Spread the News

Divaina: කීර්ති වර්ණකුලසූරිය

ngos135ඇමෙරිකානු රජය මෙරට මානව හිමිකම් කටයුතුවලට මැදිහත් වෙමින් මෙරට කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධානවලට ඩොලර් දෙලක්‍ෂයක මුදලක් ප‍්‍රදානය කිරීමට තීරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ අතිවිශාල මුදල් සම්භාරය සඳහා අයැදුම්පත් කැඳවා තිබේ.

මෙම ඩොලර් දෙලක්‍ෂයක මුදල ප‍්‍රදානය කිරීමට පෙර ද්‍රවිඩ සංවිධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන්, ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් හමු වී රජය මානව හිමිකම් උල්ලංඝනය කරන බවට පවසා ඇත.

මේ අතර රජයේ ආරංචි මාර්ග පැවසුවේ රජයට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන 7 ක් මෙම මුදල ලබා ගැනීමට ඉල්ලූම් කර ඇති බවයි.