පීඨයන්හි සභාපතිවර දේශබන්ධු සිවශ්‍රී බාල රවිශංකර සිවාච්චාරියාර් මහතා පවසා සිටී.

එම නිවේදනයේ දී වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා යුගයේ අවශ්‍යතාවය වනුයේ දේශාභිමානයෙන් යුතුව සමස්ථ ශ්‍රී ලාංකිකයින් සියලු වාද භේද දුරලා එකාවන්ව ක්‍රියාකිරීම මඟින් ජාතික සමඟියට මුලපිරීම බවත් පැවැසීය.

ශ්‍රී ලංකාවේ සියලු ජනතාව පෙර නොවූ විරූ පසුබෑම්වලට මුහුණදෙමින් උගත් පාඩමක් වශයෙන් එක්සත් ශ්‍රී ලංකාව නම්‍යශීලීත්වයෙන් හා ඉවසීමෙන් යුතුව සිය අයිතිවාසිකම් භුක්ති විඳිමින් ජීවත්වීමට සූදානම් වන මොහොතක, කොටින්ගේ ඊළාම් හැඟීම් අවුලුවාලූ බටහිර රටවල් අද එ.ජා. සංවිධානය සමඟ එක්ව සිය දෙවන අදියර වශයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම අනාගත ශ්‍රී ලංකාව, ලක්වාසී දමිළ ජනතාව සහ ඔවුනගේ අනාගතය විනාශ මුඛයට ඇද දැමීමකි.

මෙවන් ඓතිහාසික වකවානුවක දෙමළ ජන නායකයින්ගේ වැරදිසහගත ක්‍රියාවන්, ඔවුන් කෙරෙහිම විශ්වාස තබා ඇති ජනතාව හා ඔවුනගේ ජනජීවිතය තවත් වසර තිහක් ආපස්සට හරවාලීමකි. එනිසා, යුගයේ අවශ්‍යතාව වනුයේ දේශාභිමානයෙන් යුතුව සමස්ථ ශ්‍රී ලාංකිකයින් සියලු වාද භේද දුරලා එකාවන්ව ක්‍රියාකිරීම තුළින් ජාතික වාර්ගික අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කිරීම බැව් ජගත් හින්දු පීඨයන්හි සභාපතිවර දේශබන්ධු සිවාශ්‍රී බාල රවිශංකර සිවාච්චාරියාර්ගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.