වතිකානු මෙහෙයුම් කණ්‌ඩායමක්‌ දිවයිනට පැමිණෙති

Spread the News

වතිකානු මෙහෙයුම් කණ්‌ඩායමක්‌  දිවයිනට පැමිණෙති

කීර්ති වර්ණකුලසූරිය

ශූද්ධ වූ ප්‍රැන්සිස්‌ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා වතිකානු නිලධාරීහු කණ්‌ඩායමක්‌ ඊයේ (9 දා) මෙරටට පැමිණියහ.

ජනවාරි 13 දා පෙරවරු 9 ට පාප්වහන්සේ මෙරටට පැමිණෙන අතර ඊට පෙර මෙහෙයුම් ක්‍රියාදාමයන් ගැන ආරක්‌ෂක කටයුතු නිරීක්‌ෂණය කිරීම මෙම කණ්‌ඩායමේ අරමුණයි. ඉතාලි සහ ස්‌විස්‌ ආරක්‌ෂක නිලධාරීහු පිරිසක්‌ මෙකී වතිකානු නිලධාරි කණ්‌ඩායමට අයත් වෙති.

මෙම වතිකානු ආරක්‌ෂක පිරිස මඩුපල්ලිය අවට ප්‍රදේශයේ ආරක්‌ෂාව ගැනද විමර්ශනය කිරීමට නියමිතය. පාප්වහන්සේ කොළඹ ගාලු මුවදොර පවත්වන දේව මෙහෙයට ඉන්දියාවේ සිට බැතිමතුන් 2000 ක පිරිසක්‌ද පැමිණෙනු ඇත.