Sat. Jan 18th, 2025
Spread the News

විජේදාස රාජපක්ෂ එදා සිට රට පාවාදීමට කටයුතු කළ අයුරු චම්පික රණවක හෙළිකරයි

http://sinhala.readsrilanka.com/wp-content/uploads/2012/06/champikaandwijedasa.jpg

source:

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඉතා සුක්ෂමව එදා සිට රට පාවාදීමට උත්සාහ කළ අයුරු අද (07) දින පැවති මාධ්‍ය හමුවකදී ජාතික හෙළ උරුම පක්ෂයේ මහලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් හෙළි කළේය.

එමෙන්ම පූජ්‍ය පක්ෂයට පාර්ලිමේන්තුවට පිවිසීම තහනම් කිරීමේ මන්ත්‍රී යෝජනාවට තමා විරුද්ධ බවද, යුද්ධය ජයග්‍රහණය කිරීමේ තීරණාත්මක සාධකයක් ලෙස මෙරට ස්වාමීන් වහන්සේ කටයුතු කළ බව සිහිපත් කළ චම්පික රණවක මහතා විදෙස් රටවල බළල් අතක් බවට පත්නොවන ලෙස විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

එදා 2004 දී මැතිවරණ ප්‍රකාශණයට “ඒකීයභාවය” ඇතුලත් කරමින් “ඒකීය” රටක් ගොඩනැඟීමට මූලිකව කටයුතු කළේ සංඝයාවහන්සේලා බවත්, වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ද්‍රවිඩ ජාතික සන්ධානයට සහය ලබාදීම සඳහා ගෙනයන කුමන්ත්‍රණයක් විජයදාස රාජපක්ෂ මහතාගේ යෝජනාව තුළින් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව සැකයක් මතුවන බවද චම්පික රණවක මහතා විසින් මෙහිදී අවධාරණයෙන් යුතුව පැවසීය.

ජාතික හෙළ උරුමය හරහා ස්වාමීන් වහන්සේ මැතිවරණවලට ඉදිරිපත්වීම මගින් විශාල ජනතා බලයක් ඒ වටා ගොනුවූ බවත්, පැවති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පරාජය කොට වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ‍ස්වාමීන් වහන්සේ සුවිශාල කාර්යය භාරයක් ඉටු කළ බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් ජාතික හෙළ උරුම පක්ෂයේ මහලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දැක්වූ අදහස් පහත Link එක මත ක්ලික් කිරීමෙන් ඔබට සවන්දිය හැක.

විජේදාස රාජපක්ෂ එදා සිට රට පාවාදීමට කටයුතු කළ අයුරු චම්පික රණවක හෙළිකරයි (Audio)අහන්න මෙතන ඔබන්න

Protected by Security by CleanTalk