Spread the News

රතන හිමියෝ පදවි හැර යති

සිරිමන්ත රත්නසේකර

ජාතික හෙළ උරුමයේ උප සභාපති පිවිතුරු හෙටක්‌ ජාතික සභාවේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්‌වාමීන් වහන්සේ දිවුලපිටිය සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් ඊයේ (17දා) ඉල්ලා අස්‌වී ඇත.

මේ ඉල්ලා අස්‌වීමේ ලිපිය ගම්පහ දිස්‌ත්‍රික්‌ ශ්‍රීලනිප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට භාරදී තිබේ.

සිය පක්‍ෂයේ යෝජනාවලට ආණ්‌ඩුව යහපත් ප්‍රතිචාරයක්‌ නොදැක්‌ වූ හෙයින් මෙම ඉල්ලා අස්‌වීමේ තීරණය ගත් බව අතුරලියේ රතන හිමියෝ “දිවයින”ට පැවසූහ.