රට බෙදන පළාත් සභා එපා, රණවිරුවන් දිවිපුදා රැකි එකීය මව්බිම සුරකිමු.
උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බරයේ පවත්වන බව ආණ්ඩුව නිවේදනය කර ඇත. ඉන්දියාව, ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක් ඒ සඳහා බරපතල පීඩනයක් ආණ්ඩුවට එල්ල කළ බව රහසක් නොවේ. ජීනිවාහිදී ශ‍්‍රී ලංකාවට එල්ලකර ඇති යුද අපරාධ චෝදනා, උතුරට බලය බෙදීමෙන් තුරන් කරගත හැකිබවට දේශිය විදේශිය බලවේග විසින් කසුකුසුවක් පතුරුවා ඇත. උතුරු පළාත් සභාව පවත්වන්නේ, එම ප‍්‍රදේශවල ජීවත්වූ සිංහල හා මුස්ලිම් ජනතාවද, කොටි සංවිධානයට එරෙහිව ක‍්‍රියාකළ දෙමළ ජනයාද ඝාතනය කර පළවා හැරිය බිමකය. එකී මැතිවරණයේ ජයග‍්‍රහණය දෙමළ ජාතිවාදී දෙමළ රාජ්‍ය පක්ෂය (දෙමළ සංවිධානය) ට ලැබීම දැන් වැලැක්විය නොහැකිව ඇත. ත‍්‍රස්තවාදී ප‍්‍රභාකරන් දෙමළ ජනයාගේ එකම නායකයා හා නියෝජීතයා ලෙස පිළිගත්, පසුගිය වසරේ (2012* මඩකලපුවේ පැවැත්වු සිය සමුළුවේදී සෘජු ක‍්‍රියාමාර්ගයකින් දෙමළ ඊළම උතුරේ පිහිටුවන බවට වහසිබස් දෙඩු ආර්. සම්බන්ධන්ට උතුරේ බලය යෑම, ප‍්‍රභාකරන්ගේ දේශපාලන පෙරමුණට බලය යෑම හා සමානය. එය තමිල්නාඩුවේත්, ලොව පුරාත් සිටින, නව දෙමළ ඊළාම් ව්‍යපාරයට ලැබුණු යෝධ ජයග‍්‍රහණයක් වනු ඇත. රටේ ඒකීයභාවය වෙනුනේ දිවිපිදූ 26,000ක්වූ රණවිරුවන්ගේ ජීවිත නැවත මරාදැමීමක් එයින් සිදුවන බව සහතිකය.
පළාත් සභා ක‍්‍රමය හා එයට පාදක වු 13 වැනි ව්‍යස්ථා සංශෝධනය 1987 දී ගෙන ආවේ අපකීර්තිමත් ’’ඉන්දු- ලංකා’’ නොහොත් ’’ජේ.ආර් – රජීව්’’ ගිවිසුම මගිනි. එමගින් රටේ සමස්ත ජනයාගේම ව්‍යවස්ථාවන් තැනීම පිළිබ`ද පරමාධිපත්ති අයිතිය උදුරාගනු ලැබීය. උතුරු හා නැගෙනහිර දෙපළාත ඵෙතිහාසික දෙමළ වාසභූමිය ලෙස ගෙන, එක්කරනු ලැබීය. එයට එරෙහිවූ මහ ස`ගරුවන 664 ක් හා සිවිල් ජනයා 66,000 ක් මරාදමා ව්‍යවස්ථාව බලහත්කාරයෙන් නීති විරෝධී පාර්ලිමේන්තුවකින් සම්මත කරගනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් නමයෙන් පස්දෙනෙක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා පළාත් සභා පනතේ එක් වගන්තියකට හෝ වගන්ති සියල්ලටම ජනමත විචාරණයක් අවශ්‍ය බව එදා කීහ. එය නොතකා එය නීති විරෝධීව සම්මත කරන ලදී. ශ‍්‍රී ලංකා ආණ්ඩුව පළාත් සභා පිහිටු වුවහොත් ත‍්‍රස්තවාදය නිරායුධ කරන බව (ත‍්‍රස්තවාදයට අවි ලබාදුන්නේද ඉන්දියාවය) ඉන්දීය ආණ්ඩුව පොරොන්දු විය. බලය බෙදා පළාත් සභා පිහිටවු විට ත‍්‍රස්තවාදයත්, දෙමළ ඊළාම් අරගලයත් ඉබේම නතර වන බව වාමාංශික පක්ෂ හා විවිධ එන්.පී. ඕ. කල්ලි මතවාද පතුරුවා හැරීය. එහෙත් සිදුවුයේ උතුරු නැගෙනහිර පළාත් සභාව වර්ධරාජා පෙරුමාල් යටතේ 15,000 ක ආයුධ සන්නද්ධ හමුදාවක් පොලිස් බලතල යටතේ ඇතිකර ගැනීමය. පසුව 1989 දී වෙනම රාජ්‍යයක් ඒක පාර්ශවීකව ප‍්‍රකාශ කිරීමය. වර්ධරාජා හා ප‍්‍රභාකරන් අතර තිබු පරස්පරතා නොවන්නට එදාම දෙමළ ඊළම බිහිවීමට ඉඩතිබිණි. මෙහි ඉතිහාස කතාව එබඳුය. ලේ වලින් මුළු ජාතියම පාඩම් ඉගෙන ගෙන තිබියදී, තවමත් ඇතැම්හු පළාත් සභා ලබාදීමෙන් බෙදුම්වාදය නතර වේයැයි පුරසාරම් දොඩවති.
බෙදුම්වාදය ලංකා භූමිය තුළ පරාජය වුයේ බලය බෙදීමෙන් නොවේ. 1994-2004 ශාපලත් දශකය තුළ පළාත් සභාවලටත් එහාගිය පෙඩරල්, කොන් පෙඩරල් විස`දුම් චන්ද්‍රිකා හා රනිල් දෙපළම කොටි ත‍්‍රස්තවාදයට ඉදිරිපත් කළහ. සිදුවුයේ පියවරින් පියවර කොටි බලවත් වී, නිල නොවන ත‍්‍රිවිධ හමුදාවක්, පොලිසියක්, අධිකරණ පද්ධතියක්, බැංකු පද්ධතියක් සහිතව කොටින්ගේ පාලනයක් උතුරු හා නැගෙනහිර ගොඩනැගීමය. එය පරාජය කෙරුණේ 2004 දී නැගුනු ජාතික බලවේගය විසින් රටේ ඒකීයභාවය ජනාධිපතිවරණයෙන් ස්ථාවර කර, 2006 දී ජාතික මතවාදය මත ත‍්‍රස්තවාදයට එරෙහිව යුධ වැදීමෙනි. 2009 දී මුළු රටම ඝාතනයෙන් ලේ වැගිරීමෙන් නිදහස් වුයේ ඒ නිසාය. ජනතාව තුනෙන් දෙකක බලයක් 2010 මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට දුන්නේ ඒ නිසාය. පෙඩරල් වාදය ප‍්‍රතික්‍ෂේප කර යු.එන්.පී.යේ, ජ.වි.පෙ.යේ පිරිස් ආණ්ඩුවට එක්වුයේ ඒ නිසාය. නමුත් රජය, රණවිරුවන් ලබාදුන් ඒ යුද ජයග‍්‍රහණය, ඒකීයභාවය, දේශපාලනිකව ශක්තිමත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එකී යුද ජය දේශපාලන ජයග‍්‍රහණයක් කළේ නැත.
පළාත් සභා ක‍්‍රමය වෙනස් නොකර, උතුරේ ඡන්දය පැවැත්වීමෙන් වන්නේ ලද යුද ජය බන්දේසියක තබා ත‍්‍රස්තවාදයේ අපාය සහායක දේශපාලන පෙරමුණකට ලබාදීමය.
පවතින ආණ්ඩුවලට පක්ෂ මහ ඇමැතින් හා පළාත් සභා පවතින තාක්කල් පළාත් සභාවල භයානක කම රටට පෙනෙන්නේ නැත. පසුගිය දිවිනැගුම පනත අවස්ථාවේදී පෙනිගියේ, රටේ එක පළාත් සභාවකට පාර්ලිමේන්තුවේ පනතකට එරෙහි වී, එය නිෂේධ කළහැකි බලයක් ඇති බවය. එමෙන්ම, ව්‍යවස්ථාවට අනුව, තවමත් උතුරට හා නැගෙනහිරට එක්වී, තනි පළාත් සභාවක් පිහිටුවිය හැකිය. උතුරු පළාත් සභාව, ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් උතුරේ බෞද්ධ සිද්ධස්ථාන වැනසුවහොත් නැවතත් ඉතුරුව සිටින සිංහල, මුස්ලිම් ජනයා දෙමළකරණය කරන්නට හෝ පලවා හරින්නට සැදුවහොත් ආණ්ඩුවට කළහැකි දෙයක් ව්‍යවස්ථාවේ නැත. ජනාධිපතිවරයාට පළාත් සභාවක් විසුරුවාලිය හැක්කේ ආයුධ සන්නද්ධ කැරැල්ලත්, අත්‍යාවශ්‍ය සේවා බිඳවැටීමත්, විදේශ ආක‍්‍රමණයක් තිබුණ හොත් පමණි. උතුරෙන් සිංහලයන්, මුස්ලිම්වරුන් සමුලඝාතනය කළේ පොලිස් බලතල තිබී නොවේ. දෙමළ ජාතිවාදී මහඇමැති කෙනෙක් යටතේ උතුරේ පොලිස් බලය ක‍්‍රියාත්මක වුවහොත් උතුරේ සිංහල, මුස්ලිම් ජනයාට ඇතිවන ඉරණම කුමක්ද? ලාංකීය දෙමළ ජනයාගෙන් 60% ක් කිසිදු ප‍්‍රශ්නයකින් තොරව දකුණේ ජීවත්වන අතර, උතුරේ පොලිස් බලය යනු ඒ සියළු සාම වෑයම් බිඳවැටී නැවත ලේ වැගිරීම් කරා රට යොමු කිරීමකි. මොනම ත‍්‍රස්ත බලයක් හෝ ඇතිව 1977-1981 කාලයේ වන්නියේ ඉන්දීය වතු දෙමළ ජනයා ලක්ෂයක් දෙමළ ජාතිවාදය විසින් පදිංචි කරවන ලදී. ඉතින්, ඉඩම් බලය ලැබුණොත්, එහි ජීවත්වන ඉඩම් අහිමි සිංහල, මුස්ලිම් ජනයාට බිම් අගලක් ලබාදීමට දෙමළ ජාතිවාදී පාලත් සභාවක් ඉඩදේවිද?
පළාත් සභා ක‍්‍රමය අහෝසි නොකර හෝ අඩුම තරමින් එහි ඇති විෂකුරු අංග වෙනස් නොකර උතුරු පළාත් සභාව දෙමළ ජාතිවාදීන්ට පවාදීම යනු රට බෙදීමට පළමු පියවර තැබීම මෙන්ම නැවතත් ලේ ගංගා ගලායාමට අවශ්‍ය පසුබිම සැකසීමකි.
ඒනිසා මේ මොහොතේ සමස්ථ ජාතියම පක්ෂ, පාට භේදයකින් තොරව, අපේ වීරෝදාර රණවිරු ජීවිතවල ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන්, අනාගත පරපුරේ සාමය වෙනුවෙන් එක්විය යුතුය. අපේ රටේ ඉරණම අන්රටවල නොව, අපිම තීරණය කරමු. මව්බිමේ ඒකීයත්වයත් දිනු සාමයත් සංහිඳියාවත් දිවිහිමියෙන් රැුකගනිමු.
පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුවේ පණිවුඩයකි.
2013-06-26
රජවත්තේ වප්ප හිමිගේ අදහස් දැක්වීම
ගලගොඩඅත්තේ ඤාණසාර හිමිගේ අදහස් දැක්වීම
හැඩිගල්ලේ විමලසාර හිමිගේ අදහස් දැක්වීම
මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට පිළිතුරු
පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුව
‘ පූජ්‍ය ති‍්‍රකුණාමලේ ආනන්ද අනුනාහිමි – සාමාජික, බුද්ධශාසන කාර්ය සාධන මණ්ඩලය
‘ පූජ්‍ය ඇල්ලේ ගුණවංස නාහිමි – සභාපති, දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය
‘ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි – සභාපති, දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණ
‘ පූජ්‍ය රජවත්තේ වප්ප හිමි – සභාපති, ජාතික සංඝ සම්මේලනය
‘ පූජ්‍ය කිරම විමලජෝති හිමි – ප‍්‍රධානී, බොදුබල සේනා සංවිධානය
‘ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි – කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යන අංශයේ අංශාධිපති
‘ පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි – ශී‍්‍ර ජ/පුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
‘ පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි – මහලේකම්, බොදුබල සේනා සංවිධානය
‘ පූජ්‍ය අක්මීමණ දයාරතන හිමි – සභාපති, සිංහල රාවය සංවිධානය
‘ මහාචාර්ය නලින් ද සිල්වා – චින්තන පර්ෂදය
‘ ආචාර්ය ගුණදාස අමරසේකර – සභාපති, දේශහිතෛශී ජාතික ව්‍යාපාරය
‘ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ එස්.එල්. ගුණසේකර
‘ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා – සභාපති, බෞද්ධ නීති සංගමය
‘ ජ්‍යෙෂ්ඨ නීතීඥ කල්‍යානන්ද තිරාණගම – මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානය
‘ මහාචාර්ය බුද්ධදාස හේවාවිතාරණ – සභාපති, ජාත්‍යන්තර බෞද්ධ කේන්ද්‍රය
‘ ආචාර්ය පියසේන දිසානායක – ලේකම්, ජාතික ඒකාබද්ධ කමිටුව
‘ ආචාර්ය සූරිය ගුණසේකර – සභාපති, නැගෙනහිර බෞද්ධ පුනරාගමනය
‘ මානව විද්‍යාඥ පණ්ඩුල ඇඳගම – සභාපති, හෙළ දැය වඩන්නෝ
‘ වෛද්‍ය අනුලා විජේසුන්දර – ජයග‍්‍රහණය සංවිධානය
‘ ජගත් සුමතිපාල – සභාපති, සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය
‘ ක්ලෝඩා ප‍්‍රනාන්දු – සභාපතිනී, සමස්ථ ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය
‘ ඕල්කට් ගුණසේකර – සභාපති, ධර්ම විජය පදනම
‘ කුලතුංග රාජපක්ෂ – සිංහල වීර විදහන
‘ මතුගම සෙනෙවිරුවන් – සිහළ බොදු සංසදය
‘ නෙම්සිරි ජයතිලක – දේශපේ‍්‍රමී විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය
‘ නිරෝෂා අතුකෝරාල – සභාපතිනී, අභිමානී කාන්තා සංවර්ධන පදනම
‘ ලලිත් ධර්මසේකර – සභාපති, එක්සත් ති‍්‍රරෝද රථ සංගමය
‘ බන්දුල චන්ද්‍රසේකර – කැඳවුම්කරු, ජාතික විද්වත් සභාව
‘ ගාල්ලගේ පුණ්‍යවර්ධන – සභාපති, ස්වර්ණ හංස පදනම
‘ පානි වෑවල – බෞද්ධ බල කේන්ද්‍රය