විදෙස්ගත කොටින් මෙරට දෙමළ ජනතාවට සාපයක්

Spread the News

විදෙස්ගත කොටින් මෙරට දෙමළ ජනතාවට සාපයක්

source link:

– නියෝජ්‍ය ඇමැති මූර්ති මුරලිදරන්

ශ්‍රී ලංකාවේ උතුරු නැඟෙනහිර පැවැති යුද්ධය අවසාන වීම ගැන කොටි සංවිධානයට ගැති ඇතැම් බටහිර සහ යුරෝපීය බලවේගවල නොසතුටට හේතු වී ඇති බවත් ඒ නිසා එම බලවේගවල බළල් අත් ලෙස කටයුතු කරන ඇතැම් විදේශ සංවිධාන ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් මහතා ‘සිළුමිණ’ට පැවැසීය.

එල්ටීටීඊ ගැති මේ බලවේගවල අරමුණ ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා සහ රණවිරුවන් අන්තර්ජාතික යුද අධිකරණයට ගෙන ගොස් නැවත වරක් ශ්‍රී ලංකාවේ අර්බුදයකට පසුබිම සැකසීම බවත් නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් මහතා ප්‍රකාශ කෙළේය.

ලෝකයේ කිසිඳු සංවිධානයකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට හෝ රණවිරුවන්ට චෝදනා කිරීමේ අයිතියක් නැති බවත් ඇත්ත දැන සිටින්නේ එල්ටීටීඊයේ නියෝජ්‍ය නායකයාව සිටි තමන් ඇතුළු ශ්‍රී ලංකාවට ආදරය කරන දෙමළ නායකයන් සහ උතුරු නැඟෙනහිර දෙමළ ජනතාව බවත් ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.