Spread the News

Courtecy by Ravana News –

කීර්තිමත් හමුදා නිලදාරියෙකු වන ශවේන්ද්‍ර සිල්වා මහතාට යුද අපරාද චොදනාද එල්ල වු අතර ශ්‍රි ලන්කාවේ පැවැති මහජන අරගලය පිලිබදවද විවිද චෝදනා එල්ල වෙමින් පවතී. කෙසේ වුවත් එම මහජන අරගලය පාලනය කිරීමට නොහැකි බවත් එය පාලනය කිරීමට වෙඩි තැබුවේ නම් දහස් ගනනාවක් වැසියන් සහ හමුදා භටයන් මිය යාමට ඉඩ තිබුනි. එම කාලය තුල ඒ පිලිබදව අප වාර්තා කරන ලදී. කෙසේ නමුත් රට ගිනි තැබීමට අවශ්‍ය සියලුම කටයුතු සිදුවන්නේ මහින්ද ඇතුලු කන්ඩායමේ වරදිනි

එකල වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලෙස කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය වසරේ මැයි 9 සහ 10 වනදා ඇති වූ සිද්ධින් මැඩපැවැත්වීමට කටයුතු නොකර රාජකාරි වගකීම පැහැර හැර ඇතැයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර ඇති බව වාර්තා වන නමුත් එම සිද්දිය ඇති කල මහින්ද රාජපක්ශ ඇතුලු කන්ඩායමට එරෙහිව එම වාර්තාවේ තිබේද යන්න වාර්තා නොවේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ඇතුලු 34 දෙනෙකු විසින් ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ (24) අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අතර තම නිවාස සහ දේපල ආරක්ෂා කර ගැනීමට, නොහැකිවීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති ඇතුලු කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ජනරාල් දයා රත්නායක සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකගෙන් සමන්විත මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කර තිබූ අතර, ඔවුන් විසින් මැයි 9 වනදා සහ 10 වන රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව ද ප්‍රකාශ වේ.

එම කමිටුව පත් කල දිනයේම අප වාර්තා කලේ හමුදාවෙන් කිසිම වරදක් සිදු වූ බවට වාර්තා නොවූ බවයි. ඒ අනුව මෙහිදි සිදුව තිබෙන්නේ ගොරක දඩ මස් කිරීමකි. අපගෙ පැරනි වාර්තාව පහතින් බලන්න ත්‍රිවිධ හමුදාවෙන් වැරදි සිදු වුවාදැයි සොයා සුදු හුණු ගෑමට කමිටුවක් පත් කරයි.

Previous Article-

ත්‍රිවිධ හමුදාවෙන් වැරදි සිදු වුවාදැයි සොයා සුදු හුණු ගෑමට කමිටුවක් පත් කරයි.

link: