Spread the News

වධ හිංසාවලට එරෙහි එක්‌සත්
ජාතීන්ගේ කමිටුවේ කැකිල්ලේ තීන්දු

* එක්‌සත් ජාතීන්ගේ කමිටුවේ
නියෝජ්‍ය සභාපතිනි පෙලිසා ගාරේ නඩු අසයි
* ජී පී එස්‌ උපාංග ගෙන ආ කැනඩා ද්‍රවිඩයාට
වන්දි ගෙවන්නැයි ඇය නියෝග කරයි.

එක්‌සත් ජාතීන්ගේ කමිටුව හමුවේ සිටින බුද්ධි බලකා ප්‍රධානි සිඩ්නි මෙන්ඩිස්‌ එම කමිටුවේ නියෝජ්‍ය සභාපතිනි පෙලිසා ගාරේද මෙහි දැක්‌වේ.

ඉන්දීය ජාතික ඔත්තු සේවාවේ හෝ ඇමරිකානු ජාතික ඔත්තු සේවාවේ ප්‍රධානියාගෙන් එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කමිටුවකට ප්‍රශ්න කිරීමට කිසි දිනෙක ඉඩ ලැබෙන්නේ නැත.


ජීපීඑස්‌ උපාංග ගෙන ආ රෝයි සමාතනාගම්

එහෙත් මෙරට ඉතිහාසයේ මුල්වරට ජාතික බුද්ධි බළකායේ ප්‍රධානියාගෙන් ප්‍රශ්න කිරීමට එක්‌සත් ජාතීන්ගේ කමිටුවක නියෝජ්‍ය සභාපතිනිය වූ පෙලිසා ගාරේ ක්‍රියා කළාය. ඇය වෙත පැමිණිල්ලක්‌ යොමු කර තිබුණේ කොටි ත්‍රස්‌තවාදීන් සමග දැඩි ලෙස සබඳකම් පැවැත්වූ පිරිසකි. මෙයට වසර කීපයකට පෙර කොළඹ ජම්පටාවීදියේ මුද්‍රණාලයක්‌ පවත්වාගෙන ගිය පිරිසක්‌ අසු විය. මේ මුද්‍රණාලය පවත්වාගෙන යැමට අරමුදල් සැපයූවේ වන්නි කොටි ජාලයයි. එහිදි එක්‌ අයෙක්‌ වසර 20 ක සිරදඬුවමකට නියම විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඡේ එස්‌. තිස්‌සනායගම් නමැති තැනැත්තා ට ජනාධිපති සමාව දුන්නේය. අනතුරුව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඔහුට ඇමරිකාවට යැමට පහසුකම් සලස්‌වා දේශපාලන රැකවරණ ලබා දුන්නේය.

පසුගිය සතියේ ජිනීවා නුවර ආරම්භවූ වධහිංසා පිළිබඳ විමර්ශනය කිරීමේ එක්‌සත් ජාතීන්ගේ කමිටුව හමුවට ජාතික බුද්ධි බළකායේ ප්‍රධානි සිසිර මෙන්ඩිස්‌ ඇතුළු නිලධාරීන් පිරිසක්‌ පැමිණ සිටියහ. ඒ වනවිට බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය හා සමීප ඊළම් ජාලයද ජර්මනියේ සිට ක්‍රියාත්මක වන ඡේඩීඑස්‌ නමැති දෙදෙනකුට සීමා වූ සංවිධානයද එක්‌සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලීමක්‌ කරමින් බුද්aධි බළකායේ ප්‍රධානියා වධහිංසා පැමිණවීම්වලට වගකිවයුතු බව පවසමින් ඔහුව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටියේය.

ඒ සඳහා ජාත්‍යන්තර විශ්ව සම්මුතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබේ. එහෙත් ස්‌විස්‌ පොලිසිය එම ඉල්ලීම ඉටු කළේ නැත. මේ පසුබිම මැද ජාතික බුද්ධි සේවා බළකායේ ප්‍රධානියා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටි පිරිස වෙනින් කවුරුත් නොව කොටි හිතවාදීන් යෑයි සනාථ වී තිබුණි.

වසර කීපයකට පෙර කොළඹ බණ්‌ඩාරනායක මාවතේ කීපදෙනකු එක්‌වී සමාගමක්‌ ආරම්භ කර තිබුණි. මේ සමාගමේ ප්‍රධානියා ත්‍රස්‌ත මර්දන ඒකකය එම ස්‌ථානයට ඒමට පෙර මෙරටින් ජර්මනියට පැන ගියේය. කොටින්ගේ දේදුන්න පුවත්පත සංස්‌කරණය කළ මොහු ජර්මනියට ගොස්‌ ඡේඩීඑස්‌ නමැති සංවිධානය පිහිටුවා ගනු ලැබීය.

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව දක්‌වමින් තමන්ට වීඩියෝ දර්ශන එව්වේ මෙම ඡේඩී එස්‌ සංවිධානය බව චැනල් 04 රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ පවසා තිබුණි.

මේ තත්ත්වය මත ජාතික බුද්ධි බලකායේ ප්‍රධානියාට චෝදනා එල්ල කළ පිරිස කවුදැයි එක්‌සත් ජාතීන්ගේ කමිටුවේ නියෝජ්‍ය සභාපතිනි පේලිසා ගාරේ විමර්ශනය කළ යුතුව තිබුණි එහෙත් එවැන්නක්‌ සිදුවී නැත.

මේ අන්දමට අයිසිස්‌ – අල්කයිද්‍රd හෝ ජිහාද් ත්‍රස්‌තයන් ඇය වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරමින් තමන්ට ඇමරිකානු හා බ්‍රිතාන්‍ය බුද්ධි සේවා නායකයන් වධහිංසා පමුණ්‌වා ඇති බව පැවසුවොත් ඇය ඒ ගැන විමර්ශනය කරන්නේද?

එසේම වධහිංසා පිළිබඳ සෙවීමේ එක්‌සත් ජාතීන්ගේ කමිටුවේ නියෝජ්‍ය සභාපතිනි පෙලිසා ගාරේ ඇමරිකානු කාන්තාවකි.

ඇයට ස්‌වෛරී රටෙක බුද්ධි සේවා ප්‍රධානියකුගෙන් ප්‍රශ්න කිරීමට කිසිදු හිමිකමක්‌ නැත. එහෙත් සිය බලය ඉක්‌මවා ඇය ක්‍රියා කර ඇති බව සනාථ විය.

ඇමරිකානු සීඅයිඒ සංවිධානය අල්කයිද්‍රd ත්‍රස්‌ත සැකකරුවන්ගේ හිස්‌ ජලයේ ගිල්වා ප්‍රශ්න කළ බව අනාවරණය විය. එහෙත් පෙලිසා ගාරේ සීඅයි ඒ ප්‍රධානියාගෙන් ඊට වගකීම භාර ගන්නේ දැයි විමසා නැත.

මේ පසුබිම මැද එම එක්‌සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකාවට ජීපීඑස්‌ උපාංග රැසක්‌ ගෙන එන අවස්‌ථාවේ ත්‍රස්‌ත මර්දන ඒකකය අත්අඩංගුවට ගත් කැනඩාවේ ද්‍රවිඩයකුවූ රෝයි සමාතනාගම් නමැත්තාට වන්දියක්‌ ගෙවන ලෙස ද ශ්‍රී ලංකා රජයට නියෝග කර ඇත.

එහෙත් එක්‌සත් ජාතීන්ගේ කමිටුව අධිකරණයක්‌ ලෙස සලකා කටයුතු කරන බව මින් සනාථ වේ. කොටි හිතවාදීන් පැමිණිලිකරුවන් වී එම කමිටුව හමුවට පැමිණිලි ඉදිරිපත් කිරීම හාස්‍යජනක ක්‍රියාවක්‌ නොවේද?

කීර්ති වර්ණකුලසූරිය