Sat. Jan 18th, 2025
Spread the News

රහස්‌ රැසක්‌ හෙළි කරමින් නෝර්වේ නාටකය එළිදකී
source:
* කොටි යුද්ධයකට සැලසුම් කරන බව සටන් විරාම කමිටුව දැන සිටියා

* හමුදා සෙබළුන් රැසක්‌ ඝාතනය කළේ කොටි යෑයි එරික්‌ සෝල්හයිම් පිළිගනී

* හිටපු ඉන්දීය අගමැති ගාන්ධිව මැරුවේ කොටි යෑයි ඇන්ටන් බාලසිංහම් පැවසුවා

* 2008 වන තෙක්‌ ඉන්දීය බුද්ධි සේවාව සහ ඉන්දීය නිලධාරීන් ද කොටි පැරදවිය හැකි යෑයි විශ්වාස කළේ නැහැ

* ගෝඨාභය හැර වෙන කිසිවෙක්‌ යුද්ධය ජයගත හැකි බව පැවසුවේ නැහැ – එරික්‌ සෝල්හයිම්

* ඔස්‌ලෝ ප්‍රඥප්තිය ලිව්වේ කවුදැයි නව වසරකට පසු හෙළිවේ

* හමුදාවට උපදෙස්‌ දුන්නේ සිංගප්පූර් ව්‍යාජ යුද මහාචාර්යාද?

* සල්ලි දුන්නේ කවුද? නෝර්වේ වෙතින් සල්ලි ගත්තේ කවුද යෑයි හෙළිවේ

* ඩොක්‌ටර් ජැකිල් ඇන්ඩ් මිස්‌ටර් හයිඩ් චරිතය මවන්නා කවුද?

* වර්ල්ඩ් වීව් පදනමේ ආනේ පෝජට්‌ සෝල්හයිම්ට
ශ්‍රී ලංකා රජය ගැන රහස්‌ වාර්තාවක්‌ යවලා


සටන් විරාමය වැරදුනේ කෙසේද සමුළුවේ එරික්‌ සෝල්හයිම්ගේ
ස්‌වරූපය සහ කොටි බේරා ගැනීමට උත්සාහ කළ හිටපු නෝර්වේ
තානාපතිවරු වූ හැන්සන් බවර් හා හෑන්ස්‌ බ්‍රට්‌ස්‌කාර්


එරික්‌ සෝල්හයිම්, මිලින්ද සහ ආමිටේඡ්

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ – සටන් විරාමය වැරදීමේ වාර්තාව සකස්‌ කළ ගනර් සෝබර්

“ක්‍රිස්‌තියානි බයිබලයේ අයිසයියාගේ පොතේ මෙලෙස සඳහන් වෙනවා. කවුද අපි යවන්නේ? කවුද අපි වෙනුවෙන් යන්නේ? එයට ප්‍රතිචාරය වන්නේ මෙන්න· මම ආවා – මාව යවන්න”

නමුත් මම සිතන්නේ ඒ ප්‍රතිචාරය පැමිණියේ නෝර්වේ රාජ්‍යයෙන් – රිචඩ් ආමිටේ- (හිටපු ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්)

අපි සිටියේ බරපතළ තත්ත්වයකයි. අපේ අනාගතය හඳුනා ගැනීමේ අවස්‌ථාව පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට පදනම දමන්නේ ද නැත්නම් තවත් අර්බුදයක්‌ සඳහා බීජ වපුරන්නේ ද යන්න තෝරාගත යුතුයි.
– හිටපු අමාත්‍යවරයකු වූ මිලින්ද මොරගොඩ (නෝර්වේහිදී)

(We stand at a critical point –
Sri Lankans could either lay the
foundation for a prosperous sow
the seeds for another conflict
Milinda Moragoda)

ලොව ඕනෑම තැනක අර්බුදයක්‌ ඇති වුවොත් එතන නෝර්වීජියානුවන් සිටින බව නෝවීජියානු සාම ආයතනයේ නිලධාරියකු වසර කීපයකට පෙර පවසා තිබිණි.

2002 පෙබරවාරි 21 සහ 22 අත්සන් කළ ව්‍යාජ සටන් විරාමය දියත් කරනු ලැබුවේ ද නෝර්වේ රාජ්‍යයයි. මේ ව්‍යාජ සටන් විරාමයට මුවාවී ව්‍යාජ සාමයක්‌ දියත් කිරීම සඳහා රජයේ සාම මහලේකම් කාර්යාලයට හා කොටින්ට ද අරමුදල් සැපයුනි. 2001 සහ 2004 සමයේ ක්‍රෝන් මිලියන 210 ක්‌ හෙවත් ඩොලර් මිලියන 28 ක්‌ සාමය ගොඩනැඟීම මුවාවෙන් මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ට ප්‍රදානය කෙරිණි. කුමාර් රූපසිංහගේ සහජීවන පදනමට ක්‍රෝන් මිලියන 35 ක්‌ හෙවත් ඩොලර් මිලියන හයක්‌ ද (රුපියල් මිලියන 60 ක්‌) මිලින්ද මොරගොඩ ආයතනයේ බිම්බෝම්බ නාශක කටයුතුවලට ක්‍රෝන් මිලියන 60 ක්‌ද, කුමාර් රූපසිංහගේ ජාතික යුද විරෝධී පෙරමුණ, ජෙහාන් පෙරේරාගේ ජාතික සාම මණ්‌ඩලයට ද සවරිමුත්තුගේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පෝරම් ඔµa පෙඩරේෂන්, ජනතා සාම පෙරමුණ නමැති එන්.ජී.ඒ. සංවිධානවලට හා කොටින්ගේ ද්‍රවිඩ පුනරුත්ථාපන ආයතනයට ද 2004 දී තවත් එන්.ජී.ඕ. සංවිධාන 22 කට ද නෝර්වේ අරමුදල් ලැබිණි.

මෙයට අමතරව සංවර්ධන කටයුතු සඳහා යෑයි දක්‌වමින් සර්වෝදය, සේවා ලංකා පදනම ඇතුළු තවත් සංවිධාන හතරකට ද නෝර්වේ අරමුදල් ප්‍රදානය විය.

මේ නිසා සල්ලි දුන්නේ කවුද? සල්ලි ගත්තේ කවුද යෑයි අනාවරණය විය. මෙලෙස නෝර්වේ අරමුදල් ලබාගත් එන්.ජී.ඕ. සංවිධානයක උප සභාපති ලෙස පත්වී සිටියේ කෝටි ත්‍රස්‌තයෙකි. වන්නි මෙහෙයුම නිමාවීමට පෙර ඔහු පැන ගියේය. මේ කොටි ත්‍රස්‌තයාට එරෙහිව අන්තර්ජාතික පොලිසිය විසින් ජාත්‍යන්තර වරෙන්තුවක්‌ ද ප්‍රකාශයට පත්වී තිබිණි.

මෙලෙස නෝවීජියානු විදේශ අමාත්‍යාංශයට සම්බන්ධ නෝරාඩ් (Norad) නමැති එන්.ජී.ඕ. සංවිධානය මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට පමණක්‌ නොව ඉංගී්‍රසි/සිංහල මාධ්‍ය පාර්ශ්ව, කලාකරුවන් හා විද්වතුන්ට ද අරමුදල් සපයනු ලැබිණ.

2009 මැයි 19 කොටි ඝාතක සමාගම පරාජය විය. මේ පරාජයෙන් වසරකට පසු නෝරාඩ් සංවිධානය සටන් විරාමය පැරදුනේ කෙසේද යන්න විමර්ශනය කිරීම සඳහා අධ්‍යයන වාර්තාවක්‌ සකස්‌ කිරීමේ කොන්ත්‍රාත්තුවක්‌ නෝර්වේහි බර්ජන් නගරයේ මිචෙල්සන් ආයතනයේ ගනර් සෝබෝ නමැත්තාට බාර දුන්නේය. මේ විමර්ශන වාර්තාවට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට සෝබෝ කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්‍ෂේප කෙරිණි.

2011 නොවැම්බර් 11 වැනිදා නෝර්වේහිදී ගනර් සෝබෝගේ වාර්තාව එළිදැක්‌වූයේ කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම්ගේ ප්‍රධානත්වයෙනි.

2002 සටන් විරාම ගිවිසුමේ ක්‍රියාකාරිකයකු වූ මිලින්ද මොරගොඩ ද සාම්පූර් හමුදා මෙහෙයුම නවත්වන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටී. හිටපු නෝර්වේ තානාපති හැන්ස්‌ බ්‍රට්‌ස්‌කාර් සහ කොටි න්‍යයාචාර්ය ඇන්ටන් බාලසිංහම් මියයැම ගැන හඬ වැලපුණු විශේෂ නෝවීජියානු තානාපති හැන්සන් බවර් සහ හිටපු ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටේ- ඇතුළු කොටි ක්‍රියාකාරීන් ද මේ අවස්‌ථාවට එක්‌විය.

ගනර් සෝබෝ නමැති නෝවීජියානුවා සකස්‌ කළ මේ විමර්ශන වාර්තාව හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්‌ යෑයි සනාථ වූයේ ඊට තොරතුරු සැපයුවන් කව්දැයි හෙළිවීමෙනි.

මේ එම පිරිසයි.

නෝවීජියානු ඊළාම්වාදියකු වූ රාජා බාලසිංහ, එස්‌. සී. චන්ද්‍රහසන් (චෙන්නායි), ආර්. හරිහරන් (ඉන්දීය සාම හමුදාවේ හිටපු හමුදා බුද්ධි ප්‍රධානි), රාම් මානික්‌කලිංගම් (හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ උපදේශක), රාමු මානිවන්නන් (මදුරාසි විශ්වවිද්‍යාලය), සුදාකරන් නඩරාජා (ඇන්ටන් බාලසිංහම්ගේ මිත්‍රයා), එන්. රාම් (හින්දු කර්තෘ), විශ්වනාදන් රුද්‍රකුමාරන් (රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ ප්‍රධානි), බී. රාමන් (ඉන්දීය රෝ ඔත්තු සේවාවේ හිටපු ප්‍රධානි), එන්. සත්‍යමුර්ති (රිසර්ච් පදනම – ඉන්දියාව), නඩරාජා ශන්මුගරත්නම් (නෝර්වේ විශ්වවිද්‍යාලය), මානුවෙල් පිල්ලේ සුසපිල්ලේ, සුබ්‍රමනියම් ස්‌වාමි (ඉන්දීය ජනතා පක්‍ෂය), යූ. වී. තංගරාජා (හිටපු උපකුලපති – මඩකලපුව), ආනේ පෝජට්‌ (වර්ල්ඩ් වීව්), චන්ද්‍රිකා කුමාරතුංග, ජෙහාන් පෙරේරා (සාම මණ්‌ඩලය), නෝබට්‌ රූපර් (බර්ග්හොප් පදනම), කුමාර් රූපසිංහ.

මේ හැර ශ්‍රී ලංකාවේ සිට තවත් තිස්‌ හතර දෙනෙක්‌ මෙකී නෝවීජියානු වාර්තාවට තොරතුරා ලබාදී ඇති අතර ඔවුන් කවුදැයි එම වාර්තාවේ දක්‌වා නැත.

එහෙත් නෝවීජියානුවන් සමග සබඳකම් පවත්වන හා කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයේ සැමරීම සාමාජිකයන් කණ්‌ඩායම ඊට සම්බන්ධ වී ඇත.

පිටු 208 කින් යුත් මේ විමර්ශන වාර්තාවේ නෝර්වීජියානුවන් වන්නි මෙහෙයුමින් පසු අපේක්‍ෂා කළ දේ දක්‌වා ඇත. “නෝවීජියානු කණ්‌ඩායම විසින් කැරලිකරුවන් (කොටි) කැලයට පැනගොස්‌ ගරිල්ලා ප්‍රහාර එල්ල කරනු ඇතැයි බලාපොරොත්තු වුණා. හමුදාව විසින් කොටි ප්‍රදේශ අල්ලාගත් පසු එම ක්‍රියාදාමය සිදුවනු ඇතැයි අපේක්‍ෂා කළා. එසේම වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා ඇමරිකාව සහ නෝර්වේ රාජ්‍යය දියත් කළ සැලසුම සටතේ ඇමරිකානු ගොඩබිම් යාත්‍රා ත්‍රිකුණාමලය වෙත ආගමනයේ යෙදීමට ද නියමිතව තිබිණි.

මේ හැර සටන් විරාම නිරීක්‍ෂණ කමිටුව ඇතුළු සාම ක්‍රියාදාමය වෙනුවෙන් ක්‍රෝන් මිලියන 100 ක්‌ වැය කර ඇත.

මේ විමර්ශන වාර්තාව එළිදැක්‌වීමේ උළෙල ඇමතූ ඇමරිකානු හිටපු සහකාර රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටේ- මෙරටට එරෙහි අතිශයින්ම බරපතළ ප්‍රකාශයක්‌ කර තිබේ. “ජනාධිපති රාජපක්‍ෂව ජාත්‍යන්තරව පුළුල් වශයෙන් පිළිගනු ඇතැයි මා සිතන්නේ නැහැ. එහෙත් යම් ක්‍රියාදාමයක්‌ සිදුවිය යුතුයි. එය වැරැදි ක්‍රියාමාර්ගයක්‌ විය හැකියි. නමුත් එම ක්‍රමවේදය මත තමයි යම් දේ සිදුවන්නේ යෑයි ආමිටේ- ජනාධිපතිවරයා අන්තවාදී දේශපාලන පාර්ශ්වයන්ට මැදිවී ඇතැයි” ද දන්වා ඇත.

සටන් විරාමය වැරදුනේ කෙසේද යන්න සෙවීමේ විමර්ශන වාර්තාව එළිදැක්‌වීමේ උත්සවයට ප්‍රභාකරන් පැරදෙන්නේ නැතැයි අපේක්‍ෂා කළ ඉන්දීය ලේඛකයකු වූ නාරායන් ස්‌වාමි සහ කොළඹ හිටපු බී.බී.සී. නියෝජිතවරිය වූ ප්‍රැන්සස්‌ හැරිසන් ද පැමිණ සිටියේය.

ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ප්‍රචාරක ඒකකයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරන්නේ ඇයයි. සටන් විරාම ගිවිසුම පිටුපස ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂ රජය ක්‍රියාත්මක වූ බවත් තමා නවදිල්ලි ගුවන්තොටුපළේදී ඉන්දීය “රෝ” බුද්ධි සේවා නිලධාරීන් සමග සාකච්ඡා කළ බවත් සෝල්හයිම් විසින් හෙළි කිරීමේ සිද්ධියක්‌ ද මෙහිදී වාර්තා විය.

(Solheim said some meetings
with ‘Raw’ officials took place at
the New Delhi Air port)

එසේම 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉන්දීය නිලධාරීහු කොටි සමග රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වූ බවද සෝල්හයිම් විසින් වැඩිදුරටත් අනාවරණය කර ඇත.

මේ අතර නෝර්වේ උත්සවයට සහභාගි වූ මිලින්ද මොරගොඩ කළ ප්‍රකාශයක්‌ ඉන්දීය අයි.ඒ.එන්.එස්‌. ප්‍රවෘත්ති සේවා විසින් අනාවරණය කරනු ලැබීය. සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට පදනම දැමීමට ශ්‍රී ලාංකිකයන් ක්‍රියා කරන්නේ ද යන්න අපි තෝරාගත යුතු බව හෙතෙම ප්‍රකාශ කර ඇත.

මේ පසුබිම මැද සටන් විරාම සමයේ බුද්ධි සේවා භාරව ක්‍රියා කළ නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙක්‌ මෙරට ජනතාව නොදන්නා තවත් රහසක්‌ අනාවරණය කර ඇත.

“සටන් විරාම සමයේ අභ්‍යන්තර බුද්ධි සේවා සහ හමුදා බුද්ධි සේවා සාකච්ඡාවලට ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාවේ නිලධාරියෙක්‌ ද සහභාගි වූහ. ඔහුව ශ්‍රී ලංකාවට ගෙන ඒමට සහ ශ්‍රී ලංකාවේ බුද්ධි සේවා රැස්‌වීම්වලට යොමු කළේත් එවකට සිටි රජයේ ඇමැතිවරයෙක්‌ යෑයි එම විශ්‍රාමික නිලධාරියා විසින් හෙළි කරනු ලැබීය.

මේ ප්‍රකාශයෙන් ඩොක්‌ටර් ජෙකිල් ඇන්ට්‌ මිස්‌ටර් හයිඩ් ග්‍රන්ථයේ එන එකම මිනිසාගේ ද්විත්ව රංගනයේ යෙදෙන දේශපාලකයාගේ පසුබිම සනාථ නොවන්නේද?

ශ්‍රී ලංකාවේ බුද්ධි සේවා රහස්‌ සාකච්ඡාවලට ඇමරිකානු සී.අයි.ඒ. නිලධාරියෙක්‌ව සහභාගි කරවූ මේ දේශපාලකයා දැන් වත්මන් රජයට සම්බන්ධ වී ඇත. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා මුහුණපා සිටියේ සතුරන් හා ෙද්‍රdaහීන්ටය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද ඒ තත්ත්වයට මුහුණපා ඇත. අපි සතුරන් මෙන්ම මිතුරු අයව ද නිසි ලෙස හඳුනාගත යුතු යෑයි සුන් ත්ට්‌සු නමැති චීන යුද විශේෂඥයා වරක්‌ පැවසීය.

එහෙත් රජය සැබෑ සතුරන් හඳුනාගෙන තිබේද? මේ පසුබිම මැද සටන් විරාමය වැරැදීම ගැන විමර්ශන වාර්තා සකස්‌ කළ ගනර් සෝබෝ ක්‍රිස්‌තුස්‌ වහන්සේව යුදෙව්වන්ට පාවා දුන් පොන්ටියස්‌ පයිලට්‌ නමැති ආණ්‌ඩුකාරයා මෙන් අත සෝදා ගත්තේය. සටන් විරාමය හා සාමය කඩවීම ගැන සියලු පාර්ශ්ව වගකිවයුතු බවද ඔහුගේ වාර්තාවේත් සඳහන් විය. එසේම නෝර්වේ අරමුදල් මත යෑපුන මෙරට එන්.ජී.ඕ. සංවිධානවලට සිය ක්‍රියාදාමය ගෙනයැමට නොහැකි වූ බවද ඔහු පළ කළේය.

මෙහිදී එරික්‌ සෝල්හයිම් ප්‍රකාශයක්‌ කරමින් යුද්ධයේ අවසාන දිනවල සිදුවූ දේ ඉවත දැමිය නොහැකි බවත් කීවේය. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය හමුදාමය ප්‍රශ්නයක්‌ නොවන බවත් පැවසූ සෝල්හයිම් රජිව් ගාන්ධි ඝාතනයට කොටි සංවිධානය සම්බන්ධ නැතැයි ප්‍රභාකරන් සහ පොට්‌ටු අම්මාන් කළ ප්‍රකාශය ඇන්ටන් බාලසිංහම් විශ්වාස කළේ නැතැයි පළ කළේය. “ප්‍රභාකරන්ගේත්, පොට්‌ටුඅම්මාන්ගේත් ප්‍රකාශය තමා විශ්වාස කළේ නැති බවත් ඉන්පසු ඔවුන් දෙදෙනා එකී බොරුව තමාට පැවසුවේ නැති බවත් බාලසිංහම් හෙළි කළ බව ද” සෝල්හයිම් තවදුරටත් සඳහන් කරනු ලැබීය.

මේ 2009 මැයි 19 වැනිදා කොටි ඝාතක සමාගම පරාජයවීමෙන් පසු වසර 2 කට පසු 2011 නොවැම්බර් 11 වැනිදා එරික්‌ සෝල්හයිම් විසින් නෝර්වේහිදී කළ ප්‍රකාශයෙන් යුද ජයග්‍රහණයෙන් ලකුණු දමා ගැනීමට ක්‍රියා කළ මෙරට ඇතැම් දේශපාලකයන්ගේ හා විවිධ පාර්ශ්වයන්ගේ යථාර්ථය හෙළි විය.

“ගෝඨාභය රාජපක්‍ෂ හැර වෙන කිසිවෙක්‌ යුද ජයග්‍රහණය ලැබිය හැකි යෑයි සිතුවේ නැහැ. යුද්ධය ජයගත හැකි බව පැවසූ එකම පුද්ගලයා ඔහුයි. 2008 වන තෙක්‌ම එකම ඉන්දීය බුද්ධි සේවා නිලධාරියෙක්‌ වත් යුද්ධය ජයගත හැකි යෑයි කියා සිටියේ නැහැ. එ හෙත් එම්. කේ. නාරායන් ඇතුළු අනිකුත් අය කලින් සිටි ස්‌ථාවරය වෙනස්‌ කර ශ්‍රී ලංකා රජයට කොටින්ව විනාශ කළ හැකිය යන මතයට පැමිණියා”යෑයි සෝල්හයිම් කියා සිටියේය.
(No one. May be with exception of Gotabaya
Rajapaksa, but he’s the only
person I can mention who thought
a military victory was possible –
Eric Solhem)

මෙහිදී තවදුරටත් කරුණු දැක්‌වූ සෝල්හයිම් “ඇමරිකාව පවා කොටි පැරදවිය හැකිය යන මතයේ සිටියේ නැහැ” යෑයි කියා සිටියේය.

මෙරට ජනතාවට නව වසරක්‌ තිස්‌සේ සැඟවී තිබූ රහසක්‌ ද සෝල්හයිම් විසින් හෙළි කර ඇත.

ඒ පෙඩරල් ක්‍රමය සඳහා වූ ඔස්‌ලෝ ප්‍රඥප්තිය (Oslo declaration) සකස්‌ කළේ කව්ද යන්නයි. “මමත් මිලින්දත් එකතුවී එය ලිව්වා. ඇන්ටන් බාලසිංහම් එය පිළිගත්තා. නමුත් ප්‍රභාකරන් එය ප්‍රතික්‍ෂේප කළා”යෑයි සෝල්හයිම් කියා සිටියේය.

සෝල්හයිම් මෙසේද පැවසීය. “කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් රැසක්‌ ඝාතනය කළා. ඇයි ඔවුන් රජිව් ගාන්ධිව මැරුවේ? ඇමරිකාවේ සහාය අපේක්‍ෂා කරනවා නම් ඇමරිකාන් ජනාධිපතිව මරනවාද? ඇන්ටන්බාලසිංමගේ මරණයෙන් පසු කොටි සංවිධානය වැරදි රැසක්‌ සිදු කළා.


බර්න් නුවර පැවැති සමුළුවේදී ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති
සරත් කෝන්ගහගේ සහ නීතිපති මොහාන් පීරිස්‌ කරුණු දක්‌වමින්

මේ අතර ස්‌විට්‌සර්ලන්ත කොටි හිතවාදීන්ගේ මෙහෙයවීමෙන් බර්න් පැවැති සමුළුවකදී ශ්‍රී ලංකාවට එරෙහිව නැඟුන චෝදනා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ සහ නීතිපති මොහාන් පීරිස්‌ විසින් බිඳ දමා ඇත.

මේ පසුබිම සටතේ පසුගිය බදාදා බ්‍රිටිෂ් ස්‌කූලර්ස්‌ ඇසෝසියේෂන් ඔප් ශ්‍රී ලංකා නමැති සංවිධානය පසුගිය 11 වැනිදා බ්‍රිතාන්‍ය කවුන්සිලයේදී දේශනයක්‌ පවත්වනු ලැබීය.

මෙයට කැඳවා තිබුණේ කොටින්ට එරෙහි යුද්ධය ජයගත නොහැකි යෑයි පැවසූ ව්‍යාජ සිංගප්පූර් යුද විශේෂඥයායි.

මේ ව්‍යාජ සිංගප්පූර් යුද විශේෂඥයා ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් උපදෙස්‌ දුන් බවට ද ප්‍රකාශ විය.

මේ අනුව බලන කල කොටින්ට එරෙහි යුද්ධය ජය ගැනීමට හමුදාවට උපදෙස්‌ දී ඇත්තේ මේ ව්‍යාජ යුද විශේෂඥයා ද?.

මේ රැවටීම තවදුරටත් ක්‍රියාත්මක වන බව මෙවැනි දේශනවලින් සනාථ වේ.

මේ අතර ගනර් සෝබර්ගේ වාර්තාවෙන් මෙරට ස්‌ථානගතව සිටින ආනේ පෝජට්‌ නමැති එන්.ජී.ඕ. ක්‍රියාකාරියා ශ්‍රී ලංකා රජය ගැන සෝල්හයිම්ට රහස්‌ වාර්තාවක්‌ යවා ඇතැයි හෙළි විය. (Solheim
receives a confidential report from
Arne Fjortoft)

මින් සනාථ වන්නේ විදෙස්‌ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔත්තු බැලූ බව නොවේද?

කීර්ති වර්ණකුලසූරිය

Protected by Security by CleanTalk