Spread the News

1818 නොවැම්බර් 26 !

රාජකාරිය සහ දේවකාරිය !

මෙම දසුන බලන්න ! මෙතන ඉන්නා දෙදෙනාම කලක් උපරිමයෙන් රාජකාරියට කැපවුවෝය. එක්කෙනෙක් අළුගෝසු වෘත්තීය කළා වූ කෙනෙකි. අනික් තැනැත්තා සේනාධිපතියෙකි. දෙදෙනාම එකම වර්ගයට අයත් වුවත් දෙදෙනාම සේවය කලේ ආක්‍රමණිකයාටය. ආක්‍රමණිකයාගේ වරප්‍රසාද මත දෙදෙනාම ඔවුනට කැපවීමෙන් සේවය කරනවා හැරෙන්නට ඔවුනට වෙනත් විකල්පයක් නොවිය. ඒ අතින් මේ දෙදෙනාම එක හා සමානය.

ආක්‍රමණිකයා මේ දෙදෙනාගෙන්ම උපරිම ප්‍රයෝජනය ගන්නට සිතුවේය. ඒ සාමාන්‍ය වූ ජනවහරේ ඇති අන්දමට “ඌරාගේ මාළු ඌරා පිටම තබා කැපීමටය”. සතුරාට විරුද්ධව දේශප්‍රේමින් නැගී සිටිය මොහොතේ සතුරාගේ කීකරුවකු වූ සේනාධිපති යොමු කලේ දේශප්‍රේමින් සමුල ඝාතනය කොට තවදුරටත් “සතුරා”ට අභියෝගයක් නොවන තත්වයක් නිර්මාණය කිරීමටය.

රාජකාරියට උපරිමව කැපවූ සේනාධිපති තම වේතනය ගෙවන්නවුන් උදෙසා තමාගේ රාජකාරිය අකුරටම ඉටුකිරීමට එලියට බැස්සේය. යුධ පිටියට ආ ඔහු දුටු දසුන් වලින් ඔහු වික්‍ෂිප්ත විය. ඇයි ඒ ? තමාගේ ලේ ඥාතින් වන තම වර්ගයාම තමාට සමුල ඝාතනය කිරීමට සිදුවන බව ඔහුට මොහොතින් තේරුම් ගියේය. කා වෙනුවෙන්ද? රටේ වූ උරුමයට සහ උරුමක්කරුවන්ට හතුරුකම් කරන්නවුන්ගේ පැවැත්ම උදෙසා මිස වෙන කා වෙනුවෙන්ද යයි ඔහුට සිතුනේය.

හැගීම්බර විය.

ඔහු ආ රාජකාරියෙන් ඊලග මොහොතේදී ඔහු දේවකාරියට මාරුවිය.

මාද උරුමක්කරුවෙකි. මා මේ සතුරාගෙන් වරප්‍රසාද ගෙන නසන්නට යන්නේ මගේම උරුමයයි. මා මියගියද මා අතින් මා එකදු වූ උරුමක්කරුවකුගේ ජිවිත හානි නොකරමි. එය මතු දිනක අනුමස්මරනයක් වනු ඇත.

අනික් පුද්ගලයා වන අළුගෝසුවා තම රාජකාරියම ඉටුකරන්නට සිතුවේය. ඔහුගේ රාජකාරියෙන් තමාගේ පමණක් නොව තම පරම්පරාවේ, තම වර්ගයේ සියලුම සිහින බොද වන බව ඔහුට අවබෝධ නොවිය. ඔහු ඔහුගේ “රාජකාරිය” ඉෂ්ටකළේය.

එක්කෙනෙක් දේවකාරිය ඉටුකළේය.

අනෙකා රාජකාරිය ඉටුකළේය.

අදද මෙවැනි වූ “රාජකාරී” කරන්නන් ඇත.

මක් නිසාද?

පෙර සිදුවුවා මෙන්ම අදද තමාට ලැබෙන්නා වූ තාන්න මාන්න, වරප්‍රසාද සහ තමාගේ දේශපාලන පක්ෂ මානසිකත්වය නිසා අදද තම බිම, වර්ගය, උරුමය විකුණා හෝ “රාජකාරි” කරන්නන් උරුමක්කාර පාර්ශ්වයේම බොහෝ ඇත. , . තම වර්ගයටම එරෙහිව අළුගෝසුකම් කරන ඔවුන් ලවා එම උරුමක්කාර නොවන බලවේග “ඌරාගේ මාළු ඌරා පිට තබා කපනු පෙනේ. ඉන් ඔවුන් ගේ ඒකායන බලාපොරොත්තුව වන්නේ මෙම බිම පුර්නව ඔවුන් සතු කරගැනීමයි. ඉන් තමාගේම දරුවන්ට බිමේ නිදහස නැතිවෙන බව ගැන මෙම වර්තමාන අළුගෝසුවන්ට නොතේරේ.

සියලු රාජකාරීන් කරනා අතරේම එහි ගැබ් වී ඇති දේවකාරියට අපි අත තබමු. සියලු රාජකාරීන් තුල දේවකාරියක්ද ඇති බව අපි තරයේ සිහි තබා ගනිමු. හේතුව අප සතුව ඇති බිම මෙපමණක්ම වන බැවිනි.

-ධම්මික