Spread the News

වසර 148 ක්‌ පැරැණි මහනුවර |
ගව ඝාතනාගාරය වසා දැමීමට තීරණ

සිරිල් විමලසුරේන්ද්‍ර source:

අවුරුදු 148 ක්‌ පැරැණි මහනුවර මහ නගර සභාවේ නිල ගව ඝාතනාගාරය මාර්තු 15 වැනිදා සිට වසා දැමීමට මහනුවර මහ නගර සභාව ඊයේ (26 වැනිදා) තීරණය කළේය.

මහනුවර පුරපති මහින්ද රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මහනුවර මහ නගර සභා රැස්‌වීමේදී මේ බව අනාවරණය විය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ 1875 දී පමණ නිල වශයෙන් ක්‍රියාත්මකවූ මහනුවර සුදුහුම් රාජ මහා විහාරයට අයත් භූමියක පවත්වාගෙන ගිය ඝාතනාගාරයේ දී දිනකට ගවයන් සහ එළුවන් 200 ක්‌ පමණ ඝාතනය කර මහනුවර නගර සභා මධ්‍යම වෙළෙඳපොළ ඇතුළු අලෙවිහල්වලදී පාරිභෝගිකයන්හට සැපයිණි.s