Spread the News
මුහුණු පොතෙන් උපුටා ගත් පින්තූරයක්
විකට නිළිය හැමෝගෙන්ම සමාව ඉල්ලපු පින්තූරය වම් පැත්තෙන්

සිදුහත් කුමරාගේ චරිතය දැඩි අපහාසාත්මක ලෙස කොළඹ විකට පෙන්විම- comedy show- පවත්වා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ලෙස බෞද්ධ අබෞද්ධ කාගේත් සිත් රිදෙන ලෙස ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරෙන් රටින් පිටවීමට ඔන්න මෙන්න තිබියදී ය. රටින් පිටවීමට පෙර මැය සිත් රිදුණු කණ්ඩායම් වලින් සමාව ගන්නා වීඩියෝවක්ද සමාජ ගත කර තිබේ. බුද්ධිමතුන් පවසන්නේ එයත් උපක්‍රමිකව මහජනතාව නොමඟ යැවීමට හා පැනයාමට ඇටවූ වැඩසටහනක් ලෙසය. ආරංචි මාර්ග හැටියට මැයත් පැනයාමට උත්සාහ කොට ඇත්තේ මැලේසියාවට යාමටයි. ව්‍යවස්ථා විරෝධී ලෙස ක්‍රියා කළ මැය රටින් පිටවීමට උත්සාහ කිරීමේ මොහොතකට පෙර කටුනායකදි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට පත්වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තීක්ෂණ ඇසක් ඇති බුද්ධි නිලධාරීන් මෙසේ පැන යාමට පෙර අත්අඩංගුවට ගැනීම නීති ප්‍රාකාරව සමාජගත වැරදි සඳහා දඬුවම් සොයන මහජනතාවට අස්වැසිල්ලක් වී තිබේ. කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පැවති ප්‍රහසන වැඩසටහනකදී අදාළ තරුණිය විසින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් කිහිපයක් සිදුකර තිබුණි.

සිංහලයෙ දිනපොත මාධ්‍ය කණ්ඩායම