Spread the News

ශ්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක්‌
ජුනි හෝ සැප්තැම්බරයේදී ජිනීවා කොමිසම හමුවට

කීර්ති වර්ණකුලසූරිය source:

ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් පසු ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ගෙන ඒමට සූදානම් වන බව ජිනීවාහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තමාරා කුමානායගම් මහත්මිය ඊයේ (6 වැනිදා) “දිවයින”ට පැවසුවාය.

මෙම යෝජනාව ජුනි හෝ සැප්තැම්බර් මාසවලදී ඔවුන් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරනු ඇතැයිද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් එම යෝජනාව පරාජය කිරීම සඳහා ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන බවද ඇය කීවාය.

යේමනයට එරෙහිව ගෙන ආ යෝජනාවට බටහිර රටවල් සහය දැක්‌වූවා. මේ නිසා යේමනයට එකඟතාවයකට ඒමට සිදුවුණා යෑයි ඇය පැවසුවාය.

ඇමරිකානු රාජ්‍ය ලේකම් සහ ආරක්‍ෂක ලේකම් විසින් පරාජිත රාජ්‍යයන් අතරට ශ්‍රී ලංකාවද එක්‌කර ඇතැයි පැවසූ ඇය ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලය දිවා රෑ නොබලා ජිනීවාහි ඇතිවී තිබෙන තත්ත්වය විමර්ශනය කරන බව සඳහන් කළාය.

අප විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කළ කරුණු මත අප විශ්වාසය තබා තිබෙනවා. දැනට පවතින තත්ත්වය ශ්‍රී ලංකාවේ වාසියට තිබුණත් කළ යුතු කරුණු රැසක්‌ තිබෙනවා යෑයි කුමානායගම් මහත්මිය සැල කළාය.