ලොව බලවත්ම ත්‍රස්තවාදි සංවිධානය “වතිකානුව“

Spread the News

ලොව බලවත්ම ත්‍රස්තවාදි සංවිධානය “වතිකානුව“

source link:

මහාචාර්ය ඇව්‍රෝ මෑන්හැට්න්ගේ “වතිකානු සංහාරය” නම් ග්‍රන්ථය තරම් පසුගිය දශක කිහිපය තුළ ලොව ශක්තිමත්ම ආගමික බල අධිකාරිය මඟින් යටපත් කිරීමට ලක් කරනු ලැබූ වෙනත් ගවේෂක ග්‍රන්ථයක් නැති තරම්ය..මෙකී ග්‍රන්ථයේ අඩංගු කරුණු කාරණා සැලකිල්ලට ගෙන ඒ ඔස්සේ යම් ගවේෂණයක් කිරීම වැදගත් යැයි සිතුණු අතර ඒ ඔස්සේ මෙම ග්‍රන්ථය පදනම කරගෙන ලිපි පෙළක් ඉදිරිපත් කරමි..


ක්‍රෝ ඒෂියාවේ ද්‍රාවා නදිය අසළ “රෙපරමාදු ගමක දෙමාපියන් කතෝලික වීම ප්‍රතික්ෂේප කිරීම නිසා දෙමාපියන් මරා දැමීමෙන් පසුව කතෝලික බිෂොප් වරයෙකු වන ෆිලිපොවික් ගේ අණ පරිදි පණ පිටින් වළලා දැමූ” දරුවන් ගේ මළ සිරුරු සිය ගණනකින් කොටසක් 1949 දී සෝවියට් හමුදා ගොඩ ගත් විට..

ආගමික ත්‍රස්තවාදය හා ඒ හා බැඳුණු අන්තවාදය තරම් මානව ඉතිහාසය තුළ කිසිදු අන්‍ය අක්ෂයක් ජීවිත බිලි ගත්තේ නැත..එහි වත්මන් මුහුණුවරයන් බොහෝ විට වඩාත් බිහිසුණුව අප දකින්නේ ඇමරිකාවත්, ස්කැන්ඩිනේවියාවත් කේන්ද්‍ර කොට ගත් ක්‍රිස්තියානි අන්තවාදයත්, පර්සියාව හා අරාබියාව කේන්ද්‍ර කොට ගත් ඉස්ලාමීය අන්තවාදයත් බිලි ගන්නා ජීවිත තුළිනි..

නමුත් සාක්ෂි පිටින්ම ඉතිහාසය තුළ වළලා දමන්නට වෑයම් කරන ලොව මෙතෙක් සිදුවූ අතිශය සාහසිකම අපරාධයන්ගේ වගකීම පැවරෙන්නේ අද බෙහෙවින්ම ශාන්ත වූ රූපකායකින් පෙනී සිටින ලොව පැරණිතම ආගමික සංස්ථාවකටද?…

අධ්‍යතන මූලධර්මවාදීන් කළ අපරාධ ඓක්‍ය කරණයක් කළ හොත් එයටත් වඩා සිය දහස් වාරයක් වූ බිහිසුණු ඉතිහාසයම ලෙයින් නැහැවූ අපරාධ වතිකානුව නම් සාම්ප්‍රදායික ආගමික සංස්ථාව විසි වැනි සිය වස තුළ සිදු කරවා තිබෙනවාද?…

දෙවැනි ලෝක සංග්‍රාමයේ සැබෑ කතුවරයා වන්නේ නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ද?..
නො එසේ නම්, 1939 සිට 1958 තෙක් ලෝක කතෝලික ආගමික සංස්ථාවේ මුදුණත හෙබැවූ “දොළොස් වැනි පයස්” පාප් වහන්සේද?..

හිට්ලර් යනු රෝමානු කතෝලික ලෝගුවෙන් ආ බිහිසුණු ආගමික සංහාරයක දේශපාලන ඉත්තා පමණක්ද?..

1936 වසරේදී 12 වැනි පයස් පාප් වහන්සේට වතිකානුවේ “රෆායෙල්” නම් අභ්‍යන්තර මැදිරි සංකීර්ණය තුළදී දෙවියන් වහන්සේ එවූ දේව දූතයෙකු දර්ශණය වී බොහෝ වේලා උන් වහන්සේ සමඟ සාකච්ඡා කොට දේව පණිවිඩ ලබා දුන් බවත්, මෙකී දේව දූතයාම 1946 වසරේත් එහිම දර්ශණය වූ බවත්, ඒ දෙ අවස්ථාවේම “දේව දූතයෙකු දර්ශණය වී සාකච්ඡා කරන බැවින් ඇතුළු මාලයේ රෆායෙල් මැදිරි වෙත පැමිණීම පැය ගණනකට වතිකානුවේ ඉහළම ප්‍රෙඩිකර්ට් කාඩිනල් වරුන්ට පවා පාප් වහන්සේ තහනම් කළ වග” කියැවේ…

ඒ දෙ අවස්ථාවේදීම පයස් පාප් වහන්සේව ඇතුළු මාළයේ හමුවූ අමුත්තා ඇඩොල්ෆ් හිට්ලර්ද?…

ඒ හිට්ලර් නම් 1945 වසරේ ඊවා බ්‍රෝන් සමඟ සෝවියට් හමුදා බර්ලිනය යට කර ගන්නට පැය ගණනකට පෙර ඔහු දිවි නසා ගත්තාය යන්න මුසාවක්ද?..

යුද්ධය පැරදී ජර්මානු තෙවැනි රීච්ස්ටය දෙදරා වැටෙද්දී “ආරක්ෂක හේතුන් මත” බර්ලිනයේ විදුලිය විසන්ධි කර තිබූ ඒ අප්‍රේල් 30 වැනිදා ඝණ අඳුරු රැයේම හකුළා ගත් වතිකානු තානාපති කාර්යාලයේ සේවක පිරිස සමඟ, ආගමික තානාපති වරප්‍රසාද හේතුවෙන් පරීක්ෂාවට ලක් නොවී ඉතාලිය බලා පලා ගිය “එතෙක් කල් ඒ තානාපති කාර්යාලයේ සේවය කළ බවට කිසිම සටහනක් නැති අද්භූත බිෂොප් වරයා” කවුද?..

නාසි ජර්මානු ප්‍රහාරක යාන්ත්‍රණය ස්පාඤ්ඤය සහ පෘතුගාලය සූක්ෂ්මව මඟ හැර නිරුපද්‍රිතව තැබුවේ ඇයි?..හිට්ලර්ගේ “එක්සත් ආර්ය තුන්වැනි රීච්ෂ්ට සැලසුමට” එතරම් ආර්ථික, සාමාජීය හා දේශපාලනික වැදගත්කමකින් යුත් රාජ්‍යයන් දෙකක් අයත් නොවුණේ ඇයි?..

ඉතාලිය සහ රුමේනියාව හිට්ලර්ගේ පස ගෙන සටනට බැස්සේ ඇයි?..

ප්‍රංශයේ උතුරු දිග රෝමානු කතෝලික බහුතරය වෙසෙන ප්‍රදේශයන් හි ජනයා ජර්මානු සොල්දාදුවන් හා බාල් නැටුම් නටද්දී, දකුණු දිග ප්‍රොතෙස්තන්ත, රෙපරමාදු, ඇසිරියන්, කැල්ඩියන්, ඔර්තඩොක්ස ජනයා ග්‍රාම ශාලා තුළට දමා පණ පිටින් පුළුස්සනු ලැබුවේ ඇයි?..නාසි හමුදා එකම ප්‍රංශයට දෙ ආකාරයකින් සැළකුවේ ඇයි?..#

හිට්ලර් එකවර “වෙෂාර්න්බර්ග් මෙහෙයුම” දියත් කොට සෝවියට් සමූහාණ්ඩුව ආක්‍රමණය කළේ ඇයි?..

තම දේශපාලනික න්‍යාය පත්‍රයට එතරම් වැදගත් කමක් නොතිබුණු හා පහර දුනහොත් තමාටත් බරපතළ සතුරෙකු නිර්මාණය වන බවට රොමෙල් ආදී කෘතහස්ත සෙනෙවියන් විසින් අනතුරු අඟවා තිබුණු සෝවියට් රුසියාවට අන් සියළු මෙහෙයුම්, ඉලක්කයන් කැප කොට, ලක්ෂ ගණනක් හමුදාව හා යන්ත්‍ර සූත්‍ර බිලි දී වැඩිම සාහසිකත්වයක් මුදා හැරීමට හිට්ලර් පෙළැඹුණේ ඇයි?…

ඒ සෝවියට් සමූහාණ්ඩුව සතු සම්පත් ආකරයන් ලබා ගැනීමටය යන්න පිළි ගත නොහැකි වන්නේ ඒ වන විටත් ජෝසෆ් ස්ටාර්ලින් සහ හිට්ලර් අතර 1936 දී ඇති කරගෙන තිබුණු ගිවිසුම ප්‍රකාරව ඒ සම්පත් නොකඩවා ජර්මනියේ ඉල්ලුමට සපයා දීමට රුසියාව එකඟ වී සිටි බැවිනි..නාසි හමුදාවෝ දෙවන ලෝක යුද්ධයේදී වැඩිම සාමාන්‍ය සිවිල් ජනකායක් මරා දැම්මේ සෝවියට් දේශය තුළදීය..ඒ ගණන එක් කෝටි පහළොස් ලක්ෂයකි..මරා දැමුණු රතු හමුදා සෝවියට් සෙබළු ගණන අනූ දෙලක්ෂයකි..එකතුව ගෙන බලන කළ හිට්ලර්ගේ අණ පරිදි නාසි ජර්මානුවෝ විසින් මරා දැමූ මුළු රුසියානුවන්ගේ සංඛ්‍යාව දෙකෝටියකි..( එවකට එරට සමස්ථ ජන ගහණයෙන් 20% පමණද, මොස්කව් නුවරට බටහිරින් කරේලියන් දේශ සීමාව තෙක් සිටි බටහිර සෝවියට් ජන ගහණයෙන් 40%ක් පමණද වේ.. ) පහර දුන් වෙන කිසිදු රටක් “ජන ශූන්‍ය කිරීමට” තරම් රුදුරු වියරුවක් නොතිබූ නාසි නායකයා රුසියාව “ජන ශූන්‍ය” කරන ලෙස අණ කලේ ඇයි?…

ඒ අන් සෑම රටකම සිටියෝ ( යුදෙව්වන් හැර – බලන්න යුදෙව්වන්ද රුසියානුවන් මෙන්ම “ශූණ්‍යක” ප්‍රහාරයකට හසුවූහ ) යම් කිසි ක්‍රිස්තියානියක් ඇදහූවන් නිසා ඔවුන් ආක්‍රමණය යටතේ රෝමානු කතෝලික කර ගැනීම පහසු නිසාත්, සෝවියට් රුසියාවේ සිටියෝ කිසිදු ආගමක් නො අදහන කොමියුනිස්ට් වාදීන් නිසාද?..ඒ මරා දැම්මේ රුසියානුවා ජර්මානුවාට සිටි බරපතළම තර්ජනය නිසාද?..නැතහොත් නිරාගමික කොමියුනිස්ට්වාදියා පයස් පාප් වහන්සේගේ “පිරිසිදු කරන ලද රෝමානු කතෝළික ලෝකය” සිහිනයට සිටි බරපතළම තර්ජනය නිසාද?.. ( විශේෂයෙන්ම තරුණ පිරිස්..නාසි සේනා උමතුවෙන් මෙන් මරා දැමූ රුසියානුවන් අති බහුතරය වයස 15 – 35 අතර වූවෝය… )

එතෙක් මෙතෙක් ලොව වාර්ථා වූ කුරිරුතම වධ බන්ධන සහිත හිංසනයන් සිදුවූයේ ඔබ සැම කියවා ඇති සම්මත ඉතිහාසය පරිදි නාසීන් අතින් “අවුෂ්විට්ස්, ඩකාවූ, බ්‍රැතෙන්වුඩ්” ආදී වධකාගාර වලද?…..

නැතහොත්, දෙවැනි ලෝක යුද්ධයේ යෝධ සෙවණැල්ල යට ලොවට හොරා “හතළිස් ලක්ෂයක්” ප්‍රොතෙස්තන්ත, රෙපරමාදු ක්‍රිස්තියානි ජනයා වතිකානු කාඩිනල් වරුන් 11 දෙනෙකුගේ “පුද්ගලික අධීක්ෂණය” යටතේ කතෝලික පාදිලිවරුන් කපිතාන් වරුන් ලෙස ක්‍රියා කර “උස්ටාෂී” (“Ustashi”) නම් මෘග හමුදාව විසින් එළිමහනේ මරා කැබලි කර කුඩා දරුවන්ට කැවූ ක්‍රො ඒෂියාවේද?…

ලොවට හොර රහසේ මිනිස් ඉතිහාසයේ බිහිසුණුම අපරාධය වථිකානුව නැගෙනහිර යුරෝපයේ පස් යට වැළළුවාද?..

ඇමරිකාව පරමාණු බෝම්බ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නම් වූ හමුදාමය ඉලක්ක වශයෙන් කිසිදු වැදගත්කමකින් තොර වූ නගර දෙක වෙතටම එල්ල කළේ ඇයි?..

දෙවැනි ලෝක යුද්ධය යනු හුදෙක් හිට්ලර් නම් වියරු මිනිසෙකුගේ ආර්ය ජර්මානු ලෝකාධිපත්‍ය සිහිනය මත මිහි මත දිග හැරුණක්ද?..
නැතහොත් එය ඉතා සූක්ෂම “එක්සත් රෝමානු කතෝලික අන්‍යාගමිකයන්ගෙන් තොර කොට “පිරිසිදු” කරන ලද ලෝක රාජධානියක්” ( A Global United Region of Roman Catholicism, Purified of the faithless) කරා යාමට වතිකානුව දියත් කළ යුද්ධයක්ද?…

1955 දී සෝවියට් රුසියාවට න්‍යෂ්ටික අවි 189 කින් පහර දී වනසා ප්‍රතිරෝධය නිමා කොට එක්සත් කතෝලික ලෝකයක් බිහි කරන ” නෙමෙසිස්” සැලසුම ඇමරිකානු ජනාධිපති ඩ්වයිට්. ඩී. අයිසන්හවර් මහතාට එවූයේ කවුද?..

1978 දී වතිකානුව බෞද්ධ වියට්නාමයට, ලා ඕසයට, කාම්බෝජයට, සහ චීනයට එතැන් සිට 30 වසරක් ඇතුළත සාදන Ultra Virulent Airborne වෛරසයකින් පහර දී, ඉන් දිවි ගලවා ගන්නා අතළොස්ස සමඟ අග්නි දිග ආසියාවම කතෝලික රාජධානියක් කරන සැළසුමක් ගැන්ඩොල්ෆෝ බලකොටුවේදී සම්මත කළාද?…

මෙකී කරුණු කාරණා සම්බන්ධයෙන් පුද්ගලික වියදමෙන් මහාචාර්ය ඇව්‍රෝ මෑන්හැට්න් ගේ ග්‍රන්ථය පදනම කොටගෙන කරගෙන යන ගවේෂණයක් ලිපි මාලාවක් කොට පළ කිරීමට අපේක්ෂා කරමි..එයට පෙර එම ග්‍රන්ථය කියවීමට කැමති කෙනෙකු මෙතනට යන්න..

http://www.reformation.org/holocaus.html

අප කියවන ඉතිහාසය නිවැරදිද?…

යුදෙව්වන් ලක්ෂ අනූවක්, කොමියුනිස්ට්වරුන් දෙකෝටියක්, රෙපරමාදු, ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානින් පනස් පන් ලක්ෂයක් මිහිදන් කළ, ජල ග්‍රහයාට විශ්වීය කලු පැල්ලමක් තැබූ වියරු 1939-1945 අර්ධ දශකය හුදෙක් නාසි ෆැසිස්ට් දේශ පාලනික වියරුවක ප්‍රතිඵලයද?…නැතහොත් එය එයට යටින් සැඟවුණු බිහිසුණු රෝමානු කතෝලික ආගමික සැලසුමක යථාර්ථයද?..

ලොව ඉපැරණිතම, බලවත්ම,ශක්තිමත්ම සහ අතිශය සංවිධානාත්මක ත්‍රස්තවාදි සංවිධානය කුමක්දැයි? යමෙකු ඔබෙන් විමසුවහොත් “වතිකානුව” කියා පිළිතුරු දුන්නාට වරදක් නැත…

12 වැනි පයස් පාප් වරයාගේ “උස්ටාෂි” නොහොත් “ක්‍රිස්තුගේ හමුදාව” ඇස් සහ හදවතින් කොටසක් පණ පිටින් උගුල්ලා මරා