ශ්‍රී ලංකාවට එන්නැයි මානව හිමිකම් කොමසාරිස්‌ට ඇරයුම්

Spread the News

ශ්‍රී ලංකාවට එන්නැයි
මානව හිමිකම් කොමසාරිස්‌ට ඇරයුම්

කීර්ති වර්ණකුලසූරිය

එක්‌සත් ජාතීන්ගේ 28 වැනි මානව හිමිකම් සමුළුව මාර්තු 2 දා ජිනිවාහිදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පත් කළ ත්‍රිපුද්ගල යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයේ වාර්තාව මෙම සමුළුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙම මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ලෙස රජය ජිනිවාහී නිත්‍ය නියෝජිත කාර්යාලය මගින් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට ඇරයුම් කර තිබේ.

මේ අතර එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ විමර්ශනය සඳහා සහය වන ලෙස මහලේකම් බැන් කී මූන් කළ ඉල්ලීම රජය ප්‍රතික්‌ෂේප කර තිබේ.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 13 දා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමු වී සාකච්ඡා පවත්වන අතර එහිදී යුද අපරාධ සම්බන්ධව ශ්‍රී ලංකාව පවත්වන දේශීය විමර්ශනය සඳහා ඇමරිකාවේ සහය ඉල්ලා සිටීමටද සිදුවන බව ආරංචි මාර්ග පවසයි.