Sat. Jan 18th, 2025
Spread the News

රට අස්‌ථාවර කිරීමට උත්සාහ කරන
රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු සොයන්න

source:
කොටි සංවිධානයට ලබාදීම සඳහා ස්‌විස්‌ ද්‍රවිඩයන් 200 ක්‌ ස්‌විස්‌ බැංකුවලින් ප්‍රෑන්ක්‌ 100000 ක්‌ දක්‌වා ණය මුදල් ලබා ගත්තා – ස්‌විස්‌ නව කොටි නායක රගුපති

ස්‌විස්‌ටර්ලන්තයේ ප්‍රීබුග් නගරයේ අවන්හලක කෝකියා වූ රගුපති නමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින කෝකියා නව ස්‌විස්‌ කොටි නායකයා ලෙස පත්වීමෙන් පසු ස්‌විස්‌ කොටි ප්‍රෑන්ක්‌ ලක්‍ෂය දක්‌වා ස්‌විස්‌ බැංකුවකින් ණය ගෙන කොටි සංවිධානයට යෑවූ බව ප්‍රසිද්ධියේ පැවැසීම ගැන අපි පසුගිය ජුනි 3 වැනිදා විශේෂයෙන්  හෙළි කළෙමු.

මෙලෙස කොටි ඩයස්‌පෝරාව තවදුරටත් ක්‍රියාත්මක වන අවස්‌ථාවේ මෙරට විපක්‍ෂයට දැවෙන ප්‍රශ්නය බවට පත්වී ඇත්තේ තොරතුරු දැන ගැනීමේ අයිතියයි.

එහෙත් රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් ලැබෙන අයුරුත්, ඒවා වැය කරන්නේ කෙසේද යන්න ගැනත් තොරතුරු ජනතාවට වසන් වී තිබේ.

මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය නමැති ක්‍රියාදාමය මුලින්ම ඉදිරිපත් කළේ 1971 කැරැල්ලේ හිටපු ත්‍රස්‌තවාදියෙකු වූ රංජි මල්ලියි. ඉන් පසු මිලින්ද මොරගොඩ එය සම්මත කර ගැනීමට උත්සාහ කළේය. ඇමරිකානු තානාපතිව සිටි රොබට්‌ බ්ලේක්‌ට ද එම තොරතුරු දැන ගැනීම නමැති ක්‍රමවේදය මෙරටට ඇතුළු කිරීමට අවශ්‍ය විය.

2002 සටන් විරාම ගිවිසුමට පෙර මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්මත කර නොගත්තේ මන්ද යන්න ගැන දේශපාලනඥයන් ප්‍රතිචාර දැක්‌විය යුතුය.

තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉල්ලන එන්.ජී.ඕ.කාරයන්ගේ ක්‍රමවේදයට වඩා රට අස්‌ථාවර කිරීමට උත්සාහ කරන කොටි ඩයස්‌පෝරාව ගැන විමර්ශනය කිරීමේ කාලය එළඹී ඇත.

2002 සටන් විරාමයත් සමඟ ප්‍රභාකරන්ට උදව් කළ විශාල පිරිසක්‌ මෙරට සිටී. ඇතැම් ව්‍යාපාරිකයන් ද ඒ අතර සිටී. එහෙත් ඔවුහු තවමත් නිරුපද්‍රිතව වැජඹේ. ප්‍රභාකරන්ගේ පරාජයත් සමගම ඇතමුන් මෙරටින් පැන ගිය නමුත් මාස දහයකට පසු යළි ආපසු සම්ප්‍රාප්ත වූහ. එවැන්නෙක්‌ දැන් විදේශ බැංකුවක ප්‍රධානියෙකි.

එසේම කොටි ඩයස්‌පෝරාව සමඟ ගනුදෙනු කරන පිරිස්‌ තවමත් මෙරට ක්‍රියාත්මක වේ. ජනතාව මේ සතුරන් කවුදැයි දැන ගත යුතුය. දියවන්නාව අසබඩ සවිකර ඇති විදුලි පහන් කණු කුමන සමාගමකින් ගත්තේ ද යන්න දැන ගැනීමට ජනතාවට අවශ්‍ය නැත.

ජනතාවට අවශව ඇත්තේ රට අස්‌ථාවර තත්ත්වයකට පත්කරන පාර්ශ්වයන් කව්දැයි දැන ගැනීමටය.

මෙයට දින කීපයකට පෙර ස්‌විස්‌ ෙµඩරල් නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය විසින් කොටින්ට මුදල් එවූ ස්‌විස්‌ කොටි දොළහක්‌ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.

මොවුන් ප්‍රෑන්ක්‌ ලක්‍ෂය දක්‌වා ස්‌විස්‌ බැංකුවලින් ණය ලබාගෙන ඇති බව ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප්‍රකාශිකා ජිනෙට්‌ බැල්මර් විසින් හෙලිකර ඇත.

මේ සඳහා ව්‍යාජ වැටුප් ලේඛන ඉදිරිපත් කර තිබු බවත්, එලෙස ලබාගත් මුදල් කුලී මුදල් යවන්නන් ලවා ශ්‍රී ලංකාවට යවා ඇත්තේ කොටින්ට අවි මිලට ගැනීමට බවත් එම නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය හෙළි කර තිබේ.

මෙම පසුබිම නිසා ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂවරු නෙදර්ලන්තයේ සිටින කොටි ජාත්‍යන්තර සංවිධානයේ මූල්‍ය ප්‍රධානියාගෙන් ප්‍රශ්න කිරීමට තීරණය කර ඇතැයි ද බැල්මර් විසින් තවදුරටත් අනාවරණය කර ඇත.

එසේම කොටි සංවිධානයට සම්බන්ධ තවත් විසිපස්‌දෙනකු සම්බන්ධව ද ස්‌විස්‌ බලධාරීහු විමර්ශන අරඹා තිබේ.

ස්‌විස්‌ටර්ලන්තයේ පමණක්‌ ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් 42000 ක්‌ සිටී. නව ස්‌විස්‌ කොටි නායකයා වූ රගුපති තවදුරටත් පවසා ඇත්තේ මසකට ප්‍රෑන්ක්‌ 50 සිට 200 දක්‌වා මුදලක්‌ ද්‍රවිඩයන් විසින් ලබා දෙන බවයි.

ඔහු මේ බව ස්‌විස්‌ටර්ලන්තයේ සුරිච් නුවරදී ප්‍රසිද්ධියේම පවසා ඇත. රගුපති දැන් තවදුරටත් පවසන්නේ අපේ නිජබිම තුළ තුවාල වූ සහ ගැලවුණු අය සිටින බවත් ඔවුන්ට උපකාර කිරීම සිය අරමුණ බවත් ය. එසේම ඉලක්‌කය අප කෙරෙන් (ඊළම) ඉවත්ව ගොස්‌ නැතැයි ද ඔහු ප්‍රකාශ කර ඇත.

මෙයට සමගාමීව ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන් ඉන්දියාවේදී ප්‍රකාශයක්‌ කරමින් ඊළම එකම අරමුණ බවට පවසා තිබේ.

එහෙත් ශ්‍රීරධරන්ගේ මේ ඊළාම් අභියෝගයට ප්‍රතිචාර දැක්‌වීමක්‌ නැත.?

මේ පසුබිම යටතේ යාපනයේ පැවති උත්සවයකදී ද්‍රවිඩ සංධාන තවත් මන්ත්‍රීවරයකු වූ අප්පදොරේ විනයගමූර්ති ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කර ඇත.

වන්නි මෙහෙයුමින් කොටි පරාජය වී වසර තුනක්‌ ගත වන අවස්‌ථාවේ සතුරන්aගේ ක්‍රියාදාමය අවසන් වී නැත. මේ රජය තුළම රජයට එරෙහි වූවෝ ක්‍රියාත්මක වේ. එවැන්නන් ගැන හෙළිවන්නේ විකිලික්‌ස්‌ රහස්‌ ලියකියවිලිවලයි. මේ සතුරු ජාලය සෑම අංශයකටම රිංගාගෙන සිටී. ඒ අතර ඇමරිකානු නෝර්වේ හා ඉන්දියා හිතවාදීන්ද වේ. මේ වාතාවරණය මැද ස්‌විස්‌ ෙµඩරල් නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය කොටි ගැන හොයද්දී දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් ලැබෙන ආකාරය ගැන හා එම අරමුදල් වැය කර ඇති අයුරු ගැන රජය සෙවිය යුතුය.

එසේම මේ අරමුදල් සපයන පාර්ශ්වයන් ගැන ද ජනතාව දැන ගත යුතු වේ. පෝරම්, ඔක්‌ස්‌පම් සේව් ද චිල්රන් වැනි සංවිධාන වන්නි මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වූයේ කෙසේද යන්න ගැන විකිලික්‌ස්‌ රහස්‌ ලියවිලිවලින් අනාවරණ විය. එහෙත් මේ සංවිධාන තවදුරටත් මෙරට ක්‍රියාත්මක වේ.

යුද්ධය අවසන් වීමෙන් පසුත් මේ සංවිධාන ක්‍රියාත්මක වන්නේ කුමකටද?

ඇමරිකානු රාජ්‍ය ආරක්‍ෂක වාර්ෂික වාර්තාව නිරීක්‍ෂණයට ලක්‌ කරන විට රාජ්‍ය නොවන සංවිධාන විසින් තොරතුරු සපයා ඇති බව සනාථ වෙයි. මේ අතර යුධ අපරාධ ගැන වාර්තා ලැබී ඇතැයි යුරෝපා වෙබ් අඩවිය මෙහෙයවන ශ්‍රීකුගන් පවසයි. කුගන් යනු ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරායි. මේ පසුබිම තුළින් සනාථ වන්නේ කොටි ඩයස්‌පෝරාව ජාත්‍යන්තරවද මෙරට කොටි හිතවාදීහු ඊට සහභාගිවෙමින් ද ක්‍රියාත්මක වන බවයි.

ඒ සඳහා ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ස්‌විස්‌ටර්ලන්තය, ඔස්‌ටේ්‍රලියාව, ජර්මනිය යන රටවල සිටින මධ්‍ය පාර්ශ්ව යයි හඳුන්වන්නන් හා කොටි වෙනුවෙන් හඬනඟන්නන් කිහිපදෙනෙකුගේ සහාය ද ලබාගෙන ඇත.

ජර්මනියේ විරාඡ් ප්‍රනාන්දු, රෝහිත භාෂණ, ඔස්‌ටේ්‍රලියාවේ බ්‍රයස්‌ සෙනෙවිරත්න යන පිරිස ඉන් මුල්තැන ගනී. මේ කිසිවෙක්‌ මාධ්‍යවේදීන් නොවේ. ඔවුහු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ය.

මෙයට අමතරව කොටි ඩයස්‌පෝරාවේ අරමුදල් මත විදේශ ක්‍රියාකාරීහු පහළොස්‌ දෙනෙක්‌ ක්‍රියාත්මක වේ.

මේ වාතාවරණය මැද ඇමරිකානු සෙනෙට්‌ මන්ත්‍රීවරයකු වූ බෝබ්කේසි පවසන්නේ කොටි සහ සිංහලයන් අතර පැවැති යුද්ධයෙන් සිංහලයන් ජයගත් නිසා යුධ අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයන් අවශ්‍ය බවයි.

බොබ් කේසිගේa ප්‍රකාශයෙන් බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමන සනාථ විය.

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා සම්බන්ධව ඇමරිකාව චෝදනා නඟන්නේ සිංහලයන් යුද්ධය ජය ගැනීම නිසා යෑයි දැන් සනාථ වේ. කොටි ජයගත්තා නම් ඇමරිකාව විසින් යුද අපරාධ චෝදනා යොමු නොකරන බව මින් පැහැදිලිය.

මේ අතර කොටි ත්‍රස්‌තවාදී ප්‍රධානීහු 41 ක්‌ අතුරුදන් වී ඇති බවට කොටි වෙබ් අඩවි විසින් පවසා තිබේ.

මෙරට බිහිසුණු ත්‍රස්‌තවාදයට සම්බන්ධ මේ මිනීමරුවන්ට සිදු වූ දේ සෙවිය යුතු බව ද එම වෙබ් අඩවිය තවදුරටත් දන්වා ඇත.

මේ ත්‍රස්‌තයන්ට සිදු වූ දේ ගැන ඇමරිකානු බලධාරීහු ළඟදීම ශ්‍රී ලංකා රජයෙන් විමසනු නියතය.

මෙවන් පසුබිමක්‌ යටතේ මෙරට ජනතාවගේ දැනෙන ප්‍රශ්නය තොරතුරු දැන ගැනීමේ අයිතිය නමැති ඇමරිකානු හා එන්. ජී. ඕ. ක්‍රියාදාමය නොවේ.

ජනතාව එවැන්නක්‌ ඉල්ලා මහපාරේ පෙළපාලි පවත්වන්නේ නැත. මෙරටට අවශ්‍ය වී ඇත්තේ රට අස්‌ථාවර කිරීමට උත්සාහ කරන රාජ්‍ය නොවන සවිධානවලට අරමුදල් ලැබෙන්නේ කෙසේද හා එම මුදල් වැයකර ඇති ආකාරය ගැන දැන ගැනීමය.

උගත් පාඩම් හා සංහිදියා කොමිසම තුළින් රජය ජාත්‍යන්තරව අමාරුවේ වැටුණි. තොරතුරු දැන ගැනීමේ පණත ද එවන් උගුලකි. මේ සඳහා පසුබිමේ සිටින නෝර්වේ හිතවාදීන් රජය හඳුනන්නේ නම් එයම ප්‍රමාණවත් ය.

මේ තත්ත්වය ගැන ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්‌වැල්ල මහතාගේ දැඩි අවධානය යොමු විය යුතුය. එදා වන්නි මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළ පාර්ශ්වයන් දැන් තොරතුරු දැන ගැනීමට හඬ නැඟීම විහිළුවකි. නෝර්වේ අරමුදල් ලබන සංවිධාන මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රය හා බහුතරයේ උරුමක්‌කාරයන් නොවන බව ද රජය සිහිsපත් කළ යුතුව ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Protected by Security by CleanTalk