Spread the News

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි
කළ යුතු හැටි” විද්වත් හමුව අද

පියසේන දිසානායක

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව මාදුළුවාවේ සෝභිත හිමි හා විපක්‌ෂයේ ප්‍රධාන පක්‌ෂවල නායකයන් පොදු එකඟතාවයකට පැමිණ ඇත. මේ සම්බන්ධව පසුගිය දිනවල පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක්‌ ලෙස මෙම එකඟතාව ඇති කරගෙන තිබේ.

ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ කෙසේදැයි පිළිබඳව මාදුළුවාවේ සෝභිත හිමිගේ ප්‍රධානත්වයෙන් අද (24 දා) සවස 02.00 ට කොළඹ නව නගර ශාලාවේදී විද්වත් හමුවක්‌ පැවැත්වේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට වන රටපුරා ජනතාවගෙන් අත්සන් ගැනීමේ වැඩසටහන්ද මෙහිදී ආරම්භ කෙරේ.

මෙම විද්වත් හමුවට විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ නායක සරත් ෆොන්සේකා, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, රුහුණු ජනතා පක්‌ෂයේ මහ ලේකම් අරුණ සොයිසා, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන පක්‌ෂ හා සංවිධාන රැසක නායකයෝ හා විද්වත්හු සහභාගි වෙති.