විජිත හේරත් කියන්නේ අමුතු මාදිලියක දේශපාලන සූත්‍ර පුංචෙක්. මිනිහත් එක්ක ගැටිලා මට හොඳ අත්දැකීම් තිබෙනවා.

Spread the News

Top Image Courtesy by Shenali Waduge

විසඳන්න කියා ජාතික ප්‍රශ්නයක් ලංකාවේ නැහැ.
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී උන්ගේ ඕන එපාකම් පිරිමහ ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වාසය කරන විවිධ ජන කොටස් බෙදා වෙන්කර පාලනය කළා.

උන්ගේ කෝපි හා තේ වගාවන් සඳහා දකුණු ඉන්දියාවෙන් දමිළ කම්කරුවන් ලංකාවට ආනයනය කර කඳුරට වෙනම ප්‍රශ්නයක් ඇතිකළා.

අන්තර් ජාතික කතෝලික පල්ලිය හා එක්ව සමහර ගමේ පල්ලි නායකයන්ද කොටි සංවිධානය බිහිකර ජාතිකත්වයක් සඳහා සටන් කරන මුවාවෙන් වසර තිහක් තිස්සේ බිහිසුණු ත්‍රස්තවාදයක් ලංකා භූමිය තුළ ක්‍රියාත්මක කළා

ඇවිළෙන ගින්නට පිදුරු දමන්නාක් සේ, කොළඹ රදුගුරු සම්මේලනය මන්නාරමේ සහ යාපනයේ බිෂොප්වරුන්ගේ සහාය ද ලබාගෙන වතිකානුවේ මෙහෙයුම මත ප්‍රශ්නය ජාත්‍යන්තරයට රැගෙන ගියා.

වසර දෙකකට පමණ ඉහතදී කාදිනල් මැල්කම් රංජිත් ප්‍රසිද්ධ නාළිකා ඔස්සේ ” වසර 30ක් තිස්සේ සිංහලයෝයි දෙමළ අයයි මරා ගත්තා” කියා මහ පොළොව නුහුළන නින්දිත ප්‍රකාශයක් කළා.

වර්ගවාදයක්වත් නොතිබුණු ශ්‍රී ලංකාව තුළ ජාතිවාදයක් ගැන බොරු ප්‍රචාරයක් ගෙන යමින් “සිංහල මහ ජාතියෙන් බැටකන සුළු ජාතීන්ට ස්වයං පාලනය පිළිබඳ අයිතිය ලබාදිය යුතු යැයි කියමින් මැල්කම් රංජිත් ප්‍රමුඛ කතෝලික පල්ලිය මුළු ලංකාවම ගිනි තැබුවා.

ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද අපේක්ෂක ලැයිස්තුවේ සිටි ඊබ්‍රහිම් නැමැති කෝටිපති මුසල්මානුවා පාස්කු ප්‍රහාරය සඳහා ඔහුගේ පුතුන් දෙදෙනෙක් පරිත්‍යාග කළා.

ජවිපෙ සහ ඊබ්‍රහිම්ගේ පවුල අතර තිබුණු සමීප සම්බන්ධය නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජවිපෙ නායකයින් නොදැන සිටියේ යැයි කෙනෙකුට කිව හැකිද?

අනුර කුමාරට ජනාධිපතිවීම සඳහා බලය ලබා දෙන්න යයි කාදිනල් මැල්කම් රංජිත් ප්‍රසිද්ධියේ කියන්න තරම් එඩිතර වුනේ කෙසේද?

පල්ලිය අනුරට ආදරේ නම්, අනුර පල්ලියට ආදරේ නම් කොච්චිකඩේ, කටුවා පිටියේ සහ මඩකලපුවේ කතෝලික දේවස්ථානවලට පහරදීම සඳහා තම පක්ෂයේ ප්‍රබල සාමාජිකයකුගේ පුතුන්දෙනෙකු යොදවා ගැනීම අනුර කුමාර දිසානායක ඉවසයි ද?

පාස්කු ඉරිදා දේව මෙහෙය පැවැත්වීමට කාදිනල් හෝ බිෂොප්වරයෙක් හෝ සාමාන්‍ය පියතුමෙක් හෝ පල්ලි වලට නොගිය හේතුව අද දක්වාත් හෙළිදරව් හෝ පැහැදිලි කිරීමට කතෝලික පල්ලිය ඉදිරිපත් නොවුණේ ඇයි? (සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මා ද ඒ පිළිබඳව කාදිනල්ට අභියෝග කළත් කිසිදාක ඊට පිළිතුරක් ලැබුණේ නැහැ).

අනුර කුමාරට ජනාධිපති වීම සඳහා කතෝලික පල්ලිය උදව් කරන නිසා, අනුර කුමාර හෝ ජවිපෙ/ජන බලවේගයේ වෙනත් සාමාජිකයකු, උදාහරණයක් ලෙස ඊබ්‍රහිම් විසින්ම ප්‍රහාරය සිදුවුණු දිනයේ දී පල්ලි යන්න එපා කියා කාදිනල් ඇතුළු පූජකයින්ට දැන් වූවා වෙන්න බැරිද?

හරින් ප්‍රනාන්දු වැනි ප්‍රබල දක්ෂිණාංශික දේශපාලකයෙක් ප්‍රහාරය ගැන දැන සිටි නිසා, ඔහු එදින පල්ලියට ගියෙත් නැහැ.ඔහුගේ ගජ මිතුරු නාමල් පල්ලි ගියෙත් නෑ. මේ කිසිවක් නොදැන කොච්චිකඩේ පල්ලියට ගිය නාමල්ගේ මෑණියන්ව වාහනයකින් පැමිණි පිරිසක් විසින් ආපසු කැඳවාගෙන ගිය බව ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කරන පිරිස් ඒ පිළිබඳව සොයා බලනවා තබා කෙළෙ බිඳක්වත් නොහෙළන්න වග බලා ගත්තේ කුමන්ත්‍රණයේම කොටසක් ලෙසින්ද?

කාදිනල්ගේ ප්‍රධානත්වයෙන්
5 වෙනිදා කටුවාපිටිය පල්ලියේ සූදානම් කර තිබුණු විවෘත සාකච්ඡාවේදී එඩිතර කතෝලික තරුණයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායකට දැඩි ස්වරයකින් කතා කරමින් “පාස්කු ප්‍රහාරය පිළිබඳ ඔබත් දැන සිටියා” කියා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියා.

මෙම ප්‍රකාශය කරන්න වසර කිහිපයකට කලින් සිටම වසර 6 තිස්සේම මා විසින් මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුදා හරිනු ලැබුවා.ඊට පල්ලියෙන් ප්‍රතිචාර ලැබුනෙත් නැහැ. මේ පිළිබඳව පරීක්ෂණ කළ නිලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් ලැබුනෙත් නෑ.
රහස් පොලිසියේ බලවතුන් වී සිටි රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර, පරීක්ෂණ කණ්ඩායම් විසින් තමන්ව නොමග යැවූ බවක් කියමින් ඇඟ බේරගන්න දුබල උත්සාහයක් දරමින් සිටිනවා.

මේ හැම දෙයක්ම මේ අන්දමින් දඟර ගස්සවමින් ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවා හොයමු කියා හැඟිමුත්තන් සෙළ්ලමක් හා හොරා පොලිස් සෙළ්ලමක් ලෝකයා රැවටීම සඳහා ඉතාමත් ලස්සනටත් සූක්ෂමවත් දියත් කර තිබුණා.

වැටත් නියරත් ගොයම් කෑවා නම්, හොරාගේ අම්මගෙන් පේන ඇහුවා නම්, සමස්ත පාස්කු කතාවම බලන් ඉන්න අපිට ලබ්බෙතොයිලයක්ම පමණයි.
වින්දිතයින්ට දෙවියන්ගේම පිහිටයි!

-තෙවැනි ඇස-

07.10.2024