ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල්ඉසාගෙන් අපට ඇසීමට ඇත්තේ

Spread the News
Picture Courtesy – Al Monitor

ලෝක ව්‍යාප්ත මුස්ලිම් අන්තවාදය පිටුදැකීමට ඔබලා විසින් ගන්නා ලද ක්‍රියා මාර්ග මොනවාද? අල්-කුර්ආනයේ තිබෙන මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයන් ස්ලාම් දහම වැළැද නොගන්නේ නම් කපන්න, කොටන්න මරන්න, රටින් පිටුවහල් කරන්න යනුවෙන් උගන්වන කුර්ආන් පාඨ මුස්ලිම් අන්තවාදය පෝෂණයට ඉවහල් වන බැවින් ඒ ඉගැන්වීම් නවතාලීමට ඔබලා කිසිදු දෙයක් කර නැත. මානව ප්‍රජාවට කළ යුතු බලවත් යුතුකම් පැහැර හැර ඇත.


ඔබලාගේ ආගමික ප්‍රජාව විසින් ආගම් නාමයෙන් කරන ලේ වැගිරීම්, මනුෂ්‍ය ඝාතන, දේපොල හානි, සමාජ සංහිඳියාව නොතකා හැරීම් පිටු දැකීම්ට උත්සාහ නොගෙන හානියට පත්වූවන් වෙනුවෙන් පෙනී සිටීම ඔබලාගේ පරමාර්ථ ඉතා පටු, ලඝු වූවක් බවත් ලෝක සාමකාමි ජනතාවට විහිළු සැපයීමක් බවත් කිව යුතුය. පරිත්‍යාගය උතුම් උවත් යමක් කළ හැකිව තිබියදී නොකර හැර හානියට පූර්ණය කිරීමට ඉදිපත්වන්නේ නම් එය ශිෂ්ඨසම්පන්න සමාජය විසින් පිටු දකිනු ඇත. එසේම පිටු දැකිය යුතුය.

– ආරියතිලක