ශ්‍රීමත් ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ඇතුලු සියලුම සිංහල දේශපාලකයින් වෙත විවෘත සන්දේශයක්

Spread the News

ශ්‍රීමත් ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ඇතුලු සියලුම සිංහල දේශපාලකයින් වෙත විවෘත සන්දේශයක්

ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර සිංහල බෞද්ධ ජේෂ්ඨ පුර වැසියන්ගේ සංවිධානයේ සභාපති සහ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම්

මහනුවර 2021.3.3.

(මෙම ලිපිය ලිවීමට මා පෙලඹවූයේ “ලබන ජූනි මස පමණ යලිත් පලාත් සභා මැතිවරණය පැවැත්වීමට අගමැති තුමා උපදෙස් දුන්” බවට පුවත් පත්වල පලවූ පුවතකි).

එදා 2009 මැයි මස නන්දිකඩාල්හිදී ලොවම පරාජය නොකල හැකියයි කී ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන්වූ එල්.ටි.ටි (LTTE)ය පරාජය කොට රට ජාතිය තිස්වසරක යුධ ශාපයෙන් බේරාගත් ආකාරයෙන්ම, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍ය විනාශකොට රට ජාතිය දෙමළුන්ට පාවාදුන්දා ඔබද විරුද්ධ වූ, 1987 ජූලි 29 ජේ ආර්- රජිව් ගිවිසුම සහ ඉන් උපන් පලාත් සභා මර උගුලද 34 වසරකට පසුව හෝ අහෝසි කොට රට ජාතිය බේරා ගෙන සදාකාලික ජාතික වීරයින් වශයෙන් ලක්බිමේ ඉතිහාස ගතවෙනවාද, එසේ නොකොට තාවකාලිකව බලයේ රැදී සිටීම සඳහා,ඉතිහාසයේ කිසිම දිනක නොතිබුණු එසේම මතු කිසිම කිසිදාකද නොලැබෙන ඉන්දීය මිතුරුදම නැමැති මිරිඟුව පසුපස දිව ගොස් වසර 2500 ක් පුරා පැවැති අභිමානවත් සිoහල රට හා ජාතිය 21 වන සියවසේදී ඉන්දියාවට පාවාදුන් ජාති ද්‍රෝහීන් වශයෙන් ඔබ ඉතිහාස ගතවෙනවාද යන්න ඔබ විසින්ම තීරණය කළයුතුය.?

මේ උදාවී ඇත්තේ මව්බිමේ සහ සිංහල ජාතීයේ අනාගත ඉරණම විසදෙන ඒ ඓතිහාසික තීරණය ගතයුතු තීරණාත්මක මොහොතයි ශ්‍රීමත් ළකිසුරු තුමනි, ගරු අගමැති තුමනි, ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුණි. එම් .සි .සි (MMC) ඇමෙරිකානු මර උගුලෙන් මව්බිම සහ සිංහල ජාතිය බේරාගැනීම ගැන මුළුමහත් ජාතියේම ප්‍රසංශාව ඔබ රජයට හිමිවෙයි.

ඒ වගේම ඉන්දියාව විසින් මේ රට සහ සිංහල ජාතිය මිහිපිටින් අතුගා දැමීම සදහා, ලක්මවගේ හිසමත බලහත්කාරයෙන් පැටවූ 1987 ජූලි 29 ජේ ආර් -/රජිව් ගිවිසුම සහ පලාත් සභා මර උගුලද අහෝසි කොට එම වියසනයද වහාම අහෝසි කරනතුරු ඔබ රජය බලයට පත්කිරීමට චන්දය දුන් 70 ලක්ෂයක දේශප්‍රේමී ලක්වැසී ජනතාව දෑස් දල්වා පුලපුලා බලාසිටියි.

ශ්‍රීමත් ජනාධිපති තුමනි,
ගරු අගමැති තුමනි,
මැති ඇමතිවරුනි,

පහත සඳහන් හේතු නිසා දැනටමත් මේ රටට හා ජාතියට මහා වියසනයක් කොට ඇති එසේම නුදුරු අනාගතයේදීම සිංහල ජාතිය සහ සම්බුද්ධ ශාසනය විනාශ කර දැමීමට ඉන්දියාව වීසින් 1987 දි ඇටවූ පලාත් සභා මර උගුලට සහ ඊට පසුබිම සකස්කළ 1987 ජේ ආර්/රජිව් ඉන්දුලන්කා ගිවිසුම යන දෙකටම මේ සිංහල බෞද්ධ රාජ්‍යයේ මුරදේවතාවුන් වහන්සේලා වන ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ සියලුම දේශප්‍රේමින් දැඩිසේ විරුද්ධය. එම විරෝධතාව සහේතුකව පෙන්වාදී එම විනාශයෙන් මේ සිංහල දේශයත්, සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනය බේරා ගැනීම මෙම ලිපියේ එකායන අරමුණය.

1987 ජූලි 29 රජිව්/ජේ ආර් ගිවිසුම සහ පලාත්සභා මර උගුල

1.මෙම පලාත් සභා ක්‍රමය 1987 ජූලි 29 වන දින ජේ ආර් ජනාධිපතිවරයා විසින් ජනතා විරෝධය නොසලකා හදිසිනීතිය පනවා, මහජන මන්ත්‍රී වරුන්ට අයුතු බලපෑම්කොට බලහත්කාරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි පවා ලබාගෙන ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන ව්‍යවස්ථා විරෝධී අන්දමින් අත්සන් කරන ලද 1987 ජූලි 29 රජිව්/ජේ ආර් ගිවිසුම අනුව, මේ රට කැබෙලි 9 කට කඩා,අපගේ රටේ භෞමික අඛණ්ඩ භාවය, ස්වාධීනත්වය, නිදහස, ජනතා පරමාධිපත්‍ය සහ වසර 2500 පැරණි සිංහල බෞද්ධ රාජ්‍ය විනාශකොට එය දෙමල ආධිපත්‍ය සහිත ඉන්දියාවේ දෙමළ ප්‍රාන්තයක් කිරිමේ අරමුනින් ඉන්දියාව විසින් ලක්මවගේ හිස මත බලහත්කාරයෙන් පටවනලද මර උගුලකි.

2.බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් 1833 කෝල්බෲක් කොමිසමෙන් ලංකාව තුල අනාගත දෙමළ ඊලමේ පදනම වශයෙන් වර්ගවාදය අනුව මේ රට බෙදා පාලනය කිරීම සඳහා රටෙන් 1/3 ක් සහ රටෙ මුහුදු වෙරලේ දිගින් 2/3 ක් පමණ අයත්වන පරිදි උතුරු-නැගෙනහිර පලාත් දෙක ඇතුලු පලාත් ක්‍රමය ඇතිකිරීමෙන් පසු මේ රටේ භූදේශපාලන ඉතිහාසයේ ඊටත් වඩා භයානක මෙන්ම ජාතිද්‍රෝහී, දේශ ද්‍රෝහී ලේඛනයවූයේ 1987 ජූලි 29 වන දින දරණ ජේ ආර්/රජිව් ඉන්දුලන්කා ගිවිසුමය. ඉන්දියාවේ බලපෑම සහ තර්ජන මධ්‍යයයේ අප හිසමත බලයෙන් පටවනලද ඉන්දුලන්කා ගිවිසුම අත්සන් කිරීම සහ එසේම ඊට අනුමැතිය ගැනීම සහ ඒ යටතේ පලාත්සභා පිහිටුවිම සඳහා විපක්ෂයේ සහ මුලු රටේම දැඩි විරෝධතා මැද පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම්කොට 13 වන ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කොට ගත්තේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිනරහිත ඉල්ලා අස්වීමේ ලිපි බලහත්කාරයෙන් අත්සන්කොට ගෙන, මන්ත්‍රී වරුන් හෝටලයකට ගාල්කොට ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තබාගෙන චන්දය විමසන වෙලාවට මැති සභයට දක්කාගෙන විත් චන්දය ලබාගැනීමෙන් බැවින් එයව්‍යවස්ථා විරෝධීය, සදාචාර විරෝධී එසේම ජනතා විරෝධීද වේ.

3.එය මේ රටේ ඉතිහාසයේ දේශපාලන, ආර්ථික, පරිපාලන හා සමාජික ඛේදවාචකයක් මෙන්ම රටේ හා ජාතියේ විනාශයට මර උගුලක් හා හූනියමකි. මෙම ගිවිසුම අත්සන් කරන ලද්දේ ඉන්දිරා ගාන්ධි විසින් මේ රටේ රජයට එරෙහිව සටන්කිරිම සදහා එල්.ටී.ටී යට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 32 ක් ලබාදෙමින් ඉන්දියාව පුරා කොටින්ට පුහුණුව ලබාදුන් පසුබිමකය.

4. 1987 රජිව්/ජේ. ආර් ගිවිසුමෙන් එදා පැවැති රජය සිදුකලේ සිංහල ජාතියත් මේ රටත් අමුඅමුවේ ඉන්දියාවට පාවාදීමකි.

මේ ගිවිසුම් යටතේ

1. උතුරු නැගෙනහිර පලාත් දෙක ශ්‍රිලංකාවේ දෙමළ ජනයාගේ ඓතිහාසික නිජබිම වශයෙන් පිළිගැනීම

2. උතුරු නැගෙනෙහිර පලාත් දෙක ඒකාබද්ධකොට එක් පලාත් සහාවක් වශයෙන් පිලිගැනීම එම ඒකාබද්ධ පලාත් සහාවට තවත් පලාත් ඒකාබද්ධ කිරීමට ඉඩකඩ සැලස්වීම

3.ඉතිහාසයේ ආරම්භයේ සිටම මේ සිංහල බෞද්ධ රටේ රාජ්ය භාෂාව වූ එසේම1978 ව්‍යවස්ථාවෙන්ද ලංකාව පුරා රාජ්‍ය භාෂාව වසයෙන් ප්‍රකාශ කොට තිබුණු 18 වන වගන්තිය පරිච්චින්නකොට දෙමල භාෂාවද රටේ රාජ්ජ්‍ය භාෂාවක් වශයෙන් පිලිගැනීම සහ උතුරු නැගෙනහිර පලාත් දෙකේ පාලන භාෂාව දෙමළ වියයුතු බව පිලිගැනීමෙන් උතුරු නැගෙනහිර රටෙන් 1/3 සිංහල රාජධානියෙන් වෙන්කොටසිංහල ජාතියත් සිංහල දේශයත් පාවාදීම.

4. පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාධායකය,විධායක,අධිකරණ, පොලිස් සහ ඉඩම් බලතලද 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පලාත් සභාවලට පැවැරෙන පරිදි සම්මතකොට ගෙනලංකා එක්සේසත් රාජ්‍යයේ මිනී පෙට්ටියට අන්තිම ඇණය ගැසීම.

5.අනුගමනය කෙරෙන ක්‍රියාදාමයන් කිසිත් නොසලකා කිසිදු විමර්ශනයක්ද නොකොට එසේම කිසිම කොන්දේසියක්ද නොපනවා රුපියලේ මුද්දරයක් මත සමාදාන විනිශ්චකාරයෙකුගේ අත්සනක් මත පමණක් මේ රටේ වටිනා පුරවැසිභාවය බන්දේශියක තබා දීම.

6.මෙවැනි අමණ හා ද්‍රෝහී තීරණ මගින් 1978 ආණ්ඩුක්රම ව්‍යවස්ථාද උඩුයටිකුරුකොට ලංකා රාජ්‍යයේ ඒකීය භාවය සහ භෞමික අඛන්ඩ භාවයද අහෝසි වන පරිදි පලාත් සභා මඟින් මේ රට ෆෙඩෙරල් රාජ්ජ්‍යක් කිරීමේ පදනම දැමීම සහ මේ අභිමානවත් සිoහල බෞද්ධ රාජ්‍ය විනාශකොට දැමීමේ පිඹුරුපත මෙම ජාතිද්‍රෝහී දේශද්‍රෝහී ගිවිසුමෙන් සම්පූර්ණ කිරීම වැනි කොන්දේසි ඇතුලත්වූ නිසා මෙම ගිවිසුම වසර 2500 කට වැඩි ලෝකයේ කීර්තිමත් ඉතිහාසයක් ඇති මේ සිංහල රටේත් සිංහල ජාතියේත් එසේම සම්බුද්ධ ශාසනයේත් මළගම ප්‍රකාශයට පත්කල, දේශද්‍රෝහී ජාති ද්‍රෝහී ගිවිසුමක්වශයෙන් ඉතිහාස ගතවිය.

1987 දී මෙම ගිවිසුමෙන් ඉන්දියාව ලංකාව ආක්‍රමණය කොට සිදු කලේ 1815 ආක්‍රමණිකයෙකු වශයෙන් සහ 1947 සෝල්බරී ව්‍යවස්ථාවෙන් මේ රට සදාකාලිකව ඔවුන්ගේ ග්‍රහණයේ තබාගැනීමට සුද්දා කළ කුමන්ත්‍රණ වලටත් වඩා දරුණු දේශපාලන අපරාධයකි. මන්ද . ඉංග්‍රීසීහු වසර 133 කින් ආපහු ගියහ. නමුත් ඉන්දියානුවන් කිසිදිනෙක මේ රටින් එසේ නොයනු ඇත. ඉන්දීය සම්භවක් ඇති සිංහලයින්ට සදාකාලික ඉන්දීය දෙමල වෛරසයක් අපට දායාදකොට දී ගොස් ඇති බවිනි. මෙම ගිවිසුමෙන් අප රටේ ස්වාධීනත්වය, නිදහස, ස්වරීභාවය මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍ය අහෝසි විය. වර්තමානයේ ඉන්දියාව ඉදිරියේ බලුකුක්කකු මෙන් ලංකා රාජ්‍යට වලිගය වකුටුකොටගෙන නිදාගැනීමට සිදුව ඇත්තේ මේ නිසාය.

බ්‍රිතාන්‍යයෙන් 1815 දී සිදුකරණලද ආක්‍රමණයත් 1987 දී ඉන්දියාව කරණලද මේ ආක්‍රමණයත් අතර වැඩි වෙනසක් මම නොදකිමි. ඉවසිය නොහැකි කරුණනම් අපේ අත ඉඹ ඉඹ විලිලජ්ජා නැතිව ඉන්දියාව මෙවැනි අපරාධයක් අප රටට කිරීමයි. මෙම ආක්‍රමණයට කිසිදු විරෝධයක් නොකොට ලංකාව මේ තුලින් සිදුකොට ඇත්තේ සියතින් බෙල්ල කපාගැනිමකි. අභිමානවත් ජාතියක් හා රටක්, රටට හා ජාතියට ආදරයක් නැති බියගුළු නායකයකු විසින් සිදුකරනලද ඓතිහාසික මහා පාවාදීමකි. එසේම 1948 දී ලබාගත්තායයි කියන සොච්චම් නිදහසද අහිමිකර ගැනීමකි. එදා ආක්‍රමණිකයා අධිරාජ්‍ය වාදී ඉංග්‍රීසින්ය . මෙදා ඉන්දියාවය. වෙනස එපමණය. මෙය වූකලි නිසැකයෙන්ම 21 වන සියවසේ ඉන්දියානු දේශපාලුවන් විසින් අසල්වැසි රටකට සිදුකරණලද නින්දිතම එසේම දරුණුම ආක්‍රමණයකි. මේ අපරාධයේ සහ පාපකර්මයේ සම්පූර්ණ වගකීම භාරගත්යුත්තේ සිය මාතෲ භූමියට සහ ජාතියට ආදරයක් නැති රට හා එහි වැසියන්ගේ ශිෂ්ටාචාරය හෝ ස්වදේශීය රාජ්‍ය සම්ප්‍රදායන් නොදත් පරගැතිකමින් හිස පුරවාගත් දේශද්‍රෝහීන් රටේ නායකයින් වශයෙන් චන්දයෙන් තෝරා පත්කරගන්න මිනිසුන්මය.

13 ව්‍යවස්‌ථා සංශෝධනය

13 වන ව්‍යවස්‌ථා සංශෝධනය මඟින් ඉතා පැහැදිලිව සිංහල සහ දෙමළ වශයෙන් රට දෙකට කඩා ලංකා රාජ්‍යයේ එක්සේසත් බව විනාශකොට රට පූර්ණ බලැති ප්‍රාන්ත රාජ්‍යන් 9 කින් යුත් අර්ධ පෙඩරල් රාජ්‍යක් බවට පත්කිරීමේ පදනම දැනටමත් දමා අවසන්කොට ඇත. මුළුමනින්ම එසේ වීම තාවකාලිකව සම්පුර්ණවීම නතරවී ඇත්තේ 13 සංශෝධනය පරිදි ඉඩම්. අධිකරණ සහ පොලිස් බලතල තවමත් පලාත් සභා වලට නොදුන් නිසාය. ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3 වන වගන්තියේ සඳහන් ජනතා පරමාධිපත්‍යද අමුඅමුවේ උල්ලංඝනයකි. එමනිසා 13 ව්‍යවස්‌ථා සංශෝධනය ඓතිහාසික ව්‍යවස්‌ථා උල්ලංඝනයකි. ඒ නිසාම එය ව්‍යවස්‌ථා විරෝධිය . ප්‍රජාතන්ත්‍ර විරෝධීය. දේශද්‍රෝහිය .එසේම ජාතිද්‍රෝහීය.

ඊටත් වඩා පුදුමයනම් 1987 දී එයට විරුද්ධව බණ්ඩාරනායක මැතිනිය සමග සටන්මගට බැස සිටි වර්තමාන අගමැතිවරයාද තවමත් පලාත්සභා තබා ගැනීමට ක්‍රියා කිරීමය.එපමණක් නොව 13 + නැමැති තවත් බිල්ලක්ද දීමට සූදානම් බවට වරෙක ප්‍රකාශ කොට තිබීම සහ දැනටමත් පලාත් සභා මැතිවරණ පැවැත්වීමට සූදානම්වී සිටිම මටනම් අදහා ගැනීමටවත් බැරිය.

මේ නිසා ඉන්දියාව විසින් ලක්මව මරා මුහුදට විසිකොට තමිල්නාඩුවේ දිගුවක් මෙහි පිහිටුවා ලෝකයේ පලමු ඊළම් රාජ්‍ය ලක්පොලව මත පිහිටුවීමට පෙර දැන්වත් 13 සම්පුර්ණයෙන්ම ඉවත්කොට මේ පලාත් සභා නැමැති හූනියම සහ කාල බෝම්බය වහාම නිශ්ක්‍රිය කළයුතුය. එසේ නොකලහොත් 2500 වසරක සිංහල බෞද්ධ රාජ්‍යයේ මළගම හෙටම ඉතිහාස පොතේ සටහන් වනු ඒකාන්තය. එමෙන්ම 2009 සහ 2020 දී එසේ කිරීමට ලැබුණු ස්වර්ණමය අවස්ථා දෙකක්ම පැහැර හැරිය නායකයකයින් වශයෙන්ද ඔවුහුද මහා වන්සගතවනු ඇත.

මේ නිසා ජේ. ආර් /රජිව් ගිවිසුම සහ පලාත් සභා සැළකිය යුත්තේ දෙකක් වශයෙන් නොව අපේ මව්බිම විනාශකිරීම් සදහා ඉන්දියාව විසින් මනාසේ සැලැසුම්කොට අටවන ලද දෙබිඩි මර උගුලක් වශයෙනි. එබැවින් මේ විනාශකාරි කාළ බෝම්බ දෙකම වහාම එකවර නිශ්ක්‍රිය කළැයුතු බව අපගේ ඒකමතික ඉල්ලීමයි. ගිවිසුම දැනටමත් ඉන්දියාව විසින් එකපාක්ෂිකව උල්ලංඝනයකොට ඇති බැවින් එය අහෝසි කිරීම ගැටළුවක්ද නොවේ. ලංකාණ්ඩුවට කළයුතුව ඇත්තේ ඒබව අපේ පාර්ශවයෙන්ද ප්‍රකාශ කිරීම පමණි.

ශ්‍රීමත් ජනාධිපති තුමනි, ගරු අගමැතිතුමනි

2009 දී ඔබතුමන්ලා දෙපල විසින් වසර 30 ක් තිස්සේ ජනාධිපතිවරුන් 4 දෙනෙකුට පරාජය කිරීමට නොහැකිවූ මේ රට තුල ඊලමක් ගොඩ නැගීමට සටන්කොට මේ රට විනාශකල, කොටි ත්‍රස්තවාදීන් පරාජය කොට ලබාගත් සියලු ජයක්ග්‍රහනයන් දැන්වත් ආරක්ෂාකර ගතයුතුය. 2015 සිට 2019 දක්වා එකී ජයක්ග්‍රහණ ආපසු හරවා රට ජාතිය පාවාදුන් ඊනියා යහපාලන කාරයින් පන්නා දමා රුහුණු පුතුන් දෙදෙනකුවූ ඔබතුමා සහ ඔබගේ සොහොයුරා වන ජනාධිපති තුමාටත් මේ රටේ 70 ලක්ෂයක සිංහල බෞද්ධයින් චන්දය දීමේ එක් ප්‍රධාන අරමුණක් වූයේ මේ මර උගුලෙන් මව්බිමත් සිංහල ජාතියත් එසේම බුදු සසුනත් බේරාගෙන සෞභාග්‍යමත් අනාගතයකට නවමන් පෙත් විවරකොට ගැනීමයි.

එම නිසා දැනටමත් වසර 3 කට වැඩි කාලයක් අක්‍රියව තිබුණු, එසේම වලදමා තිබුණු හතර කොනින් ඕජස් ගලන දුගඳ හමන පලාත්සභා මලමිනිය මේ අවස්ථාවේදී ගොඩගෙන පලාත්සභා හූනියමට යලිත් පණ දී ඔබට ඡන්දය දුන් ඒ 70 ලක්ෂයකසිංහලයින් පාවා නොදී මේ මර උගුලෙන් හා ජාතික ව්‍යසනයෙන් දැන්වත් මේ රට හා ජාතිය බෙරා ගන්නාමෙන් මුලු මහත් ජාතියම අද ඔබතුමාගෙන් සහ ජනාධිපති තුමාගෙන් ඉල්ලාසිටියි. එබැවින් හුදු ආත්මාර්ථය වෙනුවෙන්ම පලාත් සභා ඉල්ලා හඬන දේශපාලන මස්වැද්දන්ට යටත් නොවී.කරුණාකර ජනතා හඬට සවන් දී ඔබගේ කීර්තිනාමයත් රටේ හා ජාතියේ ඉරණමත් බේරාගන්නාමෙන් අපි ඉල්ලමු. එසේ නොකළහොත් ඔබ දෙපල දිවිපරදුවට තබා යුද්ධය දිනා රට බේරාගත් ඒ අතිවිශිෂ්ට කීර්තියද මැකීගොස් 1948 න් පසු මේ රට පාලනය කල, සිරිමා බන්ඩාරනායක මැතිනිය හැර, අන් සියලු දෙනාටම හිමිවූ අපගේ මව්බිමත් උතුම් සිංහල ජාතියත් මරණින් බේරා නොගැනීමේ ද්‍යෝෂාරෝපණය ඔබටද ලැබෙනු ඇත. එසේ වීමට දුටුගැමුණු සම්ප්‍රදාය උරුමකොට ඇති ඔබ කිසි විටෙකත් ඉඩ නොතබන බව අපි දනිමු.

මේ නිසා 1833 දී සුද්දා විසින් අටවනලද පලාත් අනුව බෙදා පාලනය කිරීමේ මරඋගුලේ නවතම මුහුනුවර සහ ඉන්දියානු පිටපත වූ රජිව් /ජේආර් ගිවිසුම සහ ඒ හරහා උපන් පලාත් සභා ක්‍රමයද මේ රටේ පරමාධිපත්‍ය තියෙනවා කියන ජනතාවගේ අනුමැතියක්ද නොමැතිව එළඹගත් මේ දුෂ්ඨ රජිව්/ජේ.ආර් ගිවිසුම සහ 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය නැමැති ඉන්දීය මර උගුල් දෙකම වහාම අහෝසි කොට ලක්මව මරනින් බේරාගන්නා මෙන් වර්තමාන රජයෙන් අපි දැඩිව සහ අවධාරනයෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රීමත් ජනාධිපති තුමනි, ගරු අගමැති තුමනි

අපට පුරුදු සම්ප්‍රදායික දිසා පාලනය නැවතත් ඇතිකරමු. ඉන්දියානු ආකෘති අපට එපා

1987 සිට මේ දක්වා 33 වසරක් පුරා ආත්මාර්ථකාමී දේශපාලකයින්ට සහ ඔවුන්ගේ චක්ගෝලයින්ට සිතූ පැතූ සම්පත් ලබාදුන් කප් රුකක් වූ එහෙත් රටට හෝ ජනතාවට මෙලෝ සේවයක් නොවූ මේ හුනියම වහාම අහෝසිකර එසේම මේ රට් දේශපාලන, පරිපාලන, ආර්ථික.සාමාජික හා ආරක්ෂක වශයෙන් අවුලෙන් අවුලට ඇදදැමූ පලාත් සභා හූනියම් යක්ෂයාද පලවා හැර මේ රටේ වසර දහස් ගානක් තිස්සේ ක්‍රියාත්මක වූ, එසේම සුද්දන් විසින්ද ඔවුන්ගේම නිර්මාණයක් වූ පලාතට වඩා ප්‍රායෝගික හා කාර්යක්ෂම පාලන ඒකකයවූ දිසාව (දිස්ත්‍රික්කය) ප්‍රධාන පාලන ඒකකය වශයෙන් යොදාගැනීම් වහාම පියවර ගන්නා මෙන්ද අපි ඉල්ලමු. එසේම 13 යටතේ ඇතිකළ පලාත් අනුව පාලනය කිරීමේ අසාර්ථක, අවුල් සහගත හා අධික නාස්තිකාරී ක්‍රමය අහෝසිකොට අපට පුරුදු සම්ප්‍රදායික දිසා පාලනය නැවතත් ස්ථාපිත කරන මෙන් රටට, දැයට හා සසුනට හිතැති ඔබතුමන්ලාගෙන් අපි ඉල්ලා සිටිමු. මෙය ඔබතුමන්ලා බලයට පත්කළ ජනතාවගේ එක් ප්‍රධාන අපේක්ෂාවක් බවද අමතක නොකළ මැනවි.

1948 ඊනියා නිදහසින් පසුව වුවද 1970 දශකයේ මැදක් වනතුරුම දිසාපතිවරුන් යටතේ ඉතා අඩු මන්ත්‍රීන් සංඛ්‍යාවක් හා අඩු නිලධාරි පිරිසකින් හා අඩු වියදමකින් මෙන්ම කාර්යක්ෂමවද දිසා පාලන ක්‍රමය මැනවින් ක්‍රියාත්මක විය.

එහෙත් ඉන් පසුව 1973 දී දේශපාලන දිසා අධිකාරිය සහ 77 දී දිසා ඇමති ක්‍රමයද 1987 න් පසු ඇරැඹුණු දේශපාලන සුනාමියක් වූ පලාත් සභා ක්‍රමයද නිසා සීග්‍රයෙන් දේසපාලනීකරණය වූ රටේ පාලනය වෘත්තිය රාජ්‍ය නිලධාරින්ගෙන් ගැලවී සුද්දන් විසින් දායාදකොට දමා ගිය පක්ෂ ක්‍රමයේ වහලුන් වූ දේශපාලකයින්ගේ ගොදුරක් බවට පත්විය. දිසාපතිවරුන් දිසාපති කාර්යාලවල කාමරවලින් එලවාදමා දිසා ඇමතින්ද පසුව මහ ඇමතින්ද ඉත්තෑයාගේ ගෙට රින්ගූ කබල්ලෑයින් මෙන් දිසාවේ සහ පලාතේ සින්හාසනාරූඩ විය.මෙයවු කලී පක්ෂ දේශපාලන ක්‍රමයක් පවතින රටක ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මුලුමනින්ම බලයේ සිටින පක්ෂය වීසින් පැහැරගැනීමක් සහ මන්කොල්ලකෑමකි.මෙය හරියෙටම අප්පුවා රජවීමට සමානය. එසේම කිසිදු අධ්‍යනකින් හෝ විශේෂඥ උපදෙසකින් තොරව සිදුකරණලද මේ සෑම අත්හදා බැලීමක්ම අසාර්ථක වුවද අධික වියදම් සහිත වූද එසේම රටට හෝ ජනතාවට කිසිදු යහපතක් නොවූද දේශපාලකයින්ට සහ ඔවුන්ගේ සහචරයින්ට පමණක් කරල පැහුණු අදූරධර්ෂී දේශපාලන තීණ්දු පමණක් විය.

1987 ඇරඹුණු පලාත් සභා ක්‍රමය යටතේ පලාත් සභා 9 භාරව ජනාධිපතිවරයාගේ ඍජු නියෝජිතයින් වශයෙන් ආණ්ඩුකාරයින් 9 දෙනකුද පත් කෙරින. මොවුන් කිසිවෙකු පරිපාලනය හෝ ජනතා අපේක්ෂවන් පිළිබද දැණුමක් හෝ ජනතා හිතවාදි බවක් ඇති අය නොවූහ. ඔවුන් සියලුදෙනාම හුදු දේශපාලන ඉත්තන් පමණි. මේ අනුව 1987 න් පසු මුලු රටේම පාලනය වෘතිය රාජ්‍ය නිලධාරින්ගෙන් ගැලවී නොඋගත් දේශපාලකයින්ගේ පූර්ණ ග්‍රහණයට හසු විය. සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මේ යටතේ පලාත් දේශපාලකයින්ගේ හුදු අතකොලු බවට පත්වූ අතර රාජ්යරාජ්‍ය සේවයේ ප්‍රශස්ථ ගුණාංගයක් වූ අපක්ෂපාතීත්වයද ඒ සමගම වල් වැදින. රාජ්‍ය සේවය තුල මනා මුදල් කළමනාකරණයක් සහ නිලබල අධිකාරියක් තුල පරිපාලාන විනයක් ආරක්ෂා කෙරුණු ප්‍රශස්ථ මුදල් රෙගුලාසි සහ පරිපාලන රෙගුලාසි අනුව දූෂනයෙන් තොර අපක්ෂපාති සේවයක් සිදුකළ රාජ්‍ය පාලනයමෙන්ම රාජ්‍ය මුදල්ද පක්ෂ දේශපාලනයේ ගොදුරක් බවට පත්විය.1970 දශකයෙන් පසු සියලුම ආණ්ඩු විසින් සිදුකරනලද මෙවැනි අත්හදාබැලීම් වලින් අපේක්ෂාකල රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමකතාවය, අපක්ෂපාතිත්වය හෝ එලදායිතාව වෙනුවට සිදුවූයේ සමස්ථ රාජ්‍ය තන්ත්‍රයම දැඩි සේ යළි ගොඩගත නොහැහකි පරිදි දරුණු අන්දමින් දේශපාලනීකරණය වීම සහ බින්දවැටී තවත් අවුලෙන් අවුලට යාම සහ නාස්තියෙන් සහ දුෂණයෙන් පිරුණු පාලනයක් රට තුල මුල්බැස ගැනිමය.එහි සමස්ථ ප්‍රතිඑලය වූයේ දේශපාලන,ආර්ථික , සාමාජික හා සදාචාරාත්මක ආදි සෑම අතින්ම රට ප්‍රපාතයට යාමය. පලාත් සභා ක්‍රමය නිසා පලාත තුල රාජ්‍ය නිලධාරීන්ට ආණ්ඩුකාරයාගේ,මහ ඇමතිගේ සහ මධ්‍යම ආණ්ඩුවේ රැස්වීම් වලටම ඔවුන්ගේ කාලයක් ගිය පසු තම එදිනෙදා රාජකාරි කටයුතුවලට කාලයක්ද ඉතිරි නොවේ. කෝකීන් වැඩිවූ විට් සූපයට සිදුවන දේ අපි කවුරුත් හොදින් දන්නා කාරණයකි.

සුද්දා විසින් දායාදකොට දී ගිය පලාත් අනුව පාලනය කිරීම දේශපාලන පක්ෂ ඔවුන්ගේ අතට ගැනීම නිසා ඊනියා ප්‍රජාතන්ත්‍ර වාදයද වල්වැදී බලයේ සිටින පක්ෂයේ අත්තනෝමතික පාලනයක් බවට රටේ පාලනය පත්විය. මේ යටතේ දේශපාලකයින් හා නිලධාරීන් ගණනද සීග්‍රයෙන් වැඩිවූ නිසා මේ වනවිට රටේ සෑම මිනිසුන් 3232 කටම එක දේශපාලකයකු සහ මිනිසුන් 16 කට එක නිලධාරියකු ඇති ලෝකයේ එකම රට බවට අද මේ රට පත්ව ඇත. මේ අනුව ලෝකයේ වැඩිම ඒක පුද්ගල දේශපාලන සහ නිලධාරි අනුපාතාය ඇති රට වශයෙන්ද අපි ලෝක වාර්තාවක් තබා ඇත. රටේ මහබැන්කුව මහදවල් හොරාකෑ අගමැති වරයකු ප්‍රධාන කොට ඇති දේශපාලන හොරමුලක් නීතියේ රැහැනින් බේරී යහතින් සීටින දේශපාලන සංස්කෘතියක් බිහිකළ රටක් වශයෙන්ද අපි ලෝක වාර්තාවක් තබා ඇත.

13 වන සංශෝධනය හරහා පරිපාලන එකකයක් වශයෙන් සුද්දාටත් එපාවූ පලාත් ක්‍රමය ඇති කිරීම නිසා දේශපාලකයින් හා නිලධාරීන් වැඩිවී පරිපාලනය අවුල්වී ඇති ආකාරයට උදාහරණයක් වශයෙන් මහනුවර දිසාව ගතහොත් 1987 වනතුරු එක් දිසාපතිවරයකු සහ ප්‍රාදේශීය ආදායම් පාලකවරුන් 12 දෙනකු සහ දිසාපති කාර්යාලයේ තවත් ඒ මට්ටමේ මාණ්ඩලික නිලධාරීන් තිදෙනකු දිසාව තුල සිදුකල කාරිය කිරීමට අද ඒ මට්ටමේ නිලධාරීන්ම 80 ක් පමණද ඒ අතරේ පලාත් සභාවේ ප්‍රධාන ලේකම් වරයකු ඇතුලු අමාත්‍යංශ ලේකම්, නියෝජ්ජ්‍ය ලේකම්, සහකාර ලේකම් ආදි වශයෙන් ලේකම් වරුන්ම 75 ක් පමණද තවත් විධායක නිලධාරින් රැසක්ද සිටී. පලාත් සභා ඕනෑ කියන අයගෙන් අපි මේ ප්‍රශ්ණය අසමු. 1987 ට පෙර එක් දිසාපති/ලේකම් වරයකු සහ විධායක නිලධාරින් 16 දෙනකු සිදුකල කාර්යය කිරීමට අද ලෙකම් වරුන් 80, ආණ්ඩුකාරයෙක්, මහඇමති සහ පලාත් ඇමති 4ක් සහ පලාත් මන්ත්රිවරුන් 17 ක් පමණ අමුතුවෙන් පත්කර සිටින්නේ ඇයි. එසේ කිරීමෙන් සේවය කාර්යක්ෂම වී තිබේද.පරිපාලනය විමධ්‍ය ගතවී ජනතාවට වඩා හොද පාලනයක් ලැබී තිබේද. දැනට පලාත් සභාවක සිටින්නේ ඇමතිවරුන් 5 ක් පමනි. එයද මධ්‍යයම ආණ්ඩුවේ 30 දක්වා වැඩි කලයුතුයි කියා පලාත් ඇමතිවරුන් උත්ඝෝෂණය කරන දිනයද ළඟදීම පටන්ගනු ඇත.

දිසාපති කාර්යාලයේ මෙන්ම අනෙකුත් රේකීය දෙපර්තමේන්තු වල නිලධාරි සංඛ්‍යාවද  වැඩිවී ඇත. උදාහරණයකට  පලාත් පාලනය ගත්තොත් 87 ට පෙර එක් සහකාර කොමසාරිස් වරයකු සිදුකල රාජකාරිය සඳහා අද පලාත් කොමසරිස් වරයෙකුද සහකාර කොමස්රිස් වරු ගනනාවක්ද සිටී.. මේ ක්‍රමය මුලු රටේම් ක්‍රියාත්මක වන නිසා නිලධාරි සංඛ්‍යාව සහ ආයතන සංඛ්‍යාවද වැඩිවී ඇති සැටි ඔබට සිතාගත හැක. එසේ වූ  විට ඒ සදහා අමතරව වැයවන මහජන මුදල් සම්භාරයද ඒ අනුව වැඩිවී ඇත. මෙම ක්‍රමය යටතේ රාජය සේවය කාර්යක්ෂම වනු වෙනුවට තවත් අකාර්යක්ෂම වී ඇත.ප්‍රමාද වී ඇත. මේ අන්දමින් නිලධාරීන්  සහ ආයතන වැඩිකොට ඇතත් මේ රට අද එකම මන්ත්‍රී කොට්ඨාසයකට  හෝ මන්ත්‍රීවරයකුද නැත. හේතුව ඔවුන් දිස්ත්‍රික්ක  මන්ත්‍රීවරුන් වීමය.
 
පලාත්සභාවේ ආණ්ඩුකාරයෙක්, මහ ඇමති වරයකු, තවත් ඇමතීන් 4 දෙනෙක්ද මන්ත්‍රීවරුන්16 ක් පමණද  මෙකී දේශපාලකයින්ට පුද්ලික නිලධාරින් පිරිසක්ද වෙනම සිටී. රට පුරා සෑම දිසාවකම මෙම ක්‍රමය  ඇති නිසා මේ සියලුදෙනාටම කාර්යාල,වාහන, අතට,නිවසට හා ඇතැම්විට පයටද දුරකථන, ඇත.පඩිනඩි සහ තවත් අනේක විධ පහසුකම් වෙනුවෙන් වසරකට ජාතික ධනයෙන් කෝටි ප්‍රකෝටි ගණනින් නිරපරාදේ වැය වෙයි.
 
එහෙත් 1987 ට පෙර ඉහත සඳහන් කළ පරිදි සුලු නිලධාරීන් පිරිසකගෙන් සිදුවූ සේවයෙන් අඩක්වත් අද සිදුවන බවක්ද නොපෙනේ. ඇත්ත වශයෙන්ම මේ ක්‍රමය නිසා අද සිදුව ඇත්තේ දේශපාලකයින් වැඩිවී, නිලධාරීන් වැඩිවී, ආයතන වැඩිවි රාජ්‍ය වියදමද අහස උසට වැඩිවී, දූෂණය, නාස්තිය වැඩිවී  රාජ්‍ය සේවය අවුලෙන් අවුලට පත්වි රටපුරා  අරාජික තත්වයක් මුල් බැසගැනිම පමණි. ජනතාවට පොරොන්දු වූ සේවාවන් විමධ්‍යගත  කෙරීම වෙනුවට අද එය තිබුණාටත් වඩා මධ්‍යගතව ඇත. උදාහරණයකට මධ්‍යම  පලාතේ ලග්ගල විල්ගමුමේ පුද්ගලයකුට මාතලේ දිසාපති කාර්යාලයෙන් කර ගැනීමට තිබුණු දෙයක් කරගැනීමට අද මහනුවර පල්ලෙකැලේ පලාත් සභා කාර්යාලයට ඒමට සිදුව ඇත.
 
මීට අමතරව දිසා පාලන ජාලයේ සහ පලාත් පාලන ජාලයේද සේවකයින් සහ ආයතන වැඩිවිම   නිසා එකම කාරණය සදහා ආයතන කිපයක් තිබිම නිසාත් දක්නට ඇති ගැටුම් හා අනොන්‍ය සංකුලතා නිසා  වියදමද අනවශ්‍ය  අන්දමින් ඉහළගොස් ඇති අතර  නාස්තිය හා දුෂණයද වැඩිවී රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයද  බින්දුවට බැස ඇත. අද මේ අවුල් වියවුල් සියල්ලගේම වින්දිතයින් වී ඇත්තේ පොදු ජනතාවය. එහෙත් ඇතම් දේශපාලකයින් පලාත් සභා වැසීමෙන් ජනතාවට අති විශාල  පාඩුවක් වී ඇති බව පැවසීම මහා විහිලුවකි. එසේ සිතන හා කියන මිනිසුන් යැවියයුත්තේ පර්ලිමෙන්තුවට නොව අන් ගොඩටයයි මම සිතමි.

වලදමා තිබුණු මලමිනියක් ගොඩගැනීම

පලාත් සභා පිලිබඳ  කතාන්තරය මෙසේ ශෝචනීයවී තිබියදී වසර ගානක් තිස්සේ වසා තිබුනු පලාත් සභා මැතිවරණය හැකි පමණ කඩිනමින් පැවැත්වීමට කටයුතු කරණමෙන් මැතිවරණ කොමිසමට අගමැතිතුමා උපදෙස් දුන් බව පුවත්පත්වල පලවී තිබෙණු දුටිමි. අගමැති තුමනි මෙය කිසිසේත්ම නොකලයුත්තක් යයි අපි කියමු. මන්ද මේ ක්‍රමය තුලින් යැපෙන හා ලාභ ප්‍රයෝජන ලබන දේශපාලකයින් සහ ආණ්ඩුකාරකම්, මහඇමැතිකම් ඇතුලු මැති ඇමතිකම් බලාපොරුතුවෙන පුද්ගලයින් හැර සිහිමොලේ ඇති වෙන කිසිම කෙනෙක් පලාත් සහාවලට කැමැති නැත. ඒවා ගැන අඬන්නේ රටට හෝ ජාතියට කිසිම වැඩක් නොකර මහජන මුදලින් සුරසම්පත් ලබාගැනීමට ජේ ආර් ලබාදුන් කල්පවෘක්ෂය අහිමිවූ දේශ පාලන පරපුට්ටන් පමණි. මේ හූනියම නිසා මෙ රටට හා ජාතියට 33 වසරක් පුරා සිදුවී ඇති හා ඉදිරියට සිදුවිය හැකි මහා දේශපාලනික, ආර්ථික හා සාමාජික විනාශය නිසා මේ රජයට චන්දය දුන් බහුතර ජනතාවගේ ඒකමතික අදහස පලාත් සභා දැන්වත් වහාම අහෝසිකළයුතු බවය.

ගරු අගමැතිතුමාත් 1987 දී මේ ක්‍රමයට  විරුද්ධව  සටන්කල බව අමතක නැතෑයි අපි සිතමු.  ඉහත සඳහන් කරණ ලද හේතූන් නිසා පලාත් සභා වසන්ගතය අහෝසි නොකලොත් 2009 දී කොටින් පැරදවීමෙන් ලබාගත් රට හා ජාතිය බෙරා ගැනීමේ ගෞරවයද ඔබතුමාලාට අහිමිවනු ඇත.කිසීවෙකුට පරාජය කිරිමට බැරියයි කී කොටින් පරාජය කිරීමෙන් ලබාගත් විජයග්‍රහණ  සම්පූර්ණ වන්නේ ජේ ආර් /රජිව් ගිවිසුම සහ පලාත් සභා පිළිකාවද ලක් පොලෝතලයෙන් ඉවත් කළ දාටය. ඊනියා යහපාලන ණඩය පන්නාදමා  2019 දී ජනාධිපතිවරණයේ දී මෙන්ම 2020 මහමැතිවරණයේදීද ඔබට චන්දය දුන් 70 ලක්ෂයකට ආසන්න සිංහල  බෞද්ධ් ජනතාවගේ එක් වැදගත්  බලාපොරුත්තුවක් වූයේ 1987 මාරන්තික ඉන්දුලන්කා ගිවිසුම සහ ඉන් උපන් පලාත් සභා හූනියමෙන් මේ රට මුදාගැනීමය. ඇත්ත වශයෙන්ම ඔබතුමාලා මේවා අහෝසි කළයුතුව තිබුනේ 2009 යුද්ධය අවසානයත් සමගමය. එදා සිදුවූ ඒ අතපසුවීම නිවැරැදිකර ගැනීමේ ස්වර්ණමය අවස්ථාවයි මේ උදාවි ඇත්තේ.එබැවින් ඒ ස්වර්ණමය අවස්ථාව අත්නොහළ මැනවි.
 
එකද දෙමල හෝ මුස්ලිම් චන්දයක් වත් නැතිව මේ රටේ භූමි පුත්‍රයින් හා පරම අයිතිකරුවන් වන සිංහලයින්  විසින් දැන් ඔබ ඉල්ලූ මැති සභයේ 2/3 කේ බලයද ලබාදී ඇත. 20 වන සංශෝධනයද  සම්මතවී ජනාධිපති විධායක බලයද ලැබී ඇත. පසුගිය දිනක ඉන්දීය ඇමති අද්වාල් කල ප්‍රකශය අනුව ඉන්දියාවද එසේම එම් .සි.සි (MCC) ඉල්ලා අස්කරගෙන ඇති බැවින් දැන් ඇමෙරිකාවද තරමක් හෝ හීලෑවී ඇති බවද පෙනේ. ජනතා විරෝධය මෙන්ම ඔබ දෙදෙනාගේ සෘජු ප්‍රකාශද  ඒ සදහා බලපා ඇතැයි අපි සිතමු. එමනිසා ඔබතුමාලා  බලයට පත්කළ මා ඇතුලු 70 ලෂයක සිංහල  ජනතාවගේ ඉහත සදහන් ඉල්ලිම් දෙකද ඉටු කිරීමට දැන් ඔබට කිසිදු භාදාවක් නැත.

1987ට පෙර තිබුණු අපගේම උරුමය වූ සම්ප්‍රදායික  ක්‍රමය  පිළිබද පුණරාවලෝකණයක්.

මේ රටේ ඉතිහාසයේ අරම්භයේ සිටම පැවත ඇති පරිපාලන රටාව වූයේ  රට, දිසා සහ ගම් වශයෙන් බෙදුණු පාලන ක්‍රමයකි . ක්‍රි . පූ. 427  දී පණ්ඩුකාභය රජු විසින් මුලු රටේම ග්‍රාම සීමා පිහිටුවා  මේ රට රුහුණු, මායා සහ පිහිටි වශයෙන් තුන් රටකට බෙදා ඒවා නැවත දිසා, සහ ග්‍රාම වශයෙන් බෙදා අනුරාධපුරයේ මහරජෙකු යටතේ  රුහුණු මායා දෙරටේ යුව රජුන් දෙදෙනෙකු විසින්ද තුන් රට නැවත දිසා වශයෙන්ද එවා නැවතත් කෝරල් හා ගම් වශයෙන්ද බෙදා ඒවා ගාමනීන් යටතේද ඉතා මනාසේ  පාලනය කෙරිණ.
 
ඉංග්‍රීසි  විසින් 1833 දී ඒ ක්‍රමය  වෙනස්කොට මුලු රටම එක් රටක් වශයෙන් ගෙන ඔවුන්ගේ පාලන පහසුව  සදහා රට පලාත් 5 කට බෙදා ඒවා පසුව පලාත් 9 දක්වා වැඩිකොට ඒ යටතේ දිසා ,කෝරල, පත්තු සහ ගම් වශයෙන් බෙදා පාලනය කෙරින. මේ යටතේ විකාශනය වූ දිසා (දිස්ත්‍රික්ක) පාලනය දිසාපතිවරුන්, රටේමහත්වරුන්, කෝරාල වරුන් සහ අවසාන වශයෙන් ගම්පතීන් යටතේ පාලනය විය.1948 ඊනියා නිදහසින් පසුව වුවද 1970 වේ දශකයේ මැදක් වනතුරුම මෙම රාජ්‍ය පාලන ක්‍රමය මැනවින් ක්‍රියාත්මක විය. එහෙත් ඉන් පසුව සීග්‍රයෙන්  දෙෂ්පලනයකරණය  වූ රටේ පාලනය අද වෘත්තීය රාජ්‍ය නිලධාරින්ගෙන් ගැලවී රාජ්‍ය පාලනය ගැන  කිසිත් නොදත් දේශපාලකයින්ගේ අත්තනෝමතික අධිරාජ්‍යක් හා කෙළිබිමක් බවට පත්ව ඇත.
 
සුද්දා විසින් ඉතිරිකොට දුන් ක්‍රමය අද දේශපාලකයින්ගේ සූදුපොලක් බවට පත්ව ඇත. 1970 දශකයේ ආරම්භයේදී  දේශපාලන අධිකාරියෙන්  ආරම්හ වී  1977  න් පසු දිසා ඇමතින්ද, 1987 න් පසු පලාත් මහ ඇමති සහ ආණ්ඩුකාරයින්ද  ආදිවශයෙන් එය විකාශණය විය. දිසාපති වරුන් දිසාපති කාර්යාලවල කාමරවලින් එලවා දිසා ඇමතින්ද පසුව මහ ඇමතින්ද පලාතේ සහ දිසාවේ සින්හාසනාරූධ විය. ඊට අමතරව පලාත් සභා 9 භාරව ආණ්ඩුකායින් 9 දෙනකුද පත්කෙරින. මේ අනුව 1987 න් පසු රටේ පාලනය සම්පුර්ණයෙන්ම දේශපාලකයින්ගේ දැඩි ග්‍රහණයට හසු විය. සියලුම් රාජ්‍ය ආයාතනවල නිලධාරින් මේ යටතේ පලාත් දේශපාලකයින්ගේ හුදු අතකොලු බවට පත්වූ අතර රාජ්‍ය සේවයේ ප්‍රසස්ථ ගුණාංගයක්  වූ අපක්ෂපාතීත්වයද වල් වැදින.දේශපාලන පක්ෂ ක්‍රමය නිසා ප්‍රජාතන්ත්‍රවාදය  වල්වැදින. මේ යටතේ සෑම මිනිසුන් 3232 කටම එක දේශපාලකයකු ඇති ලෝකයේ එකම රට බවට අද මේ රට පත්ව ඇත.දේශපාලන පක්ෂ චන්දය පසුපසම හබා යන, රටක් නැති, ජාතියක් නැති ආගමක් නැති ආත්මාර්ථකාමි රටේ මහබැන්කුව මහදවල් හොරාකෑ අගමැති වරයකු සිටින මුලු රටේම පාලනය රාජ්‍ය නිලධාරින්ගෙන්. ගැලවී දේශපාලුවන්වූ  දේශපලකයින් සීටින පිස්සන් කොටුවක් බවව අද මේ රට පත්වී හමාරය. දේශපාලකයින් සහ රාජ්‍ය  නිලධාරින්ව ඔවුනොවුන්ගේ කාර්යභාරයන් පිලිබද අවබෝධයක් ඇති බවක්ද නොපෙනේ.
 
මීට සමාන්තරව රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවද පුදුමාකාර අන්දමින් වැඩිවී ඇත. උදාහරණයකට  මහනුවර දිසාව ගතහොත් 1987 වනතුරු එක් දිසාපතිවරයකු සහ ප්‍රාදේශීය ආදායම් පාලකවරුන් 12 දෙනකු සහ තවත්  ඒ මට්ටමේ මාණ්ඩලික නිලධාරීන් තිදෙනකු දිසාව තුල එදා සිදුකල කාරිය කිරීමව අද  ඒ මට්ටමේම නිලධාරීන් 80 ක් පමනද ඒ අතරේ අමාත්‍ය මන්ඩල මට්ටමේ ප්‍රධාන  ලේකම් වරයකු ඇතුලු අමාත්‍යංශ ලේකම්, නියෝජ්ජ්‍ය ලේකම්, සහකාර ලේකම්  ආදි වශයෙන්  ලේකම් වරුන්ම 75 ක් පමනද තවත් වීධායක නිලධාරින් රාශියක්ද සිටී. ඊට අමතරව ආණ්ඩුකාරයෙක්, මහ ඇමති වරයකු, තවත් ඇමතීන් 4 දෙනෙක්ද මන්ත්‍රී රීවරුන් 17 ක් පමණද සිටී. මීට් අමතරව මෙකී දේශපාලකයින්ට පුද්ගලික නිලධාඊන් පිරිසක්ද  සිටී. මේ සියලුදෙනාටම කාර්යාල,වාහන යනාදී තවත් අනේක විධ පහසුකම් වෙනුවෙන් වසරකට ජාතික ධනයෙන් කෝටි ප්‍රකෝටි ගනනින් රජයේ මුදල්ද නිරපරාදේ වැය වෙයි.
 
1987 ට පෙර සුලු නිලධරීන් පිරිසකගෙන් සිදුවූ ප්‍රසස්ථ සේවයෙන් අඩක්වත් අද සිදුවන බවක්ද නොපෙනේ. ඇත්වශයෙන්ම මේ ක්‍රමය නිසා අද සිදුව ඇත්තේ දේශපාලකයින් වැඩිවී, ආයතන වැඩිවි රාජ්‍ය  වියදම වැඩිවී, දූෂණය, නාස්තිය වැඩිවී රාජ්‍ය සේවය අවුලෙන් අවුලට පත්වි  අරාජික තත්වයක් රට තුල මුල්බැසගැනිම පමණි ඒ නිසාම රට දිනෙන්දිනම  ආර්ථිකය  හා සාමාජික වශයෙන් සීග්‍රයෙන්  අඝාධයටම යයි. මේ වූ කළී මේ නව පාලන ක්‍රමය  නිසා ඇතිවූ මහා ඛේදවාචකයකි.
පාලාත් සභා දැන් විසුරුවා හැර ඇති බැවින් ඒවායේ පාලනය ආණ්ඩුකාරයින් විසින් මෙහෙයවෙයි.  මුලු රට පුරාම ක්‍රියාත්මක වන්නේ අද මේ ක්‍රමයයි. ආණ්ඩුකාරයින් ජන්ධිපතිගේ නියෝජිතයින්ය. එසේම ඔවුන් බලයේ සිටින ආණ්ඩුවේ හිතවතුන්ය. හිස්බුල්ලා. අසාද් සාලි වැනි ජාති ද්‍රෝහින්ද, නිලුකා ඒකණායක වැනි අයද  සින්දුකාරයින්, හඳහන් බලන්නන්, චන්දයෙන් පරදින,පලාත් සභ අහෝසිවීම නිසා මහඇමතිකන් අහිමිවූ අය වැනි  දේශපාලකයින්, ඇමතිකම් දිය නොහැකි මහල්ලන්, දේශපාලන අනාතයින් සහ දෙශපාලකයින්ගේ නෑදෑයන් වැනි දිසාවල  සිටින ජේෂ්ඨ වෘතීය රාජ්ය සේවකයින් හා මහජනතාවගේ ගෞරවය දිනාගත නොහැකිප්‍රාදේශීය පාලනය පිලිබද මෙලෝ දැනුමක් නැති මෙවැනි අය ආණ්ඩුකාරයින් වශයෙන් පත්වන්නේ මේ දූෂිත ක්‍රමය තුලය. ඔහු සියලුම ලේකම්ලාගේ මෙන්ම අද තම දිසාතුල අධිපති කමක් නැති දිසාපතිවරුන්ගේ මෙන්ම පලාතේ සමස්ථ රාජ්ය සේවයේම ප්‍රධානියාය.
පවතින මේ රාජ්‍ය පාලනය ගැන කථා කිරීමෙන්ද පලක් නැති. බව පොදු ජනතාවගේ මතයයි. ආණ්ඩුකාරයෙකුගේ බලප්‍රදේශයක් පලාතක්. එය අති විශාල ප්‍රදේශයක්. දිසාපතිවරයෙකුගේ පාලන ප්‍රදේශයක් කුඩා දිසාවක්. ඔහු යටතේ ප්‍රාදේශීය උපදිසාපතිවරු කීපදෙනෙක්ද එක් එක් ප්‍රා. උප. දිසාපති වරයකු යටතේ  ග්‍රාමසේවක හමුදාවක්ද සිටිනවා මේ අනුව මනාසේ සන්විධානය වූ එසේම එකිනෙකාට වගකියන නිලබල අධිකාරි ව්‍යුහයක් තියෙනවා. එමනිසා නිවැරදි තොරතුරු ලබාගැනීම මෙන්ම රාජ්‍ය  ප්‍රතිපත්ති  ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂම නිල බල ජාලයක්ද දිසාපති වරයකු යටතේ තියෙනවා. අනෙක මොවුන් සියලු දෙනාම රාජ්‍ය සේවකයින්. කිසිවෙකු දේශපාලන පක්ෂ නියෝජනය කරන්නේ නෑ. එමනිසාම එවැනි ක්‍රමයක් තුල දේශපාලනයෙන් තොර අපක්ෂපාති සේවයක් ඔවුන්ගෙන් ලබාගැනීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක තිබෙන බවද කිව යුතුය. සුද්දාගේ කාලයේ මෙන්ම 1972 වන තුරුම මේ රටේ හිටියේ එක ආණ්ඩුකාරයෙක් පමණි,අද 9ක් සිටී. මේ සෑම අයකුටම නිලනිවාස, පඩිණඩි,යාන වාහන සහ වෙනම නිලධාරින් ඇතුලු කාර්යාල සහ ගෘහසේවකයින්ද පත්කෙරේ. ප්‍රශ්නය ඇත්තේ මේසා විශාල වියදමක් දරා මොවුන්ගෙන් රටට සිදුවන සේවය කුමක්ද කියන එකය. මොවුන් හුදු දේශපාලන පින්කාරයින් පමණි. අනෙත් අතින් ආණ්ඩුකාරයින් කියන්නේ කෙලින්ම බලයේ සිටින රජයේ ජනාධිපති වරයාගේ නියෝජිතයෝය එමනිසාම ඔවුන් ක්‍රියා  කරන්නේ තම පලාත තුල ජනාධිපතිවරුන් මෙනි ඒ නිසාම නිලධාරින්ද තම තමන්ගේ රැකියාවන් බේරාගැනීම සදහා ඔවුන් කියන දේම කරයි. ඔවුන් තොරතුරු ලබාගත යුත්තේද තීරන ක්‍රියාත්මක කලයුත්තේද මා මුලින් කී රාජ්‍ය  නිලධාරින් හරහාය. නිලධාරින් ඔවුන් දෙස  බලන්නේත් දේශපාලකයකු වශයෙන්.  ආණ්ඩුකාරයින් නිතරම තිරණ ගන්නෙත් ඔහු අයත් දේශපාලන පක්ෂය වෙනුවෙන් මිස අපක්ෂපාති ජනතා හිතවාදී ඇසකින් නොවේ. මේ නිසා ජනතාවට ඔවුන්ගෙන් සාධාරණ  හෝ අපක්ෂපාති සේවයක්ද කිසිසේත් බලාපොරුත්තු විය නොහැක.මේ තුල සමස්ථ ක්‍රියාදාමයම පක්ෂ  දේශපාලනය විසින් ගිලගෙන ඇති බැවින් එවැනි ක්‍රමයක්  තුල පක්ෂ අනුව බෙදුණු ජනතාවකට සාධාරන සහ යුක්තිසහගත සේවයක්ද අපේක්ෂා කල නොහැක. මෙම ක්‍රමය තුල මෙවැනි ඌනතා සහ ගැටලු රාශියක් ඇති නිසාද එය අසාර්ථක අත්හදා බැලිමකි. ඒ අනුව බලනවිට දේශපාලකයින්, නිලධාරීන් සහ රාජ්‍ය  වියදම් වැඩිවීම සහ ඒ තුලින් නාස්තිය සහ දුෂණය වැඩිවීම මෙන්ම සමස්ථ රාජ්ය පාලන ක්‍රමයමම  අද  අවුලෙන් අවුලට ගොස්  ඇති අතර ඊට සම්බන්ධ් දේශපාලකයින්ගෙන්ද රටට හෝ ජාතීයට  කිසිදු යහපතක් සිදුවී ඇතැයි කිව නොහක.  පලාත් සභා වසා දමීමේ ඇති අවශ්‍යතාවය මෙයද ඉතා ප්‍රබල හේතුවකි.

තවදුරටත්  මේ රටේ ජාතික ධනය 30 වසරක් පුරා මකර කටට ඇද දැමූ එසේම මේ රටේ  දිසා පාලනය විනාශකලාවූද, රාජ්‍ය පාලනයාන්ත්‍රණය අවුලෙන් අවුලට පත්කලාවූද,  මේ රටට ආණ්ඩුකාරයින්  9 දෙනකු, මහ ඇමැති වරුන් 9 දෙනකු සහ පලාත් සදහා තවත් ඇමැති වරුන් 36 දෙනකු පලාත් සභා මන්ත්රිවරුන් 700 පමනද  අමතර නිලධාරීන් 12,000 පමනද පත්කොට, සුඛෝපභෝගී ගොඩනැගිලි , යාන වාහන සහ අමතර උපකරණ  ආදිය සදහා කෝටි ප්‍රකෝටි ගණන් ජාතික ධනය නාස්ති කරමින් 13 යටතේ පිහිටුවා තිබුණු පලාත් සභා නැමැති හූනියම සහ රටට සතයකවත් සේවයක් නොවෙන අමතර පරපුටු දේශපාලන හමුදාවක් බිහිකළ මේ ජරා දේශපාලන, ආර්ථික හා සමාජ සුදුඅලියා දැන්වත් දේශපාලන වනසණ්ඩයතයෙන් එලවා දැමිය යුතුය.  ඒ සදහා මූලිකව පෙරමුණ ගතයුත්තේ ජනාධිපති වාරයායයි මම සිතමි. මන්ද මේ රටේ මිනිසුන් 69.5 ලක්ෂයකට වැඩි පිරිසක් ඔහුට චන්දය දුන්නේ මේ ඓතිහාසික වෙනස ඔහු විසින් කරණු ඇතැයි යන දැඩි බලාපොරොත්තුවෙන් නිසාය.

එසේ නොකලොත් දිසා පාලනය මුලුමනින්ම බිඳ දවැටී මේ රට අරාජික වී මුලු රටම එකම පිස්සන් කොටුවක් වන දිනය වැඩි ඈතක නොවන බව ස්ථිරවම කිවහැක.

මෙම ක්‍රමයෙන් වසර 33 ක් තිස්සේ දායාදකොට ඇති පරිපාලන, ආර්ථික, දේසපාලන සහ සමාජ අවුල් ජාලය අද රට මහා දේශපාලන ගිනිකන්දක් මුදුනට ගෙනවිත් ඇත. කුමන මොහොතේ එය පුපුරා යාවිදැයි කිව නොහැක.එය පිපුරූ දාට ගිනි නිවීම සදහා ඉන්දියන් සාගරයේ ජලයද මදි විය හැක.

එදාට සිංහල, දෙමළ  සහ මරක්කලයින් උනුනුන් මරාගෙන මැරෙන  දේශයක් බවට මෙ පින් බිම පත්වනු කිසිවෙකුට වැලැක්විය නොහැකිවනු ඇත. එහි අවසාන ප්‍රතිඑලය වනුයේ දේශීය හා විදේශීය  අය වශයෙන් මුදල්, අයුධ  බලයෙන් සිංහලුන්ට වඩා ඉදිරියෙන් සිටින දෙමලුන් සහ මරක්කලයින් සහ කවදාත් මේ රටට සහ සිංහල  බෞද්ධයින්ට විරුද්ධ බටහිර ලෝකයේ, ඉන්දියාවේ සහ උන්ගේ ආවතේව කාරයින්ගේ සහයද ඇතිව සිංහලුන් සමූලඝාතනයකොට මේ රට උන්ගේ රටක් බවට පත්කගැනීමය.

එමනිසා දැනට රට තුල ක්‍රියාත්මකවන  මේ දේශපාලන පරිහානිය සහ සිංහල  බෞද්ධ විරෝධි කුමන්ත්‍රණකාරි  වැඩ පිලිවෙල වහාම පාලනය නොකලොත් වසර 2500 කට වැඩි කාලයක් මේ මිහිපිට බැබලෙමින් පැවති සිංහල ජාතිය සදකාලිකවම මිහි පිටින් අතුරුදන්වන දිනය නුදුරේදීම ලගාවනු ඇත. එසේ වූ දවසක එහි සම්පූර්ණ වගකීම ඒ වෙලවේ බලයේ සිටින පාලකයින් මත පැටවෙන බව ඓතිහාසික සන්සිද්ධියකි.

මා මෙහි පෙන්නදී ඇති කරුණු යමෙකුට විස්වාශ කිරීම අපහසුනම්, පලාත් සභා ආරම්භ වූ 1987 සිට මේ දක්වා පලාත් සභා වෙනුවෙන් නාස්තිකළ ජාතික ධනයේ ප්‍රමාණය සහ ඒවායින් රටට  සිදුවූ සේවය පිළබඳ  ජනාධිපති කොමිසමක් මගින් අපක්ෂපාතී තක්සේරුවක් කොට බලා ඉන් පසු  මා කියන තර්කය වැරැදි බව ඔප්පු උවහොත්  ඉන්දියාව විසින් ජාතකකොට දුන් මේ අබ්බාගාත පලාත් බබා යලිත් මහජන මුදලින් කවා පොවා රැක ගැනීම මැනවයි මම සිතමි.

අද රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්ණය පලත්සභා චන්දය පැවැත්වීමද ?

මෙම ලිපිය අවසන් කිරීමට පෙර රජයෙන් මෙන්ම රටේ ජනතාවගෙන් මම මෙ ප්‍රශ්නය අසමි.ඇත්ත වශයෙන්ම අද රටේ තිබෙන ප්‍රධානම  ප්‍රශ්ණයපලත්සභා චන්දය පැවැත්වීමද ?. මේ අවජාතක දරුවගේ පීතෘත්වය හිමි ඉන්දියවේ අගමැති වරයා ” හැකිපමන ඉක්මනින් පලත්සභා චන්දය තියන” මෙන් කී අවස්ථාවේදි නිහඬව සිටි අගමැතිවරයා හදිසියේම අප්‍රේල් මසට පෙර පලාත්සභා චන්දය තිබිමට පියවර ගන්නා මෙන් මැති වරණ කොමිසම්ට උපදෙස් දුන්නේත් ඒ වෙනුවෙන් අමාත්‍ය  මන්ඩල පත්‍රිකාවකුත් කඩි මුඩියේ ඉදිරිපත්කලේත් මන්ද යන ප්‍රශ්ණය  මම අසමි. පලාත් සභා චන්දපැවත්ව්විමට හදිසියේම තීරණය කලේ  09/12/2020 දිවයින පුවත් පතේ  “මාගම්පුර” යටතේ පලවු පරිදි  එදින එම රැස්වීමේදි හිටපු පොදු පෙරමුණ පලාත්සභා මන්ත්‍රී වරුන් සමග  කෙරුණු සාකච්ඡාවක ප්‍රතිඑලයක්  අනුවදැයි අපි නොදනිමු
 
එය සත්‍යක් නම්, ඔබතුමාලාට වඩා වැදගත්, මේ රජය පිහිටුවීමට චන්දය දුන් 70 ලක්ෂයක ජනතාවගේ යහපත සහ  මේ රට සහ ශ්‍රේෂ්ඨ ජාතිය බේරා ගැනිමද එසේ නැතිව ඔය බඩගොස්තරවාදි ආත්මාර්ථකාමී පරපුටු පලාත් සභා පින්පඩි ලබනණ්ඩය සතුටු කිරීමද යන ප්‍රශ්ණය හදවතට  තට්ටුකර හැඟීමෙන් නොව බුද්ධියෙන් විමසා බලන මෙන් අපි ඉල්ලමු. ඔබ සවන් දියයුත්තේ පලාත් සභාවල රැකියාව අහිමිවීම නිසා හඬාවැටෙන පලාත් සභා පරපුට්ටන් කීප දෙනාද එසේ නැත්නම් ඔබ බලයට පත්කල70 ලක්ෂයක් පමණවූ ජනතා ගංගාවද ?

දැනටමත් අමාත්‍ය මණ්ඩලයේම  මොලේ ඇති කීපදෙනකු මේ යෝජනාවට විරුද්ධත්වය  ප්‍රකාශ  ඇති බව අපි දුටිමු. ඊටත් වඩා මේ රජය බලයට පත්කිරීමට පෙරමුන ගෙන කටයුතු කල ඇල්ලේ ගුණවන්ස, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඕමල්පේ සෝභිත , මැදගොඩ අභයතිස්ස, ඉන්දුරාගාරේ ධම්මරතන වැනි ස්වාමීන් වහසේලා ප්‍රමුඛ සමස්ථ සංඝරුවනද එසේම රට ජාතියට ආදරය කරණ ගුනදාස අමරසේකර වැනි විද්වතුන්ද ඊටත් වඩා ඔබට චන්දයදුන් අප ඇතුළු 70 ලක්ෂයක ජනතාවද පලාත්සභාවලට දැඩිසේ විරුද්ධව සිටියදී ඒ සියල්ල. නොසලකා පොදු ජනමතයට විරුද්ධව ජනතාවරමට පිටුපා ඔවුන් පාවාදී අලුත් ව්‍යවස්ථාව යටතේ පලාත් සභා අහෝසිකරනවා වැනි සුරන්ගනා කථා කියමින් ඔබ මේ සූදානම් වන්නේ දේශපාලන වශයෙන් සියතින්ම ගෙල සිඳ ගැනීමටදැයි අපි ප්‍රශ්න කරමු. අනෙක අලුත් ව්‍යවස්ථාවෙන් එය ඉවත්කිරීමට අවන්කවම අදහස් කරන්නේනම් අවුරුදු පහක කාලසීමවකට බලය ඇති මේ කෙහෙම්මල මේ හදිසියේ නැගිට්ටුවන්නේ ඇයි. දැන්මම ඒවා ඉවත් නොරන්නේ ඇයි.

රට පුරා බුර බුරා නගින මේ ජනමතයට කන්දී ඔය කෙහෙල්මල් පලාත් සභා කුණුමස්කඩයද අවශ්‍යනම්  එහි නිර්මාතෲවරුන් වන ඉන්දියාවටම අහුලා ගැනීම සදහා ඉන්දියන් සාගරයට  දමනමෙන් අපි තරයේ ඉල්ලමු.

දැනට මිහිදන් කොට ඇති , හතර අතින් ඕජස් ගලාබහින එසේම  දුගඳ  හමන පලාත් සභාවලට පණදීමට පෙර ප්‍රථමයෙන් මේ මොහොත වනවිට රට ජාතිය මුහුනපා  තිබෙන තීරනාත්මක ගැටලු විසදා ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදි ලබාගත් ජනතා ප්‍රසාදය ආරක්ෂා කරගන්නාමෙන් රට ජාතිය වෙනුවෙන් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

අප දකින අන්දමට අනෙක් සියල්ල පසෙක තබා මේ මොහොතේ රට ජාතිය මෙන්ම රජයද මුහුනපාසිටින වහාම විසදුම් සෙවියයුතු අතිශයින්ම තීරණාත්මක හා උග්‍ර  ගැටළු කීපයක් පහතින් දක්වමු. අපට පෙනෙන අන්දමට එහි ප්‍රමුඛතාවය මෙසේ වියයුතුයයි සිතමු.

1 ප්‍රමුඛතා එක : ජාතික හා සාමාජික ව්‍යසනය කොවිඩ්  පිටුදැකීම සහ එම විව්‍යසනයෙන් ජනාතාව බේරාගැනීම සහ මෙම වසන්ගතය නිසා පීඩාවට පත්ව සිටින සියලුදෙනාට අවශ්‍ය වෛද්‍ය, ආහාර සහ බෙහෙත්හේත් ඇතුලු පහසුකම් සපයා පලමුව ජනතාව රැකගැනීම.

2 ප්‍රමුඛතා දෙක; රටේ ජනගහනයෙන් 80% පමන වු අසරණ  ජනතාවගේ දැරිය නොහැකි අහස උසට නැග  ඇති ජීවන වියදම පහත දමීම සදහා බඩුමිල අඩුකිරීම, සාධාරන මිලකට රජය මගින් ඒවා සැපයීම. මෙහිදී සහල්මිල ගැන විශේෂ අව්ධානයක් යොමුකළ යුතුය. රටේ ඔනෑතරම් වී තිබියදී සහල් මිල මෙතරම් වැඩි වන්නේ සහල් මෝල් හිමියන්ගේ මාපියාව නිසා නොවේද . රටක රජයකට වඩා සහල්මෝල් හිමියන් බලවත් වන්නේ කෙසේද එවැන්නක් පවා පාලනය කිරීමට නොහැකිනම් එවනි රජයකින් ජනතාවට ඇති ප්‍රයෝජනය කුමක්ද . මිනිසුන් රජය නමැති සංවිධානයක්  මුලින්ම හදාගත්තේ මෙවැනි පුද්ගලයින්ගෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට නොවේද.එබැවින් ඉතා  කඩිනමින් මේ ප්‍රශ්නය නොවිසදුවොත් මහමග දිගේ මිනිසුන් හාමතේ මැරෙන දවස නොදුරේදීම උදාවිය හැක.එවන්නක් ඇති නොවීමට වගබලාගනීම රජයේ වගකීමය.

3 ප්‍රමුඛතා  තුන: රටේ දේශපාලන ස්ථාවර හාවය, නීතිය හා සාමය ස්ථාපිත කරගැනීම. මේ සදහා අනෙකුත් කරුණු අතර දේශපාලන, වර්ගවාදී හා ආගම් අන්තවාදයන් මර්ධනය කලයුතුය.

4 ප්‍රමුඛතා  හතර : පලාත් සභා අහෝසි කිරීම.

රටට හෝ ජාතියට කිසිදු වැඩක් නැති මේ රටේ දේශපාලන, ආර්ථික , ආරක්ෂක හා සාමාජික වශයෙන් අඝාධයටම ගෙනයන එසේම හෞමික අඛන්ඩතාව එක්සේසත් බව, විනාශකරණ පලාත් සභා අතුලු ජාතික ධනය මකර කටට යවන ආයතන සියල්ල වහාම අහෝසි කොට ඒ මුදල් රටේ සංවර්ධනයට යෙදීම. 2020 රාජ්‍ය  බදු ආදායමෙන් 84% ක්ම දේශපාලකයින් සහ රජයේ නිලධාරීන් නඩත්තුකිරීම සඳහා වැය කොට ඇතිබව වාර්තා විමෙන්ම රාජ්‍ය මුදල් නාස්තිකෙරෙන අකාරය සිතාගත හැක. මෙවැනි තත්වයක් යටතේ රටක සංවර්ධනයක් සිදුවන්නේ කෙසේද යන්න ඕනෑම කෙනෙකුට වටහාගත හැක.

මේ අවස්ථාවේ රට වැටි ඇති ආර්ථික  අගාධයෙන් බේරාගැනීම සඳහා දේශපාලකයින් හා රාජ්‍ය සේවකයින් නඩත්තුව සදහා සිදුකෙරෙන මේ අධික වියදම වහාම අඩුකොට ජාතික ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් රටේ සංවර්ධනයට හා ජනතාවගේ සුභසෙතට යෙදිය යුතුය.ඒ වගේම  රජයේ සියලු ආටෝප සාටෝප වියදම් නවතාදමා සෑම සතයක්ම රට ගොඩගැනීමට වැය කලයුතු වෙලාවක රජයේ සීමිත අරමුදල් අර පිරිමැස්මෙන් වියදම් කිරීමේ අවශ්‍යතාවය සහඅනවශ්‍ය වියදම් කපා හැරීම.

මෙවැනි දුර්වල  ආර්තික අහේනියකකට  රට මුහුනපා සිටියදී පලාත් සභා චන්දයක් තැබීමට යාම ගහෙන්  වැටුණු මිනිහාට ගොනාත් ඇන්නා වැනිය. මෙවැනි තත්වයක් යටතේ රටට හෝ ජාතියට තඹදොයිතුවක  වැඩක් නැති පලාත්සභා මැතිවරණයක් තැබීමට සිතීම පවා සිහිමොලේ ඇති කිසිවකු අනුමත නොකරයි. පවතින තත්වය යටතේ  තවත් අමතර  දේශපාලුවන් සහ නිලධාරී නඩයක් සහ අනවශ්‍ය  ආයතන රාශියක් නඩත්තු කිරීම සඳහා වැයකරන මහා ජාතික ධනස්කන්ධය වහාම නතරකල යුතුය. වසර තිස්තුනක් තිස්සේ ජාතික ධනය පොලව යටට අදිනලද මේ දේශපාලන ඉන්දීය බහිරවයා ශ්‍රී ලංකාව  හා සිංහල  ජාතිය මුලුමන්ම ගිලදැමීමට පෙර දැන්වත් වහාම විනාශකල යුතුය. එසේම එම මුදල් රටේ සංවර්ධනයට යොදා ගැනීමට වහාම  පියවර ගත යුතුය.

මෙහිදී  පලාත්සභා උණ්ඩුක පුච්චය නඩත්තු කිරිම සදහා 2017 වසරේදී පමණක්  රුපියල් 28,60,31,000  (විසිඅටකෝටි හැට ලක්ෂ තිස් දාහක්) වැයකොට තිබීම අනුව 1987 සිට මේ දක්වා මේ හූනියම සහ සුදු අලියා නඩත්තුකිරීම සඳහා කොපමන ධනස්ඛන්ධයක් නාස්තිකොට ඇත්දැයි අපට සිතාගත හැක. වසරකට සාමාන්‍ය ගණන 25,00.00,000 ක් බැගින් පසුගිය වසර 33 සදහා එය කෝටි 825 පමන වෙතැයි උපකල්පනය කළහැක. එම මුදල්කන්දරාව රටේ .සංවර්ධනයට  යෙදුවේනම්   මොනතරම් ආර්ථික සමුර්ධියක් මේ වනවිට ලබාගැනීමට තිබුණේදැයි අපට උපකල්පනය කළ හැක. එසේම පිට රටින් අධික පොලියට ලබාගත් ණය කොතරම් අඩුකර  ගැනිමට තිබුනේද. පයින් යාමටවත් පාරක් නොමැති ගම් වලට පාරවල්, පාසැල්. රෝහල්, ඇල අමුණු කීයක් ලබාදීමට තිබුනේද.මේ රටේ දේශපාලකයින්  දැන්වත් මේ අන්දමින් සිතන්ට පුරුදු විය යුතුයයි අපි සිතමු.

පසුගිය මැතිවරණය දෙකට රුපියල් කෝටි 300 ක් (එකකට 150 බැගින්- (බිලියන 15×2 බිලියන 30ක්) වැයවී ඇති බැවින් පවතින කොවිඩ්  වසන්ගත තත්වය යටතේ කොපමන මුදලක් යෝජිත පලත්සභා මැතිවරණයට වැයවේදැයි සිතාගැනීමටවත් නොහැක. දැනට රට තුල පාවතින කොවිඩ්  වසන්ගතය නිසා මැතිවරණයක් පැවැත්වුවහොත් ඒ සදහා යටත් පිරිසෙයින් මෙම මුදල  මෙන් දෙගුනයක්වත් වැය කිරීමට සිදුවිය හැක.  පවතින ආර්ථික අහේනීය යටතේ එක් අතකින් ඒ මුදල් ලබාගන්නේ කෙසේද. ඒකත් පිටරටකින් ලබාගන්න ණයකින්ද. අනෙක් අතින් ඒ මුදල් අපි වැය කරණුයේ කුමන ප්‍රතිලාබ්භයක් සඳහාද යන්න ගැන ගැඹුරින් සිතා බැලියයුතුය.ඇත්තවශයෙන්ම ඒ වියදම දැරීමට සිදුව ඇත්තේ රටට හෝ ජාතීයට කිසිදු වැඩක් නැති දේසපාලන හොර මුලකගේ සුඛවිහරණය සඳහ නොවේද. එය කොතරම් අපරාධයක්ද?.

තවද නැවතත් චන්දයක් තබා මේ මර උගුල අටවා ගත්තොත් තවත් වසර 5ක් සඳහා යටත් පිරිසෙයින් තවත් කෝටි 250-300 ක් පමණ ජාතික ධනයක් මකර කටට අපි යැවිය යුතුය. එවැනි පසුබිමක රටට හෝ ජාතියට සත පහක වැඩක් නැති දේකට මෙතරම් ධනස්ඛන්ධයක් නාස්තිකරන්නේ ඇයි යන ප්‍රශ්නය අපි මේ රජයෙන් විවෘත අහමු.

මීට අමාතරව රටේ දේශපාලන ස්ථාවර හාවය, නීතිය හා සාමය ස්ථාපිත  කරගැනීම හා ආර්තික සංවර්ධනයට ශක්තිමත් පදනමක් දමා රට ඉදිරියට ගෙනයාමට නම්  පහතින් දක්වෙන ගැඨළු වලටද කඩිනමින් විසදුම් යෙදිය යුතුය. භාදාවකින් තොරව රට ඉදිරියට ගෙනයා හැක්කේ එසේ කලහොත් පමණි

පලාත් සභා මල ප්‍රේතයින්ට ගොටු දීම ගැන සිතීමට පෙර ඉටුකලයුතු  තවත් ප්‍රමුඛතවාන් කීපයක්

1 රට පුරා නීතිය සහ සාමය ස්ථාපිත කිරීම සහ නීතියේ ආධිපත්‍ය  තහවුරු කිරීම. තවද රටේ සියලු දෙනාටම එක් නීතියක් ක්‍රියාත්මක කළ යුතුය ඒ අනුව තේශවලමේ සහ මුස්ලිම් නීතියට අදාල ෂාරිය, මද්රාසා පාසැල්, හිකාබ් වැණි ඇදුම් යන සියල්ල වහාම තහනම් කලයුතුය. රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කළහැක්කේ එසේ කළහොත් පමණි රටේ සෞඛ්‍යය විශේෂඥහි උපදෙස් අනුව් හෑම මල මිනියකම භූමධානාය කාල යුතුය. ඊට විරුද්ධවන්නන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කල යුතුය.

2 මත්කුඩු වසන්ගතය තුරන් කිරීම
මෙය සාර්ථක  කොට ගැනීමට නම් මත්කුඩු භාවිතා කිරීම, වෙලදාම, ළඟ තබාගැනීම, විකිණීම යන සියලු වරදට මරණිය දන්ඩනය දීමෙන් මත් ද්‍රවය  සමාජයෙන් තුරන්කල යුතුය. ඒ සදහා සින්ගප්පූරුවේ මෙන් මරණ දණඩුවමම  දියයුතුය. මන්ද එසේ නොකොට වරද කරුවන් හිරේ දැමමිමෙන් සිදුවන්නේ නිරපරාදේ   විශාල මුදලක් ඔවුන් නඩත්තු කිරිමට වැයවන අතර ඊටත් වඩා මත්කුඩු විශේෂඥයින් සිරගෙවල්තුල පුහුනුවී මත්කුඩු  සම්බන්ධ අපපරාධ තවත් වැඩිවීමය.

3 මුස්ලිම්, දෙමළ  මෙන්ම සිංහල උවද සියළු ත්‍රස්තවාදී කටයුතු මුලිනුපුතා දැමීම.

දේශපාලනික

4 දැනට පාර්ලිමේන්තුවේ සිටින සියලුම මැති ඇමැති වරුන්ට පෙර පරිදි ඒ ඒ දිසාවල ආසනය බැගින් පැවරීම. එවිට එකී ආසනවල චන්දදායකයින්ට මසකට වරක් හෝ දෙවරක් තම දුක් ගැනවිලි ඉදිරිපත්කිරීම සදහා මන්ත්‍රීවරයෙක් ලැබේවි
 
5  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකොට ඉවත් කළ හැකිනම් ඊනියා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීන්  29 දෙන වහාම ඉවත් කිරීම. ව්‍යවස්ථාමය  හේතු නිසා එසේ නොකල හැකිනම් ජාතික ලැයිස්තුවෙන් පත්කොට සිටින සියලුම ඇමතිවරුන් සහ රාජ්‍ය  ඇමතිවරුන් ඒ තනතුරු වලින් ඉවත් කිරීම. එසේ කලයුත්තේ ඔවුන් කිසිවෙකු ජනතා නියෝජිතයින් නොවන නිසා ජනතාවට වග නොකියන බැවිනි. තවදුරටත් මේ පත්වීම් සියල්ල නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍ර වාදයේ මූලධර්ම වලටද ඉඳුරාම පටහැණිය. ඔවුන් පත්කරනුයේ පක්ෂ නායකයින් නිසා ඔවුන් පක්ෂනායකයින්ගේ නියොජිතයින් මිස ජනතා නියෝජිතයින් නොවේ.

6 සියලුම දේශපාලකයින්ගේ මෙන්ම වරප්‍රසාද  ලත් නිලධාරීන්ගේ  තීරිබදු රහිත වාහන, සහ සියලුම අමතර දීමනා සහ අසිමිත වරප්‍රසාද ආදිය ඉවත් කිරීම. එවිට දේශපලනය ජවාරමක් කරගෙන සිටින අය ඉවත්ව ගොස් සැබෑ ජනතා සේවකයින් පමණක් මැතිසබේ ඉතිරිව  කෝටිගානින් මුදල්ද රජාය ඉතිරිවනු ඇත.

7 දැන්වත් වහාම සියලුම මැති ඇමතිවරුන්ට නිස්චිත කෙටි කාලයක් තුල ඔවුන්ගේ වත්කම් පර්ලිමේන්තුවට ප්‍රකාශකරණ මෙන්  බලකිරීම හා එසේ නොකරන අය මන්ත්‍රී  ධුරවලින් නෙරපීම.

8 සෑම මන්ත්‍රීවරයෙකුටම සතියකට එක් දිනක් හෝ ඔහුට හිමි ආසනයට ගොස් ජනතාවගේ ගැටලු විසදීමට පියවර ගන්නා වැඩපිලිවෙලක් ඇතිකිරීම.
 
9 සෑම මන්ත්‍රීවරයෙකුටම රජය යටතේ කිසිම කොන්ත්‍රාත්තුවක්  කිරීම, මත්පැන් හල් ලබාගැනිම හා වෙනත් එවැනි මුදල් උපයන වැඩවලට සම්බන්ධවීම සපුරා තහනම් කිරීම සහ එවැනි කටයුතු වලට බලපෑම් නොකරණ මෙන් නීති පැනවීම.
 
10 මැතිඇමති වරුන් සහ සියලුම රජයේ සේවකයින්ට දෛනිකව  කිසියම් නිශ්චිත  වැඩැකොටසක් නියම කිරීම සහ මාස තුනෙන් තුනට හෝ ප්‍රගතිය  සමාලෝචනය කිරීම; ඉලක්ක සපුරා ලීමට අපොහොසත් වන අය තනතුරුවලින් ඉවත් කිරීම.

11 දැනට මේ රටේ වසරකට රජයේ නිවාඩුදින ඇතම් වසරවල 130 ද ඉක්මවන අවස්ථා ඇති බැවින් ලෝකයෙ දියුණුයයි සම්මත සියලුම රටවල පවා පවතින සාමන්‍ය රජයේ නිවාදු දින ගනන වන දින 12 දක්වා එය අඩු කිරිම ( මෙම වැඩ පිලිවෙල මම විසින් මීට පෙරද පුවත්පත්වලට දී ඇති බැවි රජට එය අවශ්‍යනම්  ලබාදිය හැක).

12 මේ රටේ දැනට තිබෙන  ටි. එන. ඒ. , එස් එල් එම් සි (TNA, SLMC ) ආදී ජනවර්ග,ආගම් ආදිය සහ පෙඩරල් වනි බෙදුම්වාදය පදනම්කොට ගෙන ඇති සියලුම දේශපාලන පක්ෂ  තහනම් කලයයුතුය.

13 මේ රටේ අභ්‍යන්තර පරිපාලනයේ අත්තිවාරම වු ග්‍රාම සෙවා කොට්ඨාස සහ ග්‍රාම සේවාව වහාම ප්‍රතිසන්විධානය කළයුතුය.මෙවා බිද වැටීම නිසා ග්‍රාම  මට්ටමේ අපරාධද වැඩිවී ඇත. දවසේ පැය 24 ම තම වසම තුල ග්‍රාම  සේවක සිටිය යුතු වුවද අද එය සංචාරක සේවයක් බවට පත්ව ඇති බැවින් ග්‍රාම සේවාව සම්පුර්ණයෙන්ම අද බිදවැටි ඇත ග්‍රාම සේවා නිලධාරි යන ආයතනය ගමක පන්සලේ ලොකු හාමුදුරුවෝ,ගමේ වෙදමහත්තයා සහ ගාමේ පාසැලේ මුල්ගුරුතුමා  වැනි ගෞරවණිය තත්වයකට පත්කල යුතුය.
 

14 දැනට පවතින පහල ශ්‍රේණිවල  රජයේ සෙවකයින්ට දී ඇති දේශපාලන අයිතිය වහාම අයින්කළ යුතුය. මන්ද දේශපාලන අයිතිය නැති ඉහල ශ්‍රේණිවල නිලධාරීන්ට  එය ඇති පහල ශ්‍රේණිවල නිලධාරීන් පාලනය කිරීම ගැටලුවක් වී ඇති බැවිනි. රාජ්ය සේවයේ නිලබල අධිකාරිය බිඳවැටී ඇති නිසා රාජ්‍ය සේවයේ විනය මුලුමනින්ම බිඳවැටී ඇත.

15 ජනාධිපතිවාරයාගේ සිට් සියලුම පුරවැසියන් රට වෙනුවෙන් කිසියම් කැපකිරීමකට සුදානම් නොවි කිසිදිනක මේ රට ගොඩගත නොහැක. ආදර්ශය පටන්ගත යුත්තේ ඉහළිනි. වර්තමාන ජනාධිපති තුමා එය දැනටමත් කරන නිසා මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක  කිරීම එතරම් අපහසු නොවනු ඇත.

16 ශ්‍රීමත්  ජනාධිපති තුමනි ගරු අගමැති තුමනි මෙම ඉල්ලිම් ඉටුකොට හෙට මැතිවර්ණයක ගියොත් යටත් පිරිසෙයින් තව වසර 25 කටවත් ඔබගේ රජය මේ මිහිපිට කිසිවෙකුට හෙල්ලිය නොහැක. මන්ද එවිට එය එක් දේශපාලන පක්ෂයක රජයක් නොව සමස්ථ ජනතාවගේම රජයක් වන නිසාය.

තවදුරටත්

ඉන්දියාව අමනාප වෙයි කියන මිථ්‍යාව නිසා රජය පලාත් සභා අහෝසි නොකරන බවට මතයක් රටේ පවතී.හේතුව එයනම් ඉන්දියාව ලංකාව සමග මනාපයෙන් සිටියේ කවදාදැයි මම අසමි. ධර්මාශෝක සම්යේ  බුද්ධාගම ලැබීම, එතුමාගේ පුතා සහ දියණිය ධර්ම දූතයින් වශයෙන් මෙහි එවීම ජය සිරිමහා බෝධිය වැඩමවීම් සහ දන්තධාතූන් වහන්සේ ආරක්ෂාව  සදහා මෙහි එවීම යන ත්‍රිවිධ සිද්ධීන් හැර ඉන්දියාවෙන් ඉතිහාසය පුරාම අපට ලබුණු දායාදය කුමක්දැයි මම අසමි. සිදුවූ යහපත කුමක්දැයි මම අසමි.

ප්‍රාග් ඓතිහාසික රාම රවණා යුගයේ සිටම භාරතය ලංකාවට කලේ ද්‍රෝහිකම්ම නොවේද? එදා සිටම මේ රම්‍ය දිවයින අල්ලාගැනීමට වෙර දැරුවද මේ දක්වාම එම සිහිනය ඉටුකොට ගැනීමට ඔවුන්ට නොහැකිවී ඇත.ක්‍රිස්තු ව 543 දී උතුරු භාරතයෙන් විජය ආක්‍රමණය සිදුවුවද ඔහුගේ පිරිස හෙලයන් සමග අන්තර්ග්‍රහනය වූවා මිස ඔවුන්ට මේ රට ඉන්දියාවේ කොටසක් කරගැනීමට නොහැකි විය. විජය නම්වු ඉන්දීය දාමරිකයා දමනය කලේද හෙලයේ කුමාරිකාවක් (සිංහල ගැහනියක්) බවද අමතක නොකල යුතු සන්සිද්ධියකි .පසුකාලීනව දකුණු භාරතයෙන් සිදුවූ කිසිදු චෝල, පාණ්ඩි ආක්‍රමණයන්ටද මේ සිංහල දේශය කිසිදිනක මුලුමනින්ම අල්ලා ගැනීමට නොහැකිවිය. ඉතිහාසය පුරාම ආක්‍රමනිකයින් වශයෙන් හා විවිධ ආකාරයේ සන්ක්‍රමනිකයින් වශයෙන් පැමිණ මෙ රටතුල නතර වූවන් සිංහලයින්  සමග අන්තර්ග්‍රහනය වී සිංහලයින්  වූවා මිස මේ රට තුල වෙනත් ජාතියක් වසයෙන් පෙනී සිටීමට උත්සාහ නොකාරණ ලදී.

මේ රටතුල වෙනම ජාතියක් වශයෙන් පෙනී සිටීමට සහ මෙහි ඔවුන්ට නිජ බිමක් තිබේයයි කීමට පෙළඹුණේ 1505 පසු බටහිර අධිරාජ්‍ය වාදීන් ඔවුන්ගේ වහල් මෙහෙයට දකුණු භාරතයෙන් මෙහි ගෙන ආවුන්ගෙන් පසුවය. ඔවුන්ද එසේ කිරීමට පෙළඹවූයේ මේ සිංහල  බෞද්ධ රාජ්ය සහ සිංහල  ජාතිය විනාශ කිරීම සදහා උගුල් ඇටවූ සුද්දන් විසින්මය.
 
ඈත ඉතිහාස කතාව එසේ වන අතර මෑත ඉතිහාසයේ පලමුවෙනම සමස්ථ  සිංහල  දේශයම  (EELAM සිංහලයින්ගේ රට) යන නමින් දෙමළ  රාජ්‍යක් බවට පත්කරගැනීම සඳහා කොටින් ලවා සටන් කෙරෙව්වෙද මෙම දකුනු ඉන්දිය දෙමළුන්ගෙන් පැවැත එන දේශපාලකයින් වූ මලබාර්  ඉන්දීයානු වැසියන්මය. රට මැද වතුකරයේ සිටින දෙමල ජනයාගේ අභිලාෂයද එයයි.වර්තමාන ඉන්දීය රජයේ බලපොරුත්තුවද එයමය. මොවුන් කිසිවෙක් මේරට සිංහල  බෞද්ධයින්ගේ රට වශයෙන්  පිලිගනේද නැත. ඉන්දීය දේශපාලකයින්ද සිටින්නේ එම ස්ථාවරයේමය .වෙනෙකක් තබා අපි නිදහස් ස්වාධීන  රටක් බව හෝ ඉන්දියාව  පිලිනොගනී. ඔවුගේ කල්පනාව ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් හෝ ප්‍රාන්තයක් වශයෙන් සිටිය යුතු බවය. විශේෂයෙන්ම 1987 තෙන් පසු රජිව් ගාන්ධි ලංකා අහස් කලාපය ආක්‍රමණය කොට,ගුවනින්  පරිප්පු දමා, ඩික්සිත් ලවා ජේ ආර්  භයගන්වා  රජීව්/ජේ  ආර් ගිවිසුමෙන් සිදුකලෙත් එම බල පරාක්‍රමය ප්‍රදර්ශනය කිරීමය. එම අක්‍රමණිකයින් අප රට සෑම දෙයටම ඇඟිලි ගහන, දැනටමත් කොලඹ හම්බන්තොට, මහනුවර සහ යාපනයේ පිහිටුවා තිබෙන ඔවුන්ගේ තානාපති උප කාර්යාල වලින් දිවා රෑ සිදුකරණුයේ ඔවුන්ගේ බලය ලක් පොලවේ තහවුරු කර ගැනීම, ඔත්තු බැලීම සහ අපගේ බෙල්ල හිර කිරීම නොවේද. වර්ග සැ 25,000 වන මේ කුඩා රටේ තානාපති කාර්යාල හතරක් අනවශ්‍ය  බව හෝ පෙන්වා දීමට තරම්වත් පිටකොන්දක් අපේ කිසිම රජයකට නැත. මෙවැනි පසුබිමක් තුල මෙම ලිපියේ ඉහතින් පෙන්වා දී ඇති පරිදි අපගේ මවුබිමේ ස්වාධීනත්වය, නිදහස, ඒකීය භාවය, භෞමික අඛණ්තාවය සහ පර්මාධිපත්තිය  තුට්ටුවකට නොසලකන ඉරහඳ  පෑයූදා සිටම අපට හතුරුකම් කල එසේම දැනටත් පරම සතුරකම් කරණ, දියරෙද්දෙන් අපේ බෙල්ල කපන  ද්වේශයෙන් ක්‍රියාකරණ රටක් සමග ඇති සුහදකම කුමක්දැයි මටනම් නොතේරේ. මේ අනුව ඉතිහාශයේ කිසිම  දවසක අප සමග නොසිටි ඉන්දියාව  රජිව්/ ජේ ආර් ගිවිසුම අනුව අප ක්‍රියා කිරීමට එකඟ උනා කියා අප රටට හිතවත්ව ක්‍රියා කරයි කියා තිබෙන සහතිකය කුමක්ද. අනෙක එම ගිවිසුමෙන් සහ 13 වන සංශෝධනය  යටතේ දැනටමත් සිදුව ඇති විනාශය සහ එය තව දුරටත් පවත්වාගෙන ගියහොත් මේ රටට. සිංහල ජාතියට හා  සම්බුද්ධ සාශනයට සිදුවන මහා විනාශය අපේ මේ දේශ පාලකයින්ට නොපෙනෙන්නේ මොන කරුමයක් නිසාද.

අවසාන වශයෙන්

ශ්‍රීමත් ජනාධිපති තුමනි  අගමැතිතුමනි, මැති ඇමතිවරුනි,  ඔබට වඩා වැදගත් බලයේ රැදී සිටීම සදහා දැනට මියගොස් මිහිදන්කොට ඇති පලාත් සභ නැවත ගොඩගෙන තවදුරටත් පලාත් සභා ක්‍රමය පවත්වාගෙන ගොස් අප දෙරට ඇතිවූදා සිටම නොපැවැති එසේම කිසිදිනක නොලැබෙන ඉන්දියාවේ හොද හිත නැමැති මිරිඟුව පසුපස දිවගොස් 2500 වසරක් පැවති මේ ශ්‍රේෂ්ඨ රට, ජාතිය සහ සම්බුද්ධ ශාසනය විනාශවනු දැක්මද එසේ නැතිව දේශද්‍රෝහී, ජාතිද්‍රෝහි බෞද්ධ විරෝධී ජේ.ආර්./රජිව් ගිවිසුම ඉරා දමා පලාත් සභා අහෝසිකොට මේ සිoහල දේශය,සිංහල ජාතිය සහ සම්බුද්ධ ශාසනය රැක ගැනිමද යන ප්‍රස්ණය අපි ඔබ සැමගෙන්ම   ගෞරවයෙන් අසා සිටිමු.
 
තවද,
 
මා තුල මගේ රට, දැය හා සසුණට ඇති ආදරය නිසා හුදු සද්භාවයෙන්ම ඉදිරිපත්කර ඇති මේ අදහස් හා යෝජනා තවත් එක් පිස්සෙකුගේ අදහස් මෙන් ඉවත නොදාන මෙන් මම ජනාධිපති තුමාගෙන් සහ අගමැතිතුමාගෙන්ද, රජයෙන්ද එසේම  විපක්ෂයෙන්ද ඉල්ලා සිටින්නේ මේවා මගේ පුද්ගලික අදහස් මෙන්ම මේ රටේ දේශප්‍රේමි බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ හදවත් තුලින් බුර බුරා නැගෙන පොදු අදහස් සහ අපේක්ෂාවන් බැවිනි.

මේ මහා ජාතික හා ශාසනික ඛෙදවාචකය තේරුම් නොගෙන ආත්මාර්ථය හා බල ලෝභය නිසා පලාත් සභා ක්‍රමය දිගටම පාවත්වාගෙනයාමට දේශපාලකයින් ගෙන ඇති තීරණයට එරෙහිව, එය වෙනස් කරන තුරු, මුලුමහත් ජාතියේම විරෝධතාව පල කිරිමක් වශයෙන් රට පුරාම පන්සලක්, පන්සලක්, පල්ලියක්, පල්ලියක්, කෝවිලක්, කෝවිලක් සහ ගෙයක් ගෙයක් පාසා රටේත් ජාතියේත් ශාසනයේත් මරණය සන්ඛෙතවත් කෙරෙන සලකුණ වශයෙන් සුදු කොඩි එසවීමේ අඛණ්ඩ ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරමු.
ජාත්‍යන්ධයෙකුට වුවද සක්සුදක් සේ පෙනෙන මේ යථාර්ථය නොපෙනී, තේරුම් නොගෙන මේ රජය බලයට පත්කිරීම සදහා චන්දය දුන් 70 ලක්ෂයක මේ මරලතෝනියට සවන් නොදී මේ රජය හා විපක්ෂය පලාත් සභා මැතිවරණය පවැත්වීමට තීරණය කලහොත්?

රටට, ජාතියට සහ සම්මා සම්බුද්ධ ශාසනයට අබමල් රේනුවක ආදරයක් නැති ආත්මාර්ථකාමි බලලෝභී දේශපාලුවන්ගෙන් රට, දැය සමය බේරාගැනීම සදහා එම මැතිවරණය වර්ජනය කරණමෙන් රටට ජාතියට සහ සම්මා සම්බුද්ධ ශාසනයට ආදරය කරන සියලුම චන්දදායකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.

දේවෝ වස්සතු කාලෙන
සස්ස සම්පත්ති හේතුච
පීතෝ භවතු ලෝකෝච
රාජා භව්තු ධම්මිකෝ!
 
කාලෝ අයන් තේ භන්තේ!