Spread the News

ඇෆ්ගනිස්ථානයේ රතු කුරුසයේ වැඩකළ සයිඞ් මුසා ඉස්ලාම් ආගම අතහැර ක‍්‍රිස්තියානි ආගම වැළදගැනීම ෂාරියාර් නීතියට අනුව බරපතල අපරාධයකි. ස්ත‍්‍රියක් මරාදැමීමට පුරුෂයෙකුට නීතියෙන් අවසර ඇතත් ෂාරියාර් නිතය අනුව ඉස්ලාම් ආගම වෙනස් කිරිමට නොහැක. ඉස්ලාම් ආගම ලෝකයේ පවත්වාගෙන යන්නේ ඉස්ලාම් වු කිසිම පුද්ගලයෙකුට ඉස්ලාම් ආගමින් අහක්වීමට බැරි ආගමික නීතිය මගිනි. ඇෆ්ගනිස්ථානයේ රතු කුරුස සංවිධානයේ වැඩකළ ෂයිඞ් මුසා (45) ඉස්ලාම් නීතිය නොසලකා ක‍්‍රිස්තියානි වුයේය. ඔහු ආගමික නිතියට විරුද්ධව කටයුතු කිරිම පිළිබදව ඇෆ්ගාන් අධිකරනය මුසාගේ නඩුව විනිශ්චය කර ඔහුට මරණ දඬුවම නියම කර ඇත. ඉදිරි දිනයක ඔහුව එල්ලා මරා දමනු ලැබේ.
රතු කුරුසයේ අවුරුදු 15 ක් සේවය කළ මූසා ආගම මාරු කිරීම නිසා සිරබාරයට ගත්තේ මීට මාස අටකට පෙරදීය. යුද්ධයෙන් විපතට පත්වුවන්ට උපකාර කිරිමට ගොහින් කකුලක් අහිමිව සිටින මුසාට හිරගෙදරදී දරුණු ලෙස ශාරිරික පීඩා ලැබි ඇත. ඔහුට ලිංගික හිරිහැර කර තිබේ.
මුසාට ආයෙත් ඉස්ලාම් ආගමට ආවොත් සමාව දෙන බව ඇෆ්ගාන් බලධාරින් කියන නමුත් ආගම නැවත ඉස්ලාම් නොවී මරණය තෝරාගන්නා බව මුසා කියයි. හැම ආගමක්ම සමාන යයි ලංකාවේ සර්ව ආගමික නායකයෝ කියති.

— රමණි
මූලාශ‍්‍ර:http://www.dailymail.co.uk/news/article-1354246/One-legged-Afghan-Red-Cross-worker-hanged-converting-Christianity.html

Source:lanka C news