Spread the News

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට
ලෝක බලවතුන් සීතල යුද්ධයක
චීනය සහ රුසියාව ශ්‍රී ලංකාවේ සහායට – ඉන්දියාව නිහඬයි

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා නුවර සිට source:

මෙම යෝජනාවට පක්‍ෂව ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය ඇතුළු බටහිර රටවල් කිහිපයක්‌ ඡන්දය පාවිච්චි කිරීමට සූදානම් වන අතර රුසියාව සහ චීනය ඊට එරෙහිව නිෂේධ බලය පාවිච්චි කිරීමට සූදානමින් සිටී.

ඉන්දියාව මේ පිළිබඳව නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කිරීම සම්බන්ධව ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ දැඩි අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසුවේ බලය බෙදාහැරීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුව ඉන්දියාව අපට ප්‍රතිචාර දක්‌වනු ඇති බවය.

හෙට ආරම්භ වන සමුළුව සඳහා සහභාගිවීමට විදේශ ඇමැති මහාචාර්ය ජී. ඇල්. පීරිස්‌ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්‌ ජිනීවා නුවරට පැමිණ සිටිති.

ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, රිෂාඩ් බදුර්දීන්, ඩග්ලස්‌ දේවානන්දා, හලීම් ඉෂාක්‌ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්‌ ගුණවර්ධන යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

පෙරේදා (23 වැනිදා) ජිනීවාහි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේදී විදෙස්‌ තානාපතිවරුන් සමග ශ්‍රී ලංකා නියෝජිත පිරිස පැය දෙකහමාරක පමණ සාකච්ඡාවක්‌ පවත්වන ලදී. එහිදී විදෙස්‌ තානාපතිවරුන් නැඟූ ප්‍රශ්නවලට ශ්‍රී ලංකා නියෝජිත පිරිස සාර්ථකව ප්‍රතිචාර දක්‌වා ඇත.

ජිනීවා නුවරදී හෙට (27 වැනිදා) ආරම්භ වන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන යෝජනාව සම්බන්ධයෙන් ලෝක බලවතුන් අතර සීතල යුද්ධයක්‌ හටගෙන ඇත.