Spread the News

ශ්‍රී ලංකාවට එරෙහිව රහස්‌ වාර්තා යවන “ජුදාස්‌”
source:
* හිටපු හමුදා නිලධාරියකු යෑයි හඳුන්වන තක්‌කඩියෙක්‌ ඇමරිකාවේදී මතුවේ

* පොලිසිය අධිකරණය වෙත නොපැමිණීමෙන් ත්‍රස්‌ත සැකකරුවකු නිදහස්‌වේ

* නෝවීජියානු තානාපතිනි ඇතුළු පිරිසක්‌ යාපනයට
ගොස්‌ යළි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට තැත් කරයි

* ඊළම සඳහා එක්‌වන්නැයි කොළඹ ද්‍රවිඩ පුවත්පතක
සංස්‌කාරකවරයෙක්‌ ද්‍රවිඩ ජනතාවට කියා සිටී

* ඇමරිකානු තානාපති නිලධාරිනියන් උතුරට ගොස්‌ ද්‍රවිඩ සන්ධානයේ ශ්‍රීධරන් හමුවී තොරතුරු විමසති

* මැදගල් නාවික කඳවුරට විරෝධය දැක්‌වීමේ පසුබිමේ සිටියේ කවුරුන්ද?

* මෙරට ඇමරිකානු අනුගාමිකයන් තිදෙනා හෙළිවේ

* ඇමරිකානු මහ කොටියා වූ රාජ් රාජරත්නම්ට සහාය වූ මෙරට පිරිසක්‌ ගැන හෙළිවේ

* කොටින්ට ස්‌ලින් ගුවන් යානා ප්‍රවාහනය කළ සුජිත් ගුණපාලන්ට ගමන් බලපත්‍රය නිර්දේශ කළ දේශපාලකයා කවුද?

“වෙස්‌ මුහුණු පැළඳගත් සතුරන් විවිධාකාරව ක්‍රියාත්මක වේ.”
– රුසියානු අගමැති වැලඩ්මීර් පුටින්


නෝවීජියානු තානාපතිනිය යාපන යට ගොස්‌ රදගුරු හමුවූ අයුරු

ගුවන් හමුදාව මිලයට ගත් ඇමරි කානු බෙල් හෙලිකොප්ටරයක්‌

කොටින්ට නැවත ජීවය දීමට තමිල්නාඩුව උත්සාහ කිරීම

නාවික හමුදාවේ 61 වැනි සංවත්සරය

ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළම් රාජ්‍යය පිහිටුවීමේ ජාත්‍යන්තර කොටි ප්‍රජාවේ උත්සාහය දිගින් දිගටම ක්‍රියාත්මක වේ. මේ පසුබිම යටතේ දේශීය සතුරන් ද ඉතා බරපතළ ලෙස කටයුතු කරන බව සනාථ වී ඇත. මේ දේශීය සතුරන් අතර රජයේ හිටපු නිලධාරීන් ද වේ. මොවුන්ගෙන් සමහරෙක්‌ කොළඹ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවල උපදේශකයන් ලෙස ක්‍රියා කරති. ඔවුන්ට පැවරී ඇති රාජකාරිය නම් ශ්‍රී ලංකාවේ උතුර – නැගෙනහිර සහ දකුණේ දේශපාලන සහ ආරක්‍ෂක තත්ත්වය ගැන නිරීක්‍ෂණය කර තමන්ට වැටුප ගෙවන විදේශ රටට අතිශ්‍යsන් රහසිගතයි යනුවෙන් විමර්ශන වාර්තා යෑවීමයි. (Strictly confidential
security report) මෙලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යවනු ලැබූ එක්‌ ආරක්‍ෂක වාර්තාවකට මූලාශ්‍රය වී ඇත්තේ කොටින්ගේ ටැමිල්නෙට්‌ වෙබ් අඩවියයි. එසේම එම වාර්තාවෙන්ම ශ්‍රී ලංකාවේ රජය සියලුම පැතිවලින් බටහිර රටවලට විරුද්ධවීමට ක්‍රියා කරන්නේ ද යෑයි විමසා ඇත. (It the government trying
to antagonize the west from all
corners)

මේ අන්දමට විදෙස්‌ගත රටකට රහස්‌ වාර්තා යවන එක්‌ හිටපු රාජ්‍ය නිලධාරියෙක්‌ ආරක්‍ෂක කටයුතුවලට සම්බන්ධව ක්‍රියා කළ අයෙකි. තවත් අයෙක්‌ හිටපු පොලිස්‌ නිලධාරියෙකි. ආරක්‍ෂක කටයුතුවලට සම්බන්ධ කොටි ත්‍රස්‌තවාදියකු සමග දැඩි සබඳකම් පවත්වනු ලැබීය.

මේ රජය බලයට පැමිණීමෙන් පසු මොහු විගස ලන්ඩන් නුවරට පැන ගියේය. සති කිහිපයකට පසු ආපසු පැමිණ ශ්‍රී ලංකාව සම්බන්ධව තොරතුරු රැස්‌ කිරීමේ යෙදී සිටී. ඔහුගේ එම විමර්ශන වාර්තාවේ තවදුරටත් මෙලෙස සඳහන් කර ඇත.

“යාපන අර්ධද්වීපයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික කටයුතු අඩපණ කිරීමේ සැඟවුණ න්‍යායපත්‍රයක්‌ රජය විසින් ක්‍රියාත්මක කරයි. එහි අරමුණ සිංහලයන්ට එකී ව්‍යාපාරික කටයුතු අල්ලා ගැනීමට ඉඩදීමයි. සිංහලකරණය සම්බන්ධ මේ පැමිණිල්ල තුළින් යම් දිනෙක උතුර නැගෙනහිර අයහපත් තත්ත්වයක්‌ මතු වනු ඇත.
මෙලෙස කොටි වෙබ් අඩවියේ සාවද්‍ය තොරතුරුවලට ද ප්‍රචාරය දෙමින් විදෙස්‌ රටකට රහස්‌ වාර්තා යවන මේ හිටපු රාජ්‍ය නිලධාරියා හෙවත් “ජුදාස්‌ව” රහස්‌ පොලිසිය ජාතික ඔත්තු සේවාව සහ හමුදා බුද්ධි සේවාව විසින් හඳුනාගෙන තිබේද?

මේ ජුදාස්‌ තම රහස්‌ වාර්තාවෙන් හමුදා නිලධාරීන් ඝාතකයන් බවත් හමුදා බුද්ධි සේවාව සමග එක්‌වූ කල්ලි කොල්ලකෑම් කරන බවත් ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය පවසන බවද සඳහන් කර ඇත.

මෙරට ආරක්‍ෂක තත්ත්වය ගැන පමණක්‌ නොව ආර්ථික හා සමාජමය කරුණු ගැන ද මොහු වෙනමම විමර්ශන වාර්තා අග්නිදිග ආසියාවේ රටකට යවන බව හෙළිවී තිබේ.

සිය සමාජමය අංශ වාර්තාවෙන් රජය මානව හිමිකම් කොමිසමට පත් කළ තිදෙනකු රජයේ ආධාරකරුවන් බවද හෙතෙම සඳහන් කර තිබේ.

මෑතකදී එක්‌ කොඩි වෙබ් අඩවියක්‌ පැවසුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු අවසන් වී නැති බවයි. (Sri Lanka – Unfinished business) එය සැබෑවකි. මේ ව්‍යාපාරික ක්‍රියාදාමය නම් කොටි පරාජය කළ ශ්‍රී ලංකා රජය පෙරළා දමා වන්නි හමුදා නායකත්වය සාවද්‍ය යුද අපරාධ චෝදනා මත බටහිරට පාවාදීමයි. මේ අවස්‌ථාව කොයි මොහොතේ එළඹෙන්නේ ද යෑයි සිතමින් දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ද, ප්‍රභාකරන් විසින් කිලිනොච්චියට පැමිණි ශ්‍රී ලකා හමුදාව පණ පිටින් ගිල දමනු ඇතැයි කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පතක ලියූ පිරිසක්‌ හා කොටින්ට සටන් විරාමයට මුවාවී ඊළම ලබාදීමට උත්සාහ කළ හිටපු රාජ්‍ය නිලධාරීන් ද පුන පුනා බලා සිටී.

මෙය සනාථ වන්නේ කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පතක කර්තෘවරයකු සිය පුවත්පත මගින් කර ඇති ප්‍රකාශයයි. මේ එම ප්‍රකාශයයි. ශ්‍රී ලංකාවේ සිටින ද්‍රවිඩයන් විදෙස්‌ගත ඩයස්‌පෝරාව සම්බන්ධ කලකිරීමට පත්වී සිටි. මුල්ලිවෙල්ලිවයික්‌කාල් යුද්ධයෙන් පසු සමස්‌ත දිවයිනේම ද්‍රවිඩ ජනතාව විසින් ද්‍රවිඩ ඩයස්‌පෝරාව තමන්ට ප්‍රදීපාගාරයක්‌ වනු ඇතැයි විශ්වාස කළහ. යුද්ධය පැවැති සමයේ ඩයස්‌පෝරාව දියත් කළ අරගලය බහුතර අන්තවාදය විසින් කලබලයෙන් යුක්‌තව නිරීක්‍ෂණය කෙරිණි. එහෙත් වත්මන් ප්‍රවනතාවය නම් ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ කොටසක්‌ එකඟතාවයක්‌ සඳහා කැමති වීමයි. මේ වාතාවරණය ක්‍රියාත්මක වූවොත් දිවයිනේ බහුතර අන්තවාදයට තවත් ජයක්‌ ලබාදීමට ද්‍රවිඩ පාර්ශ්වයක්‌ දායක වේ. කොටි සංවිධානය නැති නිසා ඩයස්‌පෝරාව අවබෝධ කරගත යුතු කරුණ නම් උතුර නැගෙනහිර ජනතාව තම අරමුණ කෙරේ කැපවී ඇති බවත් එය ද්‍රවිඩ සන්ධානයට ඡන්දය පාවිච්චි කිරීමෙන් පැහැදිලි වී ඇති බවයි. අරමුණ ඉටුකර ගැනීම සඳහා එක්‌සත් වී ශ්‍රී ලංකවට සහ මුළු ලොවටම ශබ්ද නඟා ඒ බව කිවයුතුය. (Diaspora should
understand that even if the LTTE is
not there – People in the North and
east are united in their commitment to
the cause and they have demonstrated
that in the elections by voting for the
T.N.A. Stand united for the cause and
tell it loudly to Sri Lanka and to the
world)

මේ ද්‍රවිඩ සංස්‌කාරකවරයා “අරමුණ” (Cause) යෑයි හඳුන්වන්නේ ඊළමටයි. මොහුගේ මෙම ඊළම් අරමුණ සම්බන්ධයෙන් නෙදියවන් මෙහෙය වන කොටි වෙබ් අඩවිය සිය ප්‍රසාදය පළ කර ඇත. මෙයට වසර කීපයකට පෙර මෙකී සංස්‌කාරකවරයාගේම පුවත්පතේ පිරිසක්‌ කිලිනොච්චියට ගොස්‌ තමිල් සෙල්වන් හමුවිය. එහිදී තමිල් සෙල්වන් පැවසුවේ නුඹලා සතුරාගේ භූමියේ සිට කරන සේවය නායකතුමා (ප්‍රභාකරන්) අගය කරන බවයි.

මේ පසුබිම යටතේ මෙකී ද්‍රවිඩ සංස්‌කාරකවරයාගේ බරපතළ ප්‍රකාශය රජයට අනතුරු ඇඟවීමක්‌ නොවේද? ඔහු සේවය කරන පුවත්පතට රාජ්‍ය දැන්වීම් ඇතුළු පහසුකම් ලැබේ. ඒ සියලුම දේ ලබාගෙන උතුර නැගෙනහිර ඊළමක්‌ ගොඩනැඟීමට ඔහු උත්සාහ කරයි. එසේම ඊළම ගැන ශ්‍රී ලංකාවට කියන්නැයි ද ඔහු ඉල්ලා ඇත. එහෙත් ඔහු සිටින කොළඹ ආමර්වීදිය, ඊළමට අයත්ද? සතුරන්ව හඳුනාගත යුතු යෑයි අපි දිගින් දිගටම පෙන්නුම් කළෙමු. කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යන නිමාවක්‌ නැති වෙළෙ¹ම අවසන් නැති බව මේ ද්‍රවිඩ සංස්‌කාරකවරයාගේ ප්‍රකාශයෙන් තහවුරු නොවන්නේද? මේ තත්ත්වය යටතේ පසුගිය දිනෙක කොළඹ ජම්පටා වීදියේ ව්‍යාපාරිකයකු යෑයි හඳුන්වන අයකුව නාඳුනන පිරිසක්‌ විසින් පැහැරගෙන යැමෙන් පසු මාර්ගයේ ටයර් දමා පුළුස්‌සමින් විශාල වාහන තදබදයක්‌ ඇති කිරීමට පිරිසක්‌ ක්‍රියා කර ඇත. කොටි වෙබ් අඩවියක්‌ විසින් මොහුව හැඳින් වූයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයකු ලෙසිනි.

මෙකී සිද්ධිය එම ද්‍රවිඩ සංස්‌කාරකවරයාගේ පුවත්පත විසින් පුළුල් ලෙස විකාශනය කරනු ලැබීය.

ජම්පටාවීදියේ පිරිස්‌ ක්‍රියාත්මක කළේ උතුරේ සහ නැගෙනහිරදී ටයර් පුළුස්‌සමින් සිදු කළ ක්‍රමවේදයයි.

කොළඹ ජම්පටාවීදිය යනු එසේ මෙසේ තැනක්‌ නොවේ. කොළඹ කොටි ත්‍රිකෝණය වූ හෙට්‌ටිවීදිය, රෙක්‌ලවේෂන් වීදිය සහ ජම්පටා වීදිය යන මාර්ග සමීපව ක්‍රියාත්මක විය. කොටුවේ මහබැංකු බෝම්බයට සම්බන්ධ බෝම්බ ලොරිය සඟවා තිබුණේ ජම්පටා වීදියේයි. කළුකොටි බෝම්බකාරියක්‌ අසුවූයේ ද එම ප්‍රදේශයේයි. ජම්පටාවීදියේ මුද්‍රණාලයක්‌ මුර කරමින් සිටි නිරායුධ පොලිස්‌ කොස්‌තාපල්වරයකු ද ඝාතනය විය. එසේම කොළඹ වරායට ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්‌ම දියත් කිරීමට නියමිත වූයේ ද ජම්පටා වීදියේ නිවසක සිටය. මෙයට අමතර වරායේ දර්ශන කිලිනොච්චි කොටි බුද්ධි ඒකකයට සැපයුනේ ජම්පටාවීදියේ මහල් නිවසක ස්‌ථාපිත කර තිබූ විශාල පැරබොලික්‌ ඇන්ටනාවකිනි. එපමණක්‌ ද නොවේ. කොළඹ ද්‍රවිඩ මාµsයා කල්ලිය ක්‍රියාත්මක වූයේ ද මෙම ප්‍රදේශයේයි. මේ පසුබිම යටතේ ජම්පටාවීදියේ ටයර් පුළුස්‌සමින් දැක්‌වූ රංගනය ඉදිරි අනතුරක පෙරනිමිති යෑයි ආරක්‍ෂක බලධාරීහු තේරුම්ගත යුතුය.

කොටි සංවිධානය ක්‍රියාත්මක වන සමයේ මේ ද්‍රවිඩ ත්‍රිකෝණය අතිශයින්ම බලවත් විය. ද්‍රවිඩ දේශපාලකයන්ට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් පවා මාරු කරලීමට හැකි විය.

එසේම කොටින්ට ස්‌ලින් ගුවන් යානා ප්‍රවාහනය කිරීම සඳහා ක්‍රියා කළ සුජිත් ගුණපාලන් නමැත්තා පදිංචිව සිටියේ ද කොටහේනේ ශ්‍රී ගුණානන්ද මාවතේයි. ඔහුට තායිලන්තයට යැමට ගුවන් බලපත්‍රය ලබාගැනීම සඳහා සහාය වූයේ විපක්‍ෂයේ දේශපාලකයකු යෑයි රහස්‌ පොලිස්‌ නිලධාරියකු කළ විමර්ශනවලින් අනාවරණය විය.

මේ අතර 2013 දී උතුරේ ආරම්භ කිරීමට නියමිත රහස්‌ සැලැස්‌මක්‌ ගැන අපි මෙයට පෙර හෙළි කළෙමු. එහි පෙරහුරුවක්‌ පසුගිය සඳුදා දැකගත හැකි විය. ඒ යාපනයේ මැදගල්හි නාවික කඳවුර ඉවත් කරන ලෙස පිරිසක්‌ විරෝධතාවයක නිරතවීමයි. මොවුහු මනිපායිහි එන්.ජී.ඕ. මූලස්‌ථානය අසල ඒකරාශී වී මාදගල් නාවික කඳවුර ප්‍රදේශය වෙත ඒමට දැරූ උත්සාහය පොලිසිය හා ආරක්‍ෂක හමුදාව එක්‌වී ව්‍යාර්ථ කරනු ලැබීය. මාදගල් යනු ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි කල්ලිය තමිල්නාඩුවේ සිට යාපන අර්ධද්වීපයට අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය සහ වෙනත් උපාංග ගෝඩා ගොඩබෑ කේන්ද්‍රස්‌ථානයයි.

මේ පිරිස මෙකී විරෝධතාව දක්‌වා ඇත්තේ තම ඉඩම් අත්පත් කර ගන්නා බවට පවසමිනි. එහෙත් කොටි උතුරේ කඳවුරු බලහත්කාරයෙන් ස්‌ථානගත කරද්දී විරෝධතා ඇතිවූයේද? මේ අතර කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට අභ්‍යන්තර කටයුතුවලට බරපතළ අයුරින් මැදිහත්වී ඇත. පසුගිය දිනෙක ඇමරිකානු තානාපති නිලධාරිනියක්‌ වූ එමලි ප්ලේනර් සහ කැතරිනා පොන්ටි කිලිනොච්චියේ ආරිවාගම්හි ද්‍රවිඩ සන්ධාන කාර්යාලයට ගොස්‌ ශ්‍රීධරන් නමැති දේශපාලකයා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මේ සාකච්ඡාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික නිලධාරිනියක්‌ වූ පද්මිනි රාජදොරෙයි ද සම්බන්ධවී ඇත. මෙහිදී මේ ද්‍රවිඩ දේශපාලකයන් එම ඇමරිකානු තානාපති නිලධාරීන්ට පවසා ඇත්තේ සිවිල් සමාජයේ කටයුතුවලට යුද හමුදාව මැදිහත් වන බවයි. (During the discussion it was revealed that about the Military interference in the Civil Society) එසේ ශ්‍රීධරන් තවදුරටත් පවසා ඇත්තේ නැවත පදිංචි කළ පිරිස්‌ ප්‍රශ්නවලට මුහුණපා ඇති බවයි. මේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් යාපනයේ කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සමීපතම ඥතියෙකි. මෙහිදී මතුවන ප්‍රශ්නය නම් මෙකී ඇමරිකානු නිලධාරිනියන්ට උතුරේ තත්ත්වය ගැන විමර්ශනය කිරීමට ඇති හිමිකමයි.

ඔවුන් සමග පැවැති සාකච්ඡාවේදී ද්‍රවිඩ දේශපාලකයන්ගේ චෝදනාවේ පසුබිම වී ඇත්තේ උතුරේ හමුදා කඳවුරු තිබීම ප්‍රශ්නයක්‌ බව ඒත්තු ගැන්වීමයි.

එසේ නම් රටවල් රැසක ඇති ඇමරිකානු හමුදා කඳවුරු 700 කට අධික සංඛ්‍යාව එම රටවල ජනතාවට ප්‍රශ්නයක්‌ නොවන්නේද?

මෙවන් තොරතුරු උතුරෙන් වාර්තා වන අවස්‌ථාවේ ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කරන බව දුටුවේ යෑයි කියන බොරු සාක්‌කිදරුවන් සෑම මසකම මතුවේ. මෙවර ඇමරිකාවේ සෝල්ට්‌ලේක්‌ සිටි නුවර සිට සිවිල් වැසියෙක්‌ යෑයි හඳුන්වා ගන්නා තක්‌කඩියෙක්‌ ඉදිරිපත්වී ඇත. එහෙත් මේ තක්‌කඩියා තමා කවුද යෑයි පවසන්නේ නැත. තමා මළ සිරුරු තුන්දහසක්‌ පමණ දුටු බව මේ ව්‍යාජ සාක්‌කිකරු පවසා තිබේ. එහෙත් ඔහු ගැලවුණේ කෙසේද යෑයි හෙළි කර නැත. ප්‍රභාකරන්ගේ සිරුර හමුවූ නන්දිකඩාල් කලපුව අසල ප්‍රදේශයේ සිදුවීම් තමා දුටු බවද හෙතෙම ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන ඉන්ටර්නැෂනල් නමැති වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.

මෙහිදී මතුවන පුදුමය නම් 2009 මැයි 19 වැනිදා අවසන් වූ කොටින්ට එරෙහි යුද්ධය ගැන 2011 නොවැම්බර් මාසයේදී සාක්‌කිකරුවකු මතුවූයේ කෙසේද යන්නයි.

මෙවන් ව්‍යාජ සාක්‌කිකරුවන් කරන ප්‍රකාශ වල ඉලක්‌කය වී ඇත්තේ ජනාධිපති, ආරක්‍ෂක ලේකම් හා වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා ප්‍රධානීහු සාවද්‍ය යුද අපරාධ සඳහා කොටු කිරීමයි. එසේම වෙබ් අඩවි තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් කොටි හඬ නැඟූවන් අධිකරණය වෙත යති. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් “කොටි හඬ” ගුවන්විදුලියට බෝම්බ දැමීම හෙළාදකිනු ලැබුවේ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියායි.

එම එන්.ජී.ඕ. කල්ලියම මෙවර වෙබ් අඩවි තහනම ගැන කම්පනයට පත්වී ඇත. එහෙත් ඇමරිකානු රජය ජාතික ආරක්‍ෂාවට හානිදායක වෙබ් අඩවි රැසක්‌ වසා දමා තිබේ. ඉන්දීය රජය වෙබ් අඩවි 11 ක්‌ අක්‍රීය කර ඇත. මෑතකදී ඉන්දීය විදුලි සංදේශ ඇමැති කපිල් සිබල් පැවසුවේ හානිදායක සහ ද්වේශ සහගත ප්‍රචාරයන්හි යෙදෙන වෙබ් අඩවි අක්‍රීය කරන ලෙස අන්තර්ජාල පහසුකම් සලසන්නන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර ඝාතක ප්‍රභාකරන්ගේ සමීපතම සගයකු වූ ඇමරිකානු මහ කොටියා වූ රාජ් රාජරත්නම් පසුගිය සඳුදා දහවල් වසර 11 ක සිරදඬුවම ගෙවීම සඳහා මැසචුසෙට්‌ නගරයේ සිරගෙදර වෙත භාර විය.

රාඡ් රාජරත්නම් කොටින්ට ඩොලර් මිලියන හතරක්‌ ලබාදුන් බව ඇමරිකානු එµa.බී.අයි. පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

රාජරත්නම් සිරගත වුවත් ඔහුට එරෙහිව කොටි බෝම්බවලට ගොදුරුවූවන්ගේ ඥතීන් තිස්‌ දෙනෙක්‌ පැවරූ නඩුවට ද ඔහු මුහුණදිය යුතුයි. මෙහිදී මෙරට ජනතාවට වසන් වූ තවත් රහසක්‌ මෑතකදී හෙළි විය. ඒ රාජ් රාජරත්නම් වෙනුවෙන් මෙරට හිටපු රාජ්‍ය නීති නිලධාරියකු ප්‍රමුඛ පිරිසක්‌ ඇමරිකාවට ගොස්‌ එකී නඩුව සම්බන්ධව පිළිතුරු ප්‍රකාශය සකස්‌ කිරීමයි.

මෙරට නෝවීජියානු තානාපතිනි හිල්ඩේ හැරස්‌ටඩ් ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මේ සතියේදී යාපනයට ගොස්‌ දිසාපතිනිය, උතුරේ ආණ්‌ඩුකාර ඒ චන්ද්‍රසිරි හා රදගුරු නෝමන් සමුද්‍රනායගම් හමුවී සාකච්ඡා පවත්වා ඇත. මෙහිදී යාපනය රදගුරුවරයා පවසා ඇත්තේ ද්‍රවිඩයන්ට වැදගත් වන්නේ දේශපාලන විසඳුමක්‌ බවයි. එසේම ද්‍රවිඩ ජනතාවගේ මනසේ බිය පවතින බවද සමුද්‍රනායගම් රදගුරු ප්‍රකාශ කර තිබේ.

නෝවීජියානු ෙද්‍රdaහීන් යළි මෙරට කටයුතුවලට මැදිහත්වීමට උත්සාහ කරන අවස්‌ථාවේ සම්පන්දන්ගේ ද්‍රවිඩ සන්ධානය උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම, පොලිස්‌ හා ඉඩම් බලතල ඇතුළු 13 වැනි සංශෝධනය ලබාදෙන ලෙස කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවේ සෙබළුන් විශාල පිරිසක්‌ දිවි පිදුවේ සම්බන්ධන්ලාට හා සුමන්තිරන්ලාට ඉඩම් හා පොලිස්‌ බලතල බන්දේසියේ තබාදීමට නොවේ.

කොටි සංවිධානය සමග දැඩි ලෙස සබඳකම් පැවැත්වූ උතරේ ප්‍රාදේශීය සභා දේශපාලකයන් දෙදෙනකු ද ත්‍රස්‌ත මර්දන නිලධාරීහු විසින් මේ සතියේදී අත්අඩංගුවට ගැනුණි. මින් එක්‌ අයෙක්‌ ආණ්‌ඩු පක්‍ෂයේ සභිකයකු වන අතර අනික්‌ තැනැත්තා ද්‍රවිඩ සන්ධානය නියෝජනය කරයි.

මෙරට ඇමරිකානු තානාපතිව සිටි ඈෂ්ලි විල්ස්‌ විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යෑවූ රහස්‌ ලියවිල්ලකින් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු අනුගාමිකයන් තිදෙනකු කවුරුන්දැයි හෙළි කර ඇත.

මින් එක්‌ අයෙක්‌ ඇමරිකාවේ උපත ලබා ඇමරිකානු කාන්තාවක සමග විවාහ වී වොෂින්ටනය සමග සබඳතා රැසක්‌ පවත්වන්නකු බවද එම රහස්‌ ලියවිල්ලෙන් තවදුරටත් හෙළි කර තිබේ. මේ පසුබිම මැද වත්මන් රජය තුළට සතුරන් ඇතුළුවී ඇති බව සනාථ නොවන්නේද?

මේ අතර 2010 වසරේ එක්‌සත් ජාතීන්ගේ සමුළුව අමතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කළ දේශනය සකස්‌ කළේ තමන් යෑයි බ්‍රිතාන්‍ය චෙල්පොටින්ගර් සමාගම යෑයි ලන්ඩන් පුවත්පතක සඳහන්වීම රජය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. මේ ප්‍රකාශය සම්බන්ධව ප්‍රතිචාරය දක්‌වා ඇත්තේ ලන්ඩන් නුවර බී.බී.සී. සිංහල සේවාවේ සිටින කොටි රූකඩයකි. මෙයට කලකට පෙර අවිස්‌සාවේල්ල පොලිසිය තමාට නොසෑහෙන ලෙස පහරදුන්නේ යෑයි කියමින් අධිකරණයට ගිය ද්‍රවිඩ සම්භවයක්‌ ඇති මේ කොටි රූකඩය පරාජයට පත්විය.

කොළඹ නෝවීජියානු තානාපති කාර්යාලය මෙරට කටයුතුවලට මැදිහත් වන බවට තවත් පුවතක්‌ වාර්තා වී ඇත. කොළඹ බණ්‌ඩාරනායක සමරුහළේදී පැවැති කාන්තා සංවිධාන එන්.ජී.ඕ. සමුළුවකට අනුග්‍රහය දැක්‌වූයේ ද නෝවීජියානු තානාපති කාර්යාලයයි. එහෙත් මේ එකම සංවිධානයකින්වත් කොටින් විසින් කාන්තාවන්ට ඝාතනය කරද්දී හඬ නැඟුවේ නැත.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු යෑයි කියා ගන්නා පුද්ගලයෙක්‌ ඇමරිකාවේදී මතු විය. ඔහු ලන්ඩනයේ ඩේලි ටෙලිග්‍රාµa පුවත්පතට දිව්රුම් ප්‍රකාශයක්‌ දී ඇතැයි වාර්තා විය. එම පුවත්පතේ විදේශ වාර්තාකරු ඇලෙක්‌ස්‌ ස්‌පිල්ප්‍රන් මේ හමුදා නිලධාරියා යෑයි කියන තැනැත්තාගේ ප්‍රකාශය ඇත්තදැයි ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයෙන් විමසා ඇත.

මොහු ඇමරිකාවේදී නීතිඥයකු හමුවේ පවසා ඇත්තේ ප්‍රභාකරන්ගේ පුත්‍රයා මරා දමා ඇති බවයි. එසේම ද්‍රවිඩයන්ව මරණ ලෙසට ආරක්‍ෂක ලේකම්වරයා නියෝග කළ බව තමා දන්නේ යෑයි දක්‌වමින් සාවද්‍ය ප්‍රකාශයක්‌ කර ඇත. මේ තත්ත්වය මැද යාපනයේ මහෙස්‌ත්‍රාත් එස්‌. පත්මරාජා විසින් ත්‍රස්‌තවාදී සැකකරුවකු වන දේවරාජ් මුරලිරාජ්ව නිදහස්‌ කර ඇත. ඊට හේතුවී ඇත්තේ පොලිසිය අධිකරණය වෙත නොපැමිණීමයි.

කීර්ති වර්ණකුලසූරිය