Spread the News

 

 

Image result for air attack by LTTE

වැලිකඩ, අනුරාධපුර සිටින්නේ දරුණු කොටි ත්‍රස්‌තයන්

කීර්ති වර්ණකුලසූරිය

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල රඳවා සිටින්නේ ගුවන් යානාවලට මිසයිල එල්ල කිරීම, නාවික යාත්‍රා පිපිරවීම සහ වෙනත් බිහිසුණු අපරාධ සිදුකළ දරුණු ගණයේ හිටපු කොටි ත්‍රස්‌තයෝ යෑයි ඉහළ පෙළේ ත්‍රස්‌ත මර්දන ආරංචි මාර්ග පවසයි.

උතුරු නැගෙනහිර මායිම් ගම්මානවල ළදරුවන් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය කිරීම, මගී බස්‌රථවල බෝම්බ තබා පිපිරවීම, හමුදා නිලධාරින් හා සෙබළුන් මරාදැමීම වැනි සිද්ධීන් රැසකටද මොවුන් සම්බන්ධ වී ඇත.

ද්‍රවිඩ සන්ධානය බේරාගැනීමට උත්සාහ කරන්නේ මෙලෙස බිහිසුණු අපරාධ කළ ත්‍රස්‌තයන් යෑයි ද එකී ආරංචි මාර්ග පැවැසීය.

මෙම හිටපු කොටි ත්‍රස්‌තයන් එකී අපරාධ සිදුකළ බවට පාපොච්චාරණද කර ඇත.