ලංකාවේත් ආගමික ත‍්‍රස්තවාදය – මැදගම ධම්මානන්ද හිමි

Spread the News

ලංකාවේත් ආගමික ත‍්‍රස්තවාදය – මැදගම ධම්මානන්ද හිමි

source link:

Saturday, 12 February 2011

ආගමික ත‍්‍රස්තවාදය ශී‍්‍ර ලංකාවේද හිස ඔසවමින් ඇතැයි බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව කොළඹ ඊයේ පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදී අනතුරු අගවා තිබේ.  සංස්කෘතිය විකෘති කරමින් බෞද්ධ සමාජය විනාශ කිරීමට ආගමික ත‍්‍රස්තවාදීන් කුමන්ත‍්‍රණය කරන බව පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ එහිදී ප‍්‍රකාශ කළහ. 2600 වන ශී‍්‍ර සම්බුද්ධ ජයන්තියට සමගාමීව සර්ව ආගමික කමිටු රට පුරා පිහිටුවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයද ආගමික ත‍්‍රස්තවාදයට සහය දීමක් බව එහිදී ප‍්‍රකාශ කෙරිණි. එමගින්ද සිදුවන්නේ සංස්කෘතිය විකෘති කිරීමට මූලධර්මවාදීන්ට ඉඩදීමක් බව පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කළහ.

බෞද්ධ සමාජය රැක ගැනීමට පනවා ඇති නීතිය ප‍්‍රමාණවත් නොවන බව සම්මන්ත‍්‍රණය ඇමතූ ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා පැවසීය.