Sun. Jan 19th, 2025
Spread the News

රවි කරුණානායක ඇතුළු සිව් දෙනකුට
එරෙහි නඩුව ජුලි 29 දක්‌වා කල්යයි 

source link:

ඒ. ඡේ. ඒ. අබේනායක

විදේශ රටක පිහිටි සමාගමක්‌ සහ අනේවාසික පදිංචිකරුවකු වන රාඡ් රාජරත්නම් නමැත්තා විසින් ශ්‍රී ලංකාවට එවන ලද රුපියල් කෝටි 32 කට අධික මුදලක්‌ (ඇමරිකානු ඩොලර් මිලියන තුනක්‌) ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව එකී අනේවාසික පදිංචිකරුවන් වෙනුවට මෙරට පිහිටි ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකුවක තම ගිණුමේ රඳවා තැබීමේ සිද්ධියට එරෙහිව

එක්‌සත් ජාතික පක්‌ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට අධිචෝදනා ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්‌ෂි විභාගය ජුලි 29 වැනිදා දක්‌වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විඡේසුන්දර මහත්මිය ඊයේ (13 දා) නියෝග කළාය. 2006.12.22 වන දින හෝ ඊට ආසන්න දිනකදී අනේවාසික පදිංචිකරුවකු වන ගැලියන් ඉන්ටර් නැෂනල් මාස්‌ටර් ගයිඩ් යන සමාගම විසින් ගැලියන් ඉන්ටර්නැෂනල් මාස්‌ටර් µන්ඩ් ආයතනය වෙත එවන ලද ඇමරිකානු ඩොලර් මිලියන එකක මුදලක්‌ සහ 2007.1.3 වන දින හෝ ඊට ආසන්න දිනකදී අනේවාසික පදිංචිකරුවකු වන රාඡ් රාජරත්නම් නමැත්තා මෙරටට එවන ලද ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක්‌ එකී අනේවාසික පදිංචිකරුවන් වෙනුවට තම ගිණුමේ රඳවා තැබුවේ විත්තිකරුවන්ට එරෙහිව යෑයි නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර තිබිණි.

ඊයේ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්‌ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස්‌ මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය විනිමය පාලක සිසිර කුමාර පෙරේරා මහතා පැමිණිල්ල වෙනුවෙන් සාක්‌ෂි දුන්නේය.

විත්තිය වෙනුවෙන් රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ පෙනී සිටියහ.

Protected by Security by CleanTalk