Spread the News

ශ්‍රී ලංකාවට  එරෙහි චැනල් ෆො
දෙවැනි වීඩියෝ පටය 27 දා එළිදකී

කීර්ති වර්ණකුලසූරිය source:

ශ්‍රී ලංකාවට එරෙහි චැනල් ෆො 2 වැනි වීඩියෝ පටය මෙම 27 දා එළි දැක්‌වීමට චැනල් ෆො රූපවාහිනි සේවාව සැලසුම් කර ඇත.

මෙය එළිදැක්‌වීමට පෙර එම රූපවාහිනී සේවාවේ නිෂ්පාදක  මැරන් ස්‌නේවන් ජිනීවා නුවරට පැමිණ මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ සමග රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ.

මානව හිමිකම් සමුළුව ආරම්භ වන පෙබරවාරි 27 වැනිදාට මෙය එළි දැක්‌වීමට සැලසුම් කර ඇත්තේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ඉල්ලීම මත යෑයි අනාවරණය වී ඇත.

මෙයට පෙර පැවති මානව හිමිකම් සමුළුව ඇරඹීමට පෙර ලිකිං µsල්ඩ් නමැති විඩියෝ පටය එළි දැක්‌වීමට චැනල් ෆො රූපවාහිනි සේවාව ක්‍රියා කර තිබිණි.

Protected by Security by CleanTalk