Spread the News

රංගිරි දඹුලූ පූජා භූමි සැලැස්ම පිළිබඳ ගැටළුව දේශපාලනීකරණ කර නොගන්නැයි එජාප දඹුල්ල ආසන සංවිධායකවරයාගෙන් ඉල්ලීමක්

SOURCE:

sanjeewa 01රංගිරි දඹුලූ පූජා භූමි සැලැස්ම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්වය දේශපාලනීකරණ කර නොගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල නව ආසන සංවිධායක සංජීව කවිරත්න මහතා පවසයි.
ගැටළුව සම්බන්ධයෙන් සියලූ පාර්ශව එක් මතයකට පැමිණිය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
සංජීව කවිරත්න මහතා මෙම අදහස් පළ කළේ නව ආසන සංවිධායක ධුරයේ වැඩ භාර ගැනීමට පෙර මහනායක අතිපූජ්‍ය ඉනාමළුවේ ශ‍්‍රී සුමංගලාභිධාන නායක ස්වාමීන් වහසේගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත‍්‍රීවරයා සඳහන් කළේ රංගිරි දඹුල්ල පූජා භූමිය සම්බන්ධ ගැටළුවට කඩිනමින් සාධාරණ විසදුමක් ලැබෙනු ඇති බවයි.