Spread the News

යුද අපරාධ වසන් කළ ස්‌ටීවන් රැප්
ශ්‍රී ලංකාව ගැන සෙවීම

source:

ඔහු යුද අපරාධ ගැන සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ කොටි රූකඩය වූ ද්‍රවිඩ සන්ධානය සමගය. ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් රැප්ගේ පැමිණීම ගැන පවසන්නේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර ඇද්ද යන්න සොයා බලන බවයි. එසේම ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කිරීමට අදාළ ලියවිලි ස්‌ටීවන් රැප්ට ලබාදෙන බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් රැප්ගේ පැමිණීම ගැන පවසන්නේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර ඇද්ද යන්න සොයා බලන බවයි. එසේම ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කිරීමට අදාළ ලියවිලි ස්‌ටීවන් රැප්ට ලබාදෙන බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් තවදුරටත් සඳහන් කර ඇත.

රුවන්ඩා රජය සිදු කළ යුද අපරාධ ඇමරිකානු රජය වසන් කළා
– එක්‌සත් ජාතීන්ගේ නඩු අධ්‍යක්‍ෂ කාලාඩෙල් පොන්aටේ

යුද අපරාධ ගැන සොයන ඇමරිකානු තානාපති ස්‌ටීවන් රැප් පෙරේදා (6 දා) මෙරටට පැමිණියේය. ඒ ශ්‍රී ලංකාවේ හමුදාව වන්නි මෙහෙයුමේදී යුද අපරාධ සිදු කළ බවට කොටි නඟන චෝදනාව සනාථ කිරීමට අලුත් සාක්‍ෂි සෙවීමටයි.

ස්‌ටීවන් රැප්ගේ පැමිණීම ද්‍රවිඩ සංධානය හා කොටි හිතවාදීහු දැඩි සතුටකින් පිළිගනු ලැබීය.

එහෙත් මේ ස්‌ටීවන් රැප් කවුද? යුද අපරාධ රැසක්‌ සිදු කළේ ඇමරිකාවයි. ෙඩ්‍රාaන් යාත්‍රාවලින් ප්‍රහාර එල්ල කර ඇµaගන් හා පකිස්‌තාන සිවිල් වැසියන් 4900 ක්‌ මැරුවේ ඇමරිකාව බව එක්‌සත් ජාතීන්ගේ වාර්තාවක්‌ මගින් හෙළිකරනු ලැබීය.

එහෙත් රැප් නිහඬ විය. මේ පසුබිම මැද ඇමරිකාව නමැති යුද අපරාධකරුගේ නියෝජිතයා මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළේද යෑයි සෙවීමටය. මෙය ඝාතකයකු ඝාතන ගැන සෙවීමට සමානය.

2003 වසරේ ද්‍රවිඩ පුවත්පතක අපූරු පුවතක්‌ පළ විය. ඒ ප්‍රභාකරන් විසින් කොටින් මානව හිමිකම් උල්ලංඝනය කරන්නේද යන්න සෙවීමට විශේෂ කණ්‌ඩායමක්‌ පත් කිරීමයි.

ස්‌ටීවන් රැප් මෙරට නතර වී සිටින දින පහ තුළ සිදු කරන්නේද එයයි.

එහෙත් ස්‌ටීවන් රැප් යුද අපරාධ වසන් කරන්නකු යෑයි සනාථ වී ඇත.

රුවන්ඩා ජනරජයේa ආර්. පී. එස්‌. කැරලි කරුවන් පිරිසට සහ ජනාධිපති පෝල් කගාවේට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල විය.

එහෙත් පෝල් කගාවේ සහ ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය අතර පැවැති සබඳතා හෙළි වීමෙන් සී. අයි.ඒ. කටයුතු හෙළි වීමට ඉඩ තිබිණි.

මේ නිසා ස්‌ටීවන් රැප් එකී යුද අපරාධ වසන් කළ බවට වාර්තා විය.

පෝල් කගාවේ යුද අධිකරණය වෙත ගෙන ඒමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ක්‍රියා කළේ නම් ආර්. පී. එස්‌. කැරලිකරුවන්ට ඇමරිකාව සහාය වූ අයුරු ඔහු හෙළිදරව් කරනු නියතය.

2012 ජුලි මස ඇමරිකාව සිදු කළේ රුවන්ඩා ජනාධිපති පෝල් කගාවේට අනතුරු ඇඟවීමක්‌ කරමින් නුඹට යුද අපරාධ චෝදනා එල්ල කරන බව පැවසීමයි.

එහෙත් කගාවේ ඊට ප්‍රතිචාර දක්‌වමින් පුළුවන් නම් කරන්න යෑයි කීවේය. 2013 වසර ගෙවී 2014 වසර උදාවුවත්a ඔබාමාගේ නියෝජිත ස්‌ටීවන් රැප් රුවන්ඩා ජනාධිපතිට එරෙහිව යුද අපරාධ චෝදනා නඟා නැත.

ස්‌ටීවන් රැප් 2009 වසරේදී මෙරටට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්‌ සකස්‌ කළේය. කොටි ඩයස්‌පෝරාව හා රාජ්‍ය නොවන සංවිධාන ඊට සහාය විය.

ඔහු ශ්‍රී ලංකාව යුද අපරාධවලට වැරදිකරු යෑයි හැඟෙන වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කළේය.

මෙවර ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේa ශ්‍රී ලංකාව එල්ලුම් ගහට යෑවීමටය. රැප් මෙහිදී පැමිණිලිකරු, සාක්‍ෂිකරු හා විනිසුරු ලෙසද ක්‍රියාකරයි.

ඔහු යුද අපරාධ ගැන සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ කොටි රූකඩය වූ ද්‍රවිඩ සංධානය සමගය. ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් රැප්ගේ පැමිණීම ගැන පවසන්නේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර ඇද්ද යන්න සොයා බලන බවයි. එසේම ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කිරීමට අදාළ ලියවිලි ස්‌ටීවන් රැප්ට ලබාදෙන බවද සුරේෂ්a ප්‍රේමචන්ද්‍රන් රැප්ගේ පැමිණීම ගැන පවසන්නේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර ඇද්ද යන්න සොයා බලන බවයි. එසේම ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කිරීමට අදාළ ලියවිලි ස්‌ටීවන් රැප්ට ලබාදෙන බව ද සුරේෂ්aa ප්‍රේමචන්ද්‍රන් තවදුරටත් සඳහන් කර ඇත.

මේ ප්‍රකාශයෙන් සනාථ වන්නේ කොටි රූකඩය ලෙස කටයුතු කළ ද්‍රවිඩ සංධානය ශ්‍රී ලංකා හමුදාවෙන් පළිගැනීමට ක්‍රියා කිරීමයි.

එසේ නම් කොටි රූකඩය ලෙස කටයුතු කළ ද්‍රවිඩ සංධානය ප්‍රභාකරන්ගේ සියලු යුද අපරාධවලට වගකිවයුතු නොවේද?

සුරේෂ්a ප්‍රේමචන්ද්‍රන් තවදුරටත් පවසා ඇත්තේ “අපි කෙළින්ම යුද අපරාධවලට සම්බන්ධ ලියවිලි රැප්ට දෙන බවයි. මේ පසුබිම තුළ කොටි සමග එක්‌ව ක්‍රියාකළ ද්‍රවිඩ සංධානයට දේශීය වශයෙන් යුද අපරාධ චෝදනා ගොනු කිරීමට රජය ක්‍රියා කළ යුතුව ඇත.

ස්‌ටීවන් රැප් මෙරටට එන්නේ ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේ සිදු කළ බව කියන යුද අපරාධ ගැන අලුත් සාක්‍ෂි සෙවීමටය. මේ සාක්‍ෂි සපයන්නේ කොටි රූකඩය වූ ද්‍රවිඩ සංධානයයි.

මෙලෙස ජනතාවගේ වරප්‍රසාද ලබමින් ක්‍රියා කරන ද්‍රවිඩ සංධානයට ශ්‍රී ලංකාවේ හමුදා නායකත්වයට එරෙහිව සාවද්‍ය චෝදනා නැඟීමට ඉඩ දිය හැකිද?

ස්‌ටීවන් රැප් ද්‍රවිඩ සංධානය පමණක්‌ නොව විදේශ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ද හමුවනු ඇත.

ඔවුන්ද සාවද්‍ය සාක්‍ෂි දීමට ඉදිරිපත් වී සිටී. දැනටමත් බොරු සාක්‍ෂිකරුවන් 2000 ක්‌ එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් මණ්‌ඩලය හමුවේ සාක්‍ෂි දී තිබේ. මොවුන් කවුදැයි හෙළි වන්නේ වසර 20 කට පසුවය. මේ වාතාවරණය මැද තවත් සාක්‍ෂිකරුවන් 30 ක්‌ද අවශ්‍ය සාක්‍ෂි දීමට ඉදිරිපත් වී ඇත.

එහෙත් ස්‌ටීවන් රැප් ද්‍රවිඩ සංධානය යුද අපරාධකරුවන් යෑයි පිළිගෙන නැත.

එය පුදුමයක්‌ නොවේ. රුවන්ඩා ජනාධිපති පෝල් කාගාවේ යුද අපරාධ සිදු කළ බවට සාක්‍ෂි ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂිකාව වූ ඩෙල් පොන්ඩේ සතු විය. එහෙත් ඇයව එම ධුරයෙන් ඉවත් කර වසර දෙකක්‌ ගතවීමටත් පෙර ස්‌ටීවන් රැප් ජාත්‍යන්තර අධිකරණයේ ප්‍රධාන නඩු අධ්‍යක්‍ෂවරයා විය. රැප් පත්වීමෙන් පසු හිටපු නඩු අධ්‍යක්‍ෂවරියක වූ ඩෙල් පොන්ටේගේ නිර්දේශ සියල්ල වසන් කෙරුණි. එකී ප්‍රතිඵල වූයේ යුද අපරාධ චෝදනා එල්ල වූ රුවන්ඩා හමුදාවේ නිලධාරීන් කිසිවකුට අද වන තෙක්‌ දඬුවම් නොලැබීමයි.

මෙලෙස යුද අපරාධ වසන් කළ මිනිසා ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළැයි කියමින් විමර්ශන පැවැත්වීම විහිළුවක්‌ නොවේද?

යුද අපරාධ ගැන සොයන්නේ නම් ඇමරිකාව සිදු කළ අපරාධවලින් කීපයක්‌ මෙලෙස දැක්‌විය හැකිය.

1. වියට්‌නාමයට ඒජන්ට්‌ ඕරෙන්ඡ් විෂ වායුවෙන් මිලියන 10 ක්‌ දැමීම

2. ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණුq බෝම්බ දමා ලක්‍ෂ ගණනක ජනතාවක්‌ මැරීම

3. සර්බියාවට ගුවන් ප්‍රහාර එල්ල කර සිවිල් වැසියන් ඝාතනය කිරීම.

මෙලෙස යුද අපරාධ සිදු කළ ඇමරිකානු ජනාධිපතිවරු අතරට ඒබ්‍රහම් ලින්කන්ගේ සිට බරක්‌ ඔබාමා දක්‌වා අයත් වේ. එහෙත් මේ කිසිවකුටත් චෝදනා ගොනු වූයේ නැත.

එවන් පසුබිමක්‌ මැද ස්‌ටීවන් රැප් මෙරටට පැමිණියත් ඔහු පසුපස සිටින්නේ මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ය. රැප් මෙරටට පැමිණියේ ජයග්‍රාහකයන් පරාජිතයන් කිරීමටය.

ලෝක ඉතිහාසයේ මෙවැන්නක්‌ සිදු වන මුල්ම අවස්‌ථාව මෙයයි. ස්‌ටීවන් රැප්ට උදව් කරන්නේ ද දේශීය සතුරන්ය. ඔවුහු කොටි පරාජය වීමේ පළිය ගැනීමට පුන පුනා බලා සිටී.

එහෙත් ස්‌ටීවන් රැප් ඊශ්‍රායලයට යන්නේ නැත. ඊශ්‍රායලයට එරෙහි යුද අපරාධ වාර්තාවද යට ගැසී ඇත.

බරක්‌ ඔබාමාගේ නියෝජිත ලෙස ස්‌ටීවන් රැප් මෙරටට පැමිණ විනිසුරුවකු ලෙස ක්‍රියා කිරීම භයානක පූර්වාදර්ශයකි.

ඇමරිකානු යුද අපරාධකරු දැන් සූදානම් වන්නේ බොරු සාක්‍ෂි මත මෙරටට දඬුවම් කිරීමටය. එහෙත් ජනතාව මෙම තත්ත්වය තේරුම් ගෙන නැත.

කොටින්ට පක්‍ෂපාතී වූවෝ යුද හමුදාව බිල්ලට දීමට කැසකවන බව පැහැදිලිය.

එහෙත් ඊට ඉඩ දිය යුතුද?

ලබන මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව දැඩි අසීරු තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත.

දෙස්‌ විදෙස්‌ සතුරන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වේ.

ස්‌ටීවන් රැප් මෙරටට පැමිණියේ එකී වාතාවරණය මතය. රුවන්ඩාවේ සිදු වූ යුද අපරාධ ගැන සෙවූ එක්‌සත් ජාතීන්ගේ නඩු අධ්‍යක්‍ෂ කාලා ඩෙල් පොන්ටේ ඉවත් කළේ ඇමරිකානු රජයයි. එකී යුද අපරාධ වසන් කළේ පසුව පත් කළ ස්‌ටීවන් රැප් ය.

රැප් දැන් මෙරටට ආවේ කොටි ඩයස්‌පෝරාව නඟන යුද අපරාධ චෝදනා රැස්‌ කිරීමට හෙවත් අපට සාක්‍ෂි සෙවීමටය.

කීර්ති වර්ණකුලසූරිය