කූන්…..කූන්…කූන් ….
හලෝ !……. හලෝ !……
කවුද ?
පරණ යාලුවෙක්… !
කවුද ? කවුද ?
මම.. අඳුරන්න බැරිද ?
මට නම් එතරම්ම මතක නැහැ…….
මම ධම්මික.
හලෝ.. ලෝ.. ලෝ…සහෝදරයා…..! නැහැ.. නැහැ… මචං ….
කාලෙකට පස්සේ . උඹ කොහොමද මගේ ටෙලිෆෝන් නොම්මරේ හොයාගත්තේ ?
ඉතින්…
කමක් නැහැ ඇයි ? කියපං විස්තර.
උඹ දැන් පැන්ෂන් ගිහිල්ලා ඇති නේද ?
දරුවෝ දැන් කොහොමද ?
උන් බැඳලද ?
ඉතින් ..! ඉතින්..! ඉතින්… කියපං …කියපං… කියපං…
මට අද හරි සන්තෝෂයි මචං
මම නම් හිතුවේ උඹලා ආයේ කවදාවත් හම්බවෙන්නේ නැතිවෙයි කියලයි.
කියපන්කො …මොකද උඹ නිහඬ ? ඇයි කෝල් කලේ …?
මචං …. මට උඹව පෞද්ගලිකව හම්බවෙන්න උවමනායි…
ඉතිං ..වරෙන්කෝ මගේ ගෙදර. මමත් තනියමනේ ඉන්නේ. මටත් වුන දේවල් උඹ දන්නේ නැතිව ඇති…
වරෙන්.. වරෙන්… වරෙන්.. මෙහේ වරෙන්…
එහෙනම් මම හෙට දිහාවේ එන්නද ?
අපෝ වරෙන්… වරෙන්… වරෙන්…
පසුවදා නිවාඩු දිනයක් වූ බැවින් මම ඔහුගේ ගෙදර ගියේය. ඔහු තනිකඩව ඇතත් ඔහු මට අසහාය පිළිගැනීමක් ලබා දුන්නේය.
වරෙන්… මගේ වෛද්‍ය මිත්‍රයා…..
කැමති තැනකින් වාඩිවෙයන්…
රන්ජනී…..නී…..නී…නී…
කව්ද බං ඒ ?
සවන්ට් තමයි මචං ..වෙන කවුරුද ?
ඉතින් මොකද වුනේ ..? අතීතේ කොහොමද ? කියපං විස්තර…
දීර්ග කතාවක් සහ ප්‍රති කතාවක් …..!
ඇත්තද මචං…?
ඉතින් අද ආවේ ? ඇයි මාව පෞද්ගලිකව හම්බවෙන්න වුවමනායි කියුවේ ?
මචං මම ගියා ජගත්ලගේ ගෙදර මේ ලඟදි..
මට හිතුනා උගේ අම්මවයි , තාත්තාවයි වත් බලන්න කියලා…. ඇයි මචං ඒ දවස්වල අපිට තේ එකක් වත් දුන්න මිනිස්සුනේ.
ඉතින් ?
තාත්තා මැරිලා… අම්මට හොඳටම වයසයි…
ඉතින් ??????
උඹව අඳුරාගත්තද ?
මම, මම කවුදැයි කීවාට පස්සේ අඳුරාගත්තා..
ඉතින්…?…?…?
අම්ම ටිකක් වෙලා මාත් එක්ක කතා කරලා ගේ ඇතුලට ගිහින් ජගත් ගේ ෆ්‍රේම් කරපු ෆොටෝ එකක් ගෙනාවා මචං…
ඉතින්.. ඉතින්…
ගෙනල්ල මගෙන් අහනවා “මගේ පුතා දැන් කොහෙද ඉන්නේ කියලා”..
මට කටඋත්තර නැති වුනා මචං…අම්මගේ ඇස් වලින් කඳුළු බේරෙන්න පටන්ගත්තා… මටත් ඇඬුනා මචං…
ඉතින් ?????????????
මම කීවා ජගත් ඉන්නවා එයි කියලා.
ඇයි උඹ බොරු කීවේ ?
ඒ මනුස්සයා අඬනකොට මම කොහොම වාවන්නද මචං..?
ඉතින් ????????????
මට ලොකු ප්‍රශ්නයක් එතන තියෙනවා මචං….
කියපං… ඉතින්… කියපං…
ඌ මලේ අපි ඌව ෆෝම් කල නිසානේ. මට එක දැන් නිතරම මතක්වෙනවා මචං.
අහිංසකයා ඌ මලා. උඹ ඉංජිනේරුවා වුනා.. මම දොස්තර වුනා…
මචං , වෙනසක් කරන්න එකතුවෙන්න කියලා අපිනේ උන්ට කියුවේ. අපි බේරුනා . උන් මලා…දැන් අවුරුදු 35ක්. අපි මැරුණු උන් වෙනුවෙන් මොනවද කලේ මචං… උගේ අම්මා එදා අඬනකොට මමත් ඒකේ වගඋත්තර කරුවෙක් නේද කියා මගේ හිත මට කියන්න , මට වදදෙන්න පටන්ගත්තා මචං. ඒ සුළු කාලේට දැනුන වේදනාව වාගේ වේදනාවක් මට මගේ ජීවිතේදී දැනිලා නැහැ මචං.
මේ බලපන් ! මට දැන් දරුවෝ ඉන්නවා. උන් එකෙක් මේ වාගේ දේකින් මළොත් අද ජගත් ගේ අම්ම ගානට මම වැටෙන්නේ නැත්ද මචං..
මචං… මම මෙහේ ඉන්නවා කියලා දැනගෙන මේ ලඟදි මාව හම්බවෙන්න ඒ කාලේ පුර්ණ කාලීන සහෝ.. කෙනෙක් ආවා. ඌ මම මගේ රූම් එකට එක්කරගෙන ගිහිල්ලා මම ඌට නොසෑහෙන්න සැලකුවා. ඌ අන්තිමේදී මෙහෙම ඇහුවා. “අයියා දන්නවාද මාව මිනිමරුවෙක් කලේ කවුද කියලා. ඩොක්ටර් ….. කියලා ඌ එකපාරටම කිව්වා. “ අයියා ..! දවසක් මම මගේ නෝනට ඇදුම වැඩිවෙලා අමාරුවෙලා එයාගේ ප්‍රයිවෙට් එකට වේගයෙන් ගියා නෝනාව බේරගන්න. එයා එදා මට පෝලිම කඩාගෙන ආවා කියලා සෑහෙන්න බැන්නා. ඒ පෝලිම ඉවරවෙනකම් මම පෝලිමේ හිටියනම් මගේ නෝනව ඉවරයි අයියා. එහෙම වුනා නම් ළමයි දෙන්නට අම්ම නැතිවෙනවා. මම …. රෝහලට අරගෙන ගිහිල්ලයි නෝනව බේරාගත්තේ.” ඌ කියාගෙන ගියා.
ඉතින් මම මොන උත්තරයක් ඌට දෙන්නද මචං…
එකනම් ඇත්ත තමයි මචං.
ඉතින් ?
උඹ බෞද්ධද ?
ඔව් ! ඇයි නැත්තේ ?
මචං අපි කල දේ අපේ පස්සේ එනවනේ… ඉතින් මගේ හිත මට නිතරම කියනවා මම ඒ කලේ වරදක් කියලා. මගේ හිත මට නිතරම කියනවා ඒ වරදෙන් මට කිසිදා ගැලවෙන්න බැරිවෙයි කියලා…
ඇත්ත මචං.
අරූ ඩික්සන්ට , කොස්තට නම් ඕවා ගානක් වත් නැහැ…
උන් “එක් ජීවිතයයි ඉන් ඉවරයි” කියලා විශ්වාස කරන එවුන්නේ. උන් හිතන්නේ මේ කිසිවක් උන්ට අදාළ නැහැ කියලයි.
මචං මේක මගේ හිතට හරි බරක්…දුකක් මචං…මොකා වුනත් ජීවත්වෙන්න කැමතියි. අපි මොන හෝ හේතුවක් කියලා අහිංසක මිනිසුන් “අපේ වාසිය වෙනුවෙන්” පාවිච්චි කරලා උන් අමාරුවේ වැටුනාම “ඒ උගේ කැපකිරීමෙන් අන්තිමේදී වාසි ලබන්නේ අපි”. අපි ඉන් පස්සේ උන්ට කලේ මොනවද මචං. අපි අපේ වාසිය වෙනුවෙන් කැපවුණු උන් අමතක කරලා අපි සුඛිත මුදිතව ජීවත්වෙනවා. සල්ලි ගරනවා. රට සවාරි ගහනවා. උන් අද නැතත් උන්ගේ දරු පව්ලක් වත් ගැන ඉන් පස්සේ අපි හොයලා බැලුවද මචං.
මචං උඹට මේ ටික කියුවායින් පස්සේ මට තරමක බරකින් නිදහස් වුනා වාගේ දැනෙනවා. මින් පස්සේ වත් එකෙක් තව එකෙකුට විරුද්ධව පත්තුකරලා වෛරය පතුරලා මැරෙනවාට වඩා එක මිනිහෙක් හෝ ජිවත්කරලා මැරෙමු මචං………
ස්තුතියි !
(සත්‍ය සිද්ධීන් සමුහයක් සහ ඒ අරභයා වූ පසු කතාවක් අරභයා ලියන ලදී.)
(නම් ගම් මනකල්පිතය.)