රත්නදීප ජන්මභූමි ..ලංකාදීප විජයභූමි.. !

Spread the News

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි… !

ඇසුණු සැනින් සර්වාංගයම කිලිපොලා යන මේ ජය ගීය අපගෙන් සදහටම සමුගත් පණ්ඩිත් අමරදේවයන්ගෙනි. නමුත් විවිධ වූ මෑතකාලීන උරුමක්කරුවන් යයි කියාගත් නායකයින් ගෙන් වැනසුණු ලොව පුණ්‍යවන්තම භුමිය මෙයයි. වසර 500කට අධික යුගයක් පරදේශින්ට යටත්ව පැවතුනු බැවින් ඔවුන් සමුගත්තා වුවත් (අනගාරික ධර්මපාල තුමා) ඔවුන් ගේ මතවාදයෙන් \ මානසිකත්වයෙන් නොගැලවුණු මේ නායකයින් නිසා මේ රන් බිමට වූ විනාශය අප්‍රමානයි.

විනාශය ?????????????

ඇයි එහෙම කියන්නේ ?

කෙබඳු වූ විනාශයක් ඔවුන් කලාද ?

මිනිසකු නොහදා ලොවක් හැදිය නොහැකි බව කීවේ පුරුවේ වාසනා මහිමයකට මෙහි පහළවුණු මහා යතිවර මඩිහේ පඤාසීහ හිමිපාණන් වහන්සේ විසිනි. එදා එය මටද ප්‍රහේලිකාවක් විය. නමුත් පසුව මෙහි ඇති සත්‍යතාව අප සියල්ලන්ටම වැටහෙන විට සියල්ල කණපිට ගසා තිබිණි.

ඔබ එහෙම කියන්නේ ඇයි ?

සිහළ බිම යනු ස්වාභාවික සුන්දරත්වයෙන් අනුණ වූ , තරඟකාරිත්වයෙන් මුක්ත වූ , නිශ්චල , නිසල අතිශයින් සංවේදී වූ මිනිසුන් වාසය කළා වූ ඉමකි. එවැනි වූ වපසරියකට උරුමකම් කියූ නිසාවෙන් ලොව්තුරා තථාගතයන් වහන්සේ විසින් මිට වසර 2600කට පමණ ඉහතදී තම දහම වසර 5000ක පැවැත්මක් උදෙසා මෙබිම තෝරාගන්නා ලද්දේ ඒ නිසාය. මෙබිම ආක්‍රමණය කළා වූ සියලුම ආක්‍රමණිකයන්ට වුවමනා වුයේ මෙම තත්වයෙන් මෙබිම අන් අතකට පරිවර්තනය කිරීමටය. ඔවුන් ඒ සඳහා නොකලා වූ දෙයක් නොමැත.

1948න් පසුව බිහිවුණු උරුමක්කාර නායකයන් සියල්ලන්ම වාගේ විවිධ වූ නම් භාවිතා කරමින් කරන්නට උත්සාහ කලෙත් පවතින ස්වභාවිකත්වය කෘතිමව අන් අතකට හැරවීමටය. සිහළ බිම සිහළ බිම යයි ඔවුන්ට අමතක විය. ඊට හේතුව ඒ වනවිටත් ඔවුන් උරුමක්කරුවන් වුවත් ඔවුන්ගේ මනස් විවිධ වූ උපක්‍රම යොදා පරදේශින් විසින් ඔවුනගේ මතවාදයෙන් පුරවා තිබිණි.

ඒ අනුව,

ඇතැමෙක් ……ලන්ත අනුගාමිකයෝ විය. ඇතැමෙක් සෝවිය… අනුගාමිකයෝ විය. ඇතැමෙක් නව චී.. අනුගාමිකයෙකි. ඇතැමෙක් සිංගප්පු … අනුගාමිකයෙකි. තවෙකෙක් කියූ…, බොලීවි.. අනුගාමිකයෝය. ඇතැමෙක් ඇමරි ..කැන..ඔස්ට්‍රේලි.. අනුගාමිකයෝ වුහ. ඇතැමෙක් අනිකුත් බටහිර අනුකරණයන් වැළඳගත්තා වුවෝ වුහ. ඇතැමෙක් ජප ..ක්‍රමය හා බද්ධ වුවෝය. එපමණක් නොව ඇතැමෙක් ඉන්දී… අනුගාමිකයන් වූ අතර ඇතැමෙක් බිඅරා. අනුගාමිකයෝ වුහ.

ප්‍රශ්නයක් අහන්නද ?

මෙතෙක් මේ දක්වා මෙතන ස්වදේශීය අනුගාමිකයෙකු සිටියාද යයි කියා බලන්න.

එංග… අනුගාමිකයෙකුට වුවමනා වුයේ නිදහසින් පසු මේ බිම එංග….කරණයට ලක් කිරීමටය. ක්ලින්සූට් සහ පොලිෂ් බූට් ක්‍රමය ඔවුනගේ ඇදහීම විය. සෝවි ..ෆොලෝවර් සෝවි..ක්‍රමය සඳහා වලිකන්නට විය. ඔවුන් ගේ ක්‍රමය වුයේ සියල්ලන්ම එකම යන න්‍යායයි. සමාජ ස්තර අහෝසි කිරීම එහි එක අංගයක් විය. චී..ෆොලොවර් චී .ක්‍රමය මෙරට ස්ථාපිත කරන්නට සිතුවේය. සිංගප්පු ..ෆොලෝවර් බිම සිංගප්පු ..කරණය කරන්නට විය. අනිකුත් නායකයෝ අනිකුත් ක්‍රම මෙහි ස්ථාපිත කරන්නට විටින් විට වලි කෑවෝය.

මේ එකදු න්‍යායක් හෝ අද දක්වා මෙහි සශ්‍රික වුවාද ?

හොඳින් බලන්න ! මේවා ගෙනාවේ මොකටද ?

රට ආර්ථිකව ගොඩනැඟිමටලු.     

දහස් ගණන් අමානුෂික ලෙස පසට යටවී , බිම ණයකරුවකු කරනවා හැරෙන්නට ආර්ථික සශ්‍රික බවක් ඉන් අත්වුණේ නැත.

ඇයි ! මේ දක්වා වූ “සංවර්ධනය” එහි ප්‍රතිපලයක් නොවේද ?

ඇත්ත ! පස් \ බොරළු මාවත තාර මාවත විය. තාර මාවත කාපට් මාවත විය.

නැවතත් ප්‍රශ්නයක් අහන්නද !

ඔවුන් කල ඔවුන්ම නිතර කියනා “වික්‍රමයෙන්” හෙවත් එංගලන්.. ආකාර “සංවර්ධනයෙන්” මෙහි වූ උරුමක්කරුවන් එංගලන් ..ආකාරයේ මිනිසුන් වුවාද ? උරුමක්කරුවන් ගේ හැසිරීම් රටාව \ චර්යා රටාව ඉන් එංගලන් ..ආකාර වුවාද ? ඔබ චී.. න්‍යායවාදී වුවාට උරුමක්කරුවන් චීනු.. මෙන් හැසිරෙන්නට පටන්ගත්තාද ? අනිකුත් ආකාර සඳහාත් මේ පැනයම අසමි.

අද දක්වා එය සිදු වී නැත සහ එයයි සක්සුදක් සේ පෙනෙනා සත්‍යය.

ඉදිරියේදී……?

වසර 2300කට අධික කාලයක් එසේ නොවුනා නම් තව වසර 2700ක් දක්වා එසේ වේ යැයිඔබ සිතනවාද ?

පුදුමයක්නේ ! එසේ නම් බිම “සංවර්ධනය” කරන්නම බැරිද ?

පුළුවනි.

කෙසේද ? කව්ද ?

එංගලන් … ආකාරය හෝ චී.. ආකාරය හෝ අන් බිමක් ආකාර නොව උරුමක්කරුවකුගේ රටාව , උරුමක්කරුවන්ගේ ආකාරය , උරුමක්කරුවන්ගේ සිතුම් පැතුම් , උරුමක්කරුවන්ගේ ක්‍රමය හඳුනාගත් පුද්ගලයාට එය කල හැකිය.

ඒ ක්‍රමය කුමක්ද ?

වැවයි – කෘෂිකර්මාන්තය.

දාගැබයි – අධ්‍යාත්මය.

ගමයි – අධික තරඟයෙන් මිදුණු තැන.

පන්සලයි – බුදු දහම.

ඉතිහාසය පුරාවටම එංගලන්.. හෝ අන් රටක් ලෙස නොව මේ බිම සශ්‍රික වී ඇත්තේ ඉහත වූ ක්‍රමයෙන් පමණි. (පරිශීලනය – මහා වංසය )  

ඔය ක්‍රමය අද මෙවැනි ලොවක ආර්ථික සශ්‍රිකත්වයක් උදෙසා ගැලපෙයිද ?

අප ළඟම වූ විශාල භුමිය දෙස බලන්න. විනාශ නොවූ ගැමි අසිරිය. අදටත් බොහෝ මිනිසුන්ට නිවාසය වන්නේද , සැප යහන වන්නේද , මල පහ කරන්නට යොදාගන්නේද මාවතය. එනමුත් ඔවුන් අද ලොව හතරවන ආර්ථිකයට හිමිකරුවා නොවේද ? ක්ලින් මිනිසුන්, ක්ලින් බිම් , දෝරේ ගලනා සැප හෙවත් සැප උල්පත් වූ අනිකුත් රටවල් ඒ බිමට ආර්ථික වශයෙන් දැනටමත් පරාජය වී නැත්ද ?

තිලොවක් දෙස බලා ලොව්තුරා බුදු රජාණන් වහන්සේ මාගේ දහම තව වසර 5000ක් යනතෙක් හෙළදිව හෙවත් ඔබෙත් , මගෙත් මව්බිමෙහි ස්ථිරසාරව පිහිටනවා කියා එදා බුදු මුවින් ලොවට ප්‍රකාශ කලේ ඇයි ?

උරුමක්කරුවන් ගේ මේ බිම දිවයිනකි.

උරුමක්කරුවන්ගේ මේ බිම එක් “රජෙකුට” පාලනය කල හැක්කකි.

උරුමක්කරුවන් ශ්‍රද්ධාවන්තය.

උරුමක්කරුවන් ප්‍රඤාවන්තය.

උරුමක්කරුවන් නිර්භීතය , එඩිතරය. ඇතුලතින් හෝ පිටතින් එන ඕනෑම ආකාරයේ ආක්‍රමණයක් සහමුලින්ම පරාජය කල හැකිය (ඉතිහාසය පුරාවට අප මෙය ඔප්පුකර ඇත.).

(උපුටාගැනීම – අති පුජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ.)   

එහෙම නැතිව ගෑස් මෙහි හිඟ නොවීම නිසා නොවේ.

නල ජලය මෙහි හිඟ  නොවීම නිසා නොවේ.

විදුලිය මෙහි හිඟ නොවීම නිසා නොවේ.

ෆාස්ට් ෆුඩ් මෙහි හිඟ නොවීම නිසා නොවේ.

තරු එක , දෙක , තුන , හතර , පහ , හය , හත සැප මෙහි හිඟ නොවීම නිසා නොවේ.

පැජරෝ , මොන්ටෙරෝ , ඖට්ලැන්ඩර් හිඟ නොවීම නිසා නොවේ.

ඒ නිසා ඔබට හෝ මට හෝ තවෙකුට අපට වුමනා ආකායට මෙහි වෙනස්කම් කල නොහැකි බව කරුණාවෙන් සලකන්න.

ස්තුතියි !