විද්‍යාගේ සොහොන දැල්වුණේ බෙදුම්වාදයේ ගින්නෙන්ද?
මේ සටහන ඇරඹිය යුත්තේ කොතැන කින්දැයි සිතාගත නොහැකිව තිබෙන්නකි. එසේ කීමට සිදුව තිබෙන්නේ දිගින් දිගටම සිදු වන දේ හමුවේ රට ඉදිරියට ළඟා වෙමින් තිබෙන අභියෝග දැක අපද හොල්මන් වී සිටින නිසාය. සැබවින්ම තිස් අවුරුදු ශාපයකින් මිදුණු මේ රට අද ඇදී යමින් තිබෙනුයේ කුමන දිසාවටද?
නැවත වතාවක් මේ බිම තුළ ත්‍රස්‌තවාදයට හෝ බෙදුම්වාදයට ඉඩක් නොමැති යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 19 වැනිදා මාතරදී පැවති රණවිරු සමරු උළෙලේදී සඳහන් කළේය. එසේම ඊට පසුදා එනම් 20 වැනිදා කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ රණවිරු ස්‌මාරකය අභියස පැවති රණවිරු අනුස්‌මරණ උළෙලේදී ජනතාව ඇමැතූ ජනාධිපතිවරයා එක් වටිනා ප්‍රාර්ථනයක්‌ද කරනු ලැබීය.
“එල්ටිටීඊයේ කුරිරු ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වැද මේ මාතෘ භූමියේ සහ ජනතාවගේ විමුක්‌තිය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරු දූ පුතුනේ නුඹලා සසර කෙළවර නිවන් දකින්නට පෙර මේ බිමේ යළි ජනිත විය යුතුයි” යන්න ජනාධිපතිවරයා කළ එකී ප්‍රාර්ථනය විය.
සැබැවින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරනු ලැබූ මේ කතා දෙක තුළම ඇත්තේ ඉතා ඉහළ වටිනාකමකි. එසේම අද දවසේ රට යන දිශාව දෙස බැලීමේදී එකී ප්‍රකාශ තුළ යම් අනාගත දැක්‌මක් ද ඇති බව පෙනෙන්නට තිබේ. එමෙන්ම පුංචි ගැටලු සහගත බවක්‌ද වේ.
මේ මොහොතේ රට තුළ ත්‍රස්‌තවාදය නම් නැත. එහෙයින් ත්‍රස්‌තවාදයට මේ බිමේ යළි මතු වන්නට නොදෙන්නේ යෑයි කීම ඉතා ප්‍රශස්‌ථය. නමුත් ත්‍රස්‌තවාදය අවසන් කළාට බෙදුම්වාදයට තිත තබන්නට අදටත් අපට හැකිවී තිබේද? නැත. මේ රට කෑලි කිරීමට සිහින දකින බෙදුම්වාදය තවමත් මහා රාක්‍ෂයකු සේ ක්‍රියාත්මකය.
පසෙකින් සමස්‌තය බිලිගත් යක්‍ෂයා වූ ප්‍රභාකරන් සමඟ එකට සිටි මේ මොහොතේත් ඊළාම් සිහිනය දකින දෙමළ දේශපාලනයේ බෙදුම්වාදය ය. අනෙක් පසින් මුස්‌ලිම් බෙදුම්වාදය ය. අද උතුරේත්, විල්පත්තුවේත් ඇවිලෙමින් තිබෙන්නේ ඒ බෙදුම්වාදයේ ගිනි දළුය.
මෙම තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාගේ ප්‍රාර්ථනය සේම, රටේත් ජනතාවගේත් විමුක්‌තිය උදෙසා ජීවිත පූජා කළාවූ අපගේ රණවිරු දූ පුතුන් නිවන් දකින්නට පෙර යළි මේ බිමේ ඉපදීම නම් අනිවාර්යෙන්ම සිදු විය යුත්තක් බවද කිව යුතුය.
මන්ද යම් මතු දවසක යළිත් ත්‍රස්‌තවාදයක් බවට පත් වන්නේ අද අප අත්දකින මෙකී බෙදුම්වාදයම වන නිසාය. එදාට මේ බිමේ යළි ඉපදෙන අපේ රණවිරු දූ පුතුන්ට ත්‍රිවිධ හමුදාවේ ඕනෑ තරම් වේකන්සි (ඇබෑර්තු) ද තිබෙනු ඇත. නමුත් ගැටලුව වන්නේ රට වෙනුවෙන් දිවිදුන් අපේ රණවිරු දූ පුතුන් ආත්මයෙන් ආත්මයට යළි යළිත් ඉපදිය යුත්තේ එසේ ජීවිත පූජා කරන්නටමද යන්න සිතා බැලීමේදීය.
එහෙත් කිසිවක් ගැන වැඩිපුර සිතන්නට කාලයක් නැත. අද දවසේ රටේ ගමන් මඟ දෙස බැලීමේදී ඔවුන්ගේ යළි ඉපදීම ස්‌ථිර වශයෙන්ම සිදු විය යුතු බව නැවත නැවතත් කිව යුතුය. එසේ නොවුන හොත් මතු දිනක අපට සිදු වන්නේ ඇඳිවතපිටින් ගෝල්ෙµaස් පිටියට ගොස් මුහුදට පන්නින්නට බව සටහන් කරනුයේ “අන්තෝජටා බහිජටා” ආකාරයෙන් රට කරවන සියලු උතුමන්ගේ ඔලුගෙඩි ඇතුළටම කාවදිනු පිණිසය.
මේ මොහොතේ මෙරට දෙමළ දේශපාලනය උතුරේ බෙදුම්වාදයේ ගිනි අවුළුවමින් සිටිනුයේ කෙලෙසින්ද? අද දවසේ ඔවුන් සිය බෙදුම්වාදයේ අරමුණු උදෙසා උතුරේ තරුණ සිත් වියරු ගැන්වීමේ උපක්‍රමය ලෙස තෝරාගෙන ඇත්තේ ඉකුත් දා යාපනය කයිට්‌ස්, පුංගුඩුතිව් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය කෙරුණු සිවයෝගනාදන් විද්‍යා දියණියගේ සුන්දර රූපය ය.
සමූහ දූෂණයට ලක් කිරීමෙන් පසු නරුම රැලක් සිවයෝගනාදන් පවුලේ සමනළියක බඳු වූ 17 හැවිරිදි විද්‍යා ඝාතනය කළහ. සැබැවින්ම එය අහස පොලොව නූහූලන අපරාධයකි. එහි කතා දෙකක් නැත. එහෙත් මෙහිදී රටේ වාසනාවට එක් දෙයක් සිදුව නොතිබිණි. ඒ විද්‍යා ඝාතනය කෙරුවෝ සියලු දෙනා දෙමළ ජාතිකයන්ම වීම හැර ඊට වෙනත් ජාතිකයකු (විශේෂයෙන් සිංහල එකෙකු) සම්බන්ධ නොවීමය.
වැරදිලාවත් එවැන්නක් සිදුව තිබුණේ නම් අද බෙදුම්වාදී දෙමළ දේශපාලනය විද්‍යාගේ ලස්‌සන රුව ගෙන හඬ නගන්නේ උතුරේදී නොව, ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවරය. ප්‍රංශයේ පැරිස් නුවරය. බ්‍රිතාන්‍යයේ ලන්ඩන්, ඉතාලියේ මිලානෝවල මෙන්ම කැනඩාවේ ටොරොන්ටෝවලින්ද ඒ හඬ මතු වන්නේය. පැහැදිලිවම කිවහොත් එය එසේ වූයේ නම් මේ වන විට විද්‍යාගේ රුව නොව සියල්ල ජාත්‍යන්තරකරණය වී අවසන්ය.
එසේ ජාත්‍යන්තරයේදී මතුවන හඬ, බෙදුම්වාදී අරමුණු සඟවාගෙන දැන් සිදු කෙරෙන්නාක් මෙන් “විද්‍යාගේ ඝාතකයන්ට නිසි දඬුවම් දෙනු” යෑයි ලෙසින් නැඟෙන එකක් නොවීමටද ඉඩ තිබිණි. විද්‍යාගේ ඝාතනයට වැරදිලාවත් සිංහල ජාතිකයකු සම්බන්ධ වූයේ නම් “බුදු අම්මෝ මෙන්න ශ්‍රී ලංකාවේ මහ ජාතිය දෙමළ තරුණියන් දූෂණය කර මරා දමනවෝයි” ලෙසින් ඒ හඬ මතුවන්නේය.
මෙරට ක්‍රියාත්මක දෙමළ බෙදුම්වාදී දේශපාලනයේ කාටත් නොවැටහෙන තුප්පහිකම ඇත්තේ එතැනය. එහෙත් විද්‍යා දූෂණය කර මැරූ ඝාතකයන් නව දෙනාම දෙමළ ජාතිකයන් වීම නිසා එවැන්නක් සිදු නොවීය. අද දෙමළ බෙදුම්වාදී දේශපාලනය තිරය පිටුපස සැඟවී සිටියදී විද්‍යාගේ ඝාතකයන්ට මරණීය දඬුවම වහා ලබා දෙන ලෙස පවසා රටේ නීතියට තර්ජනය කරමින් උතුරේ හර්තාල් පැවැත්වෙන්නේ ඒ නිසාය.
මෙසේ දෙමළ බෙදුම්වාදී දේශපාලනය යටින් සිටියදී විද්‍යාගේ මව්පියන් ඇතුළු පවුලේ ඥතීන්ටද නොදැනී ඇගේ ලස්‌සන රුව සංෙ€තය බවට පත්කරගෙන උතුරේ ක්‍රියාත්මක වූ විරෝධතා ව්‍යාපාරය උච්ඡතම අවස්‌ථාවට හෙවත් සුරාන්තයට ළඟා වූයේ ඉකුත් විසි (20) වැනිදාය.
එහිදී විරෝධතාවට එක්‌වී සිටි දෙදහසක පමණ පිරිසක් යුද්ධයෙන් පසු අලුතින් ඉදිවූ යාපනය අධිකරණ ගොඩනැගිල්ලට මෙන්ම පොලිසියටද පහර දී සියල්ල සුණු විසුණු කර මහාමාර්ගවල ටයර් පුළුස්‌සමින් ඩෙඟා නටන්නට වූයේ විද්‍යාගේ ඝාතකයන් වහා මරා දැමීමට තමන්ට භාර දෙන ලෙස රටේ නීතියට බල කරමිනි.
එකී බල කිරීම හමුවේ විරෝධතාවට එක්‌වූ 130 පමණ පිරිසක් මේ වන විට යාපනය බන්ධනාගාරයේ සිර මැදිරිවල කූරු ගණින අතර යතුරු පැදි, පා පැදි සහ ත්‍රිරෝද රථ ඇතුළු රථවාහන රැසක් පොලිසියේ ගොඩ ගසා ගන්නට පොලිසියට සිදු විය.
ඇතැම්විට මෙසේ යාපනය අධිකරණයට පහර දුන් විරෝධතාවේදී විරෝධතාකරුවන්ට එරෙහිව ආරක්‍ෂක අංශවල ගිනි අවියක් පත්තු වනතුරු උතුරේ බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ තුප්පහි භාවිතාව කට ඇරගෙන බලා සිටියාද විය හැකිය. එහෙත් එය සිදු නොවීය. ආරක්‍ෂක අංශ සියලු ගැටලුවලට මනා සිහිබුද්ධියෙන් යුතුව මුහුණ දෙද්දී අවසානයට සිදු වූයේ බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ ඉත්තන් වූ තරුයණයෝ පිරිසක් සිපිරිගෙට යැම වූහ.
සිවයෝගනාදන් විද්‍යා ඝාතනය හමුවේ මෙසේ උතුරේ ප්‍රචණ්‌ඩකාරීත්වයක් නිර්මාණය වන්නට වූයේ කිසිදු හේතුවක් නොමැතිව බවද මෙහිදී පැහැදිලිවම කිවයුතුව තිබෙන්නකි. අප මෙය දෙමළ දේශපාලනය විසින් බෙදුම්වාදය මතුකර ගන්නට දියත් කළ තවත් එක් කුමන්ත්‍රණයක් යෑයි කියනුයේද ඒ නිසාමය.
විද්‍යා ඝාතනය කෙරුණේය. නමුත් ඒ මොහොතේ සිට ඇගේ ඝාතනය වැළලී යන්නට ඉඩ හැර නීතිය හා සාමය රකින්නට සිටි කයටිට්‌ස් පොලිසිය බකන්නිලා සිටියේ නැත. පොලිසිය නීතියට අනුව සියල්ල සිදු කළේය. විද්‍යා මරා දැමූ සැකකරුවන් වරින් වර කොටු කර ගැනීමට පොලිසිය සමත් විය. ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ.
මෙම සිද්ධිය හමුවේ දෙමළ දේශපාලනයේ ඉත්තන් වී විරෝධතා දැක්‌වූ පිරිස් හඬ නඟා කියා සිටියේ විද්‍යාට සාධාරණය ඉටු විය යුතු බවකි. එසේ හඬ නැගූවන්ගෙන් අපට අසන්නට ඇත්තේ විද්‍යා ඝාතනය කළ වුන් අල්ලා අධිකරණය වෙත රැගෙන යැම හෑරෙන්නට ඇය වෙනුවෙන් කරන්නට තවත් පොලිසියට ඉතුරුව ඇත්තේ කුමන සාධාරණයක්‌ද යන්න පමණි. පොලිසිය ඇය වෙනුවෙන් කළ යුතු සියල්ල නොපමාව කරනු ලැබීය.
මින් ඉදිරියට ඇති සියල්ල භාරව ඇත්තේ මේ රටේ නීතියටය. සාමාන්‍යයෙන් ස්‌ත්‍රී දූෂණයකදී, මිනී මැරුමකදී මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් ඇත. එය විද්‍යාගේ ඝාතනය ගෙන උතුරේ තරුණ කොටස් ඇතුළු ජනතාව උසි ගැන්වූ දෙමළ දේශපාලනයද දැන සිටින්නකි.
බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ ඉත්තන් වී ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් විරෝධතාවට එක්‌වී යාපනය අධිකරණ ශාලාව කුඩුපට්‌ටම් කළ වුන් විද්‍යාගේ ඝාතකයන් මරා දමන්නට පොර කෑවේ සත්‍ය එය වෙද්දිය. මේ අතරේ ඉකුත් යුද සමයේ එල්ටීටීඊයට සම්බන්ධ වී සිට හමුදා අත්අඩංගුවට පත්වී පුනරුත්ථාපනය වූ පිරිස්‌ද සිටියහ. ඇතැම්විට තවමත් උතුරේ තිබෙන්නේ මිනීමරු ප්‍රභාකරන්ගේ නීතිය යෑයි මෙසේ විද්‍යා ඝාතකයන් මරා දැමීමට තමන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටින වුන් සිතා සිටිනවාද විය හැකිය. එහෙත් දැන් ඒ යුගය අවසන්ය. එහෙයින් අද ඒවා “සුම්මා” බව මෙකී පිරිස්‌වලට මෙන්ම බෙදුම්වාදී දෙමළ දේශපාලනයටද මතක් කර දිය යුතුය. අප එසේ කියන්නේ අද උතුරේ ක්‍රියාත්මක ටීඑන්ඒ දේශපාලනඥයෙක් මීට සති කිහිපයකට ඉහත ප්‍රභාකරන් එදා ක්‍රියාත්මක කළ ප්‍රචණ්‌ඩ නීතියේ ඇති යෝග්‍යතාව පිළිබඳ රෙදි ඇඳගෙනම කතා කරන්නට කටයුතු කර තිබුණ නිසාය.
කෙසේ වෙතත් මෙසේ විද්‍යා ඝාතනය ගෙන විරෝධතා දැක්‌වූවන් යාපනය අධිකරණ ශාලාවට පහරදීමේ සිද්ධියත් සමඟ ඊනියා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා නිවේදනයක් මගින් අමුතුම කතාවක් කියා තිබෙන අයුරු එදින පළවූ අන්තර්ජාල වාර්තා තහවුරු කළේය.
එහිදී ඔහු කියා තිබුණේ යාපනය දෙමළ ගුරු සංගමය, ව්‍යාපාරික ප්‍රජාව, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ ශිෂ්‍ය හා තරුණ සංවිධාන එක්‌ව විද්‍යා ඝාතකයන්ට නිසි දඬුවම් දිය යුතු බවට බල කරමින් සංවිධානය කර තිබූ සාමාකාමී විරෝධතාවක් අතරේ එහි කඩා වැදුණු ප්‍රකෝපකාරීන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බවකි.
එහෙත් මාවෙයි සේනාධිරාජා එසේ කියද්දී ඊට දිනකට පෙර එනම් යාපනය අධිකරණ ශාලාවට පහරදුන් දිනට පෙර දින උතුරු පළාත් මන්ත්‍රි පී. ගජදීපන් පුංගුඩුතිව් සර්වෝදය ශාලාවට ජනතාව රැස්‌කරවා ප්‍රකාශ කර තිබුණේ විද්‍යාගේ ඝාතනය සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් රජ්‍ය ආයතන අක්‍රීය කරන බවකි. මෙය මාවෙයි සේනාධිරාජා නොදැන සිටියා විය නොහැකිය. එහෙත් අදටත් දෙමළ බෙදුම්වාදය අදහන සේනාධිරාජා සිය නිවේදනය කර තිබුණේ ඉහත පරිදිය.
ඔහුගේ එකී නිවේදනය අනුව මෙකී විරෝධතාවට යාපනය දෙමළ ගුරු සංගමය, ව්‍යාපාරික ප්‍රජාව, විශ්වවිද්‍යාල ප්‍රජාව, ඇතුළු බුද්ධිමත් පිරිස් රැසක් සහභාගි වී ඇත. ඔවුන් මෙසේ විරෝධතා දක්‌වනුයේ විද්‍යාගේ ඝාතනය අරබයා නීතියට අනුව පොලිසිය කළ යුතු සියල්ල සිදු කර තිබියදීය.
විද්‍යා වෙනුවෙන් කළ යුතු සියල්ල සිදු කර තිබියදී මෙකී බුද්ධිමත් ප්‍රජාව විරෝධතා දක්‌වන්නට රැස් වූයේ කුමක් නිසාද? මොලේ අමාරුවක් තිබුණු නිසා විය නොහැකිය. ඒ තුළ තිබුණේ දෙමළ බෙදුම්වාදී දේශපාලන මෙහෙයවීමය. සිදු වූ දේ හමුවේ එසේ නොවන්නේ යෑයි කියන්නට කිසිවකුටත් නොහැක. එසේම සිදුවූ සියල්ල උතුරේ දෙමළ ජනතාවගේ අවශ්‍යතාව නොවූ බවද මෙහිදී කිව යුතුය. උතුරේ කතාව එසේ වෙද්දී යාපනය අධිකරණ ශාලාව කුඩුපට්‌ටම් කිරීමේ සිද්ධියත් සමග විද්‍යා ඝතානය වීමේ දුක දකුණේ දෙමළ බෙදුම්වාදී දේශපාලනය තුළද විහිදී යනු ඉකුත් සතියේ දකින්නට ලැබුණකි. එම සිද්ධියත් සමඟ වහා ක්‍රියාත්මක වූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මාධය හමුවේ අපූරු ප්‍රකාශයක් කර තිබුණි.
“විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් තමන් දෙමළ ජාතිකයකු ලෙස ලඡ්ජාවට පත්ව සිටින බවත් මෙවන් ස්‌ත්‍රී දූෂණ උතුරේ සිදු වන්නේ පසුගිය රජය උතුරේ තරුණ ජීවිත වෙත මත්පැන් ළඟා කර “සෙකේස්” ප්‍රචලිත කිරීම” නිසා බව මනෝ ගනේෂන්ගේ එම ප්‍රකාශය විය. මනෝ ගනේෂන් මේ ප්‍රකාශය කරනු ලැබුවේ කටින්ද නැතහොත් වෙන තැනකින්දැයි අප නොදන්නෙමු. එහෙත් අපට හැඟෙන්නේ නම් ඒ ප්‍රකාශය ඔහු කරන්නට ඇත්තේ කටින් නොවේ යෑයි ලෙසිනි.
සමූහ දූෂණයකට ලක් කර විද්‍යා ඝාතනය කිරීම ඉතාම නින්දිත ක්‍රියාවක් බව පැහැදිලිය. එහි කතා දෙකක්a නැත. එහිදී එය සිදු කරනු ලැබුවේ දෙමළ ජාතිකයන් නව දෙනකු බැවින් මනෝ ගනේෂන් ලැඡ්ජා වීමද සාධාරණය. එහෙත් මනෝ ගනේෂන් කියන පරිදි මෙවන් දේ අද උතුරේ සිදු වන්නේ පසුගිය රජය සමාජගත කළේ යෑයි කියන අරක්‌කු සහ සෙක්‌ස් නිසාද?නැත. උතුරේ දෙමළ ජනජීවිතයට මේ විනාශය ළඟා කළ එකම ජීවියා (දැන් පරලොව ගොස් සිටින) මනෝ ගනේෂන්ලා අදටත් “මගේ දෙයියා” කියමින් අදහන මිනීමරු වේලුපිල්ලේ ප්‍රභාකරන්ය.
උතුරේ තරුණ දූවරුන් හෙවත් දෙමළ ජාතියේ අනාගත මව්වරුන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ගිනි අවිය සමඟ සයනයිඩ් කරල ගෙල පැළඳුවේ වෙලුපිල්ලේ ප්‍රභාකරන්ය. එසේ එදා කොටි ත්‍රස්‌තවාදයේ සටන්කාරියන් ලෙස ප්‍රභාකරන් පැහැරගෙන ගිය ඇතැම් දෙමළ තරුණියන් කොටි බංකර ඇතුළේ දූෂණයට ලක් නොවූයේද?
අප මනෝ ගනේෂන්ගෙන් ඒ ප්‍රශ්නය අසනුයේ වගකීම් සහිතවය. ඉකුත් යුද සමයේ වරක් කිලිනොච්චියට කිලෝමීටර් කිහිපයක් මෙපිට තිබූ කොටින් ඉදි කළ අක්‌කරායන්කුලම් පස් බැම්මේ වූ කොටි බන්කරයක් හමුදාව අත්පත් කර ගැනීමත් සමඟ එහි යන්නට මේ ලියුම්කරුට අවස්‌ථාවක් ලැබිණි.
බන්කරය පස් බැම්ම හරහා එහා මෙහා යා හැකි පරිදි සිමෙන්තියෙන් ඉදි කර තිබිණි. මෙනිසාම එය අල්ලා ගැනීමේදී යුද හමුදාට දැඩි වෙහෙසක් දරන්නට සිදුවූවාද දැනුදු මතකයේ තිබේ. එසේ කොටි බන්කරයට ගිය අවස්‌ථාවේ එහි තැනක පැදුරක් එලා තිබෙනු දැක නිකමට මෙන් එය පාදයෙන් පසකට කරන්නට සිතුවේ අරමුණකින් තොරවය. සිතුවිල්ල ක්‍රියාවට නැගිණි.
පුදුමයකි භාවිත කරපුවා සහ නොකරපුවාද ඇතුළත් උපත් පාලන කොපු තොගයක් පැදුර යටින් මතු වූයේ සියල්ලන් මවිත කරමිනි. පසුව හමුදා සෙබළුන්ගෙන් කළ විමසීමකදී දැන ගැනීමට ලැබුණේ එම බන්කරය අත්පත් කර ගන්නා අවස්‌ථාවේ ඇති වූ සටනින් පසු කොටි තරුණියන් තිදෙනකුගේ සහ තරුණයන් දෙදෙනකුගේ මළ සිරුර හමුවූ බවකි.
එදා එහි සිට හමුදාව සමඟ සටන් වැදුණේ කසාද බැඳපු කොටි ජෝඩු නොවන්නේය. මන්ද විවාහ වීම කොටි සංවිධානය තහනම් කර තිබුණකි. එහි සිටියේ ප්‍රභාකරන් විසින් පැහැරගෙන ගොස් යුද්දයට ඇද දැමූ උතුරේ දෙමළ තරුණ තරුණියන්ය. ඔවුන් බංකරයේ සිට උපත් පාලන කොපු භාවිත කරනු ලැබුවේ බැලුම් පුම්බන්නට නොවන බවද අප කියන්නේ මනෝ ගනේෂන්ට ඇසෙන්නටය.
ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය හමුවේ සටනට පෙර උතුරේ දෙමළ තරුණියන්ගේ පිරිසිදු බව වැනසී ගියේ එසේය. නමුත් කිසි විටෙකත් තමන්ගේ ජාතියට ඒ විනාශය සිදු වෙද්දී මනෝ ගනේෂන්ලා කටක් ඇරියේ නැත. ඔහු පමණක් නොව අද දෙමළ ජනතාවගේ ගැලවුම්කරුවා යෑයි කියමින් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය සිටියේද එතැනමය. ඔවුන් පෙනී සිටියේ දෙමළ ජනතාව වෙනුවෙන් නොව, ප්‍රභාකරන්ගේ ඊළම හෙවත් බෙදුම්වාදය වෙනුවෙන්ය.
ප්‍රභාකරන් ඉදිරියේ දෙමළ දේශපාලනයේ භාවිතාව එසේ වෙද්දී උතුරේ ඉපදුණු “විද්‍යාලා” කී දෙනකු අකාලයේ මිලාන වී මිය යන්නට ඇද්ද? දෙමළ ජාතිකයකු ලෙස මනෝ ගනේෂන් ලැඡ්ජා විය යුත්තේ ප්‍රභාකරන් එසේ තම ජාතිය වනසද්දී නිහඬව සිටීම ගැනය.
අද උතුරේ සමාජගත බිහිසුණු බවට හේතුව මනෝ ගනේෂන් කියන අන්දමට අරක්‌කුවත් සෙක්‌ස්‌වත් නොවන්නේය. ඊට එකම හේතුව විය යුත්තේ දෙමළ දේශපාලනයේම හඬ නැගීම හමුවේ කඩිනම් පුනරුත්ථාපනයකින් පසු සමාජගත කෙරුණා වූ ත්‍රස්‌තවාදය තෝරාගත් බිහිසුණු මානසිකත්වයකින් සිටි තාරුණ්‍යය විය යුතුය.
තම ජාතිය පිළිබඳ කැක්‌කුමක් තිබෙන්නේ නම් දෙමළ දේශපාලනය වහා කළ යුත්තේ එසේ මානසිකව ඇදවැටීමකට ලක්‌ව සිටින උතුරේ තාරුණ්‍යය තමන්ගේ බෙදුම්වාදී අරමුණු වෙනුවෙන් පාරට බැස්‌සවීම නොව, ඔවුන්ගේ මොල සුද්ධ කර ජාතියේ අනාගතය සුරක්‍ෂිත කර ගැනීමය.
එහෙත් සිදු වෙමින් තිබෙන්නේ එයද? නැත. දිගින් දිගටම සිදු වෙමින් තිබෙන්නේ තමන්ගේ බෙදුම්වාදය වෙනුවෙන් ඇති එකම සම්පත ලෙස එම තාරුණ්‍යය භාවිත කිරීමට දෙමළ දේශපාලනය ක්‍රියා කිරීමය. විද්‍යා දියණිය වෙනුවෙන් විරෝධතා දැක්‌වූවන් යාපනය අධිකරණ ශාලාව කුඩු කිරීමේ යථාර්ථවාදී කතාව වන්නේ එය ය. දෙමළ දේශපාලනයේ මේ කුහකත්වය රටේ දෙමළ ජනතාව දැන්වත් වටහා ගත යුතුය.
මෙසේ ක්‍රියාත්මක බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ අවසන් තෙරපුම ත්‍රස්‌තවාදයක් සේ මතු දිනක යළිත් දකුණට දැනීම නියත වශයෙන්ම සිදු විය හැකිය. එහෙත් ඒ ඇත්තට මුහුණ දීමට අප සූදානම්ද?
උතුරේ එසේ වෙද්දී මේ මොහොතේ දකුණේ දේශපාලනය තුළ සිදුවන සියල්ල දෙස බලා අවසන් වශයෙන් ආණ්‌ඩුවෙන් අපට අසන්නට ඇත්තේ ඒ ටික පමණක් බව කිව යුතුය.
සමන් ගමගේ
See Gaj
2ND LEAD (Adds voice) මන්ත්‍රි පී. ගජදීපන් පුංගුඩුතිව්
Allow people to give way to their emotions, Wigneswaran warns Colombo on Heroes Day
[TamilNet, Wednesday, 27 November 2013, 16:01 GMT]
The occupying Sri Lankan military in Jaffna on Tamil Heroes Day blocked the Northern Provincial Council (NPC) from planting trees at the public venue of Thanthai Chelva’s memorial square. However, three provincial ministers, including the NPC Chief Minister CV Wigneswaran and three councillors went ahead planting tree saplings in the premises of the secretariat of the provincial education ministry, which is located in a private land. “This is about our emotions and feelings. If the [SL] government didn’t allow us to proceed with this, the outcome would be much more drastic,” the chief minister of NPC warned Colombo.
“While praying that peace be upon the souls of those perished, we also regard this event as a sign of bringing ourselves into a new world,” he added.
NPC Minister of Agriculture Mr P Aingaranesan and NPC Minister of Education T. Kurukularajah, NPC members V. Sivayogan, P. Gajadeepan and E. Arnold were present at the function.
“We plant trees symbolising our desire for the arrival of a new generation as one generation has left us. A lot of youth, both men and women, among our population have departed from us. If we are to achieve upliftment in our life, we need the youth, children and more students,” he said.
“Like we seek to maintain our environment in a healthy way, we also seek rejuvenation of the human life.”
“The [Sri Lankan] Government has forbid planting trees [on this Day]. They are approaching the issue with a narrow mind,” he said.
The government should take into account the emotions and feelings of the people. If it seeks to suppress the emotions of the people with military might, the result would be far worse, and that the government should take this into account, the NPC Chief Minister warned.
If the government sought to tackle the situation with military might, the emotions and feelings of the people would gain more impact in the future than now, he said. “If you put the ball inside the water and push it downwards, it would bump up,” Mr Wigneswaran said.
In his 3-minute address, he also said: The trees on both sides of the A9 have been wiped out in the Northern Province. The outgrown jungles have become empty terrains now. “How did they vanish, who got them is something we could only assert, I think, through an international investigation,” he commented.