ලයන් එයාර් අබිරහස හෙළිවෙද්දී කොටි නිදහස්‌ වීම?

Spread the News

ලයන් එයාර් අබිරහස හෙළිවෙද්දී
කොටි නිදහස්‌ වීම?

source:
අපරාධ වසන් කරනු ලැබුවත් අපරාධකරුවන්
කවුදැයි අනාගතය විසින් හෙලිකරනු ඇත
– ප්‍රංශ ගත්කරු වික්‌ටර් හියුගෝ

* කොටි ආයුධ ජාලයේ ප්‍රධානි කේ. පී. හා අරමුදල්
එකතුකළ රත්න සභාපති නිදහස්‌ කෙරේ

* කොටි ළමා සෙබලිය නමින් ග්‍රන්ථයක්‌ ලියූ නිරෝමි ද සොයිසා යනු මරියාටා ආනන්ද රාජා යයි හෙලිවේ

* කොටි ශ්‍රී ලංකාවට එරෙහි සාවාද්‍ය යුධ අපරාධ චෝදනා නගද්දී එක්‌ තානාපති නිලධාරියෙක්‌ පියානෝ තුනක්‌ මෙරටට ගෙන ඒමට උත්සාහ කරයි

* හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ට තොරතුරු සැපයූ ද්‍රවිඩ අධිකරණ නිලධාරිනියක්‌ ගැන හෙලිවේ

* ජිනීවාහි විශ්ව මානව හිමිකම් සමාලෝචන සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය තොරතුරු දැක්‌වීමට සඳහා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය විසින් ජිනීවාහි තිර්මලන් කාකා නැමැති කොටියාව පත්කරයි


ඉන්ටර්පෝල් (ජාත්‍යන්තර පොලිසිය) විසින් වරෙන්තු ප්‍රකාශයට
කර තිබූ කොටි – ලිංගේෂ්වරන් සිවරාසා – නේවා සතිෂ් කුමාර් –
වේලුපිල්ලේ රේවතන් – රවි ශංකර් කනගරාජා

මුහුදු පතුලේ තිබූ ලයන් එයාර් යානාවෙන්
වසර 14 කට පසු අභිරහස හෙළිවීම

සිවිල් වැසියන් 46 ක්‌ හා කාර්ය මණ්‌ඩලයේ හත් දෙනෙක්‌ රැගත් ලයන් එයාර් ගුවන් යානාව පලාලි ගුවන්තොටුපලින් ගුවන් ගතවී මන්නාරම් දූපත් සමූහ අහසේදී එකවරම අතුරුදහන්වූයේ 1998 සැප්තැම්බර් 29 වැනිදායි.

පියාසර අංක 612 නමැති මේ ඇන්ටනෝව් 24 වර්ගයේ යානාව පැදවූයේ යුක්‌රේනයානු කුලී ගුවන් නියමුවකු වන මාටොච්කෝ ඇනටොලින්ය. යානාවේ මාර්ගෝපදේශකයා වූයේ තවත් යුක්‌රේනියාවකුවූ කුස්‌ලවෝ සර්ශියි. උප නියමු ලිෂනොට්‌ සියර්හෙයිය පියාසර ඉංජිනේරු ඇනපෙන්ලෙන්කා සර්ගෙයි, සහ දර්ශන ගුණසේකර, චාල්සන් නෙල්සන් සහ විජිතද ඇන්ටනොව් යානාවේ කාර්ය මණ්‌ඩලයට ඇතුලත්විය. පලාලි වෙතින් පිටත්වූ මේ යානාව රත්මලාන ගුවන්තොටුපල වෙත පැමිණියේ නැත. එසේ නම් එම යානාවට සිදුවූයේ කුමක්‌ද?

ලයන් එයාර් යානාව කොටින්ගේ ප්‍රහාරයකට ලක්‌වී විනාශ වී ඇති බව කොළඹ බලදාරීන්ට වාර්තා වූවත් සෘජුවම ඊට කොටි ත්‍රස්‌තයන් සම්බන්ධව යෑයි චෝදනා කෙරුනේ නැත.

එහෙත් වසර 14 කට පසු ලයන් එයාර් යානාවට සිදුවූ දේ හා සාක්‍ෂි සොයාගැනීමට නාවික හමුදා කිමිදුම්කරුවන්ට හැකිවිය.

මන්නාරමේ ඉරනතිව් දූපත අසල නොගැඹුරු මුහුදු පතුල වෙත ගිය නාවික කිමිදුම්කරුවන් අතුරුදහන්වූ ඇන්ටනොව් යානාවේ පියාසර තටු දෙකක්‌ ටයර් දෙකක්‌ එන්ජිමේ කොටස්‌ හා ඉන්ධන ටැංකියෙන් කොටසක්‌ද තිබෙන බව සොයාගත්හ. ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් ගඩාපි නැමැති කොටි ඉම්රාන් පාන්ඩියන් බලකායේ ත්‍රස්‌තයකු විසින් කළ පාපොච්චාරණය මත ඇන්ටනොව් යානාවේ සුන්බුන් සොයාගැනීමට හැකිවිය.

1998 සැප්තැම්බර් 29 වැනිදා කොටි ප්‍රහාරයට ලක්‌වූ මෙම ලයන්එයාර් යානාව සම්බන්ධව ඔක්‌තෝබර් 11 දක්‌වාත් ලයන් එයාර් සමාගම දැරූ ස්‌ථාවරය වූයේ එම යානාව අතුරුදහන්වූ බවයි.

මේ සිවිල් ගුවන් යානාව විනාශ කර දැමීමට පෙර කොටි දේශපාලන නායක තෝයමන් යාපනයේ සිටි එකී ගුවන් සේවාවේ නියෝජිතයන්වූ මනෝහරන්ට සහ මහේස්‌වරන්ටද තර්ජනය කළේය. එකී තර්ජනය යාපනයේ සිට පලවන උදයන් පුවත් පතේද පළවිය.

එසේම යාපනයේ ජෝන් බොස්‌කෝ ප්‍රාථමික විදුහලේ සිසු සිසුවියන් විසිදෙනකුගෙන් කණ්‌ඩායමක්‌ද සැප්තැම්බර් 20 වැනිදා පලාලි සිට ලයන් එයාර් යානාවකින් කොළඹට පැමිණීමට නියමිතව තිබිණි.

කොටින්ගේ මේ තර්ජනය දැනගත් බොස්‌කෝ විදුහල්පතිනිය එම ගමන වහාම අවලංගු කළාය.

කොටි විසින් සිවිල් ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන බවටලත් තොරතුරු නිසා වව්නියාවේ ප්ලොට්‌ නායක මානින්තද්‍රායන් උතුරේ ආරක්‍ෂක බලධාරීන් වෙත සන්දේශයක්‌ යවමින් ගොඩබිමේ සිට සැතපුම් 7 ක්‌ ඇත. මුහුදු ප්‍රදේශය හරහා සිවිල් ගුවන් යානා පියාසර කල යුතු බවත් දැනට පියාසර කරන්නේ මුල්ලකුලම් වැනි කොටි ප්‍රදේශ හරහා බවත් දක්‌වමින් අනතුරු හැඟවීය.

එහෙත් එම අනතුරු ඇඟවීම එදා උතුරේ සිට ආරක්‍ෂක බලධාරීන්ට බීරි අලින්ට වීණා ගායනාවක්‌ වැන විය.

මේ අතර ලයන් එයාර් යානාවට කොටින් විසින් ප්‍රහාර එල්ල කල බව සනාථ කළේ ඊ. පී. පී. පී. යේ ජෙගන් හා ඊ. ඩී. ආර්. එල් එම සංවිධානයේ යුරේන් ප්‍රේමචන්ද්‍රන්ය.

මේ පසුබිම මැද මන්නාරම් දිසාපති කෘස්‌ පැවසුවේ නිලකායි වෙරළට ගොඩගැසූ මළ සිරුරු 26 ක්‌ ධීවරයන් විසින් වල දමා ඇති බවයි.

එහෙත් එදා මන්නාරමේ තිබූ රතු කුරුස කාර්යාලය එම සිරුරු ලබාගැනීමට පියවර ගෙන නොතිබිණි.

මේ අතර එකවරම ලන්ඩන් නුවර සිට ප්‍රකාශයට පත්කෙරෙන කොටින්ගේ ටැමිල් ගාඩියන් පුවත්පත ලයන් එයාර් යානාව සම්බන්ධව පුවතක්‌ ප්‍රකාශයට පත්කෙරුණි.

ලයන් එයාර් යානාව යාන්ත්‍රික දොaෂයකින් කඩැවැටුන අතර මල සිරුරු කීපයක්‌ හා ප්ලයිට්‌ රෙකෝඩරයද හමුවිය. මුහුද යට ඇති යානාව ගොඩගැනීමට ස්‌වේච්ඡා සේවකයන් ඉදිරිපත් වූවත් නාවික හමුදාව ඊට ඉඩ දී නැත. මේ යානාව විපතට පත්වීම ගැන කොටි සංවිධානය වගකිව යුතු නැත. ලයන් එයාර් සමාගමද කොටි සංවිධානයට චෝදනා කර නොමැත. යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ලවූ බවට ගුවන්හමුදාව කල ප්‍රකාශය පසුව ඉල්ලා අස්‌කර ගැනුණි.

මෙලෙස කොටි මිසයිල ප්‍රහාරයකින් විනාශ වූ ලයන් එයාර් යානාවේ සිද්ධිය යටපත් කිරීමට ලන්ඩන් කොටි ක්‍රියාකරද්දී එදා ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය ඊට ප්‍රතිචාර දැක්‌වූයේ නැත.

එසේම එවකට පැවැති චන්ද්‍රිකා කුමාරතුංග රජයද සිවිල් වැසියන් රැගත් මේ ගුවන් යානාව විනාශ කිරීම යුද අපරාධයක්‌ ලෙස හැදින්වූයේ නැති අතර ඒ ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්‌ පවා යොමු කිරීමට ක්‍රියාකළේ නැත.

දින කීපයකට පසු යාපනයේ මන්ටතිවු මුහුදු වෙරළ සමීපේ සෝදිසි මෙහෙයුමක යෙදී සිටි භට පිරිසකට ලයන් එයාර් යානාවේ තිබූ රුසියානු අකුරු සටහන් වූ ජීවිතාරක්‍ෂක කබායක්‌ හමුවිය.

මේ පසුබිම යටතේ ලයන් එයාර් යානාවට අදාළ තොරතුරු මතුවිය. මන්නාරම නාච්චිකුඩා ප්‍රදේශයේදී ධීවරයන් විසින් මළසිරුරු 33 ක්‌ වළලා ඇතැයි රදගුරු රාසප්පු ජෝශප් විසින් ප්‍රකාශ කර තිබිණි. එහෙත් හමුදා ක්‍රියාත්විත මූලස්‌ථානය නිහඬ විය. ඇන්ටනෝව් යානාව ඉරනතිව් දකුණු ප්‍රදේශයේදී මුහුදට වැටුන බව ධීවරයන් දුටු බවද වාර්තා විය.

මේ නිසා ලයන් එයාර් යානාවේ සිටි මගීන්ගේ ඥතීහු කළ ඉල්ලීම මත 1998 ඔක්‌තෝබර් 11 වැනිදා රායප්පු ජෝශප් රදගුරුතුමා කොටි පාලනය යටතේ පවතින මුලන්කාවිල් ප්‍රදේශයට ගොස්‌ ධීවර ජනතාව හමුවිය.

තමන් ඇන්ටනොව් යානාවේ තටුවල කොටස්‌ හා අසුන්වල කැබලි කොටි පොලිසියට බාරදුන් බවත් පිරිමි මල සිරුරු 23 ක්‌ හා කාන්තා සිරුරු 10 ක්‌ද හමුවූ අතර එම සිරුරු ගම්දාරිමුනෙයි ගමට සමීපයේ වල දැමූ බවත් එකී ධීවරයෝ රදගුරුවෙත හෙලිකරනු ලැබීය.

මේ තත්ත්වය මත එකී ධීවරයන් හමුවීමට හා මළ සිරුරු ගොඩගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට සහය වන්නැයි එවකට මන්නාරමේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ ප්‍රධානියා කළ ඉල්ලීමටද රායප්පු ජෝශප් රදගුරුගෙන් නිසි ප්‍රතිචාරයක්‌ ලැබිණි. එහෙත් ගම්දාරිමුනෙයි ගම ඇතුළු ප්‍රදේශ දැන් රජයේ පාලනය යටතේ පවතියි. ලයන් එයාර් යානාවේ මගීන්ගේ සිරුරු වල ඉතිරිව ඇති කොටස්‌ සොයාගැනීමේ වගකීම ඇත්තේ ත්‍රස්‌ත මර්දන ඒකකයටය.

කොළඹ ත්‍රස්‌ත මර්දන ඒකකය නොපමාව ඊට පියවර ගෙන කොටි සිදුකල යුද අපරාධය හෙලිකළ යුතුව ඇත. මෙම මගී යානාවට කොටින් විසින් මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කල බව යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය පවා ප්‍රකාශ කර තිබිණි. මේ අතර යානාවේ ගුවන් සේවිකාව ලෙස ක්‍රියාකලේ එවකට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ලෙස කටයුතු කල ගුණසේකර මහතාගේ දියණිය වූ දර්ශනී ගුණසේකරයි. ඇගේ මවද සිය දියණියට සිදුවූ දේ ගැන දැන ගැනීමට සෑම උත්සාහයක්‌ම දැරුවාය. හින්දු පූජකයකුද ඇය වෙනුවෙන් කොටින්ගෙන් ඉල්ලීමක්‌ කළත් කොටි ඊට ප්‍රතිචාරය දැක්‌වූයේ නැත.

එහෙත් දැන් හෙලිවී ඇත්තේ ප්‍රභාකරන්ගේ නියෝග මෙම ලයන් එයාර් යානාවට ස්‌ටේ්‍රලා වර්ගයේ ගුවන්යානා මිසයිලයක්‌ එල්ලවී ඇති බවයි. විපතට පත් මෙම යානාවේ ගමන් කල ද්‍රවිඩ සිවිල් වැසියන් හතලිස්‌ අටදෙනා අතර විශ්‍රාමක රාජ්‍ය නිලධාරීන් හා විදුහල්පතිවරුන්ද වූහ. තල් සංවර්ධන මණ්‌ඩලයේ ලේකම් ශෂිකුමාර්ද යානාවේ ? අතර විය.

මෙලෙස වසර 14 කට පෙර යටපත්වූ අබිරහසක්‌ හෙලිවන අවස්‌ථාවේ එකී කොටි යුද අපරාධය රජය විසින් නොවැම්බර් 1 දා ජිනීවා නුවරදී ආරම්භවන විශ්ව මානව හිමිකම් සමාලෝචන කලාන්තර සමුළුව වෙත යොමු කරන්නේද?

මේ අතර නොපමාව 13 වැනි සංශෝධනය අහෝසිකල යුතු යයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේය. 13 වැනි සංශෝධනය බෙදුම්වාදයට උපකාරි වනවා. රටේ බහුතරය වෙනුවෙන් තීරණ ගැනීමේ නිදහස්‌ තිබිය යුතුයි යෑයි හෙතෙම තවදුරටත් පලකළේය.

ආරක්‍ෂක ලේකම්වරයා මෙලෙස පවසන අවස්‌ථාවේ ද්‍රවිඩ සංවිධානය සිය බෙදුම්වාදී පිsලිවෙතේ පෙරහුරු ආරම්භ කර තිබුණ පසුගිය සතියේ ත්‍රිකුණාමලයේ පැවැති දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීම ඇයද ත්‍රිකුණාමල නගරාධිපති සෙල්වරාජා පැරණි මාළු වෙළෙඳපලේ පාලනය රජයට දෙන්නේ නැතැයි කියා සිටියේය. රුපියල් මිලියන 101 ක්‌ වැයකර මෙම මාළු වෙළෙඳපල නවීකරණය කැළි රජයට එතෙක්‌ සෙල්වරාජා ඇතුළු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු දැන් එම පැරණි මාළු වෙළෙඳපල තම පාලනයට ගැනීමට උත්සාහ කරන බව හෙලිවී ඇත. මේ අතර ලන්ඩන් නුවර ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් සංවිධානයේ සහයෙන් මෙරට හිටපු බී. බී. සී. වාර්තාකාරියවූ ප්‍රැන්සන් හැරිසන් තවමත් මළ සංඛ්‍යාව ගණන් කරනවා” යනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුධ අපරාධ චෝදනාවක්‌ එල්ලකරමින් කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම්ටද ගෙන්වා සමුළුවක්‌ පවත්වද්දී ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය කුමක්‌ කළේද යන්න රජය විමර්ශනයට ලක්‌කල යුතුවේ.

ප්‍රැන්සන් හැරිසන්ට ප්‍රතිචාර දැන්වීමට අපේ මහ කොමසාරිස්‌ කාර්යාලයේ කිසිවකු ඉදිරිපත්වූයේ නැත.

මෙය පුදුමයක්‌ කෙරේ. මෑතකදී ස්‌කැන්ඩිනේඩියානු රටක පිහිටි ශ්‍රී ලංකා තානාපතිවරයකු සිය නිල කාලය අවසන්වීමෙන් පසු පියානෝ දෙකක්‌ ශ්‍රී ලංකාවට එවීම සඳහා කන්ටේනරයකට පැටවීමට උත්සාහ කළේය. එහෙත් එම කන්ටේනරයේ පැටවිය හැකිව තිබුණේ දෙකක්‌ පමණකි. මේ නිසා ඔහු පියානෝ දෙක ඇතුලත් බඩු තොග සහිත කන්ටේනර් දෙකක්‌ මෙරටට එවීමට ක්‍රියා කළේය.

කොටි ජාත්‍යන්තර ජාලය ශ්‍රී ලංකාවට එරෙහිව සාවාද්‍ය යුධ අපරාධ චෝදනා නගන අවස්‌ථාවේ පියානෝ එකතු කරන තානාපති නිලධාරීන් සිටින්නේ මෙරටෙයි.

මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝණය කරන බව මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ට කේලම් කිබූ පාර්ශවයන් දැන් එකින් එක හෙලිවේ. විකිලින්ස්‌ වෙඩ් අවඩිය මේ සතියේ හෙළිකළ රහස්‌, ලියවිල්ලක සඳහන් වූයේ උතුරේ ද්‍රවිඩ අධිකරණ නිලධාරීනියන් යාපනයේ මානව හිමිකම් උල්ලංඝණය වීම ගැන රොබට්‌ බ්ලේක්‌ සමඟ තොරතුරු හුවමාරුකරගත් බවයි. 2003 සිට 2006 දක්‌වා උතුරේ කටයුතු කළ මේ ද්‍රවිඩ නිලධාරියා ලුතිනන් කර්නල්වරයකු ඇතුළු හමුදා නිලධාරීහු රැසකට එරෙහි චෝදනා විනාශ කිරීමටද නාවික නාවික හමුදාවට විරුද්ධව පරීක්‍ෂණ කරන ලෙස පොලිසියට නියෝග කර ඇතැයිද හෙලිවිය.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් විදේශ තානාපති නිලධාරියකු සමඟ තොරතුරු හුවමාරුකරගත් මේ ද්‍රවිඩ නිලධාරීන් සම්බන්ධව රාජ්‍ය රහස්‌ පණත බලපාන්නේ නැත්තේ මන්ද යන්නයි.

මේ අතර කොටි ළමා සෙබලියකුගේ කතාව යනුවෙන් ග්‍රන්ථයක්‌ ප්‍රකාශයට පත්කළ ඔස්‌ටේ්‍රලියාවේ සිටින නිරෝධි ද සොයිසා නමැත්තිය කන්නයි ක්‍රියාදාමයක නිරතවී ඇතැයි මෙල්බන් නුවර ආරංචි මාර්ග හෙලි කළේය.

1987 දී තමා ළමා සෙබළියක ලෙස කොටි සංවිධානය බැඳුණු බවට පවසන මේ නිරෝධි ද සොයිසා නැමැත්තියගේ නියම තම සුබෝධනී මරියාව ආනන්දරාජා යයි අනාවරණය වී ඇත.

මේ නිසා ඇයගේ ග්‍රන්ථය මුළුමනින්ම ගෙතූ කතාවක්‌ යෑයි ඕස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ ආරංචි මාර්ග පවසයි. මෙම පසුබිම මැද පසුගිය මාර්තු මස ජිනීවාහි පැවැති මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූ ඇමරිකානු යෝජනාව සාර්ථක කරගැනීම සඳහා කොටි යුරෝපාජාලය විසින් රුපියල් කෝටි 40 ක මුදලක්‌ වැයකර තිබේ. මේ මුදල් වැයවී ඇත්තේ විදේශ රටවලින් කොටි ක්‍රියාකාරීන්ව ගෙන්වීම හා ඔවුන්ට පහසුකම් සැලසීම සඳහායි.

මෙවන් වාතාවරණයක්‌ මැද කොටි ත්‍රස්‌තයන් වෙනුවෙන් විදේශගත ද්‍රවිඩයන් වෙනුවෙන් අරමුදල් එකතු කළ නරෙන්ද්‍රන් හෙවත් රත්නසභාපති නැමැත්තා එකී චෝදනාවෙන් නිදහස්‌ වූ අතර ඔහුට එරෙහිව ඉන්ටර්පෝල් (ජාත්‍යන්තර පොලිසිය) නිකුත්කර තිබූ වරෙන්තුවද ආපසු කැඳවීමටද නියම විය.

මෙයට හේතුවූයේ නීතිපතිවරයා විසින් ඒ ගැන කටයුතු නොකරන බව ත්‍රස්‌ත විමර්ශන අංශය විසින් අධිකරණයට වාර්තාකර තිබූ බැවිනි.

එහෙත් 2009 ජුලි 22 වැනිදා ත්‍රස්‌ත විමර්ශන බලධාරීහු කොටි අරමුදල් එකතු කරන ත්‍රස්‌තයන් වෙනුවෙන් ඉන්ටර්පෝල් වරෙන්තු ප්‍රකාශයට පත්කිරීම සඳහා අවසරය ලබාගෙන තිබිණි.

මේ ඉල්ලීම මත නරෙන්ද්‍රන් සිවරාසා ලිංගේෂ්වරන් සිවරාසා සිවරාදා නිරුද්‍රවන් ඇතුළු කොටි ත්‍රස්‌තයන් අටදෙනකු සම්බන්ධව ඉන්ටර්පෝල් වරෙන්තු ප්‍රකාශයට පත්විය.

එසේම රත්නයනාදන් හෙවත් නරෙන්ද්‍රන් කොටි ජාත්‍යන්තර මුදල් අංශයේ ප්‍රධාන චන්ද්‍රකුමාරන් පත්මනාදන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව ත්‍රස්‌ත විමර්ශන බලධාරීන් විසින් අධිකරණයට වාර්තා කර තිබූ බවද හෙළිවිය.

එහෙත් රත්නසභාපතිව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. මේ පසුබිම මැද නීතිපතිවරයා ඔහුට එරෙහිව ක්‍රියා නොකරන බව දක්‌වා ඇත. එසේ වූවත් ඊට මුල්වූ හේතූන් හෙළිවී නැත. මේ නිසා මෙරට ජනතාවට අතර මේ සම්බන්ධයෙන් දැඩි විමතියක්‌ ඇති වී තිබේ.

රත්නසභාපති නිදහස්‌ වී දින 3 ක්‌ ගතවීමට මත්තෙන් කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා වූ කේ. පී. හෙවත් කුමාරන් පත්මනාදන් නැමැත්තාව රජය විසින් නිදහක්‌ කළේය. රජිවු ගාන්ධි ඝාතන නඩුවේ සැකකරුවකු වූ කේ. පී. දැන් නර්ඩෝ රාජ්‍ය නොවන සංවිධානයත් කිලිනොච්චියේ සිට මෙහෙයවයි.

එහෙත් ඉන්දීය රජය කේ. පී. ට එරෙහිව නිකුත් කර තිබූ ජාත්‍යන්තර පොලිසියේ වාර්තාව තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ. කේ. පී. නැමැති ත්‍රස්‌තයා මුදාහැරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රයන් පැවැසුවේ අත්අඩංගුවේ සිටින අනෙකුත් කොටින්වද රජය විසින් මුදාහැරිය යුතු බවයි. මේ අතර ජිනීවා නුවර සිට ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය තොරතුරු මෙහෙයවන ඊළාම් වාදියා නිර්මලන් කානා යෑයි අනාවරණය වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය