Spread the News

Caption: President handed over land deeds to people in Sampur

රාජවරෝදයම් සම්බන්දන් මහතා…

ජයසූරිය උඩුකුඹුර

අටවන පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස පත් වූ ආර්. සම්බන්දන් මහතා දේශපාලනයට පැමිණියේ නීති ශිෂ්‍යයකු ලෙස විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදීමය. නීති විද්‍යාලයේ පෙඩරල් පක්‍ෂයේ සභාපති වූ සම්බන්ධන් මහතා 1952 – 1977 දක්‌වාම ෆේඩරල් පක්‍ෂයට සම්බන්ධව කටයුතු කළේය. ත්‍රිකුණාමලය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කර ඇති ඔහු 1977 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගෙන ප්‍රථමවරට පාර්ලිමේන්තුවට පැමිණියේය.

පසුව අමිර්තලිංගම් මහතාගේ නායකත්වය පක්‍ෂයට අහිමි වීමෙන් පසු ආනන්ද සංගරි මහතා දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ පිහිටුවා ගනු ලැබීය. 1983 දී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එක්‌වූ හයවන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු ඒකීය රාජ්‍යයක්‌ වෙනුවෙන් දිවුරුම් දිය යුතු විය. මෙම කොන්දේසියට එකඟ වීමට අකමැති වීම නිසා ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි විය.

ඉන්පසු 1989 දක්‌වා වැඩි කාලයක්‌ ඉන්දියාවේ කාලය ගත කළ සම්බන්ධන් මහතා 1989 පාර්ලිමේන්තු මැතිවරණය ජයගත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙසය. එතැන් පටන් ආර්. සම්බන්ධන් මහතා උතුරේ දෙමළ ජනතා නියෝජිතයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේය.