Divaina : කීර්ති වර්ණකුලසූරිය

micheli133

ලන්ඩන් නුවර වයින් ස්ටෝර්ස්, බාර්, අවන්හල්, මල් සාප්පු සහ බාබර් සාප්පු මෙන්ම පෙට‍්‍රල් ෂෙට් හිමියන් 40 දෙනෙකුට අධික පිරිසක් ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව කි‍්‍රයා කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ වෙතින් ඉල්ලා ඇත.

බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව විසින් මොවුන්ගේ නම් සඳහන් කරමින් මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත සංදේශයක් යවා තිබේ.

මෙයට අමතරව ලන්ඩන් නුවර පල්ලි හතරක සහ කෝවිල් දෙකක නම් ද එම සංදේශයේ දක්වා ඇත.

ශී‍්‍ර ලංකා හිටපු හමුදා නිලධාරීන්ට දඬුවම් කරන ලෙස වයින් ස්ටෝර්ස් සහ බාර් හිමියන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සංදේශයක් ඉදිරිපත් කළ මුල් අවස්ථාව මෙයයි.

Protected by Security by CleanTalk