රජීව් ඝාතකයෝ මරණයෙන් බේරෙති

Spread the News

රජීව් ඝාතකයෝ මරණයෙන් බේරෙති
දිවි ඇති තෙක්‌ හිරේ දමයි
source:
කීර්ති වර්ණකුලසූරිය

රජිව් ගාන්ධි ඝාතනය ගැන වරදකරුවන් වී එල්ලා මැරීමට නියමිතව සිටි කොටි තිදෙනාගේ මරණ දඬුවම අහෝසි කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18 දා) ඔවුන්ට ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම කළේය.

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධව වරදකරුවන් වූ මුරුගන්, ශාන්තන්, පෙරරිවාලන් යන කොටි සාමාජිකයන්

මෙලෙස මරණ දඬුවමින් ගැලවුණේ මුරුගන්, පෙරරිවාලන් සහ ශාන්තන් යන කොටි ක්‍රියාකාරීන් තිදෙනායි.

අගවිනිසුරු පී. සතාසිවන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

1998 ජනවාරි මස ත්‍රස්‌ත මර්දන අධිකරණය මොවුන්ට මරණ දඬුවම නියම කර තිබිණි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඇසූ තමිල්නාඩු කොටි හිතවාදීන් ඊයේ ප්‍රීති ඝෝෂා කර ඇත.