Sat. Jan 18th, 2025
Spread the News

ගැළරිය පිනවීම සඳහා ඔහු හැමදාමත් ජාතිවාදයක් ගැන කතා කරනවා. රාජාසන කතාවෙදිත් ඔහු එය කිසිම ලැජ්ජාවක් නැතුව පුනරුච්චාරණය කළා.

මා විසින් දැනට වසර හතළිස් හතරකට ඉහතදී ලියනලද පර්යේෂණාත්මක ග්‍රන්ථයක ජාතිවාදය යනු කුමක්ද, වර්ගවාදය යනු කුමක්ද, දේශපාලනය හා ඒ අතර ඇති සම්බන්ධය කුමක්ද කියා විද්‍යාත්මකව පැහැදිලි කළා.

අනුර කුමාරට ඉංග්‍රීසි බැරිවීම හරි නි අමරසූරිය වැනි ප්‍රභූ පන්තියට අයත් කාන්තාවකට මදිකමක් වුවත් ඉංග්‍රීසි බැරි ගමේ කොල්ලෙක් රජ වීම ගැන මම ඇත්තෙන්ම ආඩම්බර වෙනවා.

ඒ සමගම ඉංග්‍රීසි පුළුවන් කියන JVP/NPP දැවැන්තයින්ට ඕනෑ තරම් අවස්ථාව තිබුණා මාගේ ග්‍රන්ථය කියවා බලා, දේශපාලනේ දී කිසිදාක ජාතිවාදය කියන වචනය භාවිතා නොකරන්න
අන් අයට පහදා දීමට.

මාගේ ග්‍රන්ථය මම ඉංග්‍රීසි භාෂාවෙන් ලිව්වත් සිංහල භාෂාවෙන් ලිව්වත් අවසාන ප්‍රතිඵලය එකම දෙයයි. එනම් එය විනාශ කර දැමීමයි.

ධනපති පන්තිය බලයට ආවත් නිර්ධන පංතිය බලයට ආවත් ශ්‍රී ලංකාව තුළ බුද්ධියට දැනුමට නිර්මාණශීලීත්වයට
ඉඩක් නැහැ. කසිකබල් දේශපාලනයට ඒවා දිර වන්නේ නැහැ.

මොන පක්ෂයකට අයත් වුණත් මේ හැම පුද්ගලයෙක්ම අනාරක්ෂිත බවෙන් පෙළෙනවා.

මාගේ දෙවෙනි ප්‍රකාශනයේ අනාරක්ෂිත භාවය විද්‍යාත්මකව සාකච්ඡාවට බඳුන් කර තිබෙනවා.

බලයට අරගල කරන දේශපාලන පිශාචයින්ට, මිනිස්කමයි සත්‍යයි වහ කදුරු වගේ.

බ්‍රිතාන්‍යයින් රට පාලනය කරන කාලයේ ඔවුන් ලංකාවේ වාසය කළත් බ්‍රිතාන්‍යයේ පුරවැසියන්. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් බ්‍රිතාන්‍ය ජාතිකයින්. ඔවුන්ගේ පාලනයේ පහසුව සඳහා එදා ඔවුන් ජාතිවාදය වැපුරුවා.

ශ්‍රී ලංකාවේ සිටින ඇතැම් සිංහල මෝඩයින් සහ දමිළ මෝඩයින් බ්‍රිතාන්‍යයින් හා ක්‍රිස්තියානි පූජකයින් විසින් අටවන ලද උගුලේ පැටලී අධිරාජ්‍යවාදීන්ගේ ජාතිවාදය තමන් වෙත පවරා ගත්තා.

ඊනියා නිදහස ලැබුනාටත් පසු,ලංකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි විය යුතු බව බ්‍රිතාන්‍ය පාලකයින් මෙන්ම දමිළ ක්‍රිස්තියානි පූජකයින්ද, අවධාරණය කරන්න යෙදුනා.
උතුරේ දමිළ දේශපාලකයින්ද දමිළ ක්‍රිස්තියානි පූජකයින්ගේ උසිගැන්වීම මත ඉංග්‍රීසි නැතිනම් දමිළ භාෂාවෙන් පමණක් ඉගෙන ගැනීමටත් රැකියාව කිරීමටත් අවස්ථාව ලබා ගැනීම සඳහා මහ මඟ පවත්වන විරෝධතාවේ සිට සිංහල බෞද්ධ විරෝධී දරුණු ත්‍රස්තවාදයක් දක්වා ජාතිවාදී මුහුණුවරින් යුද්ධයක් දියත් කළා.
එම අමනයින් පිරිස ඔවුන් දමිළ ජාතියට අයත් බව කියන විට සිංහල මෝඩයින් ද දමිළ ජාතියක් තිබෙන බව පිළිගනිමින් මැතිවරණ ව්‍යාපාරවලදී රට නොමඟ යැව්වා.
දමිළ ජනතාවට දකුණු ඉන්දියාවේ වත් නැති ජාතික අනන්‍යතාවයක් ශ්‍රී ලංකා භූමිය තුළ ඉල්ලා සිටිද්දී, බෞද්ධ විරෝධී අන්‍යාගමික කණ්ඩායම්, ඇතැම් අන්තවාදී සිංහලයින්ව වර්ගවාදී සටනකට යොමු කළා.

එසේ පැවති ගැටුම් ජාතිවාදී අරගල ලෙස ක්‍රිස්තියානි පල්ලියේද සහය ඇතිව බටහිර මාධ්‍යයන් සිංහලයින් ජාතිවාදින් යැයි හංවඩු ගසනු ලැබුවා.

මා විසින් පරින් වර ලියන ලද ලිපි වල මේ තත්ත්වය පැහැදිලි කරමින් සිංහල දේශපාලකයින්ට මේ උගුලේ වැටෙන්න එපා කියා තරයේ අවවාද කලත් මේ මොහොතෙත් ඔවුන් ජාතිවාදයක් ගැන කතා කරනවා.

ශ්‍රී ලංකාවේ වර්ගවාදය කියා දෙයක් ඇත්නම්, එවැන්නක් වළකාලන අන්දම මා විසින් වරින්වර ජවිපෙ නායකකාරකාදීන්ට තෝරා බේරා දුන්නත්, කාදිනල් වැන්නන් මෙවැනි පව්කාර අදහස් දිගින් දිගටම පතුරුවමින් සිටින නිසා JVP/NPP නායකයින් තමන්ට බලයට පැමිණීමට පල්ලිය උදව් දුන් නිසා ඊට කෘතඥතාව දැක්වීම පිණිස කාදිනල් ඇතුළු රදගුරු පිරිස භාවිතා කළ වචනම
දේශපාලන වේදිකාවල තොල මතුරමින් සියලුම ජනකොටස්වල මිනිසුන්ව අගාධයකට ඇද දමමින් සිටිනවා.

බුද්ධියට උගත්කමට හැකියාවට, නිර්මාණශීලී බවට ඔහුගේ ආණ්ඩුව අත හිත දෙනවා කියා අනුර කුමාර දිසානායක කරන්නේත් බොරුවක්. මා කියන්නේ බොරුවක් බව හැකිනම් ඔප්පු කරන ලෙස මම ඔහුට විවෘතව අභියෝග කරනවා.

දිගටම බලයේ රැඳී සිටීමට ඔහුට අපේක්ෂාවක් ඇත්නම්, සිංහල බෞද්ධ විරෝධී බලවේගවල අත කොළුවක් නොවී හෙළ ගැමි සංස්කෘතිය ඉහළට ඔසවා තබමින් ඔහු කියනා හැරවුම් ලක්ෂය හෙවත් පුනරුදය අර්ථවත් කළ යුතුයි.

එසේ නොවන්න ඔහුට වන්නෙත් අනෙක් අයට සිදුවුනු දේමයි.

-තෙවැනි ඇස-
25.11.2024

Protected by Security by CleanTalk