
ආරියතිලක
2025.10.04
වත්මන් ජානාධිපතිවරයාගේ වැය ශීර්ෂය පිළිබඳව හා 2025 වර්ෂය සඳහා වන විසර්ජන පණත් කෙටුම් පත සම්බන්ධයෙන්, බීබීසී නාලිකාව විසින් සිදු කර තිබූ අර්ථ නිරූපනය නිවැරැදි නො වන බව ඒ සම්බන්ධයෙන් මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා පැහැදිලි කිරීමක් කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
එය සත්‍ය හෝ වේවා, එය සත්‍ය නො වේවා හෝ ඒ පිළිබඳව අප මෙය ගලපන්නේ කොමියුනිස්ට්වාදී පක්ෂයක කාර්ය හා ඉලක්කය සමඟ ය. කොමියුනිස්ට්වාදී පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයා වන වත්මන් ජනාධිපතිවරයාගේ වියදම් පිළිබඳ, 2025 වැය ශීර්ෂය පිළිබඳව, මේ අපගේ අදහස ය.
කොමියුනිස්ට් වාදියෙකුට තමන් උදෙසා හෝ තම සාමාජිකයන් උදෙසා හෝ, රාජ්‍යයයේ ධනය, යම් පුද්ගලයෙකුගේ පුද්ගලික ධනය කොපමණ විය පැහැදැම් කිරීම කළත් වරදක් වශයෙන් ගණන් නො ගැනේ. හේතුව ඔවුන් සිතන්නේ කොමියුනිස්ට් නො වන රාජ්‍ය ධනය ක්‍රියා කරන්නේ ධනේෂ්වර පංතියේ පැවැත්ම සඳහා කියා ය. එම රාජ්‍ය ධනය ක්‍රියා කරන්නේ, “ සකල දේශවාසී නිර්ධයිනි එක් වව්” කියන, මාක්ස් හා එංගල්ස්ගේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශයෙහි ක්‍රියාකාරිත්වයට විරුද්ධව ක්‍රියා කිරීම පිණිස ය. කොමියුනිස්ට්වාදියා වෙනුවෙන් වියදම් වන සියලු ධනය යොදවන්නේ
“කම්කරු පංති සටන් ව්‍යාපාරය” බල ගන්වන නායකත්වය වෙනුවෙනි. ඒ සකල දේශවාසී කම්කරුවන් වෙනුවෙනි. ඒ නිසා මේ වෙන් කරන හා වියදම් කරන සියලු මුදල් කොමියුනිස්ට්වාදය ස්ථාපිත කිරීම සඳහා කරන, යටි තල හා බිම් ගත ක්‍රියා කාරකම් බල ගැන්වීම පිණිස හේතු නො වනවායැයි කිසිසේත් නො සිති ය හැක.
කොමියුනිස්ට් පක්ෂ ක්‍රියා කාරීන් විසින් ස්වදේශීයවත් අන්තර් ජාතිකවත්,
1. සියලු ධනවතුන්ගේ පුද්ගලික චංචල නිශ්චල ධනය,
2. කොමියුනිස්ට් නො වන සියලු රාජ්‍යගත ධනය,
3. ආගමික සිද්ධස්ථාන ගත සියලු ආකාර ධනය,
4. කොමියුනිස්ට් ව්‍යාපාරයක මූල ධර්ම ව්‍යාප්තියට හේතු නො වන රාජ්‍ය නො වන සංවිධාන ගත සියලු ආකාර චංවල නිශ්චල ධනය,
යන සියලු ආකාර ධනය නිර්ධන පංතිය සූරා කෑමෙන් උපයා ගත් ධනය ලෙස සලකයි.
මෙය කොමියුනිස්ට් ආර්ථික ක්‍රමයෙහි කියන්නේ “අතිරික්ත ආදායම” ලෙස ය එම අතිරිත්ත ආදායම ම “ ප්‍රාග්ධනය” ලෙස එකතු වේ.
ධනවතුන්ගේ හා සියලු ධනේෂ්වර රාජ්‍ය
(දක්ෂිණාංශක) මත ඇති සියලු ධනය කොමියුනිස්ට් ක්‍රමය අනුව නිර්ධනයින් තව දුරටත් සූරා කෑමට යොදවන බව උගන්වයි( කාල් මාක්ස්, ප්‍රාග්ධනය=((Das kapital)
ඒ නිසා කොමියුනිස්ට් නො වන සියලු පුද්ගලික ධනය අහෝසි කිරීමට කොමියුනිස්ට්වාදයේ මූල ධර්මයකි.
ධනවතුන්ගේ ධනය පැහැර ගැනීම,
රාජ්‍ය ධනය පැහැර ගැනීම,
අනුන්ගෙන් ජීවත් වීම,
කොමියුනිස්ට් විප්ලවවාදියෙකුට හිමි දෙයක් මිස, වරදක් නො වන බව ඔවුන්ගේ මතය නො වේ නම් ලෝකයේ විප්ලවවාදී සටන් පෙරමුණ හිස් වනවා ඇත. රටේ අපරාධ නීතිය යටතේ වරදක් වුවත්, ඒ සියලු නීති ධනෙෂ්වර රාජ්‍යයේ පැවැත්මට ඇති බැවින්, නිර්ධනයන් සූරා කෑමෙන් ඒ ධනය පවතින බව උගන්වන බැවින් එම නීතී කිසි ලෙසකින් කොමියුනිස්ට්වාදය නො පිළිගනී.
උදාහරණ කීපයක්:-
1. මහනුවර දළදා මාළිගාවට 1989 02.08 දින ජනතා විමුක්ති පෙරමුණෙන් පහර දීම,
2. රාජ්‍ය බැංකු ප්‍රධාන ශාඛා 62 කින් මුදල්, රන් භාණ්ඩ පැහැර ගැනීම,
3. ගල්ගමුව මහජන බැංකුවෙන් ලක්ෂ 20
මරඳගහමුල මහජන බැංකුවෙන් ලක්ෂ 35, දිගන මහජන බැංකුවෙන් ලක්ෂ 60, මොරටුව මහජන බැංකුවෙන් ලක්ෂ 60, කටු බැද්ද ලංකා බැංකුවෙන් ලක්ෂ 82,
කලෑබොක්ක වතුයායේ මුදල් පැහැර ගැනීම ඇතුලු සිද්ධි 131 කි. ආයුධ පෙන්නා පුද්ගලයන් බියවද්දා රුපියල් 20000 කට වඩා මුදල් දේපොළ මංකොල්ලකෑම් ගණන 1000 දහසකට වැඩිය. (මේ බැංකු තොරතුරු 2018 නොවැම්බර 11 ඉරිදා ලංකාදීප “ විජේවීර ඝාතනය කර වසර 29යි. – ධර්මන් වික්‍රමරත්න)
මේ ආදී කිසිදු අපරාධයක් කොමියුනිස්ට්වාදී පක්ෂයක් අපරාධ ලෙස නො සලකයි. එය ඔවුන් දකින්නේ ධනේෂ්වර දේශපාලන බලය බිඳ දමීමට ක්‍රියා කරන කොමියුනිස්ට්වාදින්ට ඇති ශුද්ධ වූ අයිතියේ කොටස් කරුවන් ලෙස, ඒ ලෙස කිරීම හා ගැනීම වරදක් නොමැති ලෙස ය. මිනී මැරීම, ගෙවල් ගිනි තැබීම, රාජ්‍ය දේපොළ විනාශ කිරීම, බිය වැද්දීම, තර්ජනය කිරීම, රාජ්‍යට අලාභ හානි කිරීම, පොලිස් හමුදාවට, යුද, ගුවන්, නාවික හමුදාවට පහර දීම, ආයුධ හා යුදෝපකරණ පැහැර ගැනීම ආදී කිසිත් අපරාධයක් නොවන බව කොමියුනිස්ට්වාදීහු සලකති.
1971 හා 1988/89 ජනතා විමුක්ති පෙරමුණ කැරළි දෙක ම දියත් වූයේ, ඒ කිසිවක් කොමියුනිස්ට්වාදයට අනුව අපරාධයක් ලෙස නො සැලකූ බැවිනි. කොමියුනිස්ට්වාදියාගේ පර ම අභිප්‍රාය රටේ පවතින නීතිය රැකීම නොව, පවතින ආණ්ඩුවට පක්ෂපාත වීම නොව, කොමියුනිස්ට්වාදී රජ්‍යක් බිහිකර ගැනීම සඳහා ඒ මොහොතේ පවතින, කොමියුනිස්‍ට් නො වන රාජ්‍ය බලය පෙරළා දමා, රාජ්‍ය බලය අල්ලා ගැනීම ය. ඒ සඳහා ඔවුහු ගත හැකි සියලු කෙටි කලීන හා දීර්ඝ කාලීන සියලු උපාය මාර්ග ක්‍රියාවේ යොදන්නාහ.
සදාචාර සම්පන්න, නීතිගරුක ජනතාව කිසිවෙක් මෙවැනි අපරාධ හා අශිලාචාර කම් අනුමත නො කරති.
ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා ඇති එකම කොමියුනිස්ට් විප්ලවවාදී පක්ෂය බව:-
ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ඇති එක ම කොමියුනිස්ට් විප්ලවවාදී පක්ෂය වේ. අනික් වාමාංශික පක්ෂ කොමියුනිස්ට් නම තිබුණට මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට්වාදය කිසි ලෙසකින් අනුගමනය නො කරයි. ඒ බව මාක්ස් හා ලෙනින්, අවවාදාත්මකව එම වාමාංශික පක්ෂ ක්‍රියා කාරීන්ගෙන් බෙරී පක්ෂය ගොඩනගන හැටි, විප්ලවය මෙහෙයවන හැටි උගන්වති.
වත්මන් ජනාධිපතිවරයාගේ 2025 වැය ශීර්ෂය මේ ප්‍රමාණය නොව මෙයට වඩා වැඩි වීමක් වුව ද ඔවුන්ට ප්‍රශ්නයක් නැත. එය රටට ප්‍රශ්නය වන්නේ කොමියුනිස්ට් පක්ෂයක අභ්‍යන්තර පදනම, එකී පක්ෂයක ඉලක්කය හා උපාය උපක්‍රම නො දන්නා කම නිසා ය. එය දැන ගැනීමට මඟ ඇත්තේ කොමියුනිස්ට්වාදය ඇතුලත ම ය. ලෝකයේ එක ම න්‍යායක් මත දේශපාලන ගමනක් ඇත්තේ විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයකට පමණි. එම දේශපාලනය ලෝකයේ කොතනක තිබුණ ද එය එකක් ම ය. දෙකක් නො වේ. මෙම දෙශපාලනය කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් කියන්නේ “ කොමියුනිස්ට් ව්‍යාපාරය” “වාමාංශික දේශපාලන ව්‍යපාරය” යන ලෙසිනි.
මාක්ස් ලෝකයේ සියලු කොමියුනිස්ට්වාදීන් ඒකාබද්ධ කරන වැඩපිළිවෙළක් හදුන්වා දුනි. ඒ “කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තරය” ලෙස ලෝකයේ සියලු රටවල සිටින විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් ඒකාබද්ධ කරන සම්මේලනය ලෙස ය.
1. පළවෙනි කොමියුනිස්ට් ජ්‍යාතන්තරය (ජ්‍යාතන්තර කම්කරු සංගමය) 1864 දී මාක්ස් හා එංගල්ස්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් එංගලන්තයේ ලංඩනයේදී පිහිටුවන ලදී.
2. 1889 දී දෙවැනි ජාත්‍යන්තරය,
3. තුන්වැනි, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ 1919 මාර්තු 2 දා සිට මාර්තු 6 දා දක්වා මොස්කව්හි දී පැවැත්විණි. 1920, 1921,1922 ද මෙහි සමුළු තුනක් පැවැත්විණි.
4. හතරවෙනො කොමියුනිස්ට් ජ්‍යාතන්තරය සෝවියට් රතු හමුදාවේ ප්‍රධානිව සිටි ලියෝන් ට්‍රොස්කි විසින් 1933 කැදවනු ලැබී ය. මෙය සාර්ථක නොවී ය. මෙය සෝවියට් සමුහණ්ඩුවේ ප්‍රධානයා ජෝසෆ් ස්ටාලින් විසින් 1943 දී විසිරුවා හරින ලදි.
මෙයට පසු ජ්‍යාතන්තර කොමියුනිස්ට් සම්මේලනයක් කැඳවා නැත.
වත්මන් ජනාධිපතිගේ වැය ශීර්ෂ ඉදිරියේදී මෙයට වඩා මහත් ලෙස වැඩී යාම:
ඉදිරියේ මෙයට වඩා බරපතල ලෙස මේ වැය ශීර්ෂ ඉහල යාම සිදු විය හැක.
මේ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය, රුසියානු කොමියුනිඩ්ට් පක්ෂය රාජ්‍ය පාලන උපදේශ, සහාය හා දිරිගැන්වීම කරනවා ඇත. චීන කොමියුනිස්ට් පක්ෂය, රුසියානි කොමියුනිස්ට් පක්ෂය, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය යනු ඒ රාජ්‍යවල රාජ්‍ය බලය වේ. කිව්බාවේ සහාය ද සෘජුව සැළසීම ඒ සියලු රටවල රාජ්‍ය හැසිරවීමේ අත්දැකීම් උපදේශ වශයෙන් ලැබීම ස්ථීර ය.
මේ සියලු රාජ්‍ය කොමියුනිස්ට් ව්‍යාපාරය වශයෙන් ඒකාබද්ධ ය.
එම එකාබද්ධ බව
1. ප්‍රථම කොට යුදමය වශයෙන් ද
2. දෙවනුව ආර්ථික සහයෝගීතාවය වශයෙන් ද
3. තෙවනුව විද්‍යා- තාක්ෂණ සහයෝගීතාවය වශයෙන් ද
පුළුල් පරාශයක ප්‍රබල ලෙස බැඳීමට යන්නේ ය.
යුදමය සහයෝගීතාවය න්‍යෂ්ටික ආයුධ දක්වා තීරණය වීම උතුරු කොරියාව යුද සහයෝගීතවයේ කොන්දේසි විරහිතව මේ රටවල් සමඟ සිටී. වත්මන් ආණ්ඩුව, උතුරු කොරියා කොමියුනිස්ට් පක්ෂය සමඟ සෘජු සබඳතා ඇති කර ගැනීම ප්‍රවේශමෙන් සිදු කරනවා ඇත. ඒ ඇමරිකානු එක්සත් ජනපදය, ජපානය, දකුණු කොරියාව හා බටහිර බලවතුන්ගේ විරෝධයට හේතු වන බැවිනි.

