යුද අපරාධ චෝදනා පසුබිමේ සිටින “මැතිව් රසල් ලී”ට කැනඩා කොටි ජාලයෙන් සුපිරි මන්දිරයක්‌

Spread the News

යුද අපරාධ චෝදනා පසුබිමේ සිටින
“මැතිව් රසල් ලී”ට කැනඩා කොටි ජාලයෙන්
සුපිරි මන්දිරයක්‌

source link:

* අෙච් බෙදුම්වාදීන්ට එරෙහිව යුද මෙහෙයුම් දියත් කළ ඉන්දුනීසියානු හමුදාපතිව සිටි විරන්ටෝව යුද අපරාධකරුවකු ලෙස නම් කළේද මරුසුකි දරුස්‌මාන්ය

* ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා එල්ල කළ ගෝල්ඩ්ස්‌ටන් වාර්තාව ඊශ්‍රායල් විපක්‍ෂය විසින් මුළුමනින්ම හෙළාදකිද්දී මෙරට විපක්‍ෂය විමර්ශනයක්‌ ඉල්ලයි

* දඩාවතේ යන බල්ලන්ව මෙන් කොටි සිවිල් වැසියන් 600 ක්‌ ඝාතනය කළා – හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සතාසිවම් කනගරත්නම්

* කොටි රූකඩය වූ ද්‍රවිඩ සන්ධානය ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ කරයි

* මර්සුකි දරුස්‌මාන්ව මෙරට මානව හිමිකම් කමිටුවකට පත් කිරීමට යෝජනා කළ උපදේශකයන් කවුරුන්ද?

* ඇමරිකානු, නෝර්වේ සහ ජර්මානු තානාපති නිලධාරීන්ට ජනාධිපති කොමිසමේ සාක්‍ෂි සටහන් කරගැනීමට අවසර ලැබුණේ කෙසේද?

* පාලිත කොහොනගේ නිවසේ පැවැති සාදයට කොටි එAජන්ත මැතිව් රසල්ලි හොරෙන් ඇතුළු වී ඔත්තු බලලා

* යුද අපරාධකරු රුද්‍රකුමාරන් යුද අපරාධ ගැන හඬ නඟයි

“විද්වත් මණ්‌ඩලය විසින් ඉදිරිපත් කළ නිර්දේශ
අපි පිළිගන්නා අතර එකී නිර්දේශ අවංක ලෙස ක්‍රියාත්මක
කරනු ඇතැයි විශ්වාස කරන්නෙමු”
– ආර්. සම්බන්ධන් (ද්‍රවිඩ සන්ධානය)


රුසියානු තානාපති වැලඩ්මීර් මිකායලෝ ආරක්‍ෂක ලේකම්
ගෝඨාභය රාජපක්‍ෂ හමුවී
රුසියාවේ ස්‌ථාවරය දක්‌වමින්

බෑන් කී මූන් සහ උපදේශකයන්ගේ
ද්විත්ව රංගනය

හිටපු එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක ගෝඩ්න් වෙයිස්‌
විද්වත් මණ්‌ඩලයේ සාමාජික ස්‌ටීවන් රැට්‌නර් ඇමරිකානු රාජ්‍ය දෙපාර්ත මේන්තුවේ හා එක්‌සත් ජාතීන්ගේ උපදේශකයකු යෑයි සනාථ වු අයුරු
 

යුද අපරාධකරු රුද්‍රකුමාරන් ගැන ගන්නා පියවර කුමක්‌ද?

සතුරන් අවස්‌ථාව එනතුරු බලාසිටින බව අපි මාස කීපයකට පෙර අනතුරු ඇඟවූයෙමු. අද එය සනාථ වී ඇත. ප්‍රභාකරන් ඝාතකයාගේ පොංගු තමිල් රැලිවලට සහභාගි වූයේ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු කොටි රූකඩයි. මේ කොටි රූකඩ උතුරේ වරායන්, විදේශ රටවලින් සෘජුව අරමුදල් ලබාගැනීම හා ප්‍රාන්ත පොලිස්‌ සේවාවන් ඇතුළු බලතල රැසක්‌ ලබාගැනීමේ යෝජනා රජය වෙත ඉදිරිපත් කර තිබිණි. දැන් ඔවුන් කොටි ඝාතක සමාගමට එරෙහිව යුද වැදුන ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව යුද අපරාධකරුවන් කරන්නැයි එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ඉල්ලා සිටී.

පිටු 196 කින් යුත් විද්වත් මණ්‌ඩල වාර්තාව එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් විසින් ඇමරිකානු හඬ ගුවන්විදුලියට හා විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදී පැය 48 ක්‌ ගතවීමට පෙර ද්‍රවිඩ සන්ධානය විසින් එකී වාර්තාව ඇගයීමට ලක්‌ කරනු ලැබීය.

මේ සාවද්‍ය වාර්තාව සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානය තවදුරටත් පවසා ඇත්තේ එකී වාර්තාව යුද අපරාධවල වගකීම දැරීමට සහ සුළු ජාතිකයන්ගේ දේශපාලන අයිතීන් පිළිගැනීම සඳහා භාවිත කරන ලෙසත් එම අවස්‌ථාව පැහැර නොහරින ලෙසත්ය.

එහෙත් ප්‍රභාකරන් ඇතුළු කොටි ඝාතකයන්ට එරෙහිව රජය දියත් කළ වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත් ද්‍රවිඩ සන්ධානය කරන මෙම ඉල්ලීමට රජය සවන්දිය යුතුද?

මෙරට ජනතාවගේ බදුවලින් පාර්ලිමේන්තු වරප්‍රසාද ලබන සම්බන්ධන්ලාගේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීමයි. මේ ක්‍රමවේදයට රජය ඉඩදිය යුතුද? “වෙලාව පැමිණෙන තුරු අපි ඉවසා සිටින්නෙමු” යෑයි මෙයට මාස කීපයකට පෙර නෝර්වේහි ඔස්‌ලෝ නගරයේදී කොටි හිතවාදීන් සමගම සාකච්ඡාවක්‌ පැවැත්වූ මෙරට කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පතක හිටපු ප්‍රධානියෙක්‌ පවසා තිබිණි.

“අපට ඇති එකම බාධකය ආරක්‍ෂක ලේකම්වරයායි. මා සතුව යුද අපරාධවලට අදාළ තොරතුරු රැසක්‌ තිබෙනවා”යෑයි ඔහු තවදුරටත් පවසා තිබිණි.

ආරක්‍ෂක ලේකම්වරයා කොටි නායකත්වය විනාශ කිරීමට සැරසෙන බවත් දක්‌වමින් ඔහුට එරෙහිව පියවර ගන්නැයි එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් වෙතින් ඉල්ලීමක්‌ කළේ ද මේ තැනැත්තායි.

එහෙත් මාධ්‍ය ලේබලයට මුවා වූ මොහුගේ සත්‍ය ස්‌වරූපය මේ සතියේ දිනෙක ද්‍රවිඩ වෙබ් අඩවියක්‌ විසින් හෙළිදරව් කෙරිණි. මේ ෙද්‍රdaහියාට කර්තෘ සංසදයේ සම්මානයක්‌ ද හිමි විය.

මොහු කොටි බුද්ධි අංශයේ ප්‍රධානි පොට්‌ටුඅම්මාන් ෂිවශංකර් සහ ප්‍රභාකරන් සමග සුහද සාකච්ඡාවල යෙදී සිටින අන්දම එකී ඡායාරූපවල දැක්‌විණ.

මේ අතර ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති විද්වත් මණ්‌ඩල වාර්තාව එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් විසින් නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ලබාදීමට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඇමරිකානු හඬ ගුවන්විදුලියට හා විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවලට ද බ්‍රිතාන්‍යයේ චැනල් ෙµda රූපවාහිනි සේවාවට ද ලැබී තිබූ බව අනාවරණය විය.

විද්වත් මණ්‌ඩල වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ රජයට හා ආරක්‍ෂක හමුදාවට එරෙහිව බරපතල යුද අපරාධ චෝදනා එල්ලවී ඇති බවට මුලින්ම පැවසුවේ ඇමරිකානු හඬ ගුවන්විදුලියයි. එහෙත් මෙරට විපක්‍ෂයේ දේශපාලකයෙක්‌ එA බව දැන සිටියේ නැත.

මේ සතියේ දිනෙක විද්යුත් නාලිකාවක වැඩසටහනකට සහභාගි වූ එම දේශපාලකයා විද්වත් මණ්‌ඩල වාර්තාව අපට ලැබුණේ කෙසේද යන්න විමසීමට ලක්‌ කර ඇත. එහෙත් ඔහුට අපේ මූලාශ්‍ර හෙළි කළ යුතුද? මෙරට මාධ්‍ය නිදහසක්‌ නැත්නම් රජයට ඉතාමත් හානිදායක මේ වාර්තාවේ කොටස්‌ පළ කිරීමට ඉඩ ලැබුණේ කෙසේද?

එහෙත් මෙතෙක්‌ විද්වත් මණ්‌ඩල වාර්තාව හෙළාදැක ඇත්තේ එක්‌ විපක්‍ෂ දේශපාලනඥයකු පමණකි. ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ නමැති ෙද්‍රdaහියාගේ උපදෙස්‌ මත විද්වත් මණ්‌ඩලය යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ කරන්නේ කොටි ඝාතක සමාගම පරාජය කළ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව බව විපක්‍ෂය සිහිපත් කළ යුතුය.

මෙයට වසර කීපයකට පෙර චීනයේ අසහාය නායක මාඕ සේතුන් ටියන්මාන් චතුරශ්‍රයේදී චීන ජනතාව අමතමින් පැවසුවේ චීන ජනතාව නැඟී සිටිය යුතු බවයි.

මේ නිසා ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් බවට පත් කිරීමට කැසකවන බටහිර බලවේග හා මෙරට අභ්‍යන්තර සතුරන්ට එරෙහිව රටේ ජනතාව නැඟී සිටින්නැයි ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය එක්‌ව ප්‍රකාශ කළ යුතු අවස්‌ථාව එළඹ ඇත.

එහෙත් මෙරට විපක්‍ෂය විද්වත් මණ්‌ඩල වාර්තාව ගැන විමර්ශනයක්‌ ඉල්ලයි.

ඊශ්‍රායල් හමුදාව යුද අපරාධ කළ බවට එක්‌සත් ජාතීන්ගේ ගෝල්ඩ්ස්‌ටන් වාර්තාවෙන් චෝදනා නැගෙද්දී මුළු ඊශ්‍රායල් ආණ්‌ඩු පක්‍ෂය සහ විපක්‍ෂය එAකරාශිවී ඊට එරෙහි විය.

ඊශ්‍රායලයේ හිටපු විදේශ ඇමතිනි ටිස්‌පි ලිවිනිට හා ආරක්‍ෂක ඇමැති එහුද් බරක්‌ට එරෙහිව යුද අපරාධ නඩු බ්‍රිතාන්‍ය අධිකරණය වෙත යොමුවෙද්දී සමස්‌ත ඊශ්‍රායල් දේශපාලකයන්ම එක්‌වී පැවසුවේ යුද අපරාධ චෝදනාවලින් ඊශ්‍රායල් සෙබළුන්ව රැකගැනීමට ක්‍රියා කරන බවයි. (ෂිර්eක එද deෙeබා Sදකාසැරි aට්‌සබිඑ ආර ජරසපැ ජය්රටැs)

මේ අතර මෙකී විද්වත් මණ්‌ඩල වාර්තාවට අදාළ සාවද්‍ය තොරතුරු සපයා ඇති පාර්ශ්වයන් අතර මෙරට සිටි එක්‌සත් ජාතීන්ගේ හිටපු ප්‍රකාශක ගෝඩන් වෙයිස්‌ ද වේ.

ශ්‍රී ලංකා රජය 10000 සිට 40000 ක්‌ දක්‌වා ද්‍රවිඩ වැසියන්ට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඝාතනය කළ බවට මොහු ඔස්‌ටේ්‍රලියානු ගුවන්විදුලිය අමතමින් පවසා තිබිණි.

විද්වත් මණ්‌ඩල වාර්තාව තුළින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ලවීමත් සමගම ගෝඩන් වෙයිස්‌ බ්‍රිතාන්‍යයේ චැනල් ෙµda රූපවාහිනි සේවාවට පවසා ඇත්තේ සර්බියානු යුද අපරාධවලට සමානව ශ්‍රී ලංකාවේ ද යුද අපරාධ සිදුවූ බවයි. එසේම ශ්‍රී ලංකාව යුද්ධය මෙහෙය වූයේ ජාත්‍යන්තර නීතියට අභියෝගයක්‌ එල්ල කරමින් යෑයි ද හිටපු එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශකයා පවසයි.

අද නේටෝ බළකාය ලිබියාවට ප්‍රහාර එල්ල කරන්නේත් පකිස්‌තානයේ සිවිල් වැසියන්ට ඇමරිකානු ෙඩ්‍රාaන් නමැති නියමුවන් රහිත යානාවලින් ප්‍රහාර එල්ල වන්නේත් ජාත්‍යන්තර නීතියට එකඟවද?

වන්නි මෙහෙයුම ආරම්භවීමත් සමගම ඇමරිකානු ඇඩ්වාන්ස්‌මන්ට්‌ සයන්ස්‌ ඇසෝෂියේටඩ් නමැති සංවිධානයේ පර්යේෂකයකු වූ ලාස්‌ බ්‍රොම්ලි වර්ල්ඩ් වීව්-01 නමැති චන්ද්‍රිකාව මගින් යුද මෙහෙයුමේ තත්ත්වය නොකඩවා විමර්ශනය කර ඇත. සෑම දිනකම ඔහු ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කර ඇත්තේ කොටි සොහොන් භූමිවල අලුත් මිනී වළවල් තිබෙන බවයි. ලාස්‌ බ්‍රොම්ලිට පැවරී තිබූ කාර්යභාරය වූයේ 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා හමුදාව විසින් සිවිල් වැසියන් සිටින යුද මුක්‌ත කලාපයට ප්‍රහාර එල්ල කරන්නේද යන්නයි.

පැයට සැතපුම් 17000 ක වේගයෙන් භ්‍රමණය වෙමින් සැතපුම් 10 යට සැතපුම් 60 ක කලාපයක චන්ද්‍රිකා ඡායාරූප ගැනීමට වර්ල්ඩ් වීව් චන්ද්‍රිකාවට හැකිවේ.

බ්‍රොම්ලි ඇතුළු කණ්‌ඩායමට නොහැකිවූ එකම දෙය නම් වන්නි මෙහෙයුමේ අවසාන දිනවල ප්‍රභාකරන් ඇතුළු කොටි ඝාතකයන්ට සිදුවූයේ කුමක්‌ද යන්න නිරීක්‍ෂණය කිරීමට නොහැකිවීමයි.

වන්නි මෙහෙයුමේ අවසාන දිනයේ කොටි ඝාතක කණ්‌ඩායම රැඳී සිටි ප්‍රදේශයේ ඉන්ධන ගබඩා පිපිරීමෙන් අහස්‌කුස පුරා විසිරී ගිය කළු දුම්රොටු නිසා වර්ල්ඩ් වීව් චන්ද්‍රිකාවේ දර්ශන පථය ආවරණය විය.

මේ නිසා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ට වෙල්ලමුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ සිදුවූයේ කුමක්‌දැයි දැකගත නොහැකි විය.

මෙහිදී හෙළි වන්නේ ඇමරිකානු උසස්‌ විද්‍යා සංවිධානය නමැති ආයතනයට මුවාවී වන්නි මෙහෙයුම ගැන ඇමරිකානු බලධාරීහු චරපුරුෂ සේවාවේ යෙදුන බවයි.

මේ අතර විද්වත් මණ්‌ඩල වාර්තාවෙන් දක්‌වා ඇති ඇතැම් නිර්දේශ මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක්‌ යෑයි තහවුරුවේ.

එසේම ඉදිරි කටයුතු සඳහා යුද අපරාධවලට වගකිවයුතු පිරිස්‌ හඳුනා ගැනීම, යුද අපරාධවලට වගකිවයුතු කොටි සංවිධානයේ සිවිල් නායකයන් ගැන ද ක්‍රියා කළ යුතු යෑයි එම වාර්තාවේ තවදුරටත් සඳහන් කර ඇත.

එහෙත් කොටින්ගේ ඝාතන ක්‍රමවේදය අනුමත කළ ප්‍රභාකරන්ගේ සමීපතම සගයකු වූ විශ්වනාදන් රුද්‍රකුමාරන්ට එරෙහිව ක්‍රියා කරන්නේ කෙසේද යෑයි විද්වත් මණ්‌ඩලය විසින් කිවයුතුව ඇත.

රුද්‍රකුමාරන් යනු රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ ප්‍රධානියායි. ඔහුව ආරක්‍ෂා කරන්නේ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ය.

එහෙත් රුද්‍රකුමාරන් එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් වෙතින් ඉල්ලීමක්‌ කරමින් ශ්‍රී ලංකාවේ පාලක පක්‍ෂය හා හමුදා නිලධාරීව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන්නැයි දක්‌වා ඇත.

මේ තත්ත්වය මත යුද අපරාධකරුවකු වූ රුද්‍රකුමාරන් යුද අපරාධ චෝදනා ගැන හඬ නැගීම විහිළුවක්‌ නොවන්නේද?

මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන් හමුවී උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි සටහන් කරගැනීමට රජය ඉඩදෙන බවට පැවසුවේ කවුද යන්න ජනාධිපති හා ආරක්‍ෂක ලේකම්වරයාගේ දැඩි අවධානයට යොමුවිය යුතුව ඇත.

මේ ප්‍රකාශයත් සමග එකී ජනාධිපති කොමිසම උතුර නැගෙනහිර සාක්‍ෂි සටහන් කරගැනීම ආරම්භ කරන අවස්‌ථාවේ කලින් සැලසුම් කර තිබූ අන්දමට කොටි හමුදා නායකයන් වූ රමේෂ්, කොටි හමුදා ප්‍රකාශක රාසයියා ඉලන්තිරියන් සහ එලිලන්ගේ බිරියන් පැමිණ හමුදාවට එරෙහිව සාක්‍ෂි දී ඇත.

මේ සාක්‍ෂි ඇමරිකානු, නෝර්වේ සහ ජර්මානු තානාපති කාර්යාලවල නිලධාරීන්ගේ ලැප්ටොප් පරිගණකවල සටහන් විය.

මෙලෙස කොළඹ බටහිර තානාපති කාර්යාලවල නිලධාරීන් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වෙමින් සාක්‍ෂි සටහන් කරගත්තේ විද්වත් මණ්‌ඩලයට යෑවීමට ද යන්න ගැන රජයේ අවධානය යොමු වූයේ නැත.

ආරක්‍ෂක ලේකම්වරයා කොටින්ට එරෙහිව යුද වදිද්දී නොසිටි පාර්ශ්වයන් අද මේ රජයට සමීප වී සිටී. එහි ප්‍රතිඵලය දැන් ඇස්‌පනාපිටම පෙනේ.

2009 දී රජය පත් කළ මානව හිමිකම් විමර්ශන කමිටුවකට නම් කර තිබූ විදේශ නියෝජිතයකු වූයේ ඉන්දුනීසියාවේ හිටපු නීතිපති මර්සුකි දරුස්‌මාන්ය.

ඉන්දුනීසියානු හමුදාපති විරන්තෝ විසින් අෙච් ප්‍රාන්තයේ බෙදුම්වාදීන්ට එරෙහිව මෙහෙයුම් දියත් කිරීම ගැන උරණ වූ දරුස්‌මාන් ඉන්දුනීසියානු හමුදා නිලධාරීන් රැසක්‌ යුද අපරාධකරුවන් ලෙස නම් කරනු ලැබී.

අෙච් බෙදුම්වාදීන්ට එරෙහිව යුද වැදුන ඉන්දුනීසියානු හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ල කළ දරුස්‌මාන් ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් ලෙස නම් කිරීම පුදුමයක්‌ නොවේ.

එසේම විද්වත් මණ්‌ඩලයේ සාමාජිකයන් වූ ස්‌ටීවන් රැට්‌නර් යනු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ උපදේශකයෙකි.

මෙයට අමතරව 2008-2009 සමයේ ඔහු ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නීති අංශයේ ද සේවය කර ඇත. විද්වත් මණ්‌ඩලයේ සාමාජිකාවක්‌ වූ යස්‌මින් සුකා දකුණු අප්‍රිකානු මානව හිමිකම් පදනම නමැති එන්.ජී.ඕ. සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරියයි.

ඇගේ එන්.ජී.ඕ. සංවිධානයට යුරෝපා සමාගම විසින් යුරෝ මිලියන විසිපහක්‌ ලබාදී තිබේ.

මේ හැර ජාත්‍යන්තර කොටි ජාලයේ කොන්ත්‍රාත්කරුවන් දෙදෙනකු වන්නේ ඇමරිකාවේ ඉනර් සිටි ප්‍රෙස්‌ ආයතනයේ නියෝජිත මැතිව් රසල් ලී සහ බ්‍රිතාන්‍යයේ චැනල් ෙµda රූපවාහිනියේ ජොනතන් මිලර්ය.

මේ දෙදෙනාම කොටි ජාත්‍යන්තර ජාලයේ කොන්ත්‍රාත්තුවක්‌ මත ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීමේ විද්වත් මණ්‌ඩලයට සෘජුව බලපෑම් කර ඇත.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර ද්‍රවිඩ ආරංචි මාර්ග දක්‌වන අන්දමට කැනඩා කොටි ඩයස්‌පෝරාව (ඊළාම් ප්‍රජාව) විසින් මැතිව් රසල් ලීට ටොරොන්ටෝ නුවර සුපිරි නිවසක්‌ ලබාදී ඇත.

කොටි ඩයස්‌පෝරාවේ එAජන්තවරුන් හා මැතිව් රසල්ලී අතර රහස්‌ සාකච්ඡා පැවැත්වෙන්නේ මේ නිවසේදී යෑයි අනාවරණය වී තිබේ.

බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩල වාර්තාවෙන් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල වන බව මැතිව් රසල්ලී විසින් කල්තියාම කැනඩා කොටි එAජන්තවරුන්ට පවසා ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර පසුගිය අප්‍රේල් 19 වැනිදා එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොනගේ නිවසේදී සාදයක්‌ පැවැත්විණි. මේ සාදයට එන විදේශ තානාපතිවරු සහ එහිදී සාකච්ඡාවට ලක්‌වන කරුණු ගැන ඔත්තු බැලීම සඳහා අනවසරයෙන් පැමිණියේ මැතිව් රසල් ලී නමැත්තායි.

රසල් ලී එකී සාදයට සහභාගි වන අවස්‌ථාවේ එක්‌සත් ජාතීන්ගේ ඊජිප්තු නියෝජිත මාහද් අබෙල්ඩෙලායිස්‌ ද විය.

මෙලෙස මාධ්‍ය ලේබලයට මුවා වූ කොටි එAජන්තවරු ශ්‍රී ලංකාව යුද අපරාධකරුවකු කිරීමට දැඩි උත්සාහයක්‌ ගනිද්දී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති වැලඩ්මීර් මිකායලොව් විසින් විද්වත් මණ්‌ඩල වාර්තාව එක්‌සත් ජාතීන්ගේ වාර්තාවක්‌ නොවන බවත් එය බෑන් කී මූන්ගේ පුද්ගලික ක්‍රියාදාමයක්‌ බවත් මෙකී විද්වත් මණ්‌ඩලය තම සීමාවන් ඉක්‌මවා ක්‍රියා කර ඇති බවත් පවසා ඇත.  රුද්‍රකුමාරන්ගේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව ද එම ඉල්ලීම කර ඇත.

එක්‌සත් ජාතීන්ගේ ගෝල්ඩ්ස්‌ටන් වාර්තාවෙන් ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා එල්ල කරද්දී මුළු ඊශ්‍රායල් විපක්‍ෂයම ඊට එරෙහි විය. ඔවුන් ගෝල්ඩ්ස්‌ටන් වාර්තාවෙන් එල්ලවූ යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන්නැයි අගමැති බෙන්ඩමින් නෙතන්යාහුගෙන් ඉල්ලුවේ නැත. මෙහිදී රජය විමර්ශනය කළ යුත්තේ මුලතිව් කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ක හැර සටන් විරාම ගිවිසුමක්‌ කොටි ඝාතකයන් සමග අත්සන් කිරීම හා එම ගිවිසුමේ මුල් පිටපත අතුරුදන් කළේ කවුද යන්නයි.

මේ අතර ඇමරිකානු හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ අග්නිදිග ආසියානු නියෝජිත මීනක්‌ෂි ගංගුලි නමැත්තිය ද ශ්‍රී ලංකා රජයට එරෙහි යුද අපරාධ චෝදනා ගැන ස්‌ථාවරය දක්‌වන්නැයි ඉන්දීය රජයට බලපෑම් කර ඇත.

ටයිම් සඟරාවේ හිටපු මාධ්‍යවේදිනියක්‌ වූ ඇය මේ එන්.ජී.ඕ. සංවිධානය වෙනුවෙන් සේවය කරයි.

ඉන්දීය හමුදාව අමිතර්සාර්හි සික්‌ රන්දෙවොලට ඔපරේෂන් බ්ලු ස්‌ටාර් මෙහෙයුමින් ප්‍රහාර එල්ල කර සික්‌ ත්‍රස්‌තයන් සමග ළමුන් හා කාන්තාවන් ඝාතනය වෙද්දී ඇය එA ගැන ලෝක ප්‍රජාවගේ ස්‌ථාවරය විමසුවේ නැත.

හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් ද මේ සතියේ ප්‍රකාශයක්‌ කරමින් කොටි විසින් ද්‍රවිඩ වැසියන් 600 කට අධික පිරිසක්‌ දඩාවතේ යන බල්ලන්ට මෙන් වෙඩි තබා මරා දැමූ බව හෙළි කළේය.

තමාගේ ප්‍රකාශය ගැන රහස්‌ පොලිසිය කිසිදු උනන්දුවක්‌ දැක්‌වූයේ නැති බවත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසම පවා තමාව කැදෙව්වේ නැතැයි දක්‌වමින් හෙතෙම එම ආයතනවලට චෝදනා නැගීය. එහෙත් කොටි ඝාතකයකු වූ පුලිතේවන්ට ඇපල් මල්ලක්‌ ගෙන ගිය හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට මේ කොමිසම හමුවේ සාක්‍ෂි දීමට ඉඩ ලැබී තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය